PickMe Food දැන් කුරුණෑගලට!.

දිනෙන් දින, පියවරෙන් පියවර, නගරයෙන් නගරයට සිය අතුඉති විහිදමින් ඔබට වඩාත් පුළුල් සේවාවක් සපයන්නට කැප වී සිටින PickMe Food, සිය නවතම පියවර ලෙස ඓතිහාසික කුරුණෑගල නගරයට සම්ප්‍රාප්ත වෙන බව අප ඔබට දැනුම් දෙන්නේ ඉමහත් සතුටින්.

ඒ අනුව 2021 මාර්තු 08 සඳුදා සිට කුරුණෑගල නගරය ආශ්‍රිතව ජීවත් වන ඔබට අවශ්‍ය ආහාරපාන, ඔබ සිටින තැනට ම ගෙනත් දෙන්නට PickMe Food සූදානම්. ඉතින් මේක කුරුණෑගල සහ ඒ අවට ඉන්න හැමෝටම සුබ ආරංචියක් වේවි.

වසර ගණනාවක් තිස්සේ PickMe Food දිවයිනේ ප්‍රධාන නගර රාශියක් ආවරණය කර සිය සේවාව විහිදමින් රටේ ආර්ථික තත්ත්වය වඩවඩාත් ඉහළ නැංවීමට අත්වැලක් වුණා. එහි අලුත් ම පියවර වශයෙන්, ප්‍රෞඪ ඉතිහාසයක් ඇති කුරුණෑගල පුරවරයට පිවිසීමට අප දොරගුළු විවර කරගන්නේ ඉතා සතුටින්. ඉතින් නවීන තාක්ෂණය හා මුසු වෙමින් කුරුණෑගල නගරයේ සුවහසක් පාරිභෝගික ජනතාවගේ දෛනික ජීවිතය සුවපහසු කරන්නට PickMe Food අප දැන් සැදී පැහැදී සිටිනවා. 

ඔබ හොඳින් දන්නා පරිදි ම, PickMe Food සියයට සියයක් දේශීය ආයතනයක්. ඒ නිසා ම අප සමග එක් වන ඔබේ මුදල් යෙදවෙන්නේ අප රටේ ම ආර්ථික සංවර්ධනය වෙනුවෙන්. ඒ වගේ ම PickMe Food ඔබේ ප්‍රදේශයට පැමිණෙනවා කියන්නේ, ප්‍රදේශය ආශ්‍රිත ව අලුත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් උත්පාදනය වෙනවා කියන එක. ඉතින් ඔබත් ඉන්නේ රැකියාවක් බලාපොරොත්තුවෙන් නම්, ඔබේ ජීවිතයට නව මාවතක් එළිපෙහෙළි කර දෙන්න අප සූදානම්. PickMe Food සමග එක් ව ආහාරපාන බෙදාහරින්නෙකු වශයෙන් නව රැකියාවකට මුල පුරමින් සැලකිය යුතු ආදායමක් උපයන්න ඔබට අවස්ථාව තියනවා.

විශේෂයෙන් ම රටේ ජීවනාලිය වන කාන්තා පරපුර මූල්‍යමය අතින් ස්වාධීන සහ ශක්තිමත් පිරිසක් බවට පත් කරන්නට අතහිත දෙන්න අප බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා ආහාරපාන බෙදාහරින්නන් වශයෙන් PickMe Food සමග එකතු වෙලා මුදල් උපයන්න කුරුණෑගල ප්‍රදේශවාසී කාන්තාවන්ටත් දැන් පුළුවන්. ඒ වගේ ම, අප සමග එක් ව වෘත්තීය ස්ථාවරත්වය ළඟා කරගන්නට කුරුණෑගල ප්‍රදේශයේ තරුණ තරුණියන්ටත් අප ඇරයුම් කරනවා.

පාරිභෝගික ඔබ මහන්සි වෙලා දුර බැහැර ගෙවාගෙන අවන්හලකට ගිහින් ආහාරපාන මිලට ගන්නවා වෙනුවට, PickMe Food ඔබේ ජීවිතය වඩාත් පහසු කරමින් ඔබ ළඟට ම කෑමබීම සපයනවා. ඒ ඔබේ කාලය, මුදල් වගේ ම ශ්‍රමයත් ඉතිරි කරමින්. මේ දිනවල රට පුරා පැතිරෙන කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිපුර සෙනඟ ඉන්න තැන්වල ගැවසෙන එක කොහොමත් අනතුරුදායකයි නේ. ඉතින් ඔබ ජනාකීර්ණ ස්ථානවලට යන එන එක සීමා කරන්නත් PickMe Food උදව් වෙනවා.

PickMe Food සමග ආහාරපාන ඇණවුම් කිරීම බොහොම පහසුවෙන් කළ හැකි දෙයක්. ඔබේ ස්මාට් ජංගම දුරකතනයට PickMe ඇප් එක ඇතුළු කරගත්තට පස්සේ, එහි Food කොටසට පිවිසෙන්න. ඔබ සිටින ස්ථානය, නැත්නම් ඔබේ ලිපිනය නිවැරදිව ඇතුළත් කරන්න. එවිට ඔබේ ප්‍රදේශයට අදාළ අවන්හල් ලැයිස්තුවක් ඔබට දිස් වෙනවා ඇති. එයින් ඔබ කැමති අවන්හලක් තෝරලා, ඉන් ඔබට අවශ්‍ය ආහාරපාන සහ ඒවායින් ඔබට අවශ්‍ය ප්‍රමාණය සටහන් කළ යුතුයි. ඉන් පස්සේ Add to cart යන්න ටච් කරලා My cart වෙත පිවිසෙන්න. ඔබේ ඇණවුම නිවැරදි දැයි පරීක්ෂා කර බලන්න. කෑෂ් හෝ කාඩ් යන ක්‍රම දෙක අතුරින් ඔබ කැමති ගෙවීම් ක්‍රමයක් තෝරාගත හැකියි. පසුව Place the order ටච් කරලා ඇණවුම තහවුරු කරන්න. එවිට අවන්හල ඔබේ ඇණවුම භාරගත් බවට, ආහාර සූදානම් කර ඇති බවට, PickMe Food බෙදාහරින්නෙකු ඇණවුම ලබාගත් බවට සහ, ඔබට ආහාර ඩිලිවර් කළ බවට, පිළිවෙළින් තිරයේ ලකුණු වනවා. ඒ අනුව ඔබේ ආහාර ඇණවුම ඔබ ළඟටම ලැබෙනු ඇති.

ඔබ කුරුණෑගල ප්‍රදේශයේ අවන්හල් හිමියෙකු නම්, PickMe Food සමග ලියාපදිංචි වී ඔබට ඔබේ අවන්හල වෙත තවතවත් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ ඔස්සේ ඔබේ ආහාරපාන අලෙවිය වඩාත් පුළුල් කරගන්න ඔබට අවස්ථාව සැලසෙනවා.

ඉතින් මේ අයුරින් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සුහද සහ විශිෂ්ට සේවාවක් සපයන්නට, ඒ ඔස්සේ තවදුරටත් රටේ මූල්‍ය ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා උර දෙන්නට, PickMe Food අප බලාපොරොත්තු සහගත දෑසින් පසු වෙනවා. ඒ සඳහා කුරුණෑගල පුරවරයේ ඔබ අප සමග මිත්‍රශීලීව අත්වැල් බැඳගනු ඇතැයි අප සිතනවා. අපේ සේවාවෙන් ඔබේ ජීවිතය සුවපහසුවෙන් සහ තෘප්තියෙන් පිරෙනු දැකීම අපේ එක ම අරමුණයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide