එළියට යන්න බැරි වුනාට! ‘රසම පීසා’ ගෙදරටම ගෙන්නගෙන කන්න කියාපු කඩ 11ක්.

කට්ටියට දැන් නම් පිස්සු වගේ ඇතිනේ..

වැඩි හරියක්ම ඔය සතිඅන්තවල එළියට එහෙම ගිහිල්ල, රෙස්ටුරන්ට් එකකින් කෑම ටිකක් කාලා ජොලියෙ ඉඳපු අයට. 

හ්ම්.. මොනව කරන්නද ඉතින් යාලු. මේක මුලු ලෝකයටම බලපාපු තත්වයක්නෙ. හැරත්, අතේ සල්ලි ටිකක් තියෙනව කියලා.. මේ වෙලාවෙ වගක්තුගක් නැතුව ඒවා වියදම් කරන එකත් ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි. මොකද.. දැන් දැන් තත්වෙ එන්න එන්නම නරක අතට හැරීගෙනනෙ එන්නෙ. 

කොහොම වුනත් කමක් නෑ. සතියට සැරයක්වත් ඉතින් කටට රසට කෑම ටිකක් නොකා ඉන්න පුලුවනයැ නේ…

එහෙනම් ඔන්න.. ගිය සතියෙ අපි ඔයාලට බිරියානි කඩ ටිකක් කිව්ව වගේ..

මේ සතියෙ,

ඔයාලා ආසම..

පීසා කඩ.. තොගයක්ම!

1. Giovanni's (Thimbirigasyaya – 0770335366)

දුක කියන්නෙ යාළු කොළඹ පැත්තෙ රසම පීසා වුනාට, රු. 1500ට වගේ ගන්නත් පුලුවන් වුනාට.. මෙයාලා මේවා ඩිලිවර් කරන්නෙ නම් තිඹිරිගස්යාය ඇතුලෙ දුරවල් වලට විතරයි. ඒකත් දවල් 12.30 ඉඳන් හැන්දෑවෙ 5.30 වෙනකම් විතරයි. ඉතින්.. ඒ අවට ඉන්නව නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනව එයාලගෙ සම්පූර්ණ මෙනුවෙන්ම, ඕනම පීසා එකක් තෝරල ඕඩරේ දාන්න!

ඩිලිවරි ගාස්තු: රු. 100

2. Rocco’s (Rajagiriya – 0722012121)

පංකාදු පහට රස තියෙන්න පීසා හදන තවත් සුපිරිම ප්ලේස් එකක්. හැබැයි මෙයාලත් මේවා ඩිලිවර් කරන්නෙ සීමිත දුරකට විතරයි. වැඩේ කියන්නෙ ඒක දැනගන්න වෙන්නෙත් කෝල් කරලම තමයි. කොහොම වුනත් රොකෝස් එකතේ සම්පූර්ණ මෙනුවම විවෘතයි, උදේ 11 ඉඳන් හවස 4 වෙනකම්ම. ම්.. ගණන් යන්නෙත් රු. 1700න් වගේ. ඒත් ඉතින් රසයි සයිස් එකයි එක්ක බැලුවාම නම් පාඩුමත් නෑ හොඳේ.

ඩිලිවරි ගාස්තු සහිතයි.

3. 3 Brothers Italian Bistro (Kirulapana – 0112505818, 0773733730)

රු. 1800න් වගේ ගාණ ගියාට මෙයාලගෙ පීසාවලත් රස තියෙනව පංකාදු පහටම. මොකද මෙයාලා මොන ඕඩරේ ආවත් දාන්න තියෙන දේ උපරිමයෙන්ම දාලානෙ ඒවා හදන්නෙ. කොහොමහරි 3 බ්‍රදර්ස්ලගෙත් මෙනුව, උදේ 11 ඉඳන් හවස 7 වෙනකම්ම විවෘතයි. අර එකම කේස් එක තියෙන්නෙ මෙයාලත් ඩිලිවර් කරන්නෙ කොළඹ 1-8ට විතරයිනෙ.

ඩිලිවරි ගාස්තු සහිතයි.

4. Arthur's Pizza (Mount Lavinia – 0117955955)

අතේ තියෙන ගාණ බලල හිතේ හැටියට, ටොප් පීසා එකක් ඕඩර් කරන්න කියාපුම තැනක්. මොකද මෙයාලගෙ අඩුම ඕඩරේ වෙන්න ඕන රු. 1000නෙ. ඊටත් ආතර්ස් රසම පීසා ඔක්කොම තියෙන්නෙ රු. 1800න් වගේ නිසා කොහොමත් අවුලක් නෑ. ම්.. විස්තරේ හැටියට නම් ආතර් අයියත් ප්ලේස් එක දවල් 12 ඉඳන් රෑ 10 වෙනකම්ම ඇරල. ඒත්.. එකම අවුල ඩිලිවර් කරන්නෙ දෙහිවල ගල්කිස්ස ඇතුලෙ දුරවල් වලට විතරයිනෙ.

ඩිලිවරි ගාස්තු සහිතයි.

5. Brio – The Italian Kitchen (Battaramulla – 0112885881)

බත්තරමුල්ල, කොස්වත්ත, කෝට්ටේ, පැළවත්ත, තලවතුගොඩ, පන්නිපිටිය, මහරගම, හෝකන්දර අවට ඉන්න ඔයාට, රසම රස පීසා එකක් කන්න හිතුනොත් පටස් ගාලා කෝල් එකක් ගන්න ඔන්න ඔය උඩ තියෙන නොම්මරේට. අරගෙන එයාලගෙ මෙනුව අහල ඕඩරේ දාන්න, හැබැයි අඩුම ඕඩරේ රු. 1500ක්වත් වෙන්න ඕන. අනිත් කාරණය තමයි, බ්‍රියෝ.. උදේ 11 ඉඳන් රෑ 9 වෙනකම් විවෘතයි. ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ හොඳද.

ඩිලිවරි ගාස්තු සහිතයි.

6. Caffe Michelangelo (Nawala – 0117612612)

රු. 1600ට වගේ රස වෑහෙන පීසා එකක්, ජාති ගොඩක් අතරින් තෝරල ඕඩර් කරන්න, කතා කරන්න මයිකල් ආන්ජෙලෝට. හැබැයි.. ඒකට ඔයාලට වෙලාව තියෙන්නෙ නම් හවස 5 ඉඳන් 8 වෙනකම් විතරයි. ඒ නිසා ටිකක් ඉක්මන් කරන්න වෙයි. ඒත් අවුලක් නෑ මොකද මෙයාලා නාවල, රාජගිරිය ඇතුලත ප්‍රදේශ වලට පීසා ඩිලිවර් කරන්නෙ නොමිලේනෙ. ම්.. කොළඹ 3-8 දක්වා ප්‍රදේශ වලට විතරයි රු. 150ක් ගන්නෙ.

7. Harpo’s Pizza (Nugegoda – 0114869000, 0114323023)

උදේ 11 ඉඳන් හවස 5.30 වෙනකම්ම හොඳට හිතල, හොයල බලල ඕඩරයක් දාන්න අපූරුම අවස්ථාවක්. හැරත් රස පදමටම හැදෙන, රු. 1700න් වගේ ගාණ යන මෙයාලගෙ පීසා මෙනුවෙ..

වැඩේ තියෙන්නෙ මේ දවස්වල හැම ජාතියකින්ම ගන්න නැති එක තමයි. ඒ නිසා කෝල් එකක් දීලා හරියට අහල බලල ඕඩරේ දාන්න..

ඩිලිවරි ගාස්තු සහිතයි.

8. Park Street Trattoria (Gangaramaya – 0112327111, 0771052791)

සුපිරිම කියන්න බැරි වුනාට යාළු මෙයාලගෙත් පීසා හරිම රසයි. හැබැයි ගාණත් එක්ක බලද්දි තමයි.. පොඩ්ඩක් දෙපාරක් හිතන්න වෙන්නෙ. ඒ කොහොම වුනත්, හදිස්සියක් වුනොත් මතක තියාගන්නකො ට්‍රැටෝරියා එකත් උදේ 11 ඉඳන් හවස 6 වෙනකම්ම ඇරල කියල.

ඩිලිවරි ගාස්තු සහිතයි.

9. CASA Italia (Pitakotte – 0771697770, 0770735878)

ම්.. මෙයාලගෙත් ගාණෙ කේස් එක තමයි. මොකද පවුලකට ඇති වෙන්න මෙතනින් පීසා ගේනව නම් වියදම යනව රු. 2000න් එහා පැත්තෙ. හැරත් මෙයාලගෙ අවම ඕඩරෙත් රු. 2000යි තමයි. වැඩේ කියන්නෙ ඒ ගාණට ගන්න පුලුවනුත් එක පීසා එකයිනෙ. කොහොමහරි ඒකත් ඔලුවෙ තියාගෙන.. උදේ 11.30 ඉඳන් රෑ 9 වෙනකම්ම මෙතන ඇරල කියලත් ඔලුවෙ තියාගන්නකො.  

ඩිලිවරි ගාස්තු සහිතයි.

10. Pizza Hut

ඒ හැරුනාම රට පුරාම වගේ පීසා හට් ඇරලා. යුනියන් ප්ලේස්, හැව්ලොක් ටවුන්, දෙහිවල, රාජගිරිය, නුගේගොඩ, පැළවත්ත, මාලඹේ, කොට්ටාව, කඩවත, පේරාදෙණිය, නුවර. ඉතින් ඒවයෙනුත්.. ඔයාලා වෙනදට ඕඩරේ දාන විදියටම දාලා පීසා ගෙන්න ගන්න පුලුවන්.

11. Domino’s (7889)

තව.. ඩොමිනොස් පිසා ඇරල තියෙනව උදේ 11 ඉඳන් හවස 7 වෙනකම් දෙහිවල, රාජගිරිය, නුගේගොඩ, මහරගම, පැළවත්ත, මාලඹේ, මොරටුව, කොටහේන, ගම්පහ කියන ප්‍රදේශවල. ඒවයෙන් ඕඩර් දාන්නෙත් ඉස්සර විදියටම තමයිතියෙන්නෙ නම් වෙනද ක්‍රමයටම තමයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide