හවස් වෙද්දී එලියට එන ගෝල් ෆේස් එකේ ස්ට්‍රීට් ෆුඩ්.

ගෝල් ෆේස් කියන්නේ කොළඹ නගරයට ලස්සන කැන්දන දේවල් අතරින් ප්‍රධානතම අංගයක්. ලංකාවට එන විදේශිකයන් විතරක් නෙවෙයි ලංකාවේ දුර පළාත්වල ඉන්න ඇත්තොත් හෝ ගාන පොකුණ බලන්න එන්නේ මේ පැත්තට. යාළුවොත් එක්ක සෙට් වෙන්න, ගෙදර අයත් එක්ක පොඩ්ඩක් විනෝද වෙලා එන්න විතරක් නෙවෙයි, නිදහසේ ටිකක් කතා කර කර ඉන්න කැමති පෙම්වතුන්ටත් යන්න පුළුවන් තැනක් විදියට ගෝල් ෆේස් එක ප්‍රසිද්ධයි.

ගෝල් ෆේස් එකේ ලස්සන හොඳටම පෙන්නේ හවස් වරුවට තමයි. ලා රතු පාටින් හැඩගැන්වුන අහසෙන් ඉර බැහැගෙන යන හැටි මෙතනට හරිම ලස්සනට පේනවා. ඒ විදියට ඉර බැහැගෙන යද්දී ගෝල් ෆේස් එකේ එක පෙළට ඇරෙන කඩවල්, කෑම කරත්ත ටිකෙන් එකකට හෝ ගොඩ වෙලා කටට රහට දෙයක් කාලා නැත්තම්, ගෝල් ෆේස් එකට ආවත් ආවේ නෑ වගේ. ඇත්තම කිව්වොත්, ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ්වල එක්තරා පැතිකඩක් අපට මේ ගෝල් ෆේස් එකේ තියෙන කඩවල්වලින් දැකගන්න, රස විඳින්න ලැබෙනවා.

ඉතින් රස නහර පිනවන මේ කෑම වර්ග මොනවද? අපි පොඩි රවුමක් ගිහින්ම එමු.

1. ඉස්සෝ වඩේ

ගෝල් ෆේස් එක ප්‍රසිද්ධ ඉස්සෝ වඩේවලට කිව්වොත්, ඒ කතාවෙත් ඒ හැටි වැරද්දක් නැහැ. ගෝල් ෆේස් පැත්තට ඇවිල්ලා මේ සුප්‍රසිද්ධ ඉස්සෝ වඩේ එකක් කාලා නැත්තම්, ඇත්තමයි ඒ ගමනත් අසම්පූර්ණයි. මතුපිටින් ඉස්සෝ හතර පස් දෙනෙක් දාලා, ස්පයිසි රසට හදපු මේ ඉස්සෝ වඩේ උණු උණුවෙම ගන්න පුළුවන් කෑම කරත්ත පෙළක්ම ගෝල් ෆේස් එකේ තියෙනවා. පොඩියට කපපු රට ළූණු ටිකක් එක්ක සැර හොද්දකුත් ඉහලා මේ වඩේ එකක් පිළිගැන්වෙන්නේ රුපියල් 30ක් වගේ මුදලකට.

2. ඉස්සෝ මිශ්‍ර කරපු වඩේ

මේකත් ඇත්තටම ඉස්සෝ වඩේ ජාතියක්ම තමයි. එකම වෙනස වඩේ එක මතුපිටින් ඉස්සෝ අතුරනවා වෙනුවට, ඉස්සෝ මිශ්‍ර කරපු පරිප්පුවලින් වඩේ එක හදලා තිබීම. සාමාන්‍ය ඉස්සෝ වඩේ එකක් රවුම් හැඩයක් ගත්තත්, මේ වඩේ එක ඊට වඩා ටිකක් ලොකුවට, කොටුවක් හැඩේට තමයි හදලා තියෙන්නේ. ගෝල් ෆේස් එක අද්දරට හවස් වරුවට එන කෑම කරත්ත හැම එකේම වගේ රුපියල් 50ක් මුදලකට විකිණෙන මේ වඩේ එක උඩත් රසම රස මිරිස් හොදි වගේම හීනියට කපපු ළූණු ටිකක් එහෙම වරදින්නේ නැහැ.

3. බැදපු කකුළුවන්

ගෝල් ෆේස් කෑම කරත්තවලට තරමක් මෑතක ඉඳන් එකතු වුණු කෑම වර්ගයක් තමයි මේ ගැඹුරු තෙලෙන් බැදපු කකුළුවන්. සයිස් එකේ හැටියට රුපියල් 50, 100 සහ 200 ගණන්වලට තමයි මේවා විකිණෙන්නේ. මේවා හොඳට මස් ඇති කකුළුවන් බව නම් අනිවාර්යෙන්ම කියන්න ඕනේ. රට ළූණු කපලා දාලා, මිරිස් හොදි ටිකකුත් උඩින් ඉහලා දෙන නිසා හොඳ ස්පයිසි රසක් මේවයින් එනවා.

4. BBQ

කොළඹ පැත්තෙන් අඩු ගාණට හොඳ බාබෙකියු කන්න පුළුවන් තැන්වලින් එකක් තමයි නානාගේ කඩේ. එක කඩයක් නෙවෙයි, නානාගේ කඩවල් තුන හතරක්ම ගෝල් ෆේස් පිට්ටනියේ තියෙනවා. මේ කඩවල්වලින් කොයි එකට ගියත් එකම වගේ කෑම තමයි ගන්න ලැබෙන්නේ. සෝස් එහෙම තවරලා, කටට සැරට රස පදමට හදපු බාබෙකියු චිකන් කෑල්ලක් රුපියල් 300කට වගේ මෙතනින් මිලදී ගන්න පුළුවන්. ගම්මිරිස් ටිකක්, ලුණු ටිකක් එහෙම උඩින් ඉහලා, රවුමට කපපු රට ළූණු එක්ක සලාද කොළයක් වගේම, තක්කාලි සෝස් ටිකක් එහෙම දාලා තමයි මේ බාබෙකියු පිළිගැන්වෙන්නේ. ඒ ඇරුණම, කෝටුවක අමුණපු බාබෙකියු චිකන් වින්ග්ස් පෙළක් පවා ගන්න පුළුවන් නානාගේ කඩෙන් රුපියල් 250ක් වගේ මුදලකට. චිකන් විතරක් නෙවෙයි, ඉස්සෝ, දැල්ලෝ, බීෆ් වගේ මස් මාළු වර්ගත් බාබෙකියු කරලා නානගේ කඩෙන් ගන්න පුළුවන්. කොහොම වුණත්, මේ බාබෙකියු එවෙලේම හදලා දෙන නිසා තමයි මේවයේ රස හුඟක්ම වැඩි.

5. කොත්තු

නානාගේ කඩේ කොත්තුව ගැන ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ. ඇති පදමට මිරිස්, ලුණු, තුනපහ දාලා, යහමින් චිකන් හෝ බීෆ් දාලා හදන මේ කොත්තුවල රස නම් ආයේ කතා දෙකක් නෑ, සුපිරි. පිලාවුස්වල කොත්තුවලට වඩා පොඩ්ඩක් සයිස් එකෙන් අඩු වුණත්, නානාගේ කඩේ කොත්තුවේ රස බලන්න එ්කෙන් බාධාවක් නැහැ. කට්ටිය එක්ක එකට වාඩි වෙලා, මුහුදු හුළඟ වැදි වැදි කනකොට මේ කොත්තුවේ රස තවත් වැඩිවෙනවා කියලයි අපේ නම් අදහස. රුපියල් 250 වගේ ඉඳන් ඉහල ගණන් වලට රස වැහෙන කොත්තුවක් ගන්න පුළුවන් නානාගේ කඩෙන්.

තව මොනවද?

කලින් අපි කිව්ව වඩේ විකුණන කරත්තවලින් පරාටා, මසල වඩේ වගේ දේවලුත් ගන්න පුළුවන්. ඒත් ඉස්සෝ වඩේවලට තමයි ඉතින් ජයටම වෙළඳාම තියෙන්නේ. නානාගේ කඩේ පැත්තේ යනවා නම්, හොඳ රසට ඩෙවල් කරපු කකුළු කරියක් එක්ක ෆ්‍රයිඩ් රයිස් වගේ ජාතිත් ඔයාලට කාලා බලන්න පුළුවන්. හැබැයි ගෝල් ෆේස් එක දිගේ ඇවිදින ගමන් කන්න ඕනේ නම් බාබෙකියු වගේ කෑමක් තමයි හරියන්නේ.

මේ ඇරුණාම අච්චාරු විකුණන කරත්ත දෙක තුනකුත් තියෙනවා මේ හරියේ. අන්නාසි අච්චාරු, වෙරළු අච්චාරු, අඹ අච්චාරු  වගේ දේවල් මේ අච්චාරු කරත්ත වලින් ගන්න පුළුවන්. ඒත් රෑ 7න් වගේ පස්සේ නම් එයාලව හොයාගන්න නැහැ.

දැන් ඉස්සරහට එන්නේ සරුංගල් කාලෙනේ. සති අන්තෙක ඉර බැහැගෙන යන වෙලාව අල්ලලා සරුංගලයක් එහෙම අරන් ගෝල් ෆේස් පැත්තේ යන්න ඔයාලත් බලන් ඇති. මුහුදු හුළඟ වැදි වැදී ඉන්න මේ වගේ වෙලාවට දැනෙන පොඩි බඩගින්න නිවාගන්න වගේම, ආව ගමන තවත් රසවත් කරගන්න පුළුවන් විදියක් තමයි ගෝල් ෆේස් එකේ තියෙන මේ ස්ට්‍රීට් ෆුඩ්.

අපි මෙතන සඳහන් කරලා නැති, ඔයාලා ගෝල් ෆේස් එක පැත්තේ ගිහින් කාලා තියෙන තවත් මේ වගේ කෑම ජාති තියෙනවානම්, පහතින් කමෙන්ට් කරන්න. මොකද අපේ යාළුවන්ටත් එතකොට ඒ ගැන දැනගන්න පුළුවන්නේ.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Authentic Sri Lankan Sweets: Rediscover Tradition with “Athirasa”

As Avurudu approaches a season deeply rooted in tradition, family, and celebration many Sri Lankans feel a growing pull

Avurudu Highlights Trending

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide