රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද පිටුපස සැඟවුණු කතා – II.

‘රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද පිටුපස සැඟවුණු කතා’ ලිපි මාලාවේ පළමු වැනි කොටස අපි පහුගිය සතියක ඔබට සමීප කළා. අද අපි ඔහු ලියූ තවත් ගීත තුනකට පසුබිම් වුණු කතා තුනක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට සූදානම්.

“මිනින්දෝරු කන්තෝරුව..”

වරක් රත්න ශ්‍රී විජේසිංහ සිය මිතුරෙකුත් සමග අනුරාධපුරේ කිට්ටුව තෝඩාමඩුව නම් ගමට ගියා. ගමන් වෙහෙස නිසා ආපු පිපාසය නිවාගන්න වතුර ටිකක් ඉල්ලගන්න හිතාගෙන ඔවුන් දෙන්නා පාර අයිනේ තිබුණු කුඩා නිවසකට ගොඩ වුණා. 

මධ්‍යම පාන්තික පෙනුමක් තිබුණු මේ නිවසේ තරමක් ලොකු ගෙවත්තකුත්, එහි කෙළවරේ ලොකු නුග ගහකුත්, ඒ අවට තවත් ලස්සන මල් ගස් එහෙමත් වවලා තිබුණා. ඊට අමතරව මේ නුග ගහ අසල පහන් පැලකුත් තිබුණා. ඒ නිසා මෙතැන තරමක් විශේෂ තැනක් කියලා ඔවුන්ට හිතුණා.

ගෙහිමියා වයස අසූ ගණන්වල සිටි කාරුණික මහත්මයෙක්. ඔහු වතුර වගේ ම අලුත් එළවළු ටිකකුත් රත්න ශ්‍රීට සහ මිතුරාට ලබා දුන්නා. ඔය අතරේ කුතුහලය නිසා ම රත්න ශ්‍රී අර පහන් පැලේ වගතුග ගෙහිමියාගෙන් විමසුවා. ඔහු පැවසූ විදිහට මේ නුග ගහ යට පහන් පැල තියෙන තැන තමයි ඔහුගේ බිරිඳ (සුදු බණ්ඩි) මිහිදන් කරලා තියෙන්නේ. ඒ වගේ ම, තමන්ගේ සොයුරා මේ ඉඩම දෙකට බෙදන්න කටයුතු කරගෙන යන බවත්, ඒ නිසා බිරිඳ නිදන තැන තමන්ට අහිමි වෙන්න යන බවත් ඔහු රත්න ශ්‍රීට පවසලා තියනවා.

බිරිඳගේ මරණයෙන් පසුවත් ඔහු තුළ ඇයට ඇති ප්‍රේමයත්, ඔහුට ඉදිරියේදී මුහුණ දෙන්නට සිදු වන ඛේදනීය අත්දැකීමත් රත්න ශ්‍රීව සසල කළා කිව්වොත් නිවැරදියි. අපි දශක ගණනක් පුරා රසවිඳින මේ සංවේදී ගීතය ලියැවිලා තියෙන්නෙ ඔන්න ඔය අත්දැකීම ඇසුරෙන්.

“ශාන්තිනී..”

පාසලේ විභාග කාලය අවසන් වූ පසු රත්න ශ්‍රීගේ මිතුරෙක් තමන්ගේ නෑදෑයන් බලන්න මන්නාරම ප්‍රදේශයට නෑගම් ගිහින් තියනවා. මේ ගමන අතරතුර ඒ ප්‍රදේශයේ සංස්කෘතිය, ආහාරපාන සහ එහි මිනිසුන් ඇතුළු බොහෝ දේ අත්දකින්න මේ මිතුරාට හැකි වුණා. ඒ විතරක් නෙවෙයි, මේ ගීතයට පසුබිම් වුණු ශාන්තිනීත් ඔහුට මුණගැහිලා තියෙන්නේ මේ ගමන අතරෙයි.

මේ කාලයේ රත්න ශ්‍රීගේ මිතුරා සහ ශාන්තිනී දෙන්නා ම ඉඳලා තියෙන්නේ නව යොවුන් වියේ. ඒ කියන්නේ ඇය 16 වැනි වියේත්, ඔහු 17 වැනි වියේත් පසු වුණා. මේ දෙන්නා ම දෙන්නාට ම කැමති බව පෙනුණත්, තමන්ගෙ හිතේ තියන දේ එකිනෙකාට කියාගන්න ඔවුන්ට පුළුවන්කමක් තිබුණෙ නෑ. හේතුව වුණේ භාෂාව.

ශාන්තිනී සිංහල දැනගෙන හිටියෙ නෑ. රත්න ශ්‍රීගේ මිතුරා දමිළ බස දැනගෙන හිටියෙ නෑ. රත්න ශ්‍රී කියන විදිහට ශාන්තිනී ඉගෙනුම ලැබූ කන්‍යාරාමය අසලට ගිහින් ඇයව හමු වෙන්න මිතුරා පුරුදු වෙලා තියනවා. හරියට එකිනෙකා සමග කතා කරන්න බැරි වුණත්, ඔවුන් මිතුරුකමක් ඇති කරගන්න සමත් වෙලා තියනවා.

මාස කීපයකට පස්සේ රත්න ශ්‍රීගේ මිතුරාට නැවත ගාල්ලේ තමන්ගෙ පාසලට එන්න සිද්ධ වුණා. ඔහු ඒ බව කියලා ශාන්තිනීගෙන් සමු ගන්න ගිය වෙලාවේ ශාන්තිනී අඬන්න පටන්ගත්තා ලු.

මේ සිදුවීමෙන් වසර කීපයකට පස්සේ 83 කළු ජූලිය උදා වුණා. එවකට රත්න ශ්‍රී ගුරුවරයෙක්. ලංකාවේ දමිළ ප්‍රජාවට එරෙහිව සිදු වුණු ප්‍රචණ්ඩත්වය දැකපු රත්න ශ්‍රීට සිය මිතුරාගේ ප්‍රේමය වුණු ශාන්තිනීට මොනවා වන්නට ඇත්දැයි සිහි වුණා. මේ ගීතය ඔහු අතින් ලියැවුණේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. 

“කිරුළ මුතු ලිහී..”

ලංකාවේ බොහොමයක් කලාකරුවන්ට අත්දකින්නට සිදු වෙන අවාසනාවන්ත ඉරණම ගැන මේ ගීයෙන් කියැවෙනවා.

දශක කීපයකට කලින්, ලංකාවේ සුප්‍රසිද්ධ කලාකරුවෙකුගේ සේවය සහ සමාජ මෙහෙවර අගයන්නට විශාල උත්සවයක් සංවිධානය කෙරුණා. නර්තන ශිල්පයේ ප්‍රවීණයෙකු වුණු ඔහු, ලංකාවේ හිටපු අගමැතිවරයෙකු ඇතුළු බලවත් තැන්වල ඉන්න පුද්ගලයන් බොහොමයකට නර්තනය ඉගැන්වූ අයෙක්.

මේ කලාකරුවා වෙනුවෙන් ම උපහාර ගීයක් ලියමින්, රත්න ශ්‍රීත් මේ උත්සවයට සහභාගි වුණා. එහිදී එවකට හිටපු ජනපතිවරයා විසින් මේ කලාකරුවාට විශාල සමරු ඵලකයක් පිළිගැන්වුණා. ඒ වගේ ම තවත් කථකයන් රැසක් ඔහුගේ සේවය අගයමින් උපහාර කතා ඉදිරිපත් කළා.

ඒත් උත්සවය අවසන් වෙලා යන අතරේ රත්න ශ්‍රී මෙතෙක් වෙලා කාටවත් නොපෙනුණු සත්‍යය හැබැහින් දුටුවා. ඔහු දැක්කේ, මෙතෙක් වෙලා ඇගයුම් උපහාර හිමි වුණු අර කලාකරුවා, තමන්ට ලැබුණු ඵලකය සිය වෙව්ලන වියපත් දෑතින් අමාරුවෙන් ඔසවාගෙන, බසයක් එන තුරු වැස්සේ තෙමෙමින් හිටගෙන ඉන්න ආකාරය. මේ ගීයට පසුබිම් වුණේ ඔහු එදා දුටු ඒ ශෝකී දසුනයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide