එදා මෙදා තුර අපි අහපු ලස්සනම ටෙලිනාට්‍ය තේමා ගීත – II.

ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒමේ ඒකායන අරමුණ, මීට අවුරුදු දහයකට, විස්සකට කලින් නිර්මාණය වුණු හැම ටෙලිනාට්‍යයකම තිබුණා. මෑත කාලීනව නම් අපට ගොඩක්ම දැකගන්න ලැබෙන්නේ හරසුන් ඉන්දියානු, කොරියානු මෙගා ටෙලිවල කොපි බව හැබෑව. ඒත් ඒ රැල්ලට අහු නොවී හොඳ තත්ත්වයේ ටෙලිනලු බිහි කරන්නත් අපේ සමහර අධ්‍යක්ෂකවරු සමත් වුණා. මේ ටෙලිනාටකවල තියෙන කතා සාරය පිළිබිඹු කරන ලස්සන තේමා ගීත වගේම, කන්කළු තේමා සංගීතයන් බොහොමයක් අපට මේවයින් අහන්න ලැබුණා.

ඉතින් ඒ වගේ ලස්සනම තේමා ගීත කිහිපයක් කැටි කරලා අපි ලියපු "එදා මෙදා තුර අපි අහපු ලස්සනම ටෙලිනාට්‍ය තේමා ගීත – I" ලිපිය ඔයාලට මතක ඇති. මේ තියෙන්නේ එහි දෙවැනි කොටසයි.

1. රකිනා දිවි සිට වග වැලහින්නේ

රකිනා දිවි සිට වග වැලහින්නේ – බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ

ලකුණා පෙර පිං නැති බව දන්නේ – රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ

ලංකාවට ආවේණික සටන් කලාවක් වුණු අංගම් සටන් ශාස්ත්‍රයත්, ගැමි සංස්කෘතියත්, එහි පාලනයත් එකට එකතු කරපු කතාවක් විදියට දඬුබස්නාමානය හඳුන්වන්න පුළුවන්. කෝල්මුර කවි පෙළක් ඇසුරු කරගෙන ලියවුණු මේ ගීතය ගායනා කළේ අමරසිරි පීරිස් මහත්මයායි. ඇත්තම කිව්වොත්, ඔහුගේ හඬ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අද්විතීය සංගීතයට මුසු වෙද්දී එන්නේ මුළු ඇඟම කිළිපොලා යන හැඟීමක්.  

2. බෝඩිමේ තනිකඩ බෝඩිමේ

බෝඩිමේ තනිකඩ බෝඩිමේ – ජීවිතේ කරදර නෑ හිතේ

සෝ තැවුල් දැනී නැතේ – නෑ කියා අතේ සතේ

මේ නැවුම් විනෝද ජීවිතේ

දැන් කාලේ ගොඩක් වෙලාවට තියෙන්නේ කිචි කවාගෙන හිනාවෙන්න වෙන විදියේ ටෙලිනාට්‍ය නේ. නමුත් බෝඩිම ටෙලිනාට්‍යයේ තිබුණු දෙබස්, ඒ චරිත මතක් වෙද්දී අදටත් අපට හිනා යනවා. බෝඩිමක දකින්න ලැබෙන නා නා ප්‍රකාර චරිත ගැන තමයි මේ ටෙලිනලුවෙන් දැකගන්න ලැබුණේ. කොටින්ම කියනවනම්, බෝඩිම ටෙලිනාට්‍යයේ තිබුණු මේ තේමා ගීතය, කාලයක් අපේ බෝඩිංකාරයන්ගේ ජාතික ගීය බවටත් පත්වෙලා තිබුණා.

3. අත්වැල ගිලිහී ලොව තනි වූ දා

අත්වැල ගිලිහී ලොව තනි වූ දා – දකිනා පෙරමග ලකුණු නැති

ආශා දැහැනේ වැනසී යාදෝ – යුග දිවියේ ඇති සොඳුරු ගති

"කුමාරයාණෙනි මගේ කිරුල හිමි" ; මේ  ජනක රත්නායකයන්ගේ බොහොම ජනප්‍රිය චිත්‍ර කතාවක්. මේ ඇසුරෙන් නිර්මාණය වුණු කුමාරයාණෙනි ටෙලිනලුවත් ප්‍රේක්ෂකයන් වැළඳ ගත්තේ හරිම ආසාවෙන්. යුග ජීවිතයේ තියෙන සුන්දරත්වය වගේම, ඒ සුන්දරත්වය නැති කරන බාහිර බලපෑම් අතර දෝලනය වුණු කතාවක් අපි මේ ටෙලිනාට්‍යයෙන් දැකගත්තා. අමරසිරි පීරිස් මහත්මයාගේ සොඳුරු හඬින් හැඩවුණු එහි තේමා ගීතයෙත් ඒ කතා සාරය හරි අපූරුවට තිබුණා.

4. ඔබට හොරා

ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා – අවිහිංසක ඔබ රිදවූයේ

කුමරෙකු වන් ඔබ වෙත බැඳි මා පෙම – තරම් නැතේ යැයි හැඟුණ නිසා

දමයන්ති ජයසූරිය මහත්මියත්, රෝහණ බෝගොඩ මහත්මයාත් යුග ගායනා කළ මේ ගීතය අපි ඇහුවේ "හිරුට මුවාවෙන්" ටෙලිනාට්‍යයෙන්. ඉඳිආප්ප කතාව කියලත් මේ ටෙලිනලුව ජනප්‍රිය වුණා ඔයාලට මතක ඇති.

5. සසර ගෙවා යන දිවි ගමනේ

සසර ගෙවා යන දිවි ගමනේ – යොවුන් වියේ විසිතුරු අරණේ

නොසිතූ ලෙස සිත කැළඹී – මතකය අමතක වෙන මොහොතේ

වෙනමම ආකාරයේ සංගීත ආරයන් දෙකක් එකට එකතු කරපු ගීතයක් විදියට නිදිකුම්බා මල් ටෙලිනාට්‍යයේ එන මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ගීතය, පෙරදිග සංගීතයේ නොමැකෙන සලකුණක් වන අමරදේවයන්ගේ ගැඹුරු හඬත්, ලංකාවට වේග රිද්ම සංගීතය හඳුන්වලා දුන්නු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ තනුවෙනුත් අලංකාර වුණු එකක් වීම.

6. අහස ගුගුරා අකුණු පුපුරා

අහස ගුගුරා අකුණු පුපුරා – මගේ හිත වැන්දඹු වුණා

වසා ගංදොර මගේ හිමියනි – නුඹට රිසි නම් යන්ට යන්නෙමි

නන්දා මාලනියන්ගේ හඬින් ගැයෙන මේ ගීතය ඇහෙද්දී ඇත්තටම හිත කීරි ගැහෙනවා. විවාහයකදී කෙනෙක්ට අත්විඳින්න ලැබෙන කටුකම අත්දැකීම විදියට හඳුන්වන්න පුළුවන්, දික්කසාදයට මුහුණ දෙන කාන්තාවකගේ විලාපය තමයි මේ ගීතයේ තියෙන්නේ. එවන් අත්දැකීමකට මුහුණ දුන්නු, අග පිපි මල් ටෙලිනාටකයේ  "අමා"ගේ අසරණ බැල්ම අපේ හිතේ මැවෙන්නේ මේ ගීතය ඇහෙද්දීමයි.

7. මම පෙති නැති වන මල

මම පෙති නැති වන මල – ඔබගේ දෙපයට පෑගෙන

තණබිම වැතිරී ඉකිබිඳ – තනිවම වැළපෙන

වචනෙන් නොකිව්වත්, බේබි මහත්තයාට පුන්නිගේ හිතේ තිබුණේ හරිම ආදරයක්, ලෙන්ගතුකමක්. ඒත් පවුල් පසුබිම් දෙක සලකලා බැලුවම, ඒ දෙන්නා අහසට පොළොව වගේ කියන එකත් පුන්නි දැනගෙන හිටියා. මේ ආදරේ අපි දැක්කේ නේත්‍රා මංගල්‍යය ටෙලිනාට්‍යයෙන්. සංජීවනී ඇඹුල්දෙනිය මහත්මියගේ හඬින් ඇහෙන එහි තේමා ගීතයෙන්, පුන්නිගේ හිතේ තියෙන ඒ සිතුවිලිවලට අපට යන්න ලැබුණේ හරිම අපූරු විදියට.

8. මල් නොතලා මල් පැණි බොන

මල් නොතලා මල් පැණි බොන බඹරුන් වේ නම්

ඒ බඹරුන් මල් යායට ගීයක් අන්දම්

"දෙරණ" ; ඒ කාලේ ගම් දනව්වල දැකගන්න ලැබුණ පාලන තන්ත්‍රය, ඒ පවුල්වල බාල පරම්පරාවලට වගේම, ඒ හයිකාරකම් ගමේ අහිංසක ජනතාවට බලපෑ විදිය පෙන්නුම් කරපු ලස්සන ටෙලිනලුවක්. නන්දා මාලනීයන්ගේ ලයාන්විත හඬ අපට මෙහිදීත් ආයෙමත් අහන්න ලැබුණා.

9. පාරමී දම් පුරා සපැමිණ

පාරමී දම් පුරා සපැමිණ – එකට හමුවී වෙන්ව යන සඳ

කියාගන්නට බැරිව ලතවෙන – හැඟුම් මිහිදන් නොවේ කිසිදින

පබිලිනාහාමි දරුවෙක් නැති සොවින් කල් ගෙවපු කාන්තාවක්. ආරාමයේ වාසය කරපු යක්කුටිගල නාහිමියන්ගෙන් ප්‍රතිකාර ගැනීමට ඇය යන්නේ ඒකයි. මේ ප්‍රතිකාරවලින් පස්සේ ඇයට පුතෙක් ලැබෙනවා. ඒත් ඔහු මවගේ හෝ පියාගේ පාර්ශවයේ හැඩහුරුකමක් ගන්නේ නැහැ. ඔහුට තියෙන්නේ යක්කුටිගල නාහිමියන්ගේ පෙනුමයි. ස්වයංජාත කතාන්දරය දිග හැරෙන්නේ ඔන්න ඔය විදියට.

සමරවීර විජයසිංහයන්ගේ මේ ස්වයංජාත නවකතාව පදනම් කරගෙන බිහිවුණු "ස්වයංජාත" ටෙලිනාටකය, ඒ පොත කියවපු, නොකියවපු හැමකෙනෙක් අතරම ජනප්‍රිය වුණා. නන්දා මාලිනියන්ගේත්, සුනිල් එදිරිසිංහයන්ගේත් යුග ගායනාවක් වුණු මෙහි තේමා ගීතයත්, ඒ ජනප්‍රියත්වයට තවත් හේතුවක්.

10. අහසට තරු ඇයි මෙතරම්

අහසට තරු ඇයි මෙතරම්

අහසේ තරමට ගිළිහෙන තරමට තරු ගැන ඇයි මේ විපරම්

හැම තරුවම ගිලිහෙන්නෙ නෑ

ගිළිහෙන තරු ගැන අහසක් කිසිදා දන්නෙ නෑ

දරු සුරතල් බලන්න ආසාව තිබුණත්, ඒ වාසනාව නොමැති රතු හාමි, තවත් බිරිඳක් කැන්දාගෙන එන්න තමන්ගේ සැමියාට අවසර දෙනවා. දෙවන බිරිඳ විදියට පොඩි හාමි මේ ගෙදරට එන්නේ ඒ විදියටයි. ඇය දරුවන් ලබනවා. ඉන්පස්සේ නිවස තුළ තමන්ගේ අයිතීන් තහවුරු කරගන්න ඇය තැත් කරනවා. මේ චරිත මුලටම අපි දැක්කේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කළුවර ගෙදර නවකතාවෙන්. ඒත් ඒ චරිතවලට පණ ලැබුණේ කළුවර ගෙදර ටෙලිනාට්‍යයෙන්.

සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනි, ශානිකා සුමනරත්න යන අයගේ හඬවල්වලින් ගැයෙන මේ ගීතය, කළුවර ගෙදර කතාවේ ඉන්න ප්‍රධාන චරිත ත්‍රිත්වයේ හැඟීම් හොඳින්ම පිළිබිඹු කරන්නක්.

11. සත්සර රංගන

90 දශකයේ විකාශය වෙච්ච දීර්ඝතම ටෙලිනාට්‍ය අතරින් පළමු තැනක් ගන්නේ සත්සර රංගන ටෙලිනලුව බව සැකයක් නැතුවම කියන්න පුළුවන්. හැබැයි දැන් තියෙන මෙගා ටෙලි රැල්ලේ වගේ අතාත්වික බවක් මේ කතා මාලාවේ තිබුණේ නැහැ. තේමා ගීතයක් නැතත්, චන්දන වැලිකල මහත්මයා නිර්මාණය කළ මේකේ තේමා සංගීතය අපට අදටත් මතකයි.

12. දූ දරුවෝ

මේ තේමා සංගීතය ඇහෙද්දී, කොහේ හිටියත් රූප පෙට්ටිය ඉස්සරහින් ඉඳගන්න අපි පුරුදු වෙලා හිටියා. ඩල්සි නෝනා, සුදු සීයා, දීප්ති, ප්‍රියන්වදා, නන්දනී, පුන්සිරි, සුධර්මා වගේ චරිත අපි දන්නා අඳුනන චරිත බවට පත්වුණේ දූ දරුවෝ ටෙලිනාටකයෙන්. මේක පවුලක නිර්මාණය, විකාශනය වගේම විහිදීම හරිම ලස්සනට පෙන්නුම් කරපු කතාවක්. රෝහණ වීරසිංහයන් අතින් තමයි මේ තේමා සංගීතය නිර්මාණය වුණේ.

13. යශෝරාවය

බලදේවගේ සරළ බව, සූරතිස්සගේ අහිංසක බව, සුනිමල්ගේ සෙල්ලක්කාරකම, රංජනීගේ මුරණ්ඩුකම වගේම, මේ අතරේ දෝලනය වන සුදු හාමිනේගේත්ගේ , රංජනීගේ තාත්තාගේ අසරණකමත්  ගැන කියවුණු "යශෝරාවය" හරිම අනර්ඝ නවකතාවක්. සෝමවීර සේනානායක මහත්මයා අතින් ලියවුණු මේ පොත, අපට ටෙලි නාට්‍යයක් විදියට ඒ දවස්වල දැකගන්න ලැබුණා ඔයාලට මතක ඇති.

ෂෙල්ටන් මිහිඳුකුලසූරිය මහත්මයාගේ අතින් හැදුණු යශෝරාවය ටෙලිනලුවේ තේමා සංගීතය, එදා වගේම අදත් අපි අතරේ හරිම ජනප්‍රියයි.

මේ වගේ ගීත ඇහෙද්දී අපේ හිත් අතීතයට ඇදිලා යන්නේ ඉබේටම. ඒ අතරින් සමහර ටෙලිනාට්‍ය ගීත අපි ඇහුවේ බොහොම මෑතකදී වුණත්, අවුරුදු විසි, තිස් ගණනකට කලින් බිහිවෙච්ච ටෙලිනාට්‍යවල තිබුණු තාත්ත්වික බව මේවයෙත් අඩුවක් නැතුවම අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔයාලටත් මතක් වෙන තවත් මේ වගේ ටෙලිනාට්‍ය තේමා ගීත තියෙනවද? එහෙනම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. එතකොට අපේ යාළුවන්ටත් ඒවා ආයෙමත් මතක් කරගන්න පුළුවන් නේ.

Image Credits : dailynews.lk
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide