වර්කිං ෆ්‍රොම් හෝම්.. නිසා අත් වෙන වාසි!.

අද දවස කවදද? බ්‍රහස්පතින්දා? නෑ සිකුරාද ද කොහෙද..

මේ දවස්වල කාට කාටත් වෙන දෙයක් තමයි දවස අමතක වීම. දවස විතරක් නං බැරියැ, අද දෙවෙනිදා ද තුන්වෙනිදා ද..? දිනේ මතකත් නෑ!

ඉතිං කවුරුත් කවුරුත් මේ දවස්වල ගෙදර නෙ. අපේ ම ආරක්ෂාව වෙනුවෙන්, අමාරුවෙන් වුණත් දිගට ම ගෙදරට වෙලා ඉන්න එක කරන්න ම වෙනවා. සමහරුන්ට නම් තමතමන් වැඩ කරන ආයතනවලින් පවරලා තියන රාජකාරි, ගෙදරට වෙලා ඉෂ්ට කිරීමේ වගකීමකුත් තියනවා. ඒ කියන්නෙ වර්ක් ෆ්‍රොම් හෝම්.

වර්ක් ෆ්‍රොම් හෝම් කියන සංකල්පය ලංකාවට ඒ තරම් ම හුරුපුරුදු එකක් නොවුණත්, මේ වෙද්දි නම් ඒ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. කොරෝනා වෛරසය නිසා සියලු ම වගේ රජයේ සහ පෞද්ගලික ආයතන නිවාඩු දීමත් එක්ක නොදැන හිටපු හැමෝම මේ ගැන දැනගත්තා. ඉතින් දැන් අපි බලන්න හදන්නෙ ඔෆිස් ගිහින් වැඩ කරනවට වඩා ගෙදර ඉඳන් වැඩ කරද්දි අත් කරගන්න පුළුවන් වාසි මොනවද කියලයි.

සල්ලි ඉතුරුයි

එළියෙන් කන එක, ෂොපිං යන එක, ට්‍රිප්ස් යන එක, ෆිල්ම් බලන්න යන එක අනංමනං දේවල් ඔක්කොම නැවතිලා. කොටින් ම ටික කාලෙකට ඒ ඔක්කොගෙන් ම වැළකෙන්න වෙලා. ඇයි ගමන් වියදම් එහෙමත් නෑනේ. මේකෙන් සිද්ධ වෙන හොඳ ම දේ තමයි සල්ලි ඉතුරු වෙන එක. වෙනදා වගේ සැරින් සැරේ කාඩ් එක දාල එළියට ගන්නෙ නැති නිසා සල්ලි ටික නං බැංකුවෙ පරිස්සමට ඇති! හැබැයි ඉතින් ගෙදරට වෙලා ඉද්දි කන්න කියල කෑමබීම ඕනෑවටත් වඩා අරන් ගොඩ ගහගන්න අයට නං මේ වාසිය නෑ..

ගමන්බිමන් නෑ

ට්‍රැෆික්, සෙනඟ, තදබදය අත්විඳින්න වෙන්නෙ නැති එක තමයි ඊළඟ හොඳ ම දේ. මේ ටිකේ ඉතින් ගමනාගමනය කියල සිද්ධ වෙන්නෙ කාමරෙන් කුස්සියටයි, කුස්සියෙන් බාත්රූම් එකටයි, බාත්රූම් එකෙන් සාලෙටයි, සාලෙන් මිදුලටයි යන එක විතරයි නේ? 

ඔෆිස් ජරමර නෑ

ඔෆිස් එකේ වැඩ කරද්දි හැම වෙලේ ම අපි කැමති අයත් එක්ක වැඩ කරන්න ලැබෙන්නෙ නෑනේ. එක එක අය එක එක විදිහයි. ඉතින් අපි සමහරුන්ට කැමතියි, සමහරුන්ට කැමති නෑ, ඒක ස්වාභාවිකයි. සමහර වෙලාවට මේ අකැමැති අයත් එක්ක වැඩ කරන්න සිද්ධ වුණාම රාජකාරි ජීවිතේ ආතතියෙන් පිරෙන්න ඉඩ තියනවා. ඉතින් ගෙදර ඉඳන් වැඩ කරනකොට වෙන හොඳ ම දේ තමයි, මෙන්න මේ අකැමැති පුද්ගලයන්ට සම්මුඛ වෙන්න අවශ්‍ය නැති එක. ඒ අය එක්ක පෞද්ගලික මට්ටමින් ගනුදෙනු කරන්න වෙන්නෙ නැති එක, හිතට සහනයක්!

සැපපහසුව

ගෙදර ඉඳන් වැඩ කරනකොට විශේෂයෙන් හිතන්න ඕන දෙයක් තමයි තමන් වැඩ කරන තැන ගැන. මේක ඔෆිස් කාමරයක් ම වෙන්න ඕන නෑ, හැබැයි වැඩට හිත යොමු කරන්න පුළුවන් පරිසරයක් වෙන්න ඕන. ටිකක් පුරුදු වෙනකං ඒකට ම වෙන් කරපු වෙන ම තැනක්, වෙන ම මේසයක් වගේ පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. පුරුදු වුණාට පස්සේ, ඔයා කැමති ඕන තැනක ඉඳන් වැඩ කරන්න ඔයාට සුවපහසුවක් ඇති වෙයි. උදාහරණයක් විදිහට බැල්කනියේ හරි, සෝෆා එකේ හරි වුණත් වැඩ කරන්න හිත එකඟ කරගන්න පුළුවන් වෙයි. කොතන හිටියත් ඉන්නෙ ගෙදර නිසා, ඔෆිස් එකේ ඉන්නවට වඩා රිලැක්ස් එකේ වැඩ කරන්න පුළුවන්. 

කැමති කාලසටහනක්

නියමිත දිනයකට/ වෙලාවකට භාර දෙන්න ඕන වැඩ තියනවා නම්, වැඩ කල් දාන එක එච්චර නුවණට හුරු නෑ. හැබැයි එහෙම කලබලයක් නැත්නම් ඔයා කැමති, ඔයාට පහසු කාලසටහනකට දවසේ වැඩ ටික මෙහෙයවන්න පුළුවන්. ඔයා රෑට ඇහැරලා ඉන්න කැමති කෙනෙක් නම් ඔයාට ඒ වෙලාවට වැඩ කරන්න පුළුවන්. උදේ පාන්දරට වැඩිපුර වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් උදේ ම නැගිටලා වැඩ පටන්ගන්න පුළුවන්.

හැබැයි ඉතින් හැම ආයතනයක් ම මේකට ඉඩ දෙයි ද කියල නම් අපි දන්නෙ නෑ. ආයතනයට නියමිත වෙලාවක වැඩ කරන්න අවශ්‍යයි නම් ඒකට නම්‍යශීලී නොවී බෑනේ..

ආත්ම විශ්වාසය

ගෙදර ඉඳන් වැඩ කරනකොට දුරකතනය/ අන්තර්ජාලය හරහා කාර්යාලයේ අනෙක් අයව සම්බන්ධ කරගන්න පුළුවන් තමයි. හැබැයි, තනියම වැඩ කරන නිසා ගැටලුවක් ආව ගමන් අනෙක් අය මත ඩිපෙන්ඩ් නොවී ඔයාට ම මුලින් ඒක විසඳගන්න උත්සාහ කරන්න වෙනවා.

මේ නිසා නොදන්නා දෙයක් ගැන හොයාගන්න ඕන වුණාම අන්තර්ජාලය පීරන්න, පොතපත ඇසුරු කරන්න ඔයාට සිද්ධ වෙයි. තනියම ගැටලු විසඳගන්න පුරුදු වීම, ඔයාගෙ ඉදිරි වෘත්තීය ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මෙහෙම වැඩ කරනකොට ඔයා ගැන ඔයාට තියන ආත්ම විශ්වාසය ඉහළ යන බව ඔයාට ම තේරෙයි. 

ජීවිතේ සමබරයි

ඔෆිස් වැඩ කරන ගමන් ම, මේ ලැබුණ අවස්ථාවේ ඔයාගෙ පවුලේ අයත් එක්කත් කාලය ගත කරන්න අවශ්‍ය බව අමතක කරන්න එපා. ඔෆිස් යන දවස්වල නම් ගෙදර අය එක්ක කාලය ගත කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ ම නැති තරම් නේ. මේ දවස්වල ඒ ප්‍රශ්නෙ නැති නිසා, රාජකාරි සහ ගෙදර කියන දෙක ම සමබර කරගන්න උත්සාහ කරන්න. ඕනවට වඩා ස්ට්‍රෙස් වෙන්නෙ නැතුව, රිලැක්ස් එකේ කාර්යාල ජීවිතෙත් පවුලේ ජීවිතෙත් ගෙවන්න..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide