රිගින් ටෝන් සිංදු හදන ‘රෙසිපිය’ මෙන්න.

දැන් අවුරුදු කීපයක ඉඳන් අපි අහන සිංහල සිංදු මෙච්චර කල් අපි අහපු සිංදුවලට වඩා වෙනස්. නෑ, ඉස්සර හැම දේම හොදට තිබුණා, දැන් චාටර්, පරණ සිංදුවලට ගහන්න සිංදු නෑ වගේ කතාවක් නෙවෙයි මේ කියන්න හදන්නෙ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සිංදුවක් හදන්නෙ මිනිස්සුන්ට අහන්නනේ. ඒ කියන්නෙ ඒ සිංදුවේ අදහස, චවන, මෙලඩි එක නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසා කෙනෙක්ට ඒ සිංදුව වදින්න ඕන; අහන්න ආස හිතෙන්න ඕන. ඒත් දැන් හැදෙන සිංදු ඊට වඩා ටිකක් වෙනස්. මේව හදද්දි බලාපොරොත්තු වෙන දේ තමයි වැඩි පිරිසක් මේ සිංදු තව කෙනකුට අස්සවන්න කැමති වෙන්න ඕන කියන එක. තේරුනේ නෑ වගේද? අවුලක් නෑ, දිගටම කියවන්න.

රිගින් ටෝන්

මේකට හේතුව තමයි දැන් හැදෙන සිංදු ප්‍රධාන වශයෙන් ඉලක්ක   කරන්නෙ රිගින් ටෝන් මාකට් එකට වීම. රිගින් ටෝන් කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියලදෙන්න දෙයක් නෑනේ. අර අපි සමහර නොම්බරවලට කෝල් කරද්දි රිංග් වෙන සද්දෙ වෙනුවට එහා පැත්තෙන් සිංදුවක් ඇහෙන්නෙ, අන්න ඒවට තමයි රිගින්ටෝන් හෙවත් CRBT (Caller Ring Back Tone) කියන්නෙ. ඉතිං ෆෝන් එකේ අයිතිකාරයා කැමති සිංදුවක් තමයි එයා එයාගේ රිගින් ටෝන් එක හැටියට දාගන්නෙ. හැබැයි එයා අහන්න ආසා සිංදුවක් නෙවෙයි, එයා එයාට කෝල්කරන අයට අස්සවන්න ආසා සිංදුවක්! මොකද එයාගේ රිගින්ටෝන් එක එයාට අහන්න ලැබෙන්නෙ නෑනේ; ඒක ඇහෙන්න එයාට කෝල්කරන අයට.

මෙහෙම වෙන්නෙ ඇයි?

සංගීතය කියන්නෙ කලාවක් වගේ ම කර්මාන්තයක්; ඉතිං සල්ලි හොයන්න ඕන. ඉස්සර නම් ග්‍රැමෆෝන් තැටි, ඊට පස්සෙ කැසට්, ඊටත් පස්සෙ සීඩී වගේ දේවල්වලින් තමයි ලංකාවේ වගේ ම ලෝකෙ හැම තැනම වගේත් මියුසික් ඉන්ඩස්ට්‍රිය තමන්ගේ ආදායම උපයගත්තෙ. ඒත් තොරතුරු තාක්ෂණය සහ ඉන්ටර්නෙට් ආවට පස්සෙ මේක සෑහෙන වෙනස් වුණා. උපරිම වශයෙන් සිංදු 15-20ක් දාන්න පුළුවන් කැසට්, සීඩී වෙනුවට ඕන ම කෙනෙකුට තමන් කැමති සිංදු දාස් ගාණක් වුණත් අතේ අරන් යන්න පුළුවන් mp3 වගේ තාක්ෂණයන් බිහිවුණා. මේ අලුත් තාක්ෂණයේ තිබුණු තවත් වාසියක් තමයි කොලිටිය අඩුවෙන් නැතුව ඒව ඕන තරම් කොපිකරන්න පුළුවන් වීම. හැබැයි මේක සිංදු අහන අපට වාසියක් වුණාට සිංදු විකුණල ජීවත් වෙන මියුසික් ඉන්ඩස්ට්‍රියට නම් එච්චර සතුටුදායක දෙයක් වුණේ නෑ. ඇත්තට ම මේ ඩිජිටල් විප්ලවයෙන් පස්සෙ ලෝක මට්ටමෙනුත් එයාලගේ ආදායම්වල විශාල කඩාවැටීමක් සිද්ධවෙනවා. හැබැයි අයිටියුන් වගේ සල්ලි ගෙවලා සිංදු ඩවුන්ලෝඩ් කරගන්න දෙන සේවා හින්දා ඇමරිකාව, යුරෝපය වගේ පැතිවල මියුසික් ඉන්ඩස්ට්‍රිය තවමත් සල්ලි හොයනවා. ඒත් ඉතිං ලංකාවේ අපට මොන අයිටියුන්ද? හැම දේන නිකං ගන්න බලං ඉන්න ලංකාවේ අපට mp3 ආවා කියන්නෙ ඉතිං අපේ මියුසික් ඉන්ඩ්‍රස්ට්‍රිය ගොඩම තමයි. හැමෝම නොමිලේ mp3 ඩවුන්ලෝඩ් කරන්න ගත්තම සිංදු කියන අයට ගෙවන්න පොලිසියෙන්ද?

ඔබ හින්දයි මා ජීවත් වුණේ

ඉතිං මෙහෙම යනඑන මං නැතිවෙන තත්ත්වෙට පත්වෙලා තිබුණු අපේ මියුසික් ඉන්ඩස්ට්‍රියට ආපහු සල්ලි ලැබෙන්නෙ ගත්තෙ මේ අහම්බෙන් වගේ සෙට්වුණු රිගින්ටෝන් බිස්නස් එක නිසා. නිකමට හිතලා බලන්න, ඔයා දන්නකියන අයගෙන් නන්දා මාලිනිගේ ඉඳන් අජිත් මුතුකුමාරණ දක්වා ‘සම්භාව්‍ය’ හෝ ‘පීචං’ මියුසික් අහන කිසි කෙනෙක් අලුතින් සල්ලි දීලා මියුසික් ගන්නවද කියලා (මම දන්න අය නම් කවුරුත් එහෙම කරන්න නෑ). ඉතිං සජීවී ප්‍රසංගවල සිංදු කියන එක ඇරුණම මේ කොයි සංගීත ශිල්පියටත් ජීවත්වෙන්න තියෙන ප්‍රධානතම (සහ ගොඩක් වෙලාවට එකම) මාර්ගය නොහිතපු විදියට ජනප්‍රිය වුණු මේ රිගින්ටෝන් තමයි.

රිගින් ටෝන් රෙසිපිය

හැබැයි අපි අර කලින් කීවා වගේ මේ රිගින් ටෝන් අපි මෙච්චර කල් අහපු සිංදුවලට වඩා වෙනස්. එකක් තමයි මේ සිංදු තියෙන්නෙ ඔයාට අහන්න නෙවෙයි, ඔයාට කෝල් කරන කෙනාට අස්සවන්න. අනිත් එක තමයි සාමාන්‍යයෙන් සිංදුවක් විනාඩි තුනහමාරක් හතරක් විතර දිග වුණාට එච්චර වෙලාවක් ෆෝන් එකක් රිංවෙන්නෙ නෑනෙ. ඉතිං සිංදුවෙ නැගල ම යන කොටස තමයි රිගින් ටෝන් එක විදියට පාවිචි වෙන්නෙ.

‘ඔයයි’ ‘මමයි’ නැත්නම් රිගින් ටෝනුත් නෑ?

ලංකාවේ ජනප්‍රිය ම* රිගින් ටෝන් දහයේ වැඩිපුර පාවිචි වන වචන විශ්ලේෂණයෙන් සෑදු වර්ඩ් ක්ලවුඩ් එකක් 
(* මොබිටෙල් වෙබ් අඩවියේ දත්තවලට අනුව)

ඊළගට මේ සිංදුවල තියෙන විශේෂත්වය තමයි මේවා හැමතිස්සෙම මධ්‍යම පුරුෂ ආඛ්‍යානයකින් ලියවිලා තියෙන එක. තේරෙන සිංහලෙන් කිවොත් “ඔයා”, “ඔබ” කියන වචන, එහෙමත් නැත්නම් සිංදුව කියන කෙනා සිංදුව අහන කෙනාට ආමන්ත්‍රණය කරන විදියට තමයි මේ සිංදු ලියවෙන්නෙ. මොකද කලිනුත් කීව වගේ මේ සිංදු තියෙන්නෙ අස්සවන්නනේ. ඉතිං තමන්ට කෝල් කරන කෙනාට කියාගන්න  දේ තමයි ගොඩක් අය තමන්ගෙ රිගින් ටෝන් එකට දාන්නෙ. ඒකනේ මේ වගේ සිංදුවලට වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ.

“නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා”

“කවදාවත් හිමිනොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා”

“දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
ඔබ නැති මොහොතේ”

“ඔබ තරම් පෙම් කළ කිසිවෙක්”

“හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම”

“අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා”

“රැවටුණ තරම් ඔබ හින්දා මං”

“රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා”

“ඔයා නිසා හඩලා”

කැසට්, සීඩී වගේ නෙවෙයි, කොයි සිංදුවට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියන සංඛ්‍යාලේඛන ඔක්කොම බලාගන්න පුළුවන්නෙ. “නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා” කියන සිංදුව මෑත කාලෙ වැඩියෙන් ම හිට් වුණු රිගින් ටෝන් එකක් වෙද්දි, ඒ අදහස ම පොඩ්ඩක් වචන මාරු කරලා සිංදු තොග ගානට හැදෙන්නෙ ඒකයි.

“ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්”

“ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා”

“මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා”

“තෙරුවන් සරණයි ඔයාට”

මොබිටෙල් වෙඩ් අඩවියට අනුව ලංකාවේ ජනප්‍රිය ම රිගින් ටෝන් විස්ස (2017 ජූනි 21)
 

තමන්ට කෝල් කරන කෙනාට ඇහෙන්න මේ වගේ ‘ප්‍රාර්ථනාවක්’ දාපුවම ඒක වැඩකරන එක අහන්න දෙයක් නෑනේ. ඉතිං බූට් එකක් කාපු වෙලාවට මූඩ් ගහන්න, පාටියක් වෙලාවට නටන්න, උදේට පොඩි මෝටිවේෂන් එකක් ගන්න, හැන්දෑවට නිවීහැනහිල්ලෙ අහන්න වගේ එකඑක වර්ගයේ සිංදු වෙනුවට මෙහෙම එකම අච්චුවක සිංදු එන්න හේතුව මේකයි.

කුමක් කරන්නද මං?

ඉතිං ඔයා මේ රිගින්ටෝන් සිංදුවලට ආසා නැත්නම්, ඔයාට ආසා වෙනස් විදියක සිංදුවලට නම් මේවට බැනබැන ඉඳලා වැඩක් වෙන්නෙ නෑ. මිනිස්සු අහන්න ඕන සිංදු මොනවද කියල ආණ්ඩුවෙන් තීරණය කරපු කාලෙ ඉවරයිනේ. ඉතිං පිනට ඩවුන්ලෝඩ් කරන එකයි යූටියුබ් එකේ නිකං සිංදු අහන එකයි නවත්තලා ඔයා අහන්න ආසා සිංදුවලට (අයිටියුන්, ඩවුන්ලෝඩ් වගේ මොකක් හරි ක්‍රමයකට) ඔයා ගෙවන්න පටන්ගන්නකල් මේක වෙනස්වෙන්නෙ නෑ. එහෙම බැරි නම් ඉතිං ආයෙත් වරක් රිගින් ටෝන් එකක් අහගෙන, ඉන්නවාටත් වඩා සතුටින් ඉන්න තමයි තියෙන්නෙ, වෙන කරන්න දෙයක් නෑ. තෙරුවන් සරණයි ඔයාට. 😉

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide