ඇඳිරි නීති වෙලාවේ ඔබේ නිවසටම කෑම ඩිලිවර් කරන රෙස්ටොරන්ට්ස්!.

නැවත දැනුම් දෙන තුරු දවස පුරා ඇඳිරි නීතිය දාල තියන මේ දවස්වල කඩෙන් කන්න ඕන වුණ ගමන් එළියට යන්න පුළුවන්කමක් නෑනේ. එහෙම යන එක සෞඛ්‍යයටත් ලොකු අවදානමක්. ඒ නිසා කඩෙන් කන්න වුවමනාවක් ආවොත් ගෙදරට කෑම ඩිලිවර් කරගන්න එක තමයි වඩාත් සුදුසු. හැබැයි ඇඳිරි නීතිය අතරෙ හැම රෙස්ටොරන්ට් එකක් ම ඩිලිවරි සේවා සපයන්නෙත් නෑ. ඒ විදිහට ඇඳිරි නීතිය වෙලාවෙත් ඔබේ නිවසටම කෑම ඩිලිවර් කරන රෙස්ටොරන්ට්ස් ගැනයි මේ කියන්න යන්නේ.

ඊට කලින් තව දෙයක්.. ගෙදර ඉන්න ගමන් කඩෙන් කෑම ගෙන්නගෙන කෑවත්, මේ දිනවල ඒ සම්බන්ධව විශේෂයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණු කීපයක් තියනවා. ඒ ගැන කියවෙන මේ ලිපියත් කියවලම ඉන්නකො..

***මේ ලිපිය දිගින් දිගට ම යාවත්කාලීන වෙමින් පවතින ලිපියක් බවට ඔබේ කාරුණික අවධානය යොමු කරන්න කියල අපි ඉල්ලන්න කැමතියි. මොකද අපිට රෙස්ටොරන්ට්ස් ගැන තොරතුරු ලැබෙන ආකාරයට තමයි අපි මේ ලිපිය අප්ඩේට් කරන්නේ. ඇඳිරි නීතිය අතරෙ නිවසටම කෑම ඩිලිවර් කරන රෙස්ටොරන්ට් එකක් ඔබට තියනවා නම් හරි, ඔබ එවැනි රෙස්ටොරන්ට් එකක් ගැන දන්නවා නම් හරි, කමෙන්ට්ස්වලින් අපිට දැනුම් දෙන්න. අපි ඒ තැන් මේ ලැයිස්තුවට ඇතුළත් කරනවා.***

Giovannis

මාර්තු 27 වෙනිදා හවස 3 ඉඳන් 7 වෙනකං මේගොල්ලො ලෑස්තියි ඔබ වෙනුවෙන් කෑම ඩිලිවර් කරන්න. හෙට දවල් දෙකහමාරෙන් පස්සේ ඕඩර්ස් ලබා දෙන්න පුළුවන්. අමතන්න 0770335366.

Chola Authentic Indian Restaurant

චෝලා ඉන්දියන් රෙස්ටොරන්ට් එකෙන් මාර්තු 27 වෙනිදා ඉඳන් ඔබේ නිවසට කෑම ගෙන්වා ගැනීමේ පහසුකම ලැබෙනවා. 0114363118 අංකයට කතා කරන්න. නැත්නම් ඔවුන්ගේ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පිටුවලට මැසේජ් එකක් දාන්න.

Galle Caterers

කොළඹ තියන පරණ ම කේටරිං සර්විස්  එකක් වෙන ගෝල් කේටරර්ස්, රයිස් ඇන්ඩ් කරි, බිරියානි, ගී රයිස්, ඉඳිආප්ප, පිලවු, ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම වර්ග ඩිලිවර් කරන්න ලෑස්තියි. මේ අංකවලට අමතන්න. 0114949222 / 0114542240 / 0112728480 / 0114200926 / 0114367755 / 0773971044. නැත්නම් එයාලගෙ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න.

Cafe Kai (Hilton Colombo)

කොළඹ හිල්ටන් හෝටලයේ තියන කැෆේ කායි, පිට්සා, පැස්ටා, බර්ගර්ස් වගේ ම ශ්‍රී ලංකන් කරීස්, බිරියානි, කොත්තු වගේ ජාතිත් ඩිලිවර් කරනවා. එයාලගෙ මෙනු එක බලලා, 0768002200 අංකයට කතා කරන්න. ඕඩර් එකක අවම මිල රු. 5000 විය යුතුයි. ඊට අමතරව ඩිලිවරි ගාස්තුවක් එකතු වෙනවා.

FitMeals.lk

ඔබට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් ම, ෆිට් මීල්ස් දැන් ආයෙත් ක්‍රියාත්මකයි. ඕඩර් කරන්න මෙතන ක්ලික් කරන්න. නැත්නම් 0777141789 අමතන්න.

Pot Biriyani

කොළඹ තියන හොඳ ම බිරියානි මුළු පවුලත් එක්ක ම රස විඳින්න, 0777330938/ 0716669669 දුරකතන අංකවලට කතා කරන්න.

Dinemore

0115661661ට අමතලා ඔබ ඉන්න තැනට ම ඩයින්මෝර් එකෙන් කෑමබීම ගෙන්නගන්න පුළුවන්. මෙනු එක සීමාසහිත වුණත් ඕඩර් කරලා බැලුවට පාඩු නෑ.

Sen-Saal

බේකරි නිෂ්පාදන, ෂෝටීට්ස්, කොත්තු සහ බත් ඇතුළු කෑම වර්ග ඇතුළත් සෙන්සාල් එකේ ඩිලිවරි මෙනු එක සෑහෙන ලොකුයි. ඕඩරයක අවම මිල රු. 3000 විය යුතුයි. ඩිලිවරි චාර්ජස් මේ විදිහයි.

  • රු. 250 – බත්තරමුල්ල, උඩුමුල්ල පාර සහ ජයන්තිපුර නගර සීමාව.
  • රු. 500 – බත්තරමුල්ල, තලවතුගොඩ, පන්නිපිටිය, පැපිලියාන, කොහුවල, නුගේගොඩ, කිරුළපන, නාරාහේන්පිට, නාවල, මාලබේ, මුල්ලේරියාව, IDH, පිටකෝට්ටේ, බොරැල්ල.
  • රු. 800 – කොළඹ 1-7, මරදාන, යුනියන් පෙදෙස, දෙහිවල, මහරගම, කොට්ටාව, කඩුවෙල, කොලොන්නාව.

Cloud Kitchen By CHM

රයිස් ඇන්ඩ් කරි හොයන අයට ඕඩර් කරගන්න හොඳ තැනක් වෙන මේක, කොළඹ අවට ප්‍රදේශවලට නොමිලේ ඩිලිවරි පහසුකම සලසනවා. ඕඩරයක අවම ගාස්තුව රු. 2500 විය යුතුයි.

Cafe 47

රස ම රෝස්පාන් කන්න, කැෆේ 47 වෙතින් ඕඩර් කරන්න. රෝස්පාන් එකට හරි හරියට ගැළපෙන කරියක් එහෙමත් ලබා ගන්න පුළුවන් වේවි. මාර්තු 27 වෙනිදා ඉඳන් උදේ 9.30 සිට 11.30 දක්වා සහ, හවස 4 සිට 6 දක්වා ඔවුන් ඩිලිවරි පහසුකම ඔබට ලබා දෙනවා. 0777231047 අංකයට දුරකතන ඇමතුමක් දෙන්න. 

Kaha Bath Gedara

කහ බත් ගෙදර කරි පෝෂන් එකක් ලේසියෙන් ම දෙතුන් දෙනෙක් අතරෙ බෙදාගන්න පුළුවන්. ඔබ ඉන්නෙ රාජගිරිය, නාවල, කෝට්ටේ, නුගේගොඩ, බත්තරමුල්ල, තලවතුගොඩ, මාලබේ හෝ පැලවත්ත යන ප්‍රදේශවල නම්, මෙයාලට වට්සැප් මැසේජ් එකක් දාල ඔබේ ඕඩර් එක ලබා දෙන්න. දුරකතන අංකය 0777660740. ඕඩරයේ අවම ගාස්තුව රු. 2000 විය යුතුයි. රු. 3000ට වැඩි ඕඩර් සඳහා ඩිලිවරි ගාස්තු නෑ.

Eat Right

www.eatright.lk වෙබ් අඩවියට ගිහින් කෑමබීම ඕඩර් කරන්න. කොළඹ 1-15 දක්වා රු. 200ක ඩිලිවරි ගාස්තුවකට යටත්ව ඔවුන් ඩිලිවරි සේවාව ලබා දෙනවා.

Street Burger

වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය, දෙහිවල කියන ප්‍රදේශවලට මේගොල්ලො බර්ගර්ස් ඩිලිවර් කරන්න ලෑස්තියි. මේ අංකවලට අමතන්න. 0112595559 හෝ 0773477733.

McDonald's

රාජගිරිය මැක්ඩොනල්ඩ්ස් එක අද දවල් 11 ඉඳන් හවස 7 වෙනකන් ඩිලිවරි සඳහා විවෘතයි. ඕඩර්ස් ප්ලේස් කරන්න, 0115555555ට කතා කරන්න.

Mr Burger

කොළඹ 1-15 දක්වා, දෙහිවල, කළුබෝවිල, රාජගිරිය, නාවල, නුගේගොඩ, කොස්වත්ත, තලවතුගොඩ, බත්තරමුල්ල, ගල්කිස්ස, අත්තිඩිය, පැලවත්ත, කෝට්ටේ, වැල්ලම්පිටිය, කොලොන්නාව, පිටකෝට්ටේ, පිළියන්දල, වත්තල, මහරගම සහ රත්මලාන යන ප්‍රදේශවලට, ඩිලිවරි ගාස්තුවක් සහිතව මේ අය ඩිලිවරි පහසුකම සපයනවා. ගෙවීම් කරන්න පුළුවන් කෑෂ්වලින් විතරයි.

Life Food

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට මඟ කියන ලයිෆ් ෆුඩ්, මාර්තු 27 වෙනිදා ඉඳන් කොළඹ 3, 4, 5 සහ 7  යන ප්‍රදේශවලට කෑම ඩිලිවර් කරන්න ලෑස්තියි. ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා චැනල්වලින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

Mitsi's Delicacies

මිට්සීස් එකේ කෑම ඕඩර් කරන්න 0777163090 අංකයට අමතන්න. උදේ 9  සිට හවස 6 දක්වා ඒ අය ඕඩර්ස් ඩිලිවර් කරන්න ලෑස්තියි.

Indulge Desserts Co.

ගෙදර ඉන්න දවස් ටිකේ මිහිරි අතුරුපසක රහ බලන්න, 0774466325 / 0117682314 යන දුරකතන අංකවලට කතා කරලා බලන්න.

Domino's

රාජගිරිය ඩොමිනෝස් එකත් ඔන්න ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබ ඉන්නේ බොරැල්ලේ සිට බෞද්ධාලෝක මාවත, මරදානේ සිට රිජ්වේ ආර්යා රෝහල, ඇතුල්කෝට්ටේ සිට මාදිවෙල, කලපළුවාව සිට අග්ගොන හන්දිය, නාවල සිට නාරාහේන්පිට යන ප්‍රදේශවලින් එකක නම්, ඔවුන් කෑමබීම ඔබේ නිවසට ම ගෙනත් දේවි. ඩොමිනෝස් ඇප් එකෙන් වගේ ම, 7889 අංකයෙනුත් ඕඩර්ස් ප්ලේස් කරන්න පුළුවනි.

Chinese Dragon Cafe

රාජගිරියේ චයිනීස් ඩ්‍රැගන් කැෆේ එක රාජගිරිය, නාවල, පිටකෝට්ටේ, කෝට්ටේ, බොරැල්ල, බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ, නුගේගොඩ කියන ප්‍රදේශවලට ආහාර පාන සපයනවා. චයිනීස් කෑම වේලක් කන්න ආසාවක් ආවොත් 0117808080, 0115808080, 0112808080 අංක ඔස්සේ මෙතනින් ඕඩර් කරන්න. ඒගොල්ලො ලබා ගන්නේ ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ්වලින් කරන ගෙවීම් විතරයි.

Dindigul Thalappakatti Restaurant

තලප්පාකට්ටි රෙස්ටොරන්ට් එකේ රස ම රස චිකන් බිරියානි දැන් ඔබේ ගෙදරට ම එන්න ලෑස්තියි. 0777167226/ 0114878787 අංකවලින් වැඩි විස්තර දැනගත හැකියි.

Grill Kitchen

බාබකිව්, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, කොත්තු, නූඩ්ල්ස්.. මේ ඕන දෙයක් ග්‍රිල් කිචන් එකේ කර්ෆිව් මෙනු එකේ තියනවා. ඔබ කලින් දවසේ රෑ 10ට කලින් වට්සැප් හෝ ටෙක්ස්ට් මැසේජ් මඟින් ඕඩර් එක ප්ලේස් කරන්න ඕන. දුරකතන අංකය 0705500055. අවම ඕඩර් ගාස්තුව රු. 1000 විය යුතුයි. ඔබේ ප්‍රදේශය අනුව ඩිලිවරි ගාස්තු එකතු වෙනු ඇති. 

  • තලවතුගොඩ – රු. 90
  • මහරගම – රු. 100
  • පන්නිපිටිය – රු. 150
  • රාජගිරිය, තලාහේන, හෝකන්දර – රු. 250

රු. 5000ට වැඩි ඕඩර්ස්වලට ඩිලිවරි ගාස්තු නෑ.

The Mango Tree සහ The Jack Tree

ඉන්දියන් කෑම ද තායි කෑම ද? දෙක ම ඕඩර් කරමු ද? කොළඹ 2 – 8 දක්වා ප්‍රදේශවලට, ද මැන්ගෝ ට්‍රී සහ ද ජැක් ට්‍රී කට්ටිය කෑම ඩිලිවර් කරනවා. 0759666999 අංකයට මැසේජ් එකක් දාන්න. ඕඩරයක අවම ගාස්තුව රු. 3000 විය යුතුයි.

Mackie's Restaurant

මාර්තු 27 වෙනිදා ඉඳන් මේ අයගෙත් ඩිලිවරි සේවාව ක්‍රියාත්මකයි. 01115764764 කියන දුරකතන අංකයට ඇමතුමක් දෙන්න.

Malay Restaurant

කොත්තු, පරාටා, නාසිගුරන්, බිරියානි, ලම්ප්‍රයිස්, මොන්ගෝලියන් රයිස් වගේ ජාති ඇනවුම් කරන්න හොඳ තැනක් මේ. මෙන්න එයාලගේ දුරකතන අංක. 0772168718/ 0767008917.

3Brothers Italian Bistro

ලන්ච්, ඩිනර් දෙකට ම මෙයාලගෙන් පිට්සා ඕඩර් කරන්න ඔන්න දැන් පුළුවන්. 0112505818 හෝ 0773733730 අංකවලට කතා කරල බලන්නකෝ.

Cafe Nuga

මාර්තු 28 වෙනිදා ඉඳන් මෙයාලගේ ග්‍රිල්ස්, ඉඳිආප්ප, පොල් රොටි සැන්ඩ්විච් වගේ දේවල් ගෙදරට ම ගෙන්නගන්න ඔබට හැකියි. 0773445377 අංකයෙන් ඔවුන් අමතන්න.

Barista

කොළඹ 2, 3, 5, 6 සහ 7 යන ප්‍රදේශවලට උදේ, දවල් සහ රෑ කෑම ඩිලිවර් කරන්න බැරිස්ටා එකෙන් ලෑස්තියි. 0712383838 දුරකතන අංකය අමතල ඕඩර්ස් ප්ලේස් කරන්න.

Caramel Pumpkin

කැරමල් පම්ප්කින් එකෙන් උදේ, දවල්, රෑ කෑම සඳහා ඕඩර්ස් බාරගන්නවා. කොළඹ 2, 3, 5, 6 සහ 7 යන ප්‍රදේශවල ඉන්න අයගේ ගෙදරට ම කෑම ගෙනත් දෙන්න ඒගොල්ලො කටයුතු යොදලයි තියෙන්නෙ. 0712383838 අමතන්න. ඩිලිවරි ගාස්තු නෑ.

Isso

දිනපතා උදේ 11 – රෑ 9 අතරෙ මේගොල්ලො ගාස්තු අය කිරීමෙන් තොරව කෑම ඩිලිවර් කරන්න ලෑස්තියි. 0768477749 තමයි ඉස්සො එකේ හොට්ලයින් එක. අවම මිල රු. 2000 විය යුතුයි.

Shandong Chinese Restaurant

07774483358 හෝ 0773039522 අංකවලට වට්සැප් මැසේජයක් දාන්න. නැත්නම් 0117882882ට උදේ 11 – හවස 4 අතරෙ කතා කරන්න. කොළඹ, රාජගිරිය, නාවල, කෝට්ටේ, නුගේගොඩ, බත්තරමුල්ල, තලවතුගොඩ, මාලබේ, කොලොන්නාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලට මෙයාල ඩිලිවර් කරනවා. ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ්වලින් හෝ ඉහත ගිණුම් අංකයට ගෙවීම් කළ හැකියි.

Coffee Colombo

කොෆී කලම්බු රෙස්ටොරන්ට් එකේ ෆුල් මෙනු එක එයාලගෙ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් පේජස්වලින් බලාගන්න පුළුවන්. කොළඹ 3-7 දක්වා ප්‍රදේශවල‍ට (රු.250) සහ නුගේගොඩ, දෙහිවල, රත්මලාන, ගල්කිස්ස (රු. 350) යන ප්‍රදේශවලට මේ අය ඩිලිවර් කරනවා. දුරකතන අංකය 0769696006. ගෙවීම් කළ හැක්කේ කෑෂ්වලින් පමණයි.

Rocco's

ඔබේ ප්‍රියතම පිට්සා එක ගෙදරට ම ඩිලිවර් කරගන්න. 0722102121ට කතා කරලා ඕඩරය ලබා දෙන්න. මෙනු එක බලන්න, www.roccos.lk වෙත පිවිසෙන්න.

M'eat US

බාබකිව් කන්න ආසාවක් ඇවිත් ද? එහෙනං මීට් අස් එකෙන් ඕඩර් කරන්න. වැඩි විස්තර සඳහා 0768060077 අමතන්න.

Wayside Thai Cafe

ඔබේ ඕඩර් එක ලබා දෙන්න 0777326149 අංකය අමතන්න. මේ අය භාර ගන්නෙ ඇනවුම් සීමිත ප්‍රමාණයක් විතරයි නිසා ඉක්මන් කරන තරමට වාසියි.

PJ's Cafe

මේගොල්ලො කොළඹ අවට ප්‍රදේශවලට ඩිලිවරි සපයනවා. මතක ඇතිව පැය තුනකට කලින්වත් ඕඩර් කරන්න. ඕඩරයක අවම මිල රු. 1000 විය යුතුයි. කෑෂ්වලින් තමයි ගෙවීම් කරන්න පුළුවන්. ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හරහා ඕඩර්ස් ප්ලේස් කරන්න.

Kottulabs.lk

නාවල, නුගේගොඩ (දෙල්කඳ ඇතුළුව), කොළඹ 4, 5 (කිරුළපන, හැව්ලොක් පාර ඇතුළුව), නාරාහේන්පිට, කොළඹ 6, පාමංකඩ, කොළඹ 8, රාජගිරිය, බත්තරමුල්ල, මිරිහාන, කොහුවල, බොරලැස්ගමුව, මහරගම සහ දෙහිවල කියන පැතිවල ඉන්න අයට ඔන්න හොඳ චාන්ස් එකක්. 077668000 අංකයට කෝල් කරලා හරි, වට්සැප් මැසේජයක් දාලා හරි, කොත්තු ලැබ්ස් එකෙන් කෑම ගෙන්නගන්න.

Diner's Delight

0117741341 අංකය අමතන්න. ඩයිනර්ස් ඩිලයිට් රෙස්ටොරන්ට් එකෙන් ඔබ කැමති දෙයක් ළඟට ම ගෙන්නගන්න.

Ramada Colombo

රමාඩා හෝටලේ තියන අල්හම්බ්‍රා සහ ද ගාඩිනියා කොෆී ෂොප් කියන රෙස්ටොරන්ට් දෙකෙන් ම ඔබ වෙනුවෙන් කෑමබීම ගෙනත් දෙන්න ලෑස්තියි. ගෙවීම් කරන්න පුළුවන් කෑෂ්වලින් විතරයි. 0766645507ට කතා කරන්න.

ME Colombo

මේ අය එයාලගේ රෙස්ටොරන්ට් එකේ ඉඳන් කිලෝමීටර තුනක සීමාව ඇතුළත ප්‍රදේශවලට නොමිලේ ඩිලිවරි පහසුකම සපයනවා. බර්ගර්ස්, රැප්ස්, සැන්ඩ්විච් වගේ ම ග්‍රිල් කරපු ජාතිත් ගෙන්නගන්න 0117654321 අමතන්න.

Dwaraka

රස ම රස දකුණු ඉන්දියානු ආහාර වේලක රස බලන්න ද්වාරකා එකෙන් ඕඩර් කරන්න. කිලෝමීටර හයක සීමාව ඇතුළත එයාල ඩිලිවර් කරනවා. ඕඩර් එකක අවම මිල රු. 800 විය යුතුයි. 0112081168 තමයි දුරකතන අංකය.

Peri Peri Kukula

කොළඹ 5 – 7 අතර ප්‍රදේශයට, මාර්තු 28 වෙනිදා දවල් 12 – රෑ 8 අතර, ඩිලිවරි ගාස්තු සහිතව කෑම ගෙනත් දෙන්න පෙරි පෙරි කුකුළා රෙස්ටොරන්ට් එකෙන් ලෑස්ති වෙලා ඉන්නවා. මාර්තු 27 වෙනිදා හවස 4න් පස්සේ ඕඩර්ස් ප්ලේස් කරන්න පුළුවන්. මෙනු එක එයාලගේ ෆේස්බුක් පේජ් එකේ තියනවා.

My Sister's Kitchen

මයි සිස්ටර්ස් කිචන් එකෙන් කන්න කැමති අයට 0773017515 අංකයෙන් ගෙදරට ම කෑම ගෙන්නගන්න පුළුවන්. මාර්තු 28 වෙනිදා ඉඳන් එයාලගේ ඩිලිවරි සේවාව ආරම්භ වෙනවා.

Asylum

අසයිලම් එකෙන් පිට්සා, පැස්ටා සහ බත් ඇතුළු කෑම ජාති ඕඩර් කරන්න 0773601377/ 0767707891 අංකවලට අමතන්න. කිලෝමීටර දෙකක සීමාව ඇතුළත ඩිලිවරි, ගාස්තුවලින් තොරයි. කිලෝමීටර පහක් දක්වා ඩිලිවරි සඳහා රු. 250ක මුදලක් එකතු වෙනවා. ගෙවීම් කරන්න පුළුවන් කෑෂ්වලින් විතරයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide