Domino’s, Pizza Hut? රු. 1000ට අඩුවෙන් බඩ පැලෙන්න පීසා කන්න සුපිරි පීසා කඩ 7ක්.

“මුගෙන් ඉල්ලල වැඩක් නෑ බන්, අපිවත් සල්ලි දාලා ගේමු”

කරටිය නැමීගෙන එන ගාණට වැදිල තිබුණ අජියට බැනබැන අපේ උන් දෙන්නෙක් බයිසිකලේට නැග්ගෙ හංදියෙ පීසා හට් එකට යන්න. ඇයි ඉතින් පාටිය පටන් ගන්නත් කලින්, බයිට් එකට පීසා ගේනව කියල පොරෙන්දු වෙලා අපේ කස්ටියගෙ ඔළු කාලනෙ තිබුණෙ.

සිද්ධ වුණේ මේකයි. පහුගිය වීක්එන්ඩ් එකේ අපේ යාළුවෙක් (අජියා), ජයග්‍රාහී තනිකඩ 30 වෙනි උපන්දිනේ සැමරුව. කල් තියාම හැමෝටම කියලයි තිබුණෙ. බොන්න තිබුණෙ ‘එකතු කල අගය මත බදු 69’. බයිට් එකට පීසා කියල තමයි ආරංචිය. හැබැයි පාටිය පැවැත්වෙන්න නියමිත වෙලේ ඕවිටේ.

බුවාගෙ හැටි කට්ටිය දන්න නිසා හැමෝම වගේ, අතේ රු. 500, 1000 තියාගෙන ඇවිල්ල තිබුණෙ. කොහොම හරි ඇවිත් බලද්දි 10 දෙනෙක්ට විතර බොන්න, VAT 69 බෝතල් බාගයකුයි ‘පී ඇන්ඩ් එස්’ පීසා 4කුයි කියන්නකො තියෙන්නෙ.

ඉතින් පාර්ටියෙ මුල්ම දසුන වුණේ කුණුහරුප විමානෙක අජියා ගුටිකන එක. ඊට පස්සෙ උගෙ පර්ස් එකේ තිබ්බ 1500ට මදි පාඩු දාලා, අපේ උන් තව බෝතලයකුයි පීසයි ගේන්න කියල පිටත් වුණා.

ඔන්න ඔය අතරෙ තමයි මට මීටර් වුණේ, අඩු ගාණට රසම පීසා ගන්න තියෙන කඩ ටිකක් හොයන්න, පීසා හට්, ඩොමිනෝස් නැතුව. එතකොට අපිටත් රහ බලන්න පුළුවන්නෙ. අවාසනාවට අපේ පැත්තෙන් නම් එහෙම කඩවල් හම්බවුණේ නෑ. ඒත් කොළඹ කිට්ටුවෙන් සුපිරි කඩ ටිකක් හම්බවුණා. මෙන්න මේ වගේ.

1. Giovanni's

මට හමුවුණ තරු 5හේ පීසා කඩේ. තියෙන්නෙ තමයි තිඹිරිගස්යාය ආනන්ද හිමි මාවතේ. හැම්, බේකන් විතරක් නෙවෙයි තව එක එක විදියට හදපු රස මස් ජාති, එළවළු, චීස් පදමට දාලා හදන මෙයාලගෙ පීසාවල, රොටියෙ ඉඳන්ම හැදෙන්නෙ කඩේ ඇතුලෙදිමයි. මැදපු ග්‍රැනයිට් මේසයක් උඩ තුනීයට හැදෙන රොටියට අඟලක් එක හමාරක් ඝන කමට හිටින්න අඩුම කුඩුම ටික වැටිලා දර උඳුනෙ පදම් වෙද්දි එන සුවඳ නම් ඉවසන් ඉන්න බැරි තරම්. ඇත්තටම ගාණ රු. 1000ක් වගේ වුණාට කාපු කෙනෙක් නම් ආයෙ රස අමතක වෙනව බොරු.

2. Belmio Pizza

කඩ නම් අන්න පීසා කඩ. තඩි මාගරිටා පීසා එකක් රු. 900යි වෙන්නෙ. එතකොට ඒ සයිස්ම චිකන් බාබකියු පීසා එකක් රු. 1000යි. බේකන්, ඔලිව් පීසා එකක් රු. 1150යි. ඒ විතරක් නෙවෙයි පීසා කාලා කන්න මෙයාලා ලඟ ඩෙසර්ට් පීසාත් තියෙනව, නියුටෙලා පීසා, නියුටෙලා කැල්සෝන් පීසා වගේ. ඒවත් රු. 900 වගේ යන්නෙ. තලවතුගොඩ මාදිවෙල පාරෙ තියෙන මේ පීසා කඩේ මුලු මනින්ම හැදෙන්නෙ ඉටෑලියන් පීසා නිසා රසවල් ගැන නම් අමුතුවෙන් කියන්නත් ඕන නැති තරම්. ඒ නිසාම ඔය අද හෙට පීසා පාර්ටි දාන්න හිතාගෙන ඉන්න අය අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ බෙල්මියෝ.

3. Rocco's

රොකෝගෙ පීසා කන්න ඕන නම් යන්න රාජගිරිය, නාවල පාරට. එතන ඉඳන් මීටර 200ක් නෑ රොකෝස් එකට. හැම්, බේකන්වලින් හොඳටම වැඩ දාපු පීසා එකක් කනව නම් කියාපු තැනක් තමයි. එවෙලෙ හදල දර පෝරණුවෙ බේක් කරල ගන්න මෙයාලගෙ Salmon Affumicato වගේ පීසා නම් පට්ට රසයි. මොකද පදම් කරපු ලොකු සැමන් කෑලි, ළූණු, මොසරැල්ල චීස් එහෙමත් මදි නොකියන්න දාලා තියෙනවනෙ. අනික පොඩි පීසා එකක ගාණ රු. 1000, 1100 වගේ නිසා පොකට් එකටත් අවුලක් නෑ. අපි කිව්වට ඔය සැමන් පීසා විතරක් නෙවෙයි තව එක එක රසට හදපු රස වෑහෙන පීසා ජාති 10, 12කටත් වඩා රොකෝ ළඟ තියෙනව. ගිහින් කාලාම බලන්නකෝ.

4. Cafe Michelangelo

ශ්‍රී ලංකන්, වෙස්ටර්න් රසවල් හරි ලස්සනට ගලපල පට්ට රහට පීසා හදන තැනක් තමයි නාවල, කොස්වත්තෙ මයිකල් ආන්ජෙලෝ කැෆේ එක. 'මයිකල්ආන්ජෙලෝ' කියන්නෙ චිත්‍ර කලාකාරයෙක්නෙ. 'කැෆේ මයිකල්ආන්ජෙලෝ' කියන්නෙ පීසා කලාගාරයක්. පොල්සම්බෝල පීසා කියන්නෙ අන්න ඒ කලාවෙන් බිහිවුණු පට්ට පීසා එකක්. රු. 900ක් විතර වුණාට පොල්සම්බෝලයි, පදමට එකතු වුණු චීස් රසයි රස නහර පිනවන්නෙ තරඟෙට වගේ. ඒ හැරුණාම ඉස්සන්ගෙන් පිරුණු ලොකු මරියානා පීසා එකක ස්මෝල් එකකුත් රු. 1100ක් වගේ වෙන්නෙ. ඇත්තටම කටට රහට බඩකට පුරවගන්න නම් කැෆේ මයිකල්ම තමයි.

5. Harpo's Pizza

කොළඹ 07, ග්‍රෙගරි පාරෙයි නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතෙයි තියෙන හාර්පෝස් එක පොකට් එකට ලොකු බරක් නොදී ම රසම රස පීසා ටිකක් රස බලන්න තවත් කියාපු තැනක්. මෙයාලගෙ බේකන්, ස්මෝක්ඩ් චිකන්, චීස් දාලා හදන පීසා රොමන්ගා එක එහෙම සෑහෙන්න නැගල යනව. එකක් රු. 1060යි. දෙන්නෙක්ට ඇති වෙන්න තියෙනවත් එක්ක. ලංකාවෙ අපිට හුරුපුරුදු පීසා රසෙන් එන නිසා මදි නොකිය කන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉස්සො, මී කිරි, සුදු ළූණු, තක්කාලි වගේම ඇති පදමට මොසරැල්ල චීසුත් දාලා හදන රසම රස මරියානා පීසා එකකුත් මෙයාලගෙන් රු. 1100කට ගන්න පුළුවන්. නියමයි නේ…

6. Arthur's Pizza

ඔන්න තියෙනව අපේ රහට පීසා හදන තවත් නියම කඩයක්. නම ආතර්ගෙ පීසා. තියෙන්නෙ ගල්කිස්සෙ ලයන්ස් පබ් එක ළඟ. සෑහෙන් අඩු ගාණකට වෙනස්ම පීසා රසක් අත්විඳින්න මෙතනට යන ඔයාලට පුළුවන්. බිත්තර, බේකන් දාලා හදන පීසා එතකොට චිකන්, නයි මිරිස් පීසා… උණු උණුවෙ මේසෙට එද්දි ඉබේටම කටට කෙල උණන ගාණයි. පීසා එකේ චීස් රස මැද්දෙන් පදමට කැපෙන සැර ගතියත් එද්දි පංකාදු පහයි, කාගෙන කාගෙන යන්න පුළුවන්. අනික මේ තරම් රස පීසාවල ගණනුත් රු. 1000ට අඩුයි. ආ.. ඒක නෙවෙයි ආතර්ගෙ පීසා කඩේට යන ඔයාට කැමති නම් බියර් වීදුරුවක් අරක්කු වීදුරුවක් තොල ගගා වුණත් පීසා රස බලන්න පුළුවන් හොඳද.

7. Peppers

මැජෙක්ටික් සිටි ෆුඩ් කෝට් එකේ තියෙන පෙපර්ස් පීසා කඩේ 'පොඩි බඩගින්නට සුපර්' පීසා කෑල්ලක් කන්න කියාපු තැනක්. හැබැයි ඉතින් ලොකු ලොකු වැඩ කිඩ, රස ජාති 8, 10 එහෙම නම් නෑ. ගොඩක් දුරට පීසා හට් එකේ පීසා වගේ තමයි. මෙයාලගෙ ස්පයිසි චිකන්, තක්කාලි පීසා එක තමයි නැගලම යන්නෙ. ලොකු කෑල්ලක් රු. 180ට ගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, අපි නොදන්න ඔයාලා දන්න තලු මර මර බඩ පැලෙන්න පීසා කන්න කඩ තවත් තියෙනවනෙ. හොඳ යාළුවො වගේ ඒවයින් එකක් දෙකක් හරි කමෙන්ට් කරනවද. මොකද අපිත් ආසයි කාලා බලල රස විඳින්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide