ගීතයක් පිටුපස සැඟවුණු කතාවක් – II.

අපට නිතර දෙවේලේ අහන්න ලැබෙන ගීතවල පද පෙළෙන් ඔබ්බට ගිහින්, ඒවායෙන් දැනගන්න ලැබුණු පසුබිම් කතා ගැන ලියපු ලිපිය ඔයාලට මතක ඇති. විවිධ ගේය පද රචකයන් මුහුණ දෙන, අහන දකින අත්දැකීම් වචන බවට පෙරළිලා තමයි මේ විදියට ගීත පද රචනාවන් අපේ හමුවට එන්නේ.

ඉතින් ඒ වගේ අපට දැනගන්න ලැබුණු තවත් කතන්දර කිහිපයක් ඔයාලා හමුවට ගේන්න, අපි හිතුවා.

1. ඔබ පෙම් කරනා ඔබේ කුමාරී

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී – ඔබට ආදරේ කියනා අයුරින්

පෙර දවසක මා පෙම් කරනා සඳ – මටද ආදරේ කියා තිබේ

සුනිල් ආර්.ගමගේ මහත්මයා අතින් ලියවුණු මේ ගීතය, විරහ වේදනාව කැටි කරගත්ත එකක් බව, ඒක ඇහුණු සැණින්ම අපට තේරෙනවා. කොච්චර සුන්දර අත්දැකීමක් වුණත්, ආදරේ කියන්නේ විරහවත් අරගෙන එන හැඟීමක්. ගුණදාස කපුගේ මහතා හඬින් ගැයෙන මේ ගීතයත්, අන්න ඒ වගේ කඳුලු කතාවක් පාදක කරගෙන තමයි ලියවෙලා තියෙන්නේ.

පාසල් යන කාලයේ ඉඳන් ආදරය කරපු එක්තරා යුවලක් උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වෙනවා. දෙන්නටම සරසවි වරම් ලැබුණත්, අවාසනාවකට වගේ ඒ දෙන්නා තේරුණේ වෙනස් සරසවි දෙකකට. මොන දේ වුණත් එක හිතින් ආදරේ කරන්න පොරොන්දු වුණත්, සරසවියට ගිය මේ තරුණිය වෙනස් වුණේ හරිම ඉක්මණට.

පාසල් ප්‍රේමය අමතක කරන ඇය වෙනත් තරුණයෙක් සමඟ ආදරයෙන් බැඳෙනවා. ඇයගේ කලින් පෙම්වතා මෙයින් ඇතිවෙන්නේ දරාගන්න බැරි දුකක්. අහම්බෙන් වගේ මඟ තොටේදී ඔවුන් දෙදෙනාව මුණගැහෙන ඔහුගේ මතකයට අතීත ආවර්ජන ගලාගෙන එන්නේ හදිසියේ ඇද හැලෙන මහා වැස්සක් වගේ. ඉර බැහැගෙන යන හැන්දෑවක, සති අන්තෙක උද්‍යානයක, සිනමා ශාලාවක ඇයත් එක්ක තමනුත් මේ විදියට ඇවිදගෙන ගියා නේද කියන එක ඔහුට මතක් වෙනවා.

තමන්ගේ මිතුරා විඳින විරහ වේදනාව ඔහුගේ යාළුවත් දකිනවා. ඉතින් යාළුවා දකින ඒ වේදනාව තමයි මේ විදියට ගීතයක වචන බවට පෙරළෙන්නේ.

2. සොඳුරිය මට නොකියාම ගියා

එදා මෙදා තුර කඳුලට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා

ළයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා

මිලාන වී ගිය රෝසකුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා

දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

විමල් ජයශාන්ත මහත්මයාගේ පළමු මෙන්ම අවසාන ගේය පද රචනාව වුණේ මෙයයි. එතරම් දුක්බර කතන්දරයක් එයට පාදක වෙලා තිබීම ඒකට හේතුවයි.

කොළඹ තැපැල් කන්තෝරුවේ ස්ථානාධිපති කෙනෙක් වුණු ඔහු මුළු හිතින්ම එක්තරා තරුණියකට ආදරය කරනවා. ඇයගේ හිතෙත් ඔහු ගැන තියෙන්නේ ඊට නොදෙවෙනි ආදරයක්. කවදාහරි දවසක පෝරු මස්තක වෙලා අතැඟිලි බැඳලා, එක වහලක් යටට වෙන බලාපොරොත්තුවක් ඔවුන් දෙදෙනාගේ හිතෙත් තිබුණා. නමුත් අවාසනාවකට වගේ ඒ තරුණියගේ ගෙදරින් මේ ප්‍රේම සම්බන්ධයට කිසිම බුරුලක් ලැබුණේ නැහැ.

දවසක්දා මේ තරුණයාට විදුලි පුවතක් ලැබෙනවා. වහාම තමන්ගේ ගෙදරට එන ලෙස දන්වලා මෙය එවන්නේ ඒ තරුණියගේ පියා. මේ එන්න කියන්නට ඇත්තේ ඔවුන් දෙදෙනාට ගෙදරින් කැමැත්ත දුන් බව කියන්න වෙන්න ඇති කියලයි ඔහු හිතුවේ. බලාපොරොත්තු කන්දකුත් හිතේ තියාගෙන ඔහු ඇගේ නිවස හොයාගෙන යන්නේ ඒකයි.

ඇගේ නිවසට හැරෙන තැන එල්ලලා තියෙන සුදු කොඩිය දැක්කම ඔහුගේ හිතට දැනෙන්නේ ලොකු චකිතයක්. අඩියට දෙකට ගේ ඇතුළට යන ඔහුට දකින්න ලැබෙන්නේ, තමන් පණ මෙන් ආදරය කරපු යුවතියගේ මල සිරුර සාලය මැද තිබුණු මිනී පෙට්ටියක වැතිරිලා ඉන්න විදිය. අපේක්ෂාවන්ගෙන් පිරුණු ඔහුගේ ලෝකය එක තත්ත්පරයකින්, දෑස් පනාපිටම බිඳ වැටුණා වගේ හැඟීමක් ඔහුට දැනුණා.

දෙමාපියන්ගේ කැමැත්ත තමන්ගේ ආදරයට කවදාවත් නොලැබෙන බව තේරුණු තරුණිය සිය දිවි හානි කරගෙන තිබුණේ ඔහුගෙන් තොර ආදරයක් ගැන ඇයට හිතන්නවත් නොහැකි නිසා. විමල් ජයශාන්ත මහතා පද පෙළකට අමුණපු ඔහුගේ ඛේදනීය කතාන්දරය අපට අහන්න ලැබෙන්නේ සනත් නන්දසිරි මහත්මයාගේ ලයාන්විත හඬින්.

3. මගේ පුංචි රෝස මලේ  

මගේ පුංචි රෝස මලේ – මමයි නුඹේ වියපත් බඹරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා

ස්වාධීන රූපවාහිනියෙන් මුලටම බලන්න ලැබුණු මේ මියුසික් වීඩියෝ එක දැකපු හුඟක් අය හිතුවේ මේ ගීත පිටුපස තියෙන කතාවත් මේකමයි කියලා. ඒත් ඒකෙ ඇත්තම පසුබිම් කතාන්දරය මෙන්න මේ වගේ එකක්.  

සංගීත ක්ෂේත්‍රයේ ඉන්න එක්තරා ගායකයෙක් තමන්ගේ සංගීත පන්තිය පැවැත්වූයේ කළුතර පැත්තේ. ඔහු තරමක් වැඩිමහල් වයසේ ඉන්න කෙනෙක්. ඉතින් දවසක්දා මේ පන්තියට බොහොම ලාබාල ගැහැණු ළමයෙක් ආවා වයලින් වාදනය ඉගෙනගන්න.

සමහර වෙලාවල්වලට ආදරය කියන දේට, උස් මිටිකම්, තරාතිරම්, වයස බලපාන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. වයසින් වැඩි කෙනෙක් වුණත් ඒ යුවතිය ගැන මේ ගායකයාට ඇතිවුණේ පුදුම ආදරයක්. ඇය පන්ති ආවේ නැති දවසට පන්තිය පවත්වන්නවත් ඔහුට හිත් දුන්නේ නැහැ. ඇයට පන්තියේ වැඩවලට උදව් කරත්, වචනෙකින්වත් නොගැළපෙන දෙයක් කියන්න ඔහු වග බලාගත්තා. ඒ නිසා ගුරුවරයගේ හිතේ තමන් ගැන තියෙන අසීමිත ආදරය ගැන ඇය හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ.

ප්‍රවීණ ගීත රචකයෙක් වන ධම්මික බණ්ඩාරයන් ඔහුගේ මිතුරෙක්. ඒ නිසා ලාබාල තරුණියකට හිතින් ආදරය කරන ඔහුගේ කතාව ධම්මික බණ්ඩාරයන් පවා දැනගෙන හිටියා. එක දවසක් ඔහු මේ ගායකයාගේ ගෙදරට යන්නේ ගීතයකට තනුවක් හදාගන්න. ඒත් ඔහු ගෙදර හිටියේ නැහැ. කොහොමහරි ධම්මික බණ්ඩාරයන් ඔහුව හොයාගන්නේ ඒ පැත්තේ තිබුණු රෙස්ටුරන්ට් එකකදී.

සංගීතයේ හසල දැනුමක් තිබුණු මේ සංගීතඥයා රෙස්ටුරන්ට් එකකට වෙලා ආදරයෙන් පරාද වුණු තරුණයෙක් වගේ බොන හැටි දැක්කම ඔහුට පුදුම හිතුණා. ඒත් හේතුවත් ඇත්තටම එහෙම දෙයක් තමයි. අර තරුණියගේ විවාහයට ආරාධනා කරලා ඇරයුම්පතක් ඔහුටත් ලැබිලා. ගුරු ගෞරවයෙන් යුතුව, දෙපා නැමදලා ඇයගේ අතින්ම තමයි මේ ආරාධනාව ඇය කරලා තියෙන්නේ.

ඉතින් ඔහුගේ ඒ විරහව පද පෙළට අමුණලා, ධම්මික බණ්ඩාරයන් රචනා කරපු මේ ගීතය අපට අහන්න ලැබෙන්නේ අමරසිරි පීරිස් මහත්මයාගේ ගැඹුරු හඬින්.

4.  මලක් වුණේ ඇයි නුඹ මට

මලක් වුණේ ඇයි නුඹ මට – ජීවිතයට සුවඳ සලන

එනමුදු සිප ගන්නට තහනම්  

විලක් වුණේ ඇයි නුඹ මට – ජීවිතයට සිසිල ඉසින

දිය දෝතක් බොන්නට තහනම්

අමරසිරි පීරිස් මහත්මයාගේ හඬින් ගැයෙන මේ ගීතයත් අපි බොහොම ආදරය කරන එකක්. එයටත් පාදක වෙලා තියෙන්නේ ඒක රචනා කරපු සමන් අතාවුදහෙට්ටි මහත්මයාගේ අත්දැකීමක්.

කාලයක් පිටරට වාසය කරපු සමන් අතාවුදහෙට්ටි මහත්මයාගේ මිතුරෙක් ලංකාවට එනවා.පිටරට ඉද්දී දැන අඳුනගත්ත ලංකාවේ තරුණියක් ගැනත්, ඔහු ඇයව ආවාහ කරගන්නට බලාපොරොත්තු වෙන බවත් ඔහු පැවසුවේ හරිම සතුටින්. ඉතින් මේ තරුණියව වගේම ඇගේ පවුලේ අයවත් පෞද්ගලිකව මුණ ගැහිලා, හඳහන් එහෙම බලවලා මේ විවාහයට දින එහෙම වෙන් කරගන්න ඔහු කටයුතු කරනවා.

ඒත් එක පාරටම ඇයව විවාහ කර නොගන්න ඔහු තීරණය කරනවා. ඒකට හේතුව ඔවුන් දෙන්නගේ අදහස්වල නොගැළපීම. ඇත්තම කිව්වොත් ඇය බොහොම සාම්ප්‍රදායික විදියට හිතන කෙනෙක්. විවාහ වෙන්න හිටියත් අතකින්වත් අල්ලනවට ඇය කැමතිවෙලා නැහැ. මේ ගැන ඔහුට දැනිලා තියෙන්නේ හරිම කලකිරීමක්.

බිඳුණු හිතින් ඔහු නැවතත් ලංකාවෙන් පිටවෙලා යනවා. මාස කිහිපයකට පස්සේ දීර්ඝ ලිපියක් මේ තරුණියටලැබෙන්නේ ඉහත දක්වලා තියෙන පද පෙළත් එක්කමයි. මේ සිදුවීමට සමාන කතන්දර බොහොමයක් අහපු, දැකපු සමන් අතාවුදහෙට්ටි මහතා “මලක් වුණේ” ගීතය රචනා කළේ ඒ සේරම මතකයන් අවදි කරගෙන.

5. සුවඳ මට දී

සුවඳ මට දී පාට තැවරූ

මල අරන් පිටවී

මා රැවටුවා මලවී

ඒ මලත් මැලවී

ආදරේ මල ආයෙමත් පරවී

අග හිඟකම්වලින් නොඅඩු පවුලක උපන්න ඔහු පාසල් ජීවිතේට සමුදෙන්නේ පුංචි කාලේදීමයි. වයසෙන් වැඩෙද්දී, ගොවිතැන ජීවිකාව කරගත්ත ඔහුට තරුණියක් මුණගැහෙනවා. ඇයත් ඔහු වගේම බොහොම දිළිඳු පවුලක කෙනෙක්. හැබැයි දුප්පත් වුණත් ඇයගේ අධ්‍යාපනය අතරමග නවත්තන්න ඔහු කැමතිවෙන්නේ නැහැ. තමන් උපයන දේ ඇගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ තමන්ට ලබාගන්න බැරි වුණු අධ්‍යාපනය ඇයට ලබාදීමේ අහිංසක බලාපොරොත්තුවත් එක්කමයි.

ඇය සරසවියට තේරෙද්දී ඔහු තරම් සතුටුවෙන වෙනත් කෙනෙක් නොමැති තරම්. සරසවියට ගියාට පස්සෙත් ඇගේ වියදම් දරන්න ඔහු වග බලා ගත්තා. ඒත් අධ්‍යාපනයෙන් ඉහළට යද්දී ඇයට ඔහුගේ තත්ත්වය මදි වුණා. කෙමෙන් කෙමෙන් ඇය ඔහුව තමන්ගේ ජීවිතයෙන් අයින් කරනවා.

මේ කතාව යමුනා මාලනීයන්ට කියන්නේ ඒ තරුණයා විසින්මයි. චන්දන ලියනාරච්චි ගායනා කරන ”සුවඳ මට දී" ගීතය ඇය අතින් ලියවුණේ ඒ තරුණයාගේ කඳුළු කතාව පසුබිම් කරගෙනයි.

මේ ගේය පද රචනාවන් එක්ක ඒවාට පාදක වුණු කතාන්දර ඇහුවම, අපට හිතුණේ මෙහෙම දෙයක්. ඒ ගීතයකට නිමිත්තක් විදියට ගොඩක්ම ගැළපෙන්නේ ආදරයද, විරහවද කියන එක. ඉතින් ඔයාලා දන්න තවත් මේ වගේ කතාන්දර තියෙනවා නම්, අපට කියන්න. එතකොට ඒ ගැන තවත් දවසක අපට කතා කරන්න පුළුවන්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide