මේ සාහිත්‍ය මාසෙදි කතාබහට ලක් වුණ අලුත් පොත් 10ක්.

පහුගිය ටිකේ වැටුණ මහ වැස්සත් එක්ක සැප්තැම්බර් සාහිත්‍ය මාසෙත් ගංවතුරට ගහගෙන ගියා වගේ ඉක්මනින් ගෙවිල ගියා. ඊළඟට දැන් උදා වෙලා තියෙන්නෙ ඔක්තෝබර් හෙවත් කියවීමේ මාසෙ. වැස්සෙ තෙමීගෙන දුක් ගැහැට විඳගෙන බුක්ෆෙයා ගිහින් ගත්ත පොත්පත්, කියවන්න කාලෙ ඔන්න එළඹිලා. හැබැයි ඉතිං කීයෙන් කී දෙනෙක් ඔය ගත්ත පොත් කියවනව ද කියන එක තමයි සැක. කොහොම වුණත් සාහිත්‍ය මාසෙදි පොත්ගුල්ලන්ගේ අවධානය දිනාගත්ත අලුත් පොත් කීපයක් ගැන, කියවන නොකියවන හැමෝටම මතක් කරල දෙන්න අපි හිතුවා. පහුගිය මාසෙ කතාබහට ලක් වුණ පොත් අතරින් අපි තෝරගත්ත සිංහල නවකතා දහයක් තමයි පහළ පෙළ ගස්සල තියෙන්නෙ.

  • මකරානන්දය

මේ අවුරුද්දෙ වැඩිම සාහිත්‍ය සම්මාන ප්‍රමාණයක් හිමි කර ගනිමින්, ඉහළම අලෙවියක් හිමි කර ගත්ත පොතක් තමයි විරාජිනී තෙන්නකෝන්ගෙ මකරානන්දය. මේ ලේඛිකාව තරමක් අලුත් කෙනෙක්. ඒත් ඇගේ රචනා ශෛලියෙන් නම් ආධුනික බවක් පේන්නේ නෑ කියලයි මකරානන්දය පාඨක ප්‍රජාවගෙ අදහස. සරසවි ප්‍රකාශනයක් වෙන මේ පොත මේ පාර විද්‍යොදය සාහිත්‍ය උළෙලේ දී සහ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී වසරේ හොඳම නවකතාව වශයෙන් පිදුම් ලැබුවා.

  • අදිසි නදිය

2019 වසරෙ ස්වර්ණ පුස්තක සම්මානෙ හිමි කරගත්තේ කපිල කුමාර කාලිංග ලියපු අදිසි නදිය නවකතාව. මේක සුරස ප්‍රකාශනයක්. කපිල කුමාර කාලිංග මීට කලින් ලියපු සැප්තැම්බරයේ දිග දවසක්, පියැසි කවුළුව, කන්දේ වීදිය වගේ නවකතාත් පාඨකයන්ගේ ආදරයට පාත්‍ර වුණා. හැබැයි අදිසි නදිය ගැන නං තියෙන්නේ මිශ්‍ර ප්‍රතිචාර. මේක ත්‍රාසය භීතිය කුතුහලය පිරුණ ළමා කතාවක් වගේ කියලයි සමහරු කියන්නෙ. කොහොම වුණත් පොතට කැමති අයගෙ අදහස තමයි මතුපිටින් පේන දේට යටින් තියන කතාව කියවගත්තම මේ නවකතාවෙ ඇත්ත සාරය එළියට ගන්න පුළුවන් කියන එක.

  • රතු පලස

එරික් ඉලයප්ආරච්චි ලියපු රතු පලස නවකතාව මෙවර ගොඩගේ සාහිත්‍ය උළෙලේ හොඳම නවකතාව ලෙස සම්මානයට පාත්‍ර වුණා. මේ කතුවරයා මීට පෙර ලියපු ‘බගන්දරා’ නවකතාවේ ම දිගුවක් විදිහට මේ පොත හඳුන්වන්න පුළුවන් කියලයි විචාරකයො කියන්නෙ. ඒ වගේම ඔහු මේ පොතට පස්සෙ එළිදක්වපු ‘පේත’ නම් කෙටි නවකතාව, රතු පලසේම දිගුවක් බවත් කියැවෙනවා. මේක ගොඩගේ ප්‍රකාශනයක්.

  • 12 12 12

මියුසස් ප්‍රකාශන ආයතනය ප්‍රකාශයට පත් කරපු දොළහයි දොළහයි දොළහ කියන්නේ මේ පාර පොත් ප්‍රදර්ශනේ පෙරළියක් කරපු පොතක් කිව්වොත් තමයි හරි. කොටින්ම මේක විකිණුනේ උණු කැවුම් වගේ. පරිවර්තනය කරපු රහස් පරීක්ෂක කතා කියව කියව හිටපු අයටම හරි යන්න ලියැවුණු ඔරිජිනල් සිංහල රහස් පරීක්ෂක කතාවක් මේක. පැරීසියේ ජීවත් වෙන මංජුල සේනාරත්න තමයි කතුවරයා.

  • රතු ඉරි අඳින අත

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ රතු ඉරි අඳින අත නවකතාව, විදර්ශන ප්‍රකාශනයක් ලෙස මෑතදී එළිදැක්කා. ඔහු මීට පෙර ලියූ ‘අටවක පුත්තු’, ‘කුරුලු හදවත’, ‘අහම්බකාරක’ වගේ නවකතා වගේම ‘අර මිහිරි සීනු නාදය’, ‘අළු පැහැති ආරංචි’ වගේ කෙටිකතා පොතුත් සම්මානයට පාත්‍ර වුණා. බලාපොරොත්තු වුණ විදිහටම රතු ඉරි අඳින අතත් මේ වෙද්දි විශාල පාඨක විචාරක ප්‍රසාදයකට ලක් වෙලා.

  • සුරූපී නළඟන

ඕනම සිංහල පොත්ගුල්ලෙකුට චන්දන මෙන්ඩිස් ගැන අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනෙ. සිංහල පාඨකයන්ට ෂර්ලොක් හෝම්ස් ලෝකයට දොරගුළු විවර කරපු කෙනා තමයි ඔහු. ඔහු ලියපු අලුත් ෂර්ලොක් හෝම්ස් කෘතිය තමයි සුරූපී නළඟන. සුපුරුදු විදිහටම මේක චන්දන මෙන්ඩිස් ප්‍රකාශනයක්. කාලයක් තිස්සෙ හුඟක් අයගෙ චෝදනාව තමයි, දැන් පළ වෙන ෂර්ලොක් හෝම්ස් සිංහල පරිවර්තන ඔරිජිනල් ෂර්ලොක් හෝම්ස් කර්තෘ වුණ සර් ආතර් කොනන් ඩොයිල් ලියපු කතා නෙමෙයි, චන්දන මෙන්ඩිස් හදල ලියන කතා කියන එක. හැබැයි ඇත්ත ඊට වඩා ටිකක් වෙනස්. මේ පසුකාලීන ෂර්ලොක් හෝම්ස් කතා සර් ආතර් කොනන් ඩොයිල් ලියපු ඒවා නෙමෙයි තමයි. හැබැයි ඔහුට අමතරව තවත් ෂර්ලොක් හෝම්ස් කතා ලියපු විදේශීය කතුවරු ලෝකෙ බිහි වෙලා ඉඳල තියනවා. චන්දන මෙන්ඩිස් පසුකාලීනව පරිවර්තනය කරන්නෙ අන්න ඒ අනික් කතුවරු ලියපු ෂර්ලොක් හෝම්ස් කතා. ඕනම දෙයක් ජනප්‍රිය වෙද්දි අනුකරණ බිහි වෙන එක සාමාන්‍යයි නෙ.

  • ආර්යා

දිලීප ජයකොඩි කියන්නෙ ඉන්දීය ලේඛක චේතන් භගත්ගෙ පොත් සිංහල පාඨකයන්ට සමීප කරපු පරිවර්තකයා විදිහට තමයි අපිට පුරුදු. හැබැයි ආර්යා ඔහුගේ ස්වතන්ත්‍ර නවකතාවක්. මියුසස් ප්‍රකාශනයක් විදිහට පාඨකයන් අතට පත් වුණ මේ පොත පොලිටිකල් ත්‍රිලර් එකක්. දිලීප ජයකොඩිගෙ කෘතිවල භාෂාවෙ හැම විටම වගේ රැඳිලා තියන රසවත්කම මේ පොතෙත් රැකිල තියනව ද කියල පොත කියවලම බලන්න.

  • තී හා තා

අලුත්ම ලේඛකයෙක් වෙන සුරත් ද මැල්ගේ පළමුවෙනි නවකතාව තමයි තී හා තා. මේක සරසවි ප්‍රකාශනයක්. අලුත් කතුවරයෙකුගේ වුණත් මේ පොතට ලැබුණ හුඟක් ෆේස්බුක් ප්‍රතිචාරවලින් නං පේන්නේ පාඨකයො මේක ආසාවෙන් වැළඳගත්ත බව. මේක වැඩිය බරසාර භාෂාවක් පාවිච්චි කරල නැති, ලේසියෙන් කියවගෙන යන්න පුළුවන් පොතක්. ඒ හින්දම ද කොහෙද, විචාරකයන්ට නං මේ පොතේ තියන භාෂාව එහෙම ඒ තරම් දිරවල තිබුණේ නෑ.

  • මතක මිය ඇදෙන සඳ

‘When Memory Dies’ නමින් අම්බලවානර් සිවානන්දන් ඉංග්‍රීසියෙන් ලියපු කෘතිය, මතක මිය ඇදෙන සඳ නමින් සිංහලට හැරෙව්වේ හෂිත අබේවර්ධන. මේක පරිවර්තනයකට වඩා ප්‍රතිරචනයක් විදිහට තමයි හැඳින්වෙන්නේ. සයුර ප්‍රකාශනයක් විදිහට පළ වුණු මේ පොත ලංකා ඉතිහාසයේ එක් සමයක් පිළිබඳ සමාජ දේශපාලනික විවරණයක්. මෙහි මුල් කෘතිය කියවූ ආතර් සී. ක්ලාක් මහතා, මෙය සියලු දෙනා කියවිය යුතු කෘතියක් ලෙස නිර්දේශ කර තිබෙනවා.

  • ලෝටස්

2013 අවුරුද්දේ රාජ්‍ය සම්මාන දිනාගත්ත ‘හැටේ වත්තෙ මග්දලේනා’ කවි පොතත්, ඉන් පස්සෙ නුඹ නොඒ නම් කියන්න’ කවි පොතත් ලියා පළ කරපු සෞම්‍ය සඳරුවන් ලියනගේගෙ පළමුවෙනි නවකතාව තමයි ලෝටස්. මේක එළිදැක්කේ සහෘද ප්‍රකාශනයක් විදිහට. ‘Fragments of Three Diaries’ කියල තමයි ඔහු මේ කතාව හඳුන්වලා තියෙන්නෙ.

මේ පොත්වලට අමතරව තවත් පොත්පත් විශාල ප්‍රමාණයක් මේ පාර සාහිත්‍ය සමයෙදි පාඨකයො අතට පත් වුණා. ඒවා ගැනත් හොයල බලන්න කියල පොත්ගුල්ලන්ට මතක් කරනවා. ඒ වගේම මේ උඩ තියන ලැයිස්තුව කිසිම අනුපිළිවෙළකට හදපු එකක් නෙමෙයි. ඒ හින්ද මේක රේටිං එකක් විදිහට අරගන්න කලබල වෙන්න එහෙම එපා!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide