2020 ජාත්‍යන්තර සාගර වීරවරිය.. ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥ ආශා ද වොස්.

ජාත්‍යන්තර Scuba Diving සඟරාව විසින් පසුගියදා 2020 වර්ෂයේ සාගර වීරවරිය වශයෙන් ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥ ආශා ද වොස් නම් කරනු ලැබුවා.

රට වටේට ම ඇත්තේ සාගරය වුණත් සාගර විද්‍යාව අපේ රටේ එතරම් ප්‍රචලිත විෂයයක් නෙවෙයි. එවැනි පසුබිමක සාගර විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ ආශා ද වොස් ලාංකිකයෙකු විදිහට වගේ ම කාන්තාවක විදිහටත් සුවිශේෂී පුද්ගලයෙක්. කාලයක් තිස්සේ ඇය ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වුණත්, ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් ඇය ගැන වැඩි අවධානයක් යොමු කරන්නට හේතු වුණේ පසුගියදා පානදුර වෙරළට තල්මසුන් ගොඩ ගැසීමේ සිද්ධිය.

ඒ අවස්ථාවේ තල්මසුන් නැවත සාගරයට මුදා හැරීමේ අත්‍යවශ්‍ය මෙහෙවර ඉටු කළ නාවික හමුදාව සහ වෙරළාශ්‍රිත ව ජීවත් වන ජනතාවගෙන් යුතු පිරිසට නායකත්වය දුන්නේ ආශා ද වොස්. ලංකාව විසින් ඉටු කරන ලද මේ සුවිසල් පාරිසරික මෙහෙවර ලොව දසදෙස පුවත් සිරස්තල මවන්නට සමත් වුණා.

ඉතින් මේ කෙටි සටහන ලංකාව බිහි කළ ජාත්‍යන්තර සාගර වීරවරිය වෙනුවෙන්.

ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ සංරක්ෂණ නිලධාරියෙකු වන ඈෂ්ලි ද වොස්ගේ දියණිය වන ආශා ද වොස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයෙන්. පාසල් කාලයේ එතරම් කැපී පෙනෙන ශිෂ්‍යාවක නොවූවත් ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩ්රූස් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබන්නට ඇයට හැකි වෙනවා. කුඩා කාලයේ ඉඳන් ම සාගරය ගැන නොනිමි කුතුහලයක් සහ උනන්දුවක් දැක්වූ ඇය සිය උසස් අධ්‍යාපනය වෙනුවෙන් තෝරගන්නෙත් ඒ විෂයමයි. 

“අවුරුදු 18දී මම සාගර විද්‍යාඥයෙක් වෙන්න ඉගෙනුම ලබන්න රට යනවා කිව්වම හුඟක් අය කිව්වේ, ‘ආ ඒ කියන්නේ ඔයා ආයෙ ලංකාවට එන්නෙ නෑ කියන එක’ කියලා. ඒ ඇයි ඇහුවම ඔවුන් කිව්වේ ‘ලංකාවේ ඒ විදිහේ විෂයයක් ඉගැන්වෙන්නේවත් ක්‍රියාවට නැංවෙන්නේවත් නෑනේ’ කියලා. මං ඔවුන්ට කිව්වා ‘හරි මං ඇවිල්ලා ඒ විෂය වෙනුවෙන් වැඩ කරන්න පටන්ගන්නවා’ කියලා. කියපු විදිහට ම මං මගේ හීනය ඇත්ත කරගත්තා.”

ආශා ද වොස් කියනවා.

වයස අවුරුදු 21දී සහතික ලත් කිමිදුම්කාරියක බවට පත් වෙන ඇය පසුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා, බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබනවා. ඒ සාගර ක්ෂීරපායී සත්ව පර්යේෂණ සම්බන්ධයෙන්. මේ විෂය සම්බන්ධ ආචාර්ය උපාධියක් හිමි එක ම ශ්‍රී ලාංකිකයා ඇයයි.

උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර නැවත ලංකාවට පැමිණෙන ආශා ද වොස් සාගරයේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන Oceanswell නම් ලාභ නොලබන ආයතනය පිහිටුවනවා. එය ශ්‍රී ලංකාවේ පළමු සාගර සංරක්ෂණ පර්යේෂණ සහ අධ්‍යයන ආයතනයයි. එතැන් පටන් ඇගේ මුළු ජීවිතය ම වෙන් වන්නේ සාගරයේ සහ සාගර ජීවීන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට. පෘථිවියේ විශාලතම සත්වයින් වන නිල් තල්මසුන් පිළිබඳ අධ්‍යයනය කිරීම සහ ඔවුන් සංරක්ෂණය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම ඇගේ ජීවන වෘත්තිය බවට පත් වෙනවා.

නොපසුබට වීර්යයෙන් සහ කැපවීමෙන් මේ ක්ෂේත්‍රයේ බොහෝ දුර ගමනක් පැමිණි ඇය සිය ක්‍රියා කලාපය හේතුවෙන් ම ජාත්‍යන්තර අවධානය දිනා ගන්නවා. ඒ BBC, New York Times, TED, National Geographic ආදී ගෝලීය අවකාශ තුළ ගෞරවයට පාත්‍ර වීමෙන්. ඒ අනුව ශ්‍රී ලාංකික ආශා ද වොස් ලකුණ ජාත්‍යන්තරයේ තැබීමට ඇයට හැකි වෙනවා. 

2018 වසරේදී BBC මඟින් තෝරා ගැනුණු ලොව වඩාත් ම බලපෑමක් කළ හැකි කාන්තාවන් 100 දෙනා අතරට පත් වුණු ආශා ද වොස්, එම වසරේ ම Lanka Monthly Digest සඟරාව විසින් වසරේ ලාංකිකයා වශයෙන් තෝරා ගැනුණා. 2019 වසරේදී ඇය ලංකාවේ පාර්ලිමේන්තුව විසින් තෝරා ගැනුණු, වෙනසක් කළ හැකි ලාංකික කාන්තාවන් 12 දෙනා අතරටත් පත් වුණා.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රදර්ශනය කරන ලද ඡායාරූපයක් සහිත පළමු ශ්‍රී ලාංකික කාන්තාව ද ඇයයි. එමෙන් ම, පෙර කී ලෙස ම පානදුර වෙරළට තල්මසුන් ගොඩ ගැසීමේ සිදුවීම නිසියාකාරව කළමනාකරණය කරගන්නට හැකියාව සහ සවිය ලැබුණේ, ඒ සම්බන්ධ පුළුල් හැදෑරීමක් සහිත ඇගේ මඟ පෙන්වීම හේතුවෙන්.

ජාත්‍යන්තර Scuba Diving සඟරාව විසින් 2020 වර්ෂයේ සාගර වීරවරිය වශයෙන් ආශා ද වොස් තෝරා ගැනීමෙන් ලංකාවටත් සුවිසල් අවස්ථා රැසක් හිමි වෙන බව මතක් කළ යුතුයි. එනම්, මේ සමග ඇයට හිමි වන ඩොලර් 5000ක මුදලින් ලංකාවේ මීළඟ සාගර විද්‍යාඥ පරපුර බිහි කිරීමට අඩිතාලම දැමීමට ඇයට අවස්ථාව සැලසී තියනවා. ඒ ඇමරිකාවේ Seiko ආයතනයේ අනුග්‍රහයෙන්. ඉතින් ඇය මේ වන විට බලවත් ම සහ ශක්තිමත් ම ශ්‍රී ලාංකික කාන්තාවක වශයෙන් ඉතිහාසයට එක් වී අවසන්.

“ඕනෑ ම සාගරයක් රැක ගැනීමට නම්, එහි වෙරළ තීරයට දේශීය වීරයෙකු සිටිය යුතුයි. පිළිතුරු අවශ්‍ය ගැටලු හඳුනා ගැනීමට, ඒවාට දේශීය වශයෙන් සරිලන විසඳුම් ඉදිරිපත් කිරීමට ඔහුට හෝ ඇයට හැකි විය යුතුයි. ඒ සඳහා අප නව පරපුරට මේ සම්බන්ධ අධ්‍යාපනය ලබා දිය යුතුයි. මා මෙම ක්ෂේත්‍රයට එන විට මට මාර්ගෝපදේශකයෙකු සිටියේ නෑ. මා උගත්තේ අත්හදා බැලීම්වලින් සහ වැරදීම්වලින්. එනිසා මේ ක්ෂේත්‍රයට අලුතින් එකතු වෙන පිරිසට අවශ්‍ය නිසි මාර්ගෝපදේශනය ලබා දී ඔවුන් තවදුරටත් ක්ෂේත්‍රයට වැඩදායී පුද්ගලයින් වනවා දැකීමයි මගේ අරමුණ.”

ආශා ද වොස් පවසනවා.

මේ අයුරින් අපේ රට වට කළ සාගරයේත්, වෙරළ තීරයේත් වීරවරිය බවට පත් වීමට ඇය සමත් වුණා. සිය විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් තමාට හැකි සියල්ල ඉටු කිරීමට අප්‍රතිහත උත්සාහයෙන් කටයුතු කරන ඇය ශ්‍රී ලාංකිකයෙකු ලෙසත් කාන්තාවක ලෙසත් සුවිශේෂී චරිතයක්. ඇගේ පෞරුෂය ඕනෑ ම කෙනෙකුට ජීවිතය ජය ගැනීමට ධෛර්යය සපයනවා. 

ඉතින් මේ වසරේ ලොව සාගර වීරවරිය වූ ලාංකික සාගර විද්‍යාඥ ආශා ද වොස් වෙත ‘යමු’ අපිත් සුබපැතුම් පළ කරනවා..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide