ගීතයක් පිටුපස සැඟවුණු කතාවක් – I.

"සාහිත්‍යයත්, සංගීතයත් එක්තැන් කරන්නේ ගීතයයි"

ගීතයකට දෙන්න පුළුවන් හොඳම අර්ථකථනය මොකද්ද කියලා ඇහුවොත්, දෙන්න පුළුවන් හොඳම උත්තරේ මේක කියලයි මට නම් හිතෙන්නේ. මොකද ගීතයක් ජනප්‍රිය වෙන්න බලපාන්නේ ඒකේ තනුව විතරක්ම නෙවෙයි. එහි පද පෙළටත් ඒ විදියෙම වැදගත්කමක් ලැබෙනවා.

ඉතින් මේ ගී පද රචනා වෙන්නේ කොහොමද? ගොඩක් වෙලාවට ගී පද රචකයන්ගේ මනස තමයි වචන බවට පෙරළිලා මේ පද පේළි අතරට එන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේම අත්දැකීමක්, එහෙමත් නැත්තන් තමන් ඇහින් දැකපු, කණෙන් අහපු වෙනත් කෙනෙක්ගේ අත්දැකීමක් පාදක කරගෙනත් මේ ගීත රචනා වෙන්න පුළුවන්. ගීතවලට මුල් බීජ වුණු මේ වගේ කතන්දර, මේ ගීත තරම්ම රසවත්.

ඒ ගැන හොයලා බලපු අපට දැනගන්න ලැබුණු පසුබිම් කතන්දර කිහිපයක් තමයි මේ.

1. හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන – දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන – අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

පේරාදෙණිය විශ්ව විද්‍යාලය කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම විශ්ව විද්‍යාලයක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ ලස්සන පිටුපස සැඟවුණු ආදර කතාත් බොහෝමයි. මේ කතාව පටන්ගන්නේ 2003 අවුරුද්දේ. පේරාදෙණිය සරසවියට එක්තරා තරුණයෙක් ඇතුළත් වෙන්නේ භූගර්භ විද්‍යා උපාධිය හැදෑරීමේ බලාපොරොත්තුවෙන්. කැම්පස් එකෙන් ඔහුට වැදුණ කාඩ් එක තමයි බොනපාට්. පාසල් කාලේ ඉඳන්ම දීප්තිමත් ශිෂ්‍යයෙක් වුණු ඔහු අපේ වචනයෙන් කියනවා නම් හොඳ මීටරයක්.

සරසවියට එන බොනපාට්ට ගැහැණු ළමයෙක් මුණගැහෙනවා. කැම්පස් එකේ අය එයාව හැඳින්වූවේ සොබනි නමින්. මේ දෙන්නගේ ආදර සම්බන්ධය කැම්පස් එකේ හරිම ප්‍රසිද්ධයි. දෙන්නම පොල්ගහවෙල නිසා නිවාඩුවට ගෙදර ගියෙත් කෝච්චියෙන් එකටමයි. දෙන්නගේ ගෙවල්වලිනුත් මේ සම්බන්ධයට ආශිර්වාද කරලා තිබුණු නිසා කවුරුත් කිව්වේ හොඳට කැපෙන ජෝඩුවක් කියලා.

ඒත් සොබනි බොනපාට්ව එක පාරටම අත හරිනවා. පවුලේ එකම දරුවා විදියට වැඩුණු බොනපාට්ට මේ වගේ දෙයක් දරාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි ඔහු ඒ ගැන කාටවත් කිව්වෙත් නැහැ. මොකද හිත් පිත් නැතුව කරපු දෙයක් වුණත්, සොබනිට ඒකේ වැරැද්ද පටවන්න ඔහු අකමැති වුණු නිසා. හැමෝගෙන්ම වසන් කරගෙන ඉඳපු මේ දුක තව දුරටත් දරාගන්න බැරි වුණු බොනපාට් තීරණයක් ගත්තා. ලැබ් එකෙන් ගත්ත රසායනික කැට ටිකකුත් අරගෙන බොනපාට් පියමැන්නේ අසල තිබුණු කැළෑබද පෙදෙසකට. දවස් දෙකකට පස්සේ ඔහුගේ යාළුවන්ට හොයාගන්න ලැබුණේ බොනපාට්ගේ නිසසල සිරුර විතරයි.

සොබනිට පෙම් බැන්ඳ බොනපාට්ගේ කඳුළු කතාව ඇසුරු කරගෙන ලියවුණු මේ ගීතය ගායනා කරන්නේ රොෂාන් ප්‍රනාන්දු.

2. නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලින්ගනේ

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ – ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ

මහදේ වෙලෙනා, ඔබ මගේ සිහිනේ පිරුනා – මිහිරාවියේ මාගේ

ටියුෂන් පන්තියක ඉඳපු ගැහැණු ළමයෙක්ට හිත ගියපු පිරිමි ළමයෙක්ගේ අත්දැකීමක් තමයි මේක. රොමේෂ් සහ ලක්ෂාන් තමයි මේ ගීතය ගායනා කරන්නේ.

ඉතින් මේ පිරිමි ළමයා අවුරුද්දක් විතර මේ ආදරේ හිතේ තියාගෙන ඉඳලා තියෙනවා. කතාවේ හැටියට නම් මේ ගැහැණු ළමයට හරිම ලස්සන ඇස් දෙකක් තමයි තිබිලා තියෙන්නේ. මේ පිරිමි ළමයා හැමවෙලේම ඒ ගැන තමන්ගේ යාළුවො එක්කත් කියලා තියෙනවා. බැලූ බැල්මට ගැහැණු ළමයගේත් අකමැත්තක් තිබිලා නැහැ. කොහොම වුණත්, මේ ආදරේ ගැන ඇයට කියන්න මූලික වෙලා තියෙන්නේ ඔහුගේ යාළුවෙක්. දවසක්දා ඇය යන බස් එකකට ගොඩ වුණු මේ යාළුවා ඒ ගැන කියන්න හදනකොටම වෙන පිරිමි ළමයෙක් ඇවිදින් ඇය ලඟින් වාඩිවෙලා තියෙනවා. බැලින්නම් ඔහුගේ යාළුවගේ ආදරයට ප්‍රමාද වැඩියි. ඇය වෙන කෙනෙකුට බහ දීලා. මේ අත්දැකීම පාදක කරගෙන තමයි "නීල දෑසේ" ගීතය රචනා වෙලා තියෙන්නේ.

3. රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා – නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා

සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා – යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

හයිලෙවල් පාරේ ගිය තරමක් සෙනඟ පිරුණු බස් එකකට ගොඩ වුණු උස මහත හැඩි දැඩි තරුණයෙක්, ඒ බස් එකේම මැද හරියේ ඉඳපු ගැහැණු ළමයෙක්ගේ ලඟින් හිටගත්තලු. බස් එක නම් තමන්ගේ පාඩුවේ ඉදිරියට ඇදෙනවලු. හැබැයි මේ ගැහැණු ළමයා නම් මොකක්දෝ හේතුවක් නිසා තමන්ගේ ළඟ හිටගෙන ඉන්න පිරිමි ළමයා දිහා රවලා බලනවලු. ටික වෙලාවකින් ඇය කටහඬ අවදි කරලා ඔහුට බණින විටදී තමයි බස් එකේ ඉන්න අයට ඒකට හේතුව තේරිලා තියෙන්නේ.  

"කෙල්ලෙක්ට බස් එකේ පාඩුවේ යන්න නැහැ, වනචරකමට කකුල පාගනවා. තමුසෙට ලැජ්ජා නැද්ද?"

මුළු බස් එකේම අය ඔහු දිහා බැලුවේ පිළිකුලෙන්. ඒත් ඔහුගේ මුහුණෙන් පෙනුනේ ලැජ්ජා සහගත බවක් නෙවෙයි, දුක්බර බවක්. ඔහු ඇයගෙන් සමාව ඉල්ලුවේ තමන්ගේ කතාවත් කියන ගමන්.

සොල්දාදුවෙක් වුණු ඔහුට ඔහුගේ කකුල නැතිවෙලා තියෙන්නේ පුදුකුඩුඉරිප්පු සටනින්. ඒ වෙනුවට කෘත්‍රිම කකුලක් පැළඳගෙන ඉඳපු ඔහුට අර තරුණියගේ කකුල පෑගෙනවා දැනිලා නැහැ. ඒ කතාව අහපු බස් එකේ හැමදෙනාම පත් වුණේ පුදුම අපහසුතාවයකට. පිටත පෙනුමෙන් කෙනෙක්ව මනින්න පුරුදුවෙලා ඉන්න අද කාලේ, මේ වගේ දේවල් අපට හොඳ පාඩම්. ලක්ෂ්මන් හිල්මි ගායනා කරන ඉහත ගීතයට පදනම් වෙලා තියෙන්නේ මේ සඳහන් කරපු කතාවයි.

4. විසිරුණු මල් පෙති

විසිරුණු මල් පෙති දෝතට ගත් තුණු වී – ඒ පෙති එක් කර මලක් සොයන බොළදී

සරදම් නොකරමි ආදරයෙන් කියමී – විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගනී

ලාබාල වයසේ ඉන්න නංගි කෙනෙකුත් එක්ක, අයියා කෙනෙක් නීතිඥ කාර්යාලයකට ගොඩවෙන්නේ සල්ලාලයකුට රැවටිලා එයින් කෙලෙසුණු තමන්ගේ නංගිට නීතියේ පිහිට ලබා ගන්න. එයාලා ගොඩින් මඩින් අක්කර ගණන් තියෙන පොහොසත්තු නෙවෙයි. ඒත් ඒකයි කියලා තමන්ගේ නංගිට වුණු අසාධාරණය දිහා හිස් ඇස්වලින් බලාගෙන ඉන්න ඇගේ සහෝදරයා සූදානම් නැහැ. විත්තිකාර පාර්ශවයේ ඉන්න, ඒ තරුණියව මේ තත්වයට ඇදලා දැම්ම සල්ලාලයා සල්ලි, බලය දෙකම තියෙන පුද්ගලයෙක්. කොයි විදියට නඩුව කතා කරත්, ඒ බලය එක්ක, සල්ලි එක්ක හැප්පෙන්න මේ අයියාටත් නංගිටත් බැරි බව මේ නීතිඥවරයා වටහාගන්නවා.

ඒ නීතිඥවරයාගේ අත්දැකීම පදනම් කරගෙන තමයි අතුල අධිකාරි ගායනා කරන මේ ගීතය ලියවිලා තියෙන්නේ. අයියා කෙනෙක් තමන්ගේ ආදරණීය සහෝදරියට අවවාද කරන විදිය දැක්වෙන ආකාරයට මේ ගීතය රචනා වෙන්න ඇත්තේ, මෙයින් මත්තට ඒ වගේ ඛේදනීය සිද්ධීන් නොවේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම වෙන්න ඇති.

සමහර ගීතවල පද රචනාවන් දැක්කම ඒ පිටිපස්සේ මේ වගේ ගැඹුරු කතාවක් නිදන් වෙලා තියෙනවා කියලා හිතන්නත් අමාරුයි නේද යාළුවනේ? අපි මේ පළ කළේ ඒ වගේ අපට අහන්න ලැබුණු කතා අතරින් කිහිපයක් විතරයි. තව මේ වගේ කතන්දර කිහිපයක්ම තියෙනවා. ඒ ටික තවත් දවසක කියන්නම්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide