ඉවුම් පිහුම් ගැන උනන්දු අයට.. ලංකාවේ හොඳම රෙසිපි බ්ලොග්ස් – II.

මේ රෙසිපි බ්ලොග්ස් හරිම ආකර්ෂණීයයි. ඉතින් මේවා පළ කරන්නේ ලංකාවේ අය බව අපි කියන්නෙ හරිම ආඩම්බරෙන්.

මේ ලිපියේ පළමු වැනි කොටස කොටසට මෙතනින් පිවිසෙන්න.

The Flavor Blender

www.theflavorbender.com

කැනඩාවේ ජීවත් වෙන ලාංකිකයෙක් වෙන දිනී තමයි මේ බ්ලොග් එක කරන්නෙ. ලංකාවේ ඉඳන් නවසීලන්තෙට, ඇමරිකාවට, කැනඩාවට ආදී වශයෙන් ඇය දිගට ම සංචාරයේ යෙදුණු නිසා, ඇගේ කෑමබීමවලත් ඒ සංචාරවලින් ලැබුණු අත්දැකීම්වල ප්‍රතිඵල දකින්න පුළුවන්. දිනීගේ කෑම වට්ටෝරුවලින් වැඩි හරියක් නිර්මාණය කරලා තියෙන්නේ ඇයමයි. ඒ නොයෙක් පරීක්ෂණ, නිරීක්ෂණ සහ අත්දැකීම් ඔස්සේ. ඇය ඒවා අපට ඉදිරිපත් කරන්නෙ ඒ ගැන පුංචි පසුබිම් කතාවකුත් එක්ක.

දිනීගේ කෑම වට්ටෝරු එකතුවේ උදේ, දවල්, රෑ ආහාර වේල් තුන සඳහා ම සුදුසු කෑමබීම, බේක් කළ ආහාර, ඇපටයිසර්ස්, ටපාස්, සෞඛ්‍ය සම්පන්න ආහාර, පුංචි පුංචි ස්නැක්ස්, රසකැවිලි, සැර කෑම, බීම ජාති, කොක්ටේල්.. මෙකී නොකී ජාති රැසක් ඇතුළත්. මේවා විවිධ කොටස්වලට වෙන් කරලා ලේබල් කරලා තියන නිසා බ්ලොග් එක කියවන කෙනෙකුට අතපහු වෙන්නෙ නෑ. ඇය මේ රෙසිපි එකතු කරලා 2017 දී පොතක් විදිහට පළ කළා.

දිනී මේ බ්ලොග් එක පටන්ගත්තේ 2014 දි. ඒ ඇගේ ආචාර්ය උපාධිය කරන අතරේ. theflavorbender@gmail.com ඔස්සේ ඔබට ඇය අමතන්න පුළුවන්.

Savory Spin

www.savoryspin.com

සේවරි ස්පින් බ්ලොග් එක, දියණිය වෙනුවෙන් තමන්ගේ රෙසිපි එකතු කරලා තියාගන්න ශෂී දරන උත්සාහයේ ප්‍රතිඵලයක්. 2013 දි පටන්ගත්ත මේ බ්ලොග් එක මුලින් නම් කරලා තිබුණේ ‘Runnin Sri Lankan’ කියලා. පසුව 2016 දි සේවරි ස්පින් විදිහට නම් කෙරුණා.

ලංකාවේ ඉපදුණාට ශෂීගේ මුළු පවුල ම අබුඩාබිවලට සංක්‍රමණය වුණේ ඇය පුංචි කාලෙමයි. ඇය ඇමරිකාවේ ජෝජියාවල අත්ලන්තා නගරයේ අධ්‍යාපනය ලබලා දැන් එහි ම පදිංචි වෙලා ඉන්නවා. 

ශෂී වැඩිපුර අවධානය දක්වන්නේ පෝෂ්‍යදායී සහ අඩු මිලට සකසාගත හැකි කෑම වට්ටෝරු, පොඩි ශ්‍රී ලාංකික හෝ මැද පෙරදිග ගතියක් එක්ක පිළිගන්වන්න. කුළුබඩු ටිකක් එකතු කළාම හැම දේ ම රහ වෙනවා කියල විශ්වාස කරන ඇය, ඒ ක්‍රමයෙන් කෑමවල නියම රස පදම ගන්න දන්නවා. ඒ වගේ ම, පුළුවන් තරං පෝෂ්‍යදායී විදිහට ආහාරපාන සකසාගන්න විදිහ ගැන ටිප්ස් සහ ට්‍රික්ස් එහෙමත් ඇය මේ බ්ලොග් එකෙන් ලබා දෙනවා. 

shashi@savoryspin.com ඔස්සේ ඇය අමතන්න ඔබට පුළුවනි.

Island Smile

www.islandsmile.org

හැම වෙලේ ම හිනාවක් එක්ක රස ම රස කෑම පිළිගන්වන ලංකාවට සහ එහි පුරවැසියන්ට තමන්ගේ ප්‍රණාමය පළ කරන්න ජෙහාන් තෝරගත්ත විදිහ තමයි මේ බ්ලොග් එක. ඇගේ මේ චාරිකාව පටන්ගත්තේ ඇය අහම්බෙන් පොත් කඩේකින් හොයාගත්ත ශ්‍රී ලංකන් කුක් බුක් එකකින්. 

ඇගේ මව, මවගේ මව වගේ ම ඇගේ සැමියාගේ මව.. මේ හැමෝම මුළුතැන්ගේ හපන්කම් දක්වපු සූපවේදිනියෝ. ඒ නිසා ම ඇහැ ගැටෙන ඕන ම රෙසිපියක් අත්හදා බලන්න ජෙහාන් ලෑස්තියි. මේ පුරුද්ද නිසා ලංකාවේ ආහාර වගේ ම, ආසියාතික වෙනත් ආහාර, මෙක්සිකානු සහ ස්පාඤ‍්ඤ ආහාර වගේ විවිධ රසවල් හොයාගන්න ඇයට හැකි වුණා.

අගේ කෑම වට්ටෝරු සරලයි වගේ ම වැඩි වැල්වටාරම් නැතිව ලියවුණු ඒවා. ඒ නිසා ම ඒවා වටහාගන්න පහසුයි. ඇගේ ෆේස්බුක් පිටුව ඔස්සේ ඔබට ඇය අමතන්න හැකියි.

Top Sri Lankan Recipe

www.topsrilankanrecipe.com

රෝසි, ලංකාවේ කෑම ගැන තමන්ට ඇති ආදරය පළ කරන්නේ මේ බ්ලොග් එකෙන්. දක්ෂ සූපවේදියෙකුගේ දියණියක් වන ඇය තුළ ඉවුම් පිහුම් කලාව ගැන උනන්දුවක් ඇති වුණේ අවුරුදු 21 දී. එතැන් පටන් ඇය මේ කාර්යයේ දිගට ම යෙදුණා. ඉතින් මේ බ්ලොග් එක පසුපස ඇති ලොකු ම ධෛර්යය ඇගේ පියා බව ඇය කියනවා.

සුපුරුදු මාංශ සහ නිර්මාංශ ශ්‍රී ලංකන් කරිවලට අමතර ව ලංකාවේ රසකැවිලි, ස්නැක්ස් සහ බේක් කළ ආහාරවලටත් රෝසි තමන්ගේ බ්ලොග් එකේ ලොකු ඉඩක් වෙන් කරනවා. මේ හැම රෙසිපියක් ම සියුම් ව නිවැරදි ව ඉදිරිපත් ක‍රන නිසා කියවන්නෙකුට අවබෝධ කරගන්න පහසුයි.

වැඩි විස්තර දැනගන්න ඇගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

My Lankan Food Journal

www.mylankanfoodjournal.com

මයි ලංකන් ෆුඩ් ජර්නල් කියන්නේ නස්රත්ගේ ඔන්ලයින් රෙසිපි එකතුව. ඉවීම ඇයට ඖෂධීය සුවයක් ගෙන දෙන බවයි ඇය කියන්නේ. ඉතින් ඇගේ කෑම වට්ටෝරුවල ඒ සුවය වගේ ම ආදරයත් යහමින් ඇතුළත් කරන්න ඇය අමතක කරන්නෙ නෑ.

හුඟක් සංකීර්ණ කෑම වට්ටෝරු වුණත් මේ බ්ලොග් එකේ හරිම සරල ව ඉදිරිපත් කරනවා. ඒ පින්තූර ගොඩක් සහ සරල, පහසු පියවර ඇසුරෙන් රෙසිපි එක කියා දෙමින්. කේක්, බේක් කරන කෑම, අලුත් අලුත් අතුරුපස ජාති, බත්වලින් හදන කෑම සහ තවත් රස බොජුන් ලොකු එකතුවක් මෙතැනින් ඔබට හොයාගන්න පුළුවනි. වැඩි විස්තර සඳහා @my_lankan_food_journal ඇගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක පැත්තේ ගිහින් බලන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide