2017 අයවැය ඔබට කොහොමද?.

ඉස්කෝලෙ දි පොත බලාගෙන ශබ්ද නගා පාඩම කියවන්න ඉගෙනගන්න එකේ තියෙන වැදගත්කම, ‘වැදගත් විදියට’ ඇනුම් අරින්නෙ කොහෙමද, වගේ දේවල් ඇරුණම මේ පාර අයවැයේ තියෙන වැදගත් දේවල් මොනවද?

අයවැයේ අඩුකරපු දේවල්, වැඩිකරපු දේවල් ගැන එකඑක අය එකඑක කතා කියනවා. හැබැයි දෙසැම්බර් මාසෙ කිට්ටු වෙලා ආවට අයවැය කියන්නෙ නත්තලවත් මුදල් ඇමති කියන්නෙ නත්තල් පප්පවත් නෙවෙයිනේ. අයවැය කියන්නේ (ඒකේ කියන විදියට වැඩ කරනව නම්) ඊළඟ අවුරුද්දේ රටේ ආර්ථිකය (සහ අනිත් දේවල්) මොන පැත්තට අරන් යනවද කියන එක තීරණය කරන ලියවිල්ලක්.

ඉතිං මේ තමයි මේ පාර අයවැයේ අපි කැමති සහ අකැමති දේවල්.

එළ

  • අවම දඩය රුපියල් 2500 යි

මොන බද්ද වැඩි වුණත් ඒකෙන් කාට හරි අවාසියක් වෙන එක වලක්වන්න බෑ. ඒත් බදු නොගහ ආණ්ඩුවක් පවත්වගෙන යන්නත් බෑ. අනිත් එක මේ ගෙවන්න තියෙන ණය කන්දරාවෙ හැටියට අම්බානක බදු ගහන්න වෙන එක වලක්වන්න බැරි දෙයක්. ඉතිං වැරදි කරන අයගෙ දඩ මුදල වැඩි කරන එක කියන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරාගන්නව වගේ වැඩක්. මොකද නිති කඩන අයට විතරනේ මේක ලගවන්න වෙන්නෙ. මේකට විරුද්ධ වෙනව නම් වෙන්න පුළුවන් වෘත්තීය මාර්ගනීති කඩන්නෙකුෙ විතරයි කියල තමයි අපිත් හිතුවේ. ඒත් දැන් බලද්දි ඇත්තට ම එහෙම අයත් ඉන්නවනේ.

Photo Credit: www.cnet.com
  • දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයකට මාරුවීම

මේක ගැන නම් අපට තියෙන ලොකුම බය තමයි ඔය කීවට මේක කරයිද කියන එක. මොකද රාජ්‍ය සේවයේ වැඩිදෙනෙක් මේකට කැමති නැති නිසා (සහ ලංකාවෙ ගෙවල්වලින් බාගෙක විතර එක්කනෙක් හරි රාජ්‍ය සේවකයෙක් නිසා) මේක ආණ්ඩුවට සෑහෙන ඡන්ද ප්‍රමාණයක් නැතිවෙන පොටක්. ගිය අවුරුද්දෙත් අයවැයට මේක කීවත් මුකුත් කරගන්න බැරි වුණේ ඒකයි. ඉතිං මේ පාරවත් ඕක කරන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්.

වයසට ගියාම විශ්‍රාම වැටුපක් ලැබෙන එක හොඳ දෙයක්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ රජයේ සේවකයන්ට මැරෙනකල් (සහ එයාලා මැරුණට පස්සෙ පවුලෙ අයටත්) පඩි ගෙවන්නත් වෙන්නෙ අනිත් අයගෙ බදු මුදලින් වෙන ඒක. ඊටත් වඩා බරපතල ප්‍රශ්නය තමයි පුද්ගලික අංශයේ හරි ස්වයං රැකියාවක් හරි කරන අයට වයසට ගියාම ජීවත්වෙන්න කිසිම ක්‍රමයක් නැති වීම. ඉතිං හැමෝටම පොදුවේ දායකවෙන්න පුළුවන් විශ්‍රාම වැඩුප් ක්‍රමයක් හදන්න පුළුවන් නම් (පුළුවන් නම්) ඒක මරු.

 

  • විදේශීය ටෙලි නාට්‍ය බදු ඉහළට

මෙහෙමයි. ආනයනික වුණත් දේශීය වුණත් මේ රටේ පෙන්වන ටෙලි නාට්‍ය නම් වැඩි හරියක් කටේ තියන්න බෑ. ඒත් ඉතිං මේවත් බලන ජනතාවක් රටේ ඉන්නවනේ. ඉතිං පිටරටින් ලාබෙට එන නාට්‍යයට බද්දක් ගහන එකෙන් ලංකාවෙ අයට තමන්ගේ නාට්‍යවලටත් හොඳ මිලක් ලබාගන්න වගේ ම පිටරට ඒව එක්ක තරගකරන්න පුළුවන් වාතාවරණයක් හැදෙනවා.

  • උපාධිධාරින්ගේ අලුත් අදහස්වලට මිලියන 1.5 දක්වා ණය

කරන්න පුළුවන් නම් මේකත් මරු වැඩක්. අපේ අධ්‍යාපන ක්‍රමේ හැදිලම තියෙන්නෙ කැම්පස් ගිහින් උපාධියක් අරන් කොහොම හරි  රජයේ රස්සාවකට රිංගගන්න ඉලක්කයත් එක්ක.  ඉතිං සෑහෙන මුදලක් විදයම් කරලා හදන උපාධිධාරියෝ ඒ මුදල ආපහු රටට උපයල දෙනව වෙනුවට ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ රාජ්‍ය සේවයේ පුටු රත්කරමින් ජීවිතේ ඉතිරිකාලයත් අනිත් බදුගෙවන මිනිස්සුන්ගෙ සල්ලිවලින් ජීවත් වෙන එකයි.  ඉතිං ඒ ක්‍රමය වෙනස් කරලා, ලංකාවේ ඉහළ ම අධ්‍යාපනයක් ලබපු මේ පිරිසෙන් කොටසක්වත් අලුත් අදහස්වලට ආයෝජනය කරන්න පොළඹවන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.

 

අනේ මන්ද

  • උසස් පෙළ සිසුන්ට ටැබ්

මෙහෙමයි, ලංකාවේ අධ්‍යාපනය තාම තියෙන්නේ 19 වැනි සියවසේ විතර නිසා තනියම හරි ලෝකෙ අලුත් දැනුම හොයගන්න ළමයින්ට මගසලස්වන එක හොඳයි. ඒත් මේ ටැබ් බෙදිල්ල නම් කාගෙ හරි සාක්කු පුරවන ප්‍රොජෙක්ට් එකකට වැඩි දෙයක් කියල පේන්නෙ නෑ. අඩු ගාණෙ අර නිල ඇඳුම් වගේ වව්චර් වත් දුන්න නම්;  එතකොට තමන් කැමති වර්ගයක ටැබ් එකක් හරි ලැප්ටොප් එකක් හරි තමන්ට ගැලපෙන දෙයක් ගන්න පුළුවන් නේ. (නැත්නම් ඉතිං කොමිස් ටික එහෙම අඩුවෙලා එද්දි බාල චයිනීස් ටැබ් එකක් තමයි අන්තිමට ලැබෙන්නෙ)

  • පණ්ඩිත් අමරදේව පුහුණ මධ්‍යස්ථානය හදන්න මිලියන 25ක්

හොඳයි. ඒත් ඉතිං මිලියන 25කින් (කෝටි 2 1/2) ඕකෙ බිල්ඩිමවත් හදන්න පුළුවන්ද? මේ දවස්වල ලොතරැයි දිනුමකුත් කෝටි 5ක් විතර වෙනවා නේද?

 
  • දුම්රිය සහ ගමනාගමන මණ්ඩලය 2018 වෙද්දි පාඩු නොලබන තත්ත්වයට

කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් මේක කරන්න පුළුවන් කියල ලංකාවේ කවුරුත් විශ්වාස කරනවද? අඩු ගානේ රවීවත්?

 
  • අභ්‍යන්තර ගුවන් සේවාවක් පටන්ගන්න රු. කෝටි 5ක්

අභ්‍යන්තර ගුවන් සේවාවක් පටන්ගන්න එකේ නම් වරදක් නෑ. (ඒත් ඉතිං ආණ්ඩුවම ද ඕව කරන්න ඕන? ශ්‍රී ලංකන්, මිහින් පාඩුව මදිද?) ඒත් ඉතිං අමරදේව මධ්‍යස්ථානය ගැන කියපු එකම තමයි මේකටත් කියන්න තියෙන්නේ: ගුවන් සමාගමක් පටන්ගන්න කෝටි 5ක් වෙන් කරලා මොනව කරන්නද? දැන් ඔය රවී ළගදි ගත්ත කාර් එකට ම කීයක් ගියාද?

මොන හුයන්නක්ද?

  • ලක්සතොසට මිලියන 500ක්. හැම ලක්සතොසකට ම රු. 10,000ක්

ආණ්ඩුවට සිල්ලර කඩ කරන්න බෑ රවී! අයියෝ ඔයාට මතක නැද්ද, කලින් පාර (2001-2004) ඔයාම නේද සතොස විකුණලා දැම්මේ කරන්න බෑ කියලා. අනිත් එක එක ශාඛාවකට රු.10,000ක් මොනව කරන්නද? අනේ මන්ද රවී.

 
  • සමෘධිලාභීන්ට මසකට සහල් කිලෝ 5ක් ලබා දෙන අතර, එය දීමනාවෙන් අඩු කිරීම

අනේ මන්ද රවීට (සිරිමා) ආච්චි වැහිලද කියල. මෙහෙම 70-77 කාලෙ වගේ ගුල්ලොත් එක්ක හාල් බෙදන ක්‍රමයකට යනව කියල ඔයාලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තිබුණේ නෑනේ. දැන් රනිල්ගෙන් අහලද ඕව කරන්නෙ?

  • සැටලයිට් චැනල්වල යන ඇඩ්වලට බද්දක්‍

මේක නම් කොහෙන් ආපු අදහසක් ද කියල හිතාගන්න අමාරුයි. අපේ සැටලයිට්/ කේබල් ටීවීවල ඉන්දියන් ෆීඩ් එක තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ. ඉතිං ඒ එක්ක ඉන්දියන් වෙළෙඳ දැන්වීමුත් යනවා. දැන් මේවට බදු ගැහුවම කවුද ඒව ගෙවන්නෙ? මේ ගොඩක් දැන්වීම්වල පෙන්වල බඩු ලංකාවෙ ඇත්තෙත් නෑ. තිබුණත් ලංකාවේ ඒ භාණ්ඩ බෙදාහරින අය මොනව කරන්නද ඉන්දියන්කාරයො දාන ඇඩ්වලට?  නැත්නම් ලංකාවෙ ආණ්ඩුව ඉන්දියන් කොම්පැනිකාරයන්ට බදු ගහන්නද හදන්නේ?

 

  • ඒ ටී එම් ගාස්තුව රු 10යි. ඉන්ටර්නෙට් බද්ද 25%කින් ඉහළට

දැන් ආර්ථිකය ඩිජිටල්කරණය කරනව කීවේ මේකටද? ඒ ටී එම් ගාස්තු වැඩි කරන්නෙ බැංකු කවුන්ටර්වල පෝලිම්වල දිග “වර්ධනය” කරන්නද?

 

  • සිය රට දේ සිරි සැප දේ

සියරට වුණත් පිටරට වුණත් ඇල්කොහොල් කියන්නෙ සිරිසැප දෙන දෙයක් කියල තමයි බොන අය කියන්නෙ. පරණ ආණ්ඩුවේ “මතට තිත” තාමත් එහෙමම නිසා ඇල්කොහොල් කර්මාන්තය ඇතුලෙ ප්‍රචාරණය, තරගකාරිත්වය වගේ දේවලට ඉඩක් නැති තරම්. වෙළෙදපොළේ තරගකාරිත්වය නැති වුණාම භාණ්ඩවල ගුණාත්මකභාවය ඉහළ යන්නෙ නෑනේ. ඉතිං දේශීය නිෂ්පාදකයන්ට උදව් කරන්න කියල ආනයනික මත්පැන් බද්ද තවත් වැඩිකරන එකෙන් වෙන්නේ ලංකාවේ ඒකාධිකාරිය තියන සමාගම් කීපයට තවතවත් ලාබ එතනෝල් මිනිස්සුන්ට පොවන්න ඉඩසලස්වනව කියන එකයි. අරක්කු සිගරැට් බොන මිනිස්සු කියන්නෙත් මේ  රටේ පුරවැසියෝ!

  • පරිප්පු, සීනි, මුංඇට, අල ,කරවල…

සිරාවට? මාසෙන් මාසෙට ගණන් වෙනස්වෙන මේ වගේ දේවල් ටිකක මිල රුපියල් දෙක තුනකින් අඩුකරලා දාන මේ සෙල්ලම දැන් හොඳට ම පරණයි රවී. ඔයා හිතනව ද තාම මිනිස්සු අහුවෙනව කියල ඕවට.  

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide