අපි ලංකාවට ආදරෙයි. ලංකාව ලෝකවේ වැඩියෙන්ම ප්‍රසිද්ධ නිවාඩු දින ඇති රටවලින් එකක්. මේ සතියේ ඔන්න තවත් දිග සතිඅන්තයක්. බොහෝදෙනෙක් මේ නිවාඩුව කොළඹින් ඈතට පළායන්නට යොදාගත්තාට, නගරයේ රැ‍ඳෙන අය කරන්නේ මොනවාද? මේ කොළොම්පුරයේ බොහෝ අනගි අවස්ථා තිබෙනවා ඔබට කොළඹින් පිට ගිහින් ලැබූ සතුටම ලබන්න.

ඉංග්‍රීසියෙන් ස්ටේකේෂන් (staycation) කියන්නේ ගෙදර නතරවන නිවාඩුවට. ඉතින් මෙය ඔබට ස්ටේකේෂන් එකක්නම් නගරයේ රැඳී සිටිමින් සතුටුවන්නට මෙන්න ක්‍රම හයක්. වියදමත් අඩුයි.

1. ගාලුමුවදොර සරුංගල් යැවීම හා පිහිනීම

ගාලුමුවදොර තණනිල්ලේ සක්මන්කර, මුහුදේ නෑම නිවාඩුදින හැන්දෑව ගත කරන්න හොඳ විදියක්. සරුංගලයකුත් මිළදීගන්න. මිළ රු. 150ත් 500ත් අතර. ඇවිදින අතරේ එය සුළ‍ඟේ පාකරන්න.  එය පුදුම හිතෙන අන්දමේ සතුට දනවන ක්‍රියාවක්. ඉස්සන් වඩේ සපමින්, මුහුදේ රැළි බලමින් සරුංගලයේ නූල අල්ලාගෙන හිඳීම සතුට වඩනවා.

සවස පහට පමණ නෑමක් සඳහා ගෝල්ෆේස් හෝටලයට යන්න. මෙය රුපියල් 1000ක් පමණයි. මුහුදුවතුර පිහිනුම්තටාකය අපූරුයි. එතැන සිට මුහුදේ සුන්දර දර්ශනයකුත් දක්නට ලැබෙනවා. සවස හය වනතුරු සි‍ටියොත් දර්ශනීය ඉර බැසයාමක් දැකගන්න පුළුවන්. පිහිනුම්තටාකය තිබෙන්නේ හෝට‍ලයේ කෙළවරේ, සෙනගින් තොර හරියේ. ඒ අසල බාර්එකකුත් තිබෙනවා. ක්ලබ් සැන්විච් හා ජින්ජර් බියර් එහෙම බොන්නත් පුළුවන්.


2. බත්තරමුල්ල බලන්න යන්න

බත්තරමුල්ලේ යනඑක කොළඹින් පිට ඈත පළාතකට යනවා වගේය කියනඑක බොහෝදෙනෙක් දන්නේ නැහැ. එහි වසර 200ක් පැරණි ගලරයක නටබුන් පවා තිබෙනවා. මේ බලන්න යන්න තැන් කීපයක්.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කටුගෙය

ආකර්ශනීය ගොඩනැඟිල්ලක ප්‍රදර්ශනය වන කුඩා එකතුවක් වන මෙහි ඇති පැරණි කඩු හා මැකී යමින් ඇති රූප සටහන්වලින් එතරම් දෙයක් නොකියවුණත්, අවට ඇති ඓතිහාසික ගොඩනැඟිලි ලැයිස්තුව ඉතා වැදගත්ය. ස්ථානයේ භාරකරුට මේ තැන්වලට යන පාර හරියටම කිව හැකිය. යමු GPS tagging භාවිතා කරමින් මේ තැන් සොයා ගන්නට ඔබට පුළුවන. ඔබේ රියෙන් හෝ ත්‍රිරෝද රියකින් මේ තැන්වලට යාමට ගත වන්නේ සුළු කාලයකි. ඒවා පිහිටා ඇත්තේ කටුගෙය අසල එකිනෙකට සමීප ස්ථානවලය.

අලකේශ්වර මාලිගා බිම

මෙය රාජ මාළිගාවක කොටසක් ලෙස සැලකේ. අතීත ශ්‍රී විභූතිය සිහිපත් කරන්නට එහි ඇත්තේ සුළු නටබුන් ප්‍රමාණයකි. එය 1960 දශකයේ බාගෙට ඉදි කළ නිවසක අත්තිවාරම වැනි හතරැස් ඉදිකිරීමකි. නොතකා හැර ඇති මෙම ස්ථානයේ කටු කම්බි අතරින් රිංගා, කබොක් ගල් මතින් බඩ ගා දිගු තණ ගස් ඈත් මෑත් කර පැරණි වැවක නටබුන් නරඹන ඔබට රාජධානියක නටබුන් මුල් වරට ගවේශනය කරන පුරා විද්‍යාඥයකුගේ හැඟීම් ඇති කර ගත හැකිය.

බැද්දගාන වෙහෙරකඩ නටබුන්

වංකගිරියක් වන් ඇතුල් කෝට්ටේ පටු මං දිගේ ත්‍රිරෝද රියේ උඩ පනිමින් යන ඔබට පුදුම සිතෙන තරම් ප්‍රසන්න තැනකට යා හැකිය. එහි ඈත කෙළවරේ දියවන්නා ඔය ඉස්මත්තේ හොඳින් සංරක්ෂණය කරන ලද ස්ථූප වැනි ඉදි කිරීම් දෙකකි. ‍කබොක් ගලින් බඳින ලද ඒවා අඩි දහයක් පමණ උසය. පිහිටීම අනුව එය පන්සලක් නොවන බව පෙනේ. ඉතිහාසඥ සෙනරත් පරණවිතාන යෝජනා කර ඇති පරිදි එය රට එක් සේසත් කළ අවසන් රජු වන සවන පරාක්‍රමබාහු නිරිඳුගේ සොහොන් ගැබයි.

එහි නිදන නිරිඳුට අපේ වත්මන් පාලකයන් හොඳින් දැක ගැනීමට හැකි වන පරිදි හැදුවාක් සේ දියවන්නාව අසබඩ නව පාර්ලිමේන්තුව ඔබට දිස් වේ. අනුරාධපුරයට චාරිකාවක් ගියා සේ ඔබට හඟවන මෙම සුන්දර ස්ථානයට දිනක විනෝද ගමනක් යන්නට අපි ඔබට ආරාධනා කරමු.

කෝට්ටේ සැඟවුණු රාජධානිය ගැන තවත් විස්තර සඳහා .

මේ ගවේශනය අවසන් කර, සුන්දර දියවන්නාව අසල ඇති Rama’s Tea House හෝ The Boardwalk  වෙත ගොස් තේ බොන්නත් පුළුවන්. .


3. සිනමන් ග්‍රෑන්ඩ්හි බ්‍රන්ච්

Cinnamon Grand Brunch යනු යා යුතුම තැනක්. මේ නිර්ලෝභී ඉරුදින දිවාආහාරය ඇතැම් කොළඹ පවුල්වල සම්ප්‍රදායක් වගේ. පල්ලි ගොස් එන ඇතැම් කොළඹවාසීන් සිය හැන්දෑව ගෙවන්නේ මෙහි තැප්‍රොබානා අවන්හලේ ‍මුහුදු බෙල්ලන් සහිත රිදී පළංගාන හා බැටළුමස් ගාත් එක්ක.

ඉරුදින එකතුවට නැතිදෙයක් නැතිතරම්. සුෂි, චීස්, කෝල්ඩ් කට්ස්, පැස්ටා, වොෆ්ල්, කැරමල් යෙදූ පළතුරු, සරුවත්, චොකලට් ආදී හැමදෙයක්ම. කෑම ඉතා ඉහළ තත්වයේ. ජාති මහගොඩයි. මිළත් රු. 1900ක් පමණයි. තියෙන තරම අනුව මිළ  එතරම් ලොකු නැහැ. එය ඔබේ ඉරුදින සන්ධ්‍යාව රසයෙන් පුරවාවි. ඇහෙනවද ෂැම්පේන් බෝතලයක් විවෘත කරන පොප් හඬ. ඔබ ඉදිරියේ තිබෙනවා, රිදී පළඟානක පිරවූ මුතු බෙල්ලන් හෝ මාළු බිත්තර. මේ නම් ඉරුදින හැන්දෑව ගෙවන්න හොඳම විදියක්. විස්තර සඳහා මෙතැන


4. නිදහස් චතුරස්‍රයේ ව්‍යායාමකිරීම

ඉරුදින දිවාභෝජනය හා සැන්දෑවෙන් අනතුරුව මහත්වුණ ශරීරය කෙට්ටුකරන්න නරකද සුන්දර නිදහස් චතුරස්‍රය පැත්තේ සක්මනක යනඑක.

මේ ප්‍රදේශය මැතදී පිළිවෙලට යළි සැකසුවා. වාහන නවත්වන්න පුළුවන් ප්‍රදේශයක් තිබෙනවා, චතුරස්‍රයට ඔබ්බෙන්. නිදහස් මන්දිරයට බටහිර පැත්තට වෙන්න‍ට Independence Walk පැත්තේ. මේ පාර පටන්ගන්නේ දිග පොකුණු දෙකකින්. එය තුරු පෙළක සෙවණ දිගේ ඉදිරියට යනවා. වාහන නැහැ. පයින් යන්නන්ට පමණමයි. මේ පටුමග අවසන් වන්නේ කොළම ග්‍රහලෝකාගාරය අසලින්.  තව විස්තර මෙතන.


5. බලන්න DVD

මෙය හිරුරැසින් නෑවුණු මුහුදුවෙරළක කාලය ගතකිරීම තරම් විවේකී හා විනෝදජනක නැතිබව ඇත්ත. ඒත් ගෙදර නතරවී වීඩියෝ බැලීමත් නරක නැහැ. ඔබට හොඳ වීඩියෝ ටිකක් Video International වෙතින් සොයාගන්න පුළුවන්. එය පිහිටා තිබෙනවා තුන්පොළක. නාවල පාරේ, බත්තරමුල්ලේ හා බම්බලපිටියේ බෙයාෆුට් ගැලරිය අසල. ඔබට වීඩියෝ පහක් දක්වා එකක් රු. 160 බැගිනුත්, 6-10 දක්වා රු. 135 බැගිනුත්, 11-20 දක්වා රු. 125 බැගිනුත් 21-30 දක්වා රු. 120 බැගිනුත් මිළදී ගන්න පුළුවන්. ඊටත් වඩා මිළ අඩුවෙන් වීඩියෝ මිළදීගන්න පුළුවන් Brite Video වෙතින්. එකක් රු. 100ක් පමණයි. ඒත්, එහි අලුත් ඒවා කැපී පෙනෙන අන්දමින් තත්වයෙන් බාලයි. වීඩියෝ ඉන්ටර්නැෂනල්හි වීඩියෝ තත්වයෙන් හොඳයි. අපි මිළදීගත්තා, Cosmopolis, Moonrise Kingdom සහ To Rome With Love. ඒ ඔක්කොම හොඳ තත්වයේ.

ඔබට රු. 1000ක් ගෙවා එහි යාවජීව සාමාජිකත්වය රැගෙන ඔවුන්ගේ එකතුවෙන් බ්ලූ රේ වීඩියෝ එකක් රු. 100 බැගින් ණයට ගන්න පුළුවන්. Pixar රැසක් සහ Avatar, Pan’s Labyrinth වැනි දෘෂ්‍ය පුදුමයන් මෙන්ම David Attenboroughගේ Planet Earth, Frozen Earth වැනි කදිම වාර්තා චිත්‍රපට පවා ඔවුන් සතුව තිබෙනවා. ඒවා බ්ලූ රේ තාක්ෂණයෙන් බලනඑක රසවත්. විස්තර  මෙතැනින්.


6. කොල්ලුපිටිය මාකට් එකට ගිහින් ඇවිත් උයන්න

මේ තමයි, ආනයිනක ආහාරද්‍රව්‍ය හා විවිධ එළවළු, පලතුරු, මස්වර්ග මිළදීගන්න කොළඹ තිබෙන හොඳම තැන. එහි Doritosවල පටන් බ්ලූබෙරීස් හා ආනයනික චොකලට් වර්ග දක්වා හැමදෙයක්ම තිබෙනවා. පහත මාලයේ මුහුදු බෙල්ලන්, කොළඹ දුර්ලභ ඌරුමස් සොසේජස් හා වාරයේ පලතුරු මිළදීගන්න පුළුවන්. ඕනෑම කෑම වට්ටෝරුවකට අවශ්‍ය අමුද්‍රව්‍ය එතැනින් සොයාගන්න පුළුවන්.
විස්තර මෙතැන.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide