පිටකොටුව කටුගෙයි කොළඹ සලකුණ

ඇයි පිලාවුස් හෝටල‍යේ කවුරුවත් නතරවී නැත්තේ? ඇයි මෙතරම් බොම්බේ ස්වීට් හවුස් කොළඹ? අද අපි අධ්‍යයනය කරනවා ශ්‍රී ලාංකික කෑම කඩවල නාමකරණය.

කොළඹ බොජුන්හල්වලින් කෑම කන එකත් ලේසි වැඩක් නොවෙයි. හැමදාම මිළ වැඩිවන සාමාන්‍ය කෑම. වංකගිරිය වගේ වීදි ජාල. ඒ මදිවට වාහන තදබදය. ඒ විතරක් නොවෙයි, මේ දිවයිනට විශේෂිත කෑමහල් සඳහා වූ වචනත් දැනගතයුතුයි.

යාල් ඊට් හවුස් වගේ නෙවෙයි යාල් අවන්හල. මයුරි හෝටලය හෝටලයක් නොවෙයි. ඒ වගේම එය මයියුරි බත් කඩෙන් වෙනස්. මේ එකිනෙක නාමවල වෙනස්කම් අනුව ඒ ඒ තැන් ගැන තේරුම්ගන්න කොළඹ පරිණත පුරවැසියන්ට පවා පහසු නැහැ. බත් කඩය හෝටලයකින් වෙනස්වන්නේ කොහොමද? මේ කාරණා පැහැදිලි කරන වචන නිඝන්ටුවක් නැහැ. විසඳුමක් ලෙස අපි හැදුවා වචනාවලියක්.

සටහන: මේ වනාහි අධිකාරි බලයක් සහිත නිර්වචන නෙමෙයි. අප තේරුම් ගත් හැටියට කරන සාමාන්‍ය පැහැදිලිකිරීමක්. අදහස් දක්වන්න, සංස්කරණ යෝජනා කරන්න හා අපට මගහැරුණු වචන මතක් කරදෙන්න ඉදිරිපත් ‍වන්න.

බත් කඩේක පත්තර කඩදාසියක එතූ බත්මුලක්

බත් කඩේ කියන්නේ බත්, ව්‍යංජන විකුණන පුංචි කඩයක්. සාමාන්‍යයෙන් විවෘතවන්නේ දිවා ආහාර වෙලාවට පමණයි. ඇතුළත සරළයි. මේස හා පුටු කීපයක් පමණයි. බොහෝවිට පවුලේ අය එක්ව කරන ව්‍යාපාරයක්. ඉන්දිගේ දෙහිවල බත්කඩේ නිදසුනක්.

බේකරි  බටහිර කෑම වන පාන්, බනිස්, කේක් ආදිය විකුණන තැන්. සමහරවිට ඒවායේ දිවා ආහාර පාර්සලුත් ඇතැම්විටෙක සම්පූර්ණ දිවා ආහාර පිරිනැමීමුත් තිබෙනවා. වැල්ලවත්ත සුමනදිසි හෝටලය නිදසුනක්.

කොල්ලුපිටිය බොම්බේ ස්වීට් හවුස්හි නාමපුවරුව. අපි මෙතන ඉහළින්ම නිර්දේශ කරනවා.

බොම්බේ ස්වීට් හවුස්  ඉන්දියන් රසකැවිලිවලට විශේෂයි. බාෆි, ගුලාබ් ජමුනා, ජමූන්, මස්කට්, පාක් වැනි රසකැවිලි වර්ග එහි විකුණන්න තිබෙනවා. සාමාන්‍යයෙන් ෆලූඩා වැනි බීම වර්ගත් පිරිනමනවා. මෙවැනි කඩවලින් හොඳම ඒවායේ හිමිකරුවන් වන්නේ ලංකාවේ බෝරාවරු. නිදසුනක් තමයි කොල්ලුපිටිය පොදු වෙළඳපල අසල බොම්බේ ස්වීට් හවුස්

කඩේ කියන්නේ පුංචිම පුංචි තැනක්. ආහාර විෂයෙහි ගත්තාම නම් කඩවල තිබෙන්නේ රෝල්ස් වැනි කෑම, තේ, සිගරැට් ආදියයි. සමහර ඒවායේ පත්තරත් විකුණන්න තිබෙනවා.

Barefoot Garden Cafe

කැෆේ කියන්නේ බටහිරදීනම් බේකරි නිෂ්පාදන කීපයක් හා කෝපි විකුණන තැන්වුණත්, කොළඹ කැෆේ කියන්නේ ටිකක් ඉහළපෙළේ, සාමාන්‍යයෙන් එළිමහනක් සහිත ආහාර පිරිනමන ස්ථානයක්. නිතර කලාගාරයකට සම්බන්ධයි. කෝපි තිබුණත්, එය නෙමෙයි මූලික දෙය. මේ කැෆේවල අංගෝපාංග රැසකින් යුත් දිවා – රාත්‍රී ආහාර මෙනුපත් තිබෙනවා. ෆ්‍රෙන්ච් කැෆේ වැනි ඒවා බාර් විධියටත් ක්‍රියාත්මක වෙනවා.  නිදසුන්: බෙයාෆුට් ගාඩන් කැෆේ, පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ,  ක්‍රිකට් ක්ලබ් කැෆේ  * බැරිස්ටා, කොෆී බීන් වැනි කැෆේ ජාලයන් හා හන්සා කෝපි අරමුණු කරගත් තැන්.

ක්‍රීම්හවුස්  කඩෙන් හා හෝටලෙන් වෙන් කරගන්න අමාරුයි. ඒත්, මුල් අරුත අනුව මෙවැනි තැන් කිරි නිෂ්පාදන අලෙවිය කෙරෙහි වැඩි අවධානය යොමු කළයුතුයි. කිරි පැකට්, යෝගට්, අයිස්ක්‍රීම් වගේම මේවායේ පැටිස් රෝල්ස් වැනි කෙටි කෑමත් තිබෙනවා. නුවර පාරේ කොහේ හෝ දුටු මෛත්‍රී ක්‍රීම් හවුස් නිදසුනක්.

දුවනගිරිය කියන්නේ කෑම කරත්තවලට. මේවා කෑම ප්‍රදර්ශන කවුළු සහිත සරළ කරත්ත. සමහර ඒවායේ උදුන් තිබෙනවා. වඩේ, සමෝසා වැනි ආහාර ඒවායේ සැකසෙනවා. සමහර ඒවායේ සිසිල්බීම, අයිස්ක්‍රීම් එහෙමත් විකුණන්න තිබෙනවා.

ඊට් හවුස් අර්ථකථනය කිරීම පහසු නැහැ. එය බත් කඩේ හා හෝටලය අතර තැනක්. ඒවා හෝටල්වලට වඩා කුඩායි, බොහෝවිට. ඒ වුණාට බත් කඩවලට වඩා මෙනුව ලොකුයි, විවිධයි. හෝටල් නිතරම ඇරලා තිබුණත් ඊට් හවුස්  බොහෝවිට දිවා ආහාරය වෙනුවෙන් දවල් 11 සිට 2 දක්වාත්, රාත්‍රී ආහාරය වෙනුවෙන් සවස 6 සිට 10 දක්වාත් පමණයි ඇරෙන්නේ. අපේ ප්‍රියතම යාල් ඊට් හවුස් නිසා මේ වචනය අපට විශේෂයි. හිටිහැටියේ වෙනත් තැන්වලත් දකින්න ලැබෙනවා. 

ඊටරි යන යෙදුම සම්භාව්‍ය ඉංග්‍රීසි අරුතින් හෝටල් හා අවන්හල් නොවන ඔනෑම කෑම අලෙවි කරන ස්ථානයක් සම්බන්ධයෙන් පොදුවේ යෙදෙනවා. අප ඉහත කී සියලු ආකාරවල තැන් ඊටරීස් තමයි.

cars lined up at the Pilawoos Hotel

හෝටලය ශ්‍රී ලාංකික ඉංග්‍රීසි අරුත අනුව දවස පුරා විවෘතව ඇති, ලොකු, සරළ කෑම කඩයක්. බත් කඩේකට වඩා මෙහි ආහාර මෙනුව පුළුල්. අඩුම වශයෙන් කොත්තු රොටි, බත්, ෆ්‍රයිඩ් රයිස්, පාන්, ආප්ප, ඉඳිආප්ප , කෙටිකෑම ආදිය මේවායේ තිබෙනවා. විදුලි ආලෝකය, මේස, පුටු ආදිය සහිතයි. උදේ සිට රෑ බෝවනතුරු ඇරලා තිබෙනවා. හැබැයි මුල් ඉංග්‍රීසි වචනයේ අරුතින් කියවෙන ආකාරයට මෙහි කාමරනම් නැහැ.

හොටෙල් යනු මුල් ඉංග්‍රීසි අරුතින් කියැවෙන විදියේ පෞද්ගලික කාමරවල නවාතැන් සපයන තැනක්. තරු එකේ සිට පහ දක්වා වර්ගවෙනවා. නාන තටාක, අවන්හල් ආදියත් තිබෙනවා. උදාහරණ හිල්ටන් හෝටලය, රේනුකා සිටි හෝටලය.

කඩේ මයිකල් මේලර්ගේ මිරිස්ගල ශ්‍රී ලාංකික ඉංග්‍රීසි ශබ්දකෝෂය අනුව භාණ්ඩ හෝ කෑම අලෙවි කරන පුංචි ස්ථානයක්. එළවළු කඩේ, සිල්ලර කඩේ, මස් කඩේ, බත් කඩේ, තේ කඩේ ආදී වශයෙන් යෙදෙනවා. නිදසුනක්: හැව්ලොක් ටවුමේ රූබි ස්ටෝර්ස්.

අවුට්ලට්  එකක් කියන්නේ ජාලයක කොටසක්. ඔඩෙල්ලාට මෙවැනි අවුට්ලට් තිබෙනවා වගේම සමහර කෑම අලෙවි ස්ථානවලටත් අවුට්ලට් තිබෙනවා. උදාහරණයක් ලෙස විදුරවි බේකරියට බොරලැස්ගමුවේ හා වැල්ලවත්තේ අවුට්ලට් දෙකක් තිබෙනවා.

පෙට්ටි කඩේ හැඩය නමේම තිබෙනවා. බොහෝවිට පාර අද්දර ලීයෙන් සකසා ඇති මේ කඩ දිවා ආහාර පාර්සල්, කෙටිකෑම, සිසිල්බීම හා සිගරට් ආදිය සපයනවා. මෙහි කිසිවක් නොඉවීම හා පිසූ ආහාර පමණක් විකිණීම තමයි විශේෂත්වය.

අවන්හල හෝටලයට, ඊට්හවුස් එකට වඩා ඉහළපෙළේ තැනක්. බිමට ටයිල්, වායුසමනය, පිළිවෙලට සකසන ලද මේස ආදියෙන් සමන්විත මේ තැන්වල ආහාර මෙනුපත් බලා තෝරාගන්න පුළුවන්. මිළ ටිකක් වැඩියි. බටහිර රෙස්ටොරන්ට්වලට සමානයි.

සරස්වතී ලොජ්හි තෝසේ

සයිවර් කඩේ කියන්නේ දකුණු ඉන්දීය නිර්මාංශ ආහාර පිරිනමන පුංචි කඩයක්. මේස මත එලූ කෙසෙල් කොළවල තමයි ඇතැම්විට කෑම කන්න තියෙන්නේ. මිළ අඩුයි.

කඩ තට්ටු කියන්නේ තාවකාලික කඩවලට. ඒවායේ ඇතුළත කෑමගැනීමේ පහසුකම් නැහැ. කෑම අරගෙන යන්නයි තිබෙන්නේ. ඇතැම්විට පිටත පුටුවක් දෙකක් තබා තිබෙන ඒවාත් තිබෙනවා.

ස්වීට් හවුස් කියන්නේ බාෆි, ලඩ්ඩු වැනි ඉන්දියන් රසකැවිලි වගේම කළු දෙදෙල්, ආස්මී, පැනි වළලු‍, කැවුම් වැනි සිංහල රසකැවිලිත් විකුණන්න තිබෙන තැනක්. ‍ටොෆී, චොකලට් වැනි බටහිර රසකැවිලි හැමවිටම මේවායේ නැහැ. නිදසුනක් තමයි නුවර පාරේ කො‍තැනක හෝ පිහිටි නිව් මෛත්‍රී ස්වීට් හවුස්

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide