ළඟම එන අලුත් අවුරුද්දට කැවිලි ගන්න තැන්.

දන්නෙම නැතුව අවුරුදු කට ළඟටම ඇවිත්! 

දැන් ඉතින් කැවිලි පෙවිලි ගෙදර හදන්න වෙලා මදි කියල හිතෙනව නේද? ඒකට උත්තරයක් තමයි මේ.

මේ තියෙන්නේ මෙදා සැරේ අලුත් අවුරුද්දට කැවිලි ගන්න පුළුවන් තැන්වල ලිස්ට් එකක්. මේ අතරින් සමහර තැන් කැවිලි ඔබ ළඟටම ඩිලිවර් කරන්නත් ලෑස්ති වෙලා ඉන්නවා.

රෙස්ටොරන්ට්/ හෝටල්/ බේකරි

Culture Colombo

කල්චර් කලම්බෝ ඔරිජිනල් ශ්‍රී ලංකන් විදිහට කෑමබීම හදන රෙස්ටොරන්ට් එකක්. මේ පාර අලුත් අවුරුද්දට මේගොල්ලො හඳුන්වා දීල තියනවා ‘කැවිලි කුල්ලක්’. මේකේ කොණ්ඩ කැවුම් 5, කොකිස් 5, මුං කැවුම් 5, අලුවා 5, දොදොල් ග්‍රෑම් 100 සහ ආස්මි 2 ඇතුළත්.

  • මිල: රු. 1990

  • අමතන්න: 0774422448

Mount Lavinia Hotel

ගල්කිස්ස හෝටලේ තියන කැෆේ මේට්ලන්ඩ් එකෙන් අවුරුදු සමරන්න හඳුන්වා දීල තියනවා අවුරුදු තීම් කරගත්ත කේක් සහ අපේ සාම්ප්‍රදායික කැවිලි පෙවිලි පිරුණු හැම්පර්ස්. අප්‍රේල් 8 වෙනිදට කලින් ඇණවුම් කරන්න ඕනේ. වැඩි විස්තර දැනගන්න මෙතන ක්ලික් කරන්න.

  • මිල: බ්‍රොන්ස් හැම්පර් – රු. 2100, සිල්වර් හැම්පර් – රු. 2500, ගෝල්ඩ් හැම්පර් – රු. 3300

  • අමතන්න: 0773112399

Ramada Colombo

රමාඩා කලම්බෝ එකේ බේක්ඩ් කැෆේ එකෙනුත් අප්‍රේල් 9 සිට 14 දක්වා අවුරුදු කැවිලි සහ හැම්පර්ස් ලබාගන්න පුළුවන්. 

  • අමතන්න: 0766645507/ 0114794399

CosP

කොස්පී එකේ කැවිලි පෙට්ටියේ කොණ්ඩ කැවුම්, කොකිස්, මුං කැවුම්, අලුවා (හැම එකකින් ම 10 බැගින්) සහ දොදොල් ග්‍රෑම් 500 තියනවා. මීට අමතරව එයාල ළඟ අවුරුදු කැවිලි, චට්නි, ස්නැක්ස්, කිතුල් පැණි වගේ ම අලුත් අවුරුද්දට අවශ්‍ය තව බොහෝ දේවල් පිරුණ හැම්පර්ස් එහෙමත් තියනව කියලයි ආරංචි. www.colombohampers.com ඔස්සේ ඇණවුම් ලබා දෙන්න පුළුවනි.

  • මිල: කැවිලි පෙට්ටිය – රු. 3000, ක්ලැසික් අවුරුදු හැම්පර් – රු. 10000, ඩිලයිට් අවුරුදු හැම්පර් – රු. 20000, සුපර් අවුරුදු හැම්පර් – රු. 30000, ලක්ෂරි අවුරුදු හැම්පර් – රු. 40000

  • අමතන්න: 0772690023

Little Star

ගල්කිස්ස පැත්තෙ ඉන්නවා නං ඔන්න අලුත් අවුරුද්දට කැවිලි ගන්න ලිට්ල් ස්ටාර් එකෙනුත් පුළුවන්.

  • අමතන්න: 0112729361

Kahabath Gedara

අවුරුදු කැවිලි ජාති 10කටත් වැඩිය සහ සේවරීස් ජාති ගොඩකුත් එක්ක එන කහබත් ගෙදර හැම්පර් එකත් අවුරුදු කන්න කියාපු තෑග්ගක්.

  • මිල: රු. 2900 සිට

  • අමතන්න: 0777862672

Café La Défense

ඔබේ අවුරුදු මේසය ඔබ කැමති කැමති කැවිලිවලින් සරසන්න මේ අයත් සැදී පැහැදී ඉන්නවා. 

  • අමතන්න: 0763162006

Mass of Bees

ඔබේ පහසුව සඳහා විවිධ විදිහේ කැවිලි හැම්පර්ස් 5ක් මේගොල්ලො ලෑස්ති කරලා තියනවා. ඒවයේ තියෙන්නෙ මොනවද කියල බලන්න මෙතන ක්ලික් කරන්න. දවස් තුනකට කලින් ඇණවුම් ලබා දෙන්න ඕනේ.

  • මිල: අවුරුදු පැකේජ් 1 – රු. 3000, අවුරුදු පැකේජ් 2- රු. 4500, අවුරුදු පැකේජ් 3 – රු. 6000, අවුරුදු පැකේජ් 4 – රු. 8000, අවුරුදු පැකේජ් 5 – රු. 10000

  • අමතන්න: 0771709935

Upali's

කොකිස්, මුං කැවුම්, කොණ්ඩ කැවුම්, අතිරස, අලුවා, කිරි ටොෆි.. මේ ඔක්කොම පිරුණ උපාලීස් එකේ අවුරුදු හැම්පර් එක අප්‍රේල් 5 වෙනිදා ඉඳන් ලබාගන්න පුළුවන්.

  • මිල: රු. 5000

  • අමතන්න: 0112695812

Sen-Saal

සෙන්සාල් අවුරුදු කැවිලි දීමනාව කොළඹ තියන හැම සෙන්සාල් ශාඛාවකින් ම ලබාගන්න පුළුවන්. ඒගොල්ලො ළඟ තියන ජාති ගැන දැනගන්න මෙතන ක්ලික් කරන්න.

  • අමතන්න: 0772277683

The Fab

ෆැබ් එකෙන් ලබා දෙන අවුරුදු කැවිලි සහ කේක් වර්ග එයාලගෙ හැම බ්‍රාන්ච් එකකින් ම මිල දී ගන්න ඔබට අවස්ථාව තියනවා.

  • අමතන්න: 0112573348 / 0112675758

Green Cabin

හුඟක් ඈත ඉතිහාසයක් තියන ලංකාවේ බේකරියක්. කොණ්ඩ කැවුම්, මුං කැවුම්, කොකිස්, ආස්මි එහෙම මේ අයගෙ ළඟ තියනවා. හැම ජාතියකින් ම අවම කෑලි 20ක්වත් ඇණවුම් කරන්න ඕනේ.

  • අමතන්න: 0115222777

Caravan Fresh

කැරවෑන් ෆ්‍රෙෂ් එකෙනුත් අවුරුදු ඇණවුම් මේ දවස්වල භාර ගන්නවා. ආස්මි, අලුවා, කොකිස්, කිරිබත්, ලුණුමිරිස්, සීනි සම්බෝල, ඇඹුල් තියල්.. මේ ඕන දෙයක් ඇණවුම් කරන්න පුළුවන්.

  • අමතන්න: 0715356581

Hotel Sanora

කිරි ටොෆි, පොල් ටොෆි, මාෂ්මෙලෝස්, කිසස්, කුකීස්, බටර් කේක්, චොක්ලට් කේක්, රිබන් කේක්, මාබල් කේක් සහ තවත් රසකැවිලි ගොඩක් ඔබට තෑගි කරන්න ද ගාඩ්න් ලෞන්ජ් ලෑස්තියි.

  • අමතන්න: 0112774751

Five Star Bakers

දෙහිවල රත්මලාන ආශ්‍රිත ව ඉන්න අයට පහසුවෙන් කැවිලි ඇණවුම් කරන්න පුළුවන් තැනක් මේ. 

  • අමතන්න: 0115299710 

හෝම් බේස්ඩ්

Sugar Cloud

මුං කැවුම්, කොකිස්, අතිරස, වැලිතලප, දොදොල් එහෙම තියන කැවිලි පාර්සලයක් ෂුගර් ක්ලවුඩ් එකෙන් ඕඩර් කරන්න පුළුවන්. කොළඹ 1 – 15 ඇතුළත සහ ඒ අවටට ඒගොල්ලො ඩිලිවර් කරනවා.

  • මිල: රු. 3500

  • අමතන්න: 0771146624

The Kavili Company

ඔබ ඉන්නෙ කොළඹ 1 – 15 ඇතුළත හෝ ඒ අවට නං කැවිලි කම්පනි එකට ඇණවුමක් භාර දෙන්න ඔබට පුළුවන්. කොකිස්, අලුවා, නාරං කැවුම්, කිරිබත්, මුං කැවුම්, කජු අලුවා, අතිරස, දොදොල්, ආස්මි, ලැවරියා, හැලප වගේ ජාති ඒ අය හදනවා. මේවයෙන් ජාති 6කින් අවම වශයෙන් කෑලි 10ක් ඕඩර් කරන්න ඕනේ. එහෙම නැත්තම් ඔබ කැමති ජාතියකින් කෑලි 30ක් ඕඩර් කරන්න ඕනේ.

ඇණවුම කන්ෆර්ම් කළාට පස්සෙ සම්පූර්ණ මිලෙන් 50%ක් ගෙවන්න අවශ්‍යයි. පැය 48-72 ඇතුළත ඔබේ ඇණවුම ඩිලිවර් කරනවා.

Kokis.lk

කොකිස් ඩොට් එල්කේ එකේ අවුරුදු හැම්පර් එකේ තියෙන්නේ කොකිස් විතරක් නෙමෙයි. මුං කැවුම්, කොණ්ඩ කැවුම්, අතිරස, කජු අලුවා, ආස්මි එහෙමත් එයාල ළඟ තියනවා. 

  • මිල: රු. 2800

  • අමතන්න: 0724533898

Cinnamon Island Sourcing

ඔබ කැමති විදිහකට අවුරුදු හැම්පර් එක කස්ටමයිස් කරගන්න මෙතනින් අවස්ථාව ලැබෙනවා. මුං කැවුම්, කොණ්ඩ කැවුම්, කොකිස්, අතිරස, දොදොල්, ආස්මි, කිරි ටොෆි, මාෂ්මෙලෝස්, අලුවා.. ඕන ජාතියක් තියනවා. මේ අය කොළඹ 1 – 15, රාජගිරිය, බත්තරමුල්ල, තලවතුගොඩ, නාවල, නුගේගොඩ, පන්නිපිටිය, මහරගම, දෙහිවල, ගල්කිස්ස ප්‍රදේශවලට ඩිලිවරි පහසුකම සපයනවා. ඇණවුමක් අවම රු. 2000ක් විය යුතුයි. පැකින් චාජ් එක රු. 100යි. මිල ගණන් දැනගන්න මෙතන ක්ලික් කරන්න. 

  • අමතන්න: 0712545710

ඔන්ලයින් ස්ටෝර්ස්

Lassana.com

මේගොල්ලො හදපු කැවිලි හැම්පර්ස් ගන්න වගේ ම, ඔබ කැමති ඕන ජාතියකින් කෑලි 10 කැවිලි පැක්ස් ගන්නත් මෙතනින් පුළුවනි. 

Saaraketha

සාරකෙත මඟිනුත් ඔබ කැමති විදිහකට කැවිලි හැම්පර් එක කස්ටමයිස් කරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම නැත්තම් ඒගොල්ලො ළඟ දැනටමත් තියන හැම්පර්ස් මිලට ගන්නත් පුළුවන්.

Lily's

කටට රසට අවුරුදු සමරන්න, ලිලීස් එකෙන් රසකැවිලි ගෙන්නගන්න.

Wishque.com

කැවුම් කොකිස් විතරක් නෙමෙයි, රස කේක්වලිනුත් ඔබේ අවුරුදු කැවිලි මේසය සරසගන්න.

ෂොප්ස්

Odel

අලුත් අවුරුද්දට ෂොපින් කරන එකට අමතරව අවුරුදු කැවිලි පාර්සලයක් ගන්නත් ඔඩෙල් එකෙන් දැන් පුළුවන්. ඒගොල්ලන්ගෙ හැම්පර්ස් කල් තියා ඕඩර් කරන්න වගේ ම, ෂොප් එකේදි මිලට ගන්නත් ඔබට පහසුකම් සලසල තියනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide