බදුල්ලේ.. පත්තර විකිණූ කොලුවාගේ ලක්ෂ ගාණක බෑග් කඩේ..!.

2012 අවුරුද්දෙ!

වෙලාව පාන්දර 5.15යි. මම බදුල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සෙ කට්ට සීතලේ ගැහි ගැහි. ඒ නිසාම.. බැස්ස අනික් පැත්තට මම එතන තිබ්බ නයිට් කඩේට ගොඩවෙලා ගැහුවා උණු උණු වැඩි කහට ටී එකක්. ගහලා.. ලාවට තිබ්බ නිදිමතත් ඇරෙන්න කියලා දැම්මා පොඩි රවුමක් බදුල්ල ටවුම වටේ. වෙන දෙයක් නිසා නෙවෙයි, එදා තමයි මම පළවෙනි පාරට තනියම බදුල්ලෙ ආවෙ. 

ගහලා කරලා ආයෙ බස් ස්ටෑන්ඩ් එකට එද්දි නම් වෙලාව 6ටත් කිට්ටුයි. ම්.. ඇත්තටම, ඒ දවස්වල බදුල්ලෙයි, පිටකොටුවෙයි වෙනසක් නැති තරම්. හිඟන මිනිස්සු අඩියක් අඩියක් නෑර. සමහර වෙළෙන්දොත් අතරින් පතර තම තමන්ගෙ ලෑලි තට්ටු ඉස්සරහ, තට්ටු උඩ නිදි.

ඊටත්.. මම වෙදර් ජැකට් එකක් දාගෙනත් ගැහෙනවා, එයාලා.. තනි බෙඩ්ෂීට් එකක් විතරයි!

කොහොම කොහොමින් හරි බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා, මගේ තඩි බැක් පැක් එකත් පැත්තකින් තියලා, හෙමින් සැරේ පොදු වැසිකිලියට ගිහිල්ලා සියළු වැඩ කරගෙන ආපහු එනකොට..

බෑග් එක ලඟ පොඩි කොල්ලෙක්. මම එක පාරටම බයත් වුනා, මේකා මගේ කැමරා බඩු ටිකටවත් ගේම දීලද දන්නෑ කියලා. හැබැයී.. එතනට ගිහිල්ලා බලද්දි, මුකුත් හාවක් හූවක් නෑ, හිනාවක් දැම්මා.. එච්චරයි. 

පස්සෙ ඉතින් මාත් සැකහැර, හරි බරි ගැහිලා වාඩි වුනා.

දැන් කොල්ලා පැක් එක එහා පැත්තෙ, මම මෙහා පැත්තෙ.

“අයියෙ..!”

“ආ..හ්, කියන්න පුතේ”

“අයියෙ මේ රට පත්තර ඔයාට ඔ්න ඒවද?”

මම නිකං ‘හෑක් ගෑවිලා’. මොන රට පත්තරයක්ද බොලේ මං ලඟ?

“ම්.. මොනවද පුතේ? රට පත්තර කිව්වෙ..”

“මේ.. මේ තියෙන්නෙ ඔයාගෙ බෑග් එකේ”

ගත් ගැම්මට මම පැක් එක මගේ පැත්තට හරවලා බැලුවා. බැලින්නම් මේකා මේ රට පත්තර කියලා තියෙන්නෙ ගෙදරින් ගෙනාපු පරණ ට්‍රැවල් මැගසින් ටිකටනෙ.

“මේවා.. මම ඔය බස් එකේ එන ගමන් කියවන්න ගෙනාවෙ පැටියො. ඔයාට ඔ්නද?”
“අයියට එපා නම් දෙන්න අයියෙ. මං මේවා ගන්නවා”

“ම්.. ඒ කිව්වෙ. ඔයා මේවා කියවනවද? නැත්නම් පින්තූර කපනවද?”

“ආ.. නෑ අයියා මං මේවගෙන් බෑග් හදනවා”

කොල්ලගෙ වචන කීපයයි. මගේ බඩ කටත් එක්කම හිස් වෙලා ගියා, එක වචනයක්වත් නැති ගානයි. ලොකු හුස්මක් අරගෙන මොනවහරි කියන්නයි බැලුවෙ. ඒත් ඇස් දෙකට කඳුලු ආවා මිසක්..

“නෑ අයියෙ. මේ බෑග් වලට ඉල්ලුම වැඩියි. මේවා දියවෙන්නෙ නෑනෙ පත්තර වගේ. එකක් සත 50 ගාණෙ දෙන්න පුලුවන්”

“හ්ම්.. පුතේ. මං මේ ඔක්කොම දෙන්නං. හැබැයි මට එකක් කියන්න ඔ්න. ඔයා ඇයි බෑග් හදන්නෙ. ඉස්කෝලෙ යන්නෙ නැද්ද? අම්මා, තාත්තා මොකද කරන්නෙ?”

ඒ පාර කොල්ලට පොඩ්ඩක් අප්සෙට් වගේ.

“අම්මා.. ගෙදර ආප්ප හදනව. තාත්තව දන්නෙ නෑ. මම මේ පත්තර එකතු කරගෙන ගිහිල්ලා අම්මත් එක්ක බෑග් හදලා කඩ වලට දානවා. ඉස්කෝලෙත් යනවා..

අයියා.. මේ පාර මල්ලි ඉස්කෝලෙට දාන්න, එයාට බඩු ගන්න සල්ලි හොයාගන්න අම්මට බැරි වුනා. දැනටත් මාස දෙකක් පරක්කුයිනෙ. ඉතින් මම පාන්දරින්ම ගෙදරින් ඇවිල්ලා පත්තර හොයාගෙන ගෙදර යනවා. ඒවයින් බෑග් හදලා හවස් වෙන්න කලින් ආයෙත් ඇවිල්ලා කඩවල් වලට දානවා.”

ඇත්තටම කොල්ලගෙ කතාව ඉවර වෙද්දිම මගේ මුලු ඇඟම පණ නැතිවෙලා වගේ. යන්න ආපු නමුණුකුල කඳු ගමන ගැනත් හාන්කවිසියක් නෑ.

“එහෙමද? එතකොට ඔයාගෙ වයස?”

“මට දැන් 15යි.”

“හරි.. මං කියන්නම් මල්ලි. ඔයාගෙ මල්ලිට ඉස්කෝලෙ යන්න අඩුපාඩු බඩු ඔක්කොම මම අරගෙන දෙන්නම්. තව ටිකකින් ටවුම අරියිනෙ. ඒ ඇරුනාම ඔයාට මොනව හරි ඔ්න දේවල් තියෙනව නම් මට කියන්න..”

“අපෝ.. 

බෑ අයියා. අම්මා ගහයි මට. පෙරේදත් ගුටි කාලා ඉන්නෙ. නානා මාමගෙ කඩෙන් කොත්තුවක් ගෙනිච්චා කියලා කෑමට. මට නිකම් දුන්නෙ, බෑග් ගොඩක් ගෙනාවට. ඒත් අම්මා කැමති නෑ.”

“එහෙමද? එහෙනම් මම අම්මට කතා කරල කියන්නම්. ෆෝන් එකක් තියෙද?”

“අ… ඔ් තියෙනා් අයියා”

කොල්ලගෙයි මගෙයි කයියට පැයක්ම වගේ ගිහිල්ලා. මම එයාගෙ අම්මට කෝල් එක ගනිද්දි වෙලාව උදේ 7.05යි. ගෑණු කෙනා මුලින්නම “අනේ එපා මහත්තයා” කියා ගත්ත ගමන් හිටියෙ. හැබැයි පස්සෙ මම බල කරලාම කිව්වා. කියලා කොල්ලත් එක්ක ගිහිල්ලා හොද සයිවර් කඩයකින් බඩ පැලෙන්න කාලා.. අතේ තිබ්බ සල්ලිවලින් බඩු ටිකත් ඔක්කොම වගේ අරගෙන දීලා ගෙදර යැව්වා. යවලා.. මීමලේට තිබ්බ දෙවනි බස් එකේ ගිහින් නමුණුකුලත් නැග්ගෙ හරිම සතුටකින්.

ඊට පස්සෙත් බදුල්ලෙ ගියපු පාරක් පාරක් ගාණෙ මට කොල්ලාව මතක් වුනා. ඒත් එදා දීපු නොම්මරේ වැඩ කලේ නැති නිසා හොයාගන්න නම් හම්බවුනේ නෑ. කොහොමහරී.. 2019 දෙසැම්බර් මාසෙ මම පොඩි වැඩකට බදුල්ලෙ ගියපු වෙලාවෙ, කැම්පස් හංදියෙන් බැහැලා, මුණ ගැහෙන්න හිටපු මගේ යාළුවවත් මුණගැහිලා තේකක් බොන්න කියලා කඩයකට ගොඩවුනා. ගොඩවෙලා රොටියකුත් කාලා තේකක් බොන අතරට.. පැත්තක හිටගෙන ඉඳපු කොල්ලෙක් මගේ දිහා නිතර බලනවා.. හිනාවකුත් දැම්මා.. තේ බීලා ඉවර වුනාට පස්සෙ ලඟටත් ආවා.

“අයියා.. අයියා මෙහේද කොළඹද?”

“ම්.. කොළඹ මල්ලි.”

“ආ.. අයියා මං සුරංග කියලා. මටත් හරියටම අයියමද කියලා මතක නෑ. මීට අවුරුදු 7, 8කට කලින් දවසක් පාන්දර බස් ස්ටෑන්ඩ් එකේදි අයියගෙන්ද මම මැගසින් වගයක් ඉල්ලලා, ඊට පස්සෙ අපේ මල්ලිට ඉස්කෝලෙ යන්න බඩු අරගෙන දුන්නෙ?

මට.. මේ අයියගෙ බෑග් එකේ මතකයක් වගේ තියෙනවා. ඒකයි ඇහුවෙ.

නැතුව ඇති නේ අයියා… සොරි..!”

2011 පෙබරවාරියෙ අදාළ දවසෙ පාන්දර, කතාබහ අතරෙ මම ගොලු වුනා වගේම.. සුරංග ලඟට ඇවිල්ලා කතා කරද්දිත් මට වචන නෑ. බොහොම අමාරුවෙන්, කඳුලු හංගගෙන..

“ඔව් මල්ලි ඒ මං තමයි. අපී.. උදෙන්ම ගිහිල්ලා අර සයිවර් එකෙන් කෑවෙ. ඊට කලින් මම ඔයා එපා කියද්දිම ඔයාගෙ අම්මට කෝල් කලේ..”

වචන පේලිය කියලා ඉවර කරන්න හම්බවුනේ නෑ, සුරංග මගේ අත්දෙක අල්ලගෙන..

“අයියා අද යනවද? අපිට දැන් ටිකක් හොඳයි. මම උසස්පෙල කලා. පාස්, හැබැයි කැම්පස් යන්න මදි. මල්ලිත් ශිෂ්ෂත්තෙ පාස්.. ඔයා අරන් දුන්න බෑග් එකයි, සපත්තුයි තවමත් බෑග්වල දාලා ගැටගහලා එයා එයාගෙ මේසෙ යට තියලා තියෙනවා. ම.. පොඩි රස්සා ටිකක් කලා. හෝටල් වලත් වැඩකලා. සල්ලි ටිකක් හොයාගෙන පොඩි කඩයක් දැම්මා අයියා. කොල බෑග්, පොලි තින් බෑග්, ප්ලාස්ටික් බඩු, ඔක්කොම තියෙනවා. අම්මා දැන් ගෙදර, නිකම් ඉන්න කියලා තියෙන්නෙ එයාට මම..!”

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide