කවදත් අපේ මතකයේ රැඳිලා තියෙන රොබින්සන් අන්දරය; අද මේ පවුල කොහේද?.

ඔයත් 90 දශකයේ ඉපදුණු පොඩ්ඩෙක් නම්, ඉස්කෝලෙන් දුන්නු ගෙදර වැඩ දාහක් තිබුණත් හවස පහ, හය වෙද්දී රූපවාහිනිය ඉස්සරහ වාඩිවෙන පුරුද්දක් තියෙන්න ඇති. ඒ වෙන මොකටවත් නෙවෙයි, ඔය චැනල් එකක් එකක් ගානේ තියෙන කාටූන් ටිකයි, ඉංග්‍රීසි කතා ටිකයි බලන්න. ඕවා බලන්න ගත්තම ඉතින් අපේ අයට වෙන වැඩක් කරන්න කල්පනාවක් නෑ. මොකද ඒ තරම් ම රසවත් වැඩසටහන් අපට බලන්න ලැබුණා. ඒ නිසා ම, ටීවී එක ඉස්සරහින් අපි ව අයින් කරන්නත් අපේ අම්මලට සෑහෙන යුද්ධයක් කරන්න වුණා. අම්මගෙන් බැණුම් අහල අහලා, එහෙමත් බැරි නම් පොඩි වේවැල් පාරකුත් කෑවට පස්සේ තමයි අපේ අය ආයෙත් පොතක් පතක් අතට ගන්නේ.  

අන්න ඒ වගේ අපි බලපු ඉංග්‍රීසි කතා මාලා අතරේ තිබුණු කතාවක් තමයි “රොබින්සන් අන්දරය”. මේක රූපවාහිනියට ඇවිදින් මේ අවුරුද්දට හරියට ම අවුරුදු 19ක්. නවසීලන්ත රූපවාහිනී නාලිකාවක ප්‍රදර්ශනය කරපු මේ කතා මාලාව සිංහල බසට හඬ කවලා ජාති රූපවාහිනියෙන් පෙන්වපු බව ඔයාලට මතකත් ඇති. ඩේවිඩ්, එලිසබෙත්, අර්නස්ට්, ජොආනා, ක්‍රිස්ටිනා ඇතුළු චරිත ගණනාවක් අපේ මතකයේ රන්දපු රොබින්සන් අන්දරය 90 දශකයේ අග භාගයේ වගේ ම, ඊටපස්සෙත් වාර කීපයක් අපට දකින්න ලැබුණා.

ඉතින් මේ රොබින්සන් පවුල් අද ඉන්නේ කොහෙද? අන්න ඒ ගැන පුංචි සටහනක් තමයි මේ.

The Adventures of Swiss Family Robinson

අපි රොබින්සන් අන්දරය විදියට රස විඳපු කතාවට ඉංග්‍රීසි බසින් ලැබිලා තිබුණු නම තමයි ඕක. මේ කතාව ගොඩ නැගුණේ 1812 අවුරුද්දේ පල වුණු, The Swiss Family Robinson කියන නවකතාවයි. ජොහාන් ඩේවිඩ් නම් ප්‍රසිද්ධ නවකතාකරු රචනා කරපු මේ කතාව ලෝකය පුරා රටවල් ගණනාවක ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියත්වය නිසා ම චිත්‍රපට, ටීවී කතාංග කීපයක් ම මේ ඇසුරෙන් නිර්මාණය කෙරුණා. හැබැයි ඒවා අතරින් වැඩි ම ප්‍රසිද්ධියක් ලැබුවේ The Adventures of Swiss Family Robinson කතාව වග අවිවාදයෙන් ම කියන්න පුළුවන්.

කතා සාරය

මේ කතාව පටන්ගන්නේ රොබින්සන් පවුල බොස්ටන් නුවරින් නැව් නගින සිද්ධියත් එක්කයි. අවුරුදු 16ක් තිස්සේ පවුලේ ම ෂිපින් කොම්පැනියක වැඩ කරපු ඩේවිඩ් රොබින්සන්, රැකියාව අත ඇරලා පවුල පිටින් මුහුදේ සංචාරයක නිරත වෙන්න තීරණය කරනවා. මේකට ඔහුගේ බිරිඳ වුණු එලිසබෙත්ගේ ඒ හැටි අනුබලයක් ලැබෙන්නේ නැහැ. ඒත් ඔවුන්ගේ දරුවන් තුන්දෙනා වන අර්නස්ට්, ජොආනා සහ ක්‍රිස්ටිනා එක පයින් කැමති වෙනවා.

ඔන්න ඉතින් 1835 අවුරුද්දේ දවසක මේ කාණ්ඩය නැව් නගින්නේ බොස්ටන් නුවරින්. රොබින්සන් පවුල හැරුණා ම තවත් කීපදෙනක් මේ නැවේ ගමන් කරනවා. කැබින් කොලුවා විදියට කටයුතු කරන කළු ජාතික බිලී, රුවල් අදින පාර්සන් සහෝදරයෝ, නැවේ වැඩට අලුතින් බැඳුණු බෙන් තෝමස් සහ ආඩම්බරකාර එමිලි චින් ඒ අතරින් ප්‍රධානයි.

මේ පාර්සන් සහෝදරයින් දෙදෙනා හොරකමට බොහොම නැඹුරු දෙන්නෙක්. රොබින්සන් පවුල සතුව මිල මුදල් තියෙන වග වටහාගන්න ඔවුන්, ඒවා හොරකම් කරන්න උත්සහ කරනවා. ඔවුන් තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ රොබින්සන් පවුලේ අය කෑමට යන තුරු ඉඳලයි. හැබැයි, ඔවුන් නොහිතපු වෙලාවක තමන්ගේ කැබින් එකට එන ඩේවිඩ්, සෙත් පාර්සන් හෙවත් බාල පාර්සන් සහෝදරයා තමන්ගේ වස්තුව කොල්ල කන්නට ආව වග දකිනවා. මේ දෙන්නගේ ගැටුමේදී, අනපේක්ෂිත විදියට සෙත් මිය යන්නේ ඩේවිඩ් නොහිතා එල්ල කරන පහරක් නිසයි. මේ හේතුව නිසා සෙත්ගේ සහෝදරයා වුණු ජෙඩ් පාර්සන්ස් ඩේවිඩ් එක්ක නයි වෛර බැඳගන්නවා.

කාලගුණික තත්ත්වයත් හදිසියේ ම වෙනස් වෙන්නේ මෙන්න මේ වේලාවේමයි. දරුණු සුළි කුණාටුවක් එක්ක ඇති වෙන තද වැස්ස නිසා, මේ කට්ටිය ගමන්ගත්ත නැව කොහේදෝ නොදන්නා පළාතකට ගහගෙන යනවා. කොහොම හරි ඒ අසල තියෙන විශාල දූපතකට ගොඩවෙලා තමන්ගේ ජීවිත බේරගන්න රොබින්සන් පවුලට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි බිලී සහ එමිලිත් ඔවුන්ට එකතු වෙනවා. බෙන් සහ ජෙඩ් පාර්සන් තමන්ගේ ජීවිත බේරාගන්නේ ඒ දූපතේ ම තවත් පැත්තකට පීනලයි.

පුළුවන් හැටියට තමන්ගේ ජීවිත මේ දූපතට ගළපගන්න අතරේ, කැලෑ සත්තුන්ගෙන්, ගෝත්‍රිකයන්ගෙන් වගේ ම ජෙඩ්ගෙන් ඇතිවන කරදරවලට, අභියෝගවලට රොබින්සන් පවුල මුහුණදෙන විදිය ඇසුරින් තමයි මේ කතාවේ ඉතුරු ටික ගෙතෙන්නෙ. ජොආනා සහ බෙන් ආදරයෙන් වෙළෙන හැටි, ඔවුන් දූපතේදී ම විවාපත් වෙන හැටි, රොබින්සන් පවුලට තවත් පුංචි සාමාජිකයෙක් එකතුවෙන හැටි මේ කතාවේ ප්‍රධාන සිද්ධීන් අතරේ දැකගන්න පුළුවන්. කතාව අවසානය කිට්ටු වෙද්දී, දූපතේ ජීවිතය අත හැරලා ආයෙත් බොස්ටන් නගරෙට යන්න මේ උදවියට හැකියාව ලැබෙනවා. ඒත් ඒ සංකීර්ණ ජීවිතයට වඩා දූපතේ සරල බව අගය කරන ඔවුන්, ආයෙත් දූපත බලා යන විදිය පෙන්වමින් රොබින්සන් අන්දරය අවසාන වෙනවා.

රොබින්සන් පවුල එදා සහ අද  

ඩේවිඩ් රොබින්සන්

මේ චරිතයට පණ පෙව්වේ ඇමෙරිකානු ජාතික නළුවෙක් වුණු රිචර්ඩ් තෝමස්. රූපවාහිනියෙන් රංගනයට ආව ඔහු අදටත් රූපවාහිනී කතා මාලා සහ චිත්‍රපටවල රඟපානවා දැකගන්න පුළුවන්. දැන් 66 වියේ පසු වෙන ඔහු, රොබින්සන් අන්දරයෙන් පස්සේ රඟපෑව The Americans, Just Cause වගේ කතා මාලාවල චරිතත් සෑහෙන්න ජනප්‍රියත්වයක් ලැබුවා.

එලිසබෙත් රොබින්සන්

මාර්ගෝ ගුන් නම් ඉංග්‍රීසි ජාතික රංගන ශිල්පිනිය තමයි එලිසබෙත් රොබින්සන්ගේ චරිතයට දායක වුණේ. ඇය වැඩියෙන් ම රඟපෑවේ රූපවාහිනී වෘතාන්තවල. ඒ අතරින් අපි මේ කතා කරන The Adventures of Swiss Family Robinson කතා මාලාව වැඩි අවධානයක් දිනාගත්තා. හැබැයි ඉන් පස්සේ මතක හිටින විදියට ඇගේ රංගනයන් අපට දැකගන්න ලැබුණේ 2001 අවුරුද්දේ එළි දැකපු Murder Rooms: The White Knight Stratagem කතා මාලාවෙන් විතරයි.

අර්නස්ට් රොබින්සන්

1993දී තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරපු කිරන් හචිසන්ට 90 දශකයේදී ලැබුණේ සෑහෙන්න ලොකු අවධානයක්. මොකද රොබින්සන් අන්දරය හැරුණා ම, Shortland Street, Riding High, Xena: Warrior Princess, Young Hercules, The Legend of William Tell වගේ කතාමාලාවල ප්‍රධාන චරිත කීපයක් ම රඟපාන්න ඔහුට හැකියාව ලැබුණු නිසා. සිංහල බසින් හඬ කවපු The Legend of William Tell කතාව අපටත් බලන්න පුළුවන් වුණා ඔයාලට මතකත් ඇති. 43 හැවිරිදි මේ නවසීලන්ත ජාතික රංගන ශිල්පියා අදටත් රූපවාහිනී කතා මාලාවල චරිත නිරූපණය කරනවා අපට දකින්න පුළුවන්.

ජොආනා රොබින්සන්

චාලට් වූලම්ස් කියන නම මිනිස්සු අතරට ගියේ රොබින්සන් අන්දරයේ ඇය රඟපෑව ජොආනා රොබින්සන්ගේ චරිතය නිසයි. හැබැයි ඉන් පස්සේ ඇය රංගනයෙන් තරමක් ඈත් වුණා. රූපවාහිනී කතා මාලාවක ඉඳලා හිටලා දකින චරිතයක් හැරෙන්න, අපට මතක හිටින විදියේ රංගනයක් දැකගන්න නොලැබුණු තරම්.

ක්‍රිස්ටිනා රොබින්සන්

රොබින්සන් අන්දරය පුරාවට ම හුරතල් කතා කියපු ක්‍රිස්ටිනා රොබින්සන් හෙවත් මියා කොනින්ග් තමන්ගේ රංගන ජීවිතේ පටන්ගත්තෙත් මේ The Adventures of Swiss Family Robinson කතා මාලාවෙන්මයි. ඊටපස්සේ ඇය කරපු Xena: Warrior Princess කතාවේ Turaගේ චරිතයත් අපට අදටත් මතකයි. ඒ හැරුණා ම 2014දී තිරගත වුණු 3 Mile Limit චිත්‍රපටයෙනුත් ඇගේ කෙටි රංගනයක් දැකගන්න අපට අවස්ථාව ලැබුණා.

පවුලක එකිනෙකා අතර තියෙන බැඳීමේ ශක්තිමත් බව, සෙනෙහස, වගකීම සහ ඒ නිසා මුහුණ දෙන්න වෙන අභියෝග වගේ ම, තැනට සුදුසු නුවණ, එකමුතුකම වගේ ගති ලක්ෂණ නිසා ඒවාට සාර්ථක ව මුහුණදෙන්න පුළුවන් වග පෙන්වන රොබින්සන් අන්දරය අපට එදා විතරක් නෙවෙයි, අදටත් හොඳින් රස විඳින්න පුළුවන් කතා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, මේකේ තිබුණු ලස්සන තේමා ගීතය, අදටත් අපට පාඩමෙන් කියන්න පුළුවන්.

ඉතින් අපේ ළමා කාලයේ අමතක නොවෙන මතකයක් තියපු මේ කතාව ගැන ඔයාලගේ අදහස් මොනවද? ඔය ගමන් ම කමෙන්ට් එකක් දාලා අපට කියන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide