සිංහල අලුත් අවුරුද්දට නැතුව ම බැරි අවුරුදු කුමාරයා සහ කුමරිය.

2018 අවුරුද්දේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් අත ළඟට ම ඇවිල්ලා. දවස් 365ක් ගත වෙලා, සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් එක්ක උදා වෙන මේ අලුත් අවුරුද්ද, ලංකාවාසී බොහෝ දෙනෙකුගේ සිතට අමුතු ම ප්‍රබෝධයක් ලබා දෙන, ජවයක් එකතු කරන කාලයක්. අප්‍රේල් මාසයේ මුල සිට අගට ම මේ පිබිදීම දැකගන්න පුළුවන්. ගේ දොර පිරිසිදු කරලා, අලුත් ඇඳුම් පැළදුම්වලින් සැරසිලා, අවුරුදු වෙනුවෙන් ම කැවිලි පෙවිලි හදන පුරුදු අපේ අතරින් දැනටත් ඈත් වෙලා නැහැ. ගමේ තියෙන අවුරුදු සිරිය ඒ විදියට ම දැකගන්න නැතත්, නගරබද අය පවා තමන්ට පුළුපුළුවන් විදියට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න දරණ මහන්සිය අගය කළ යුතුමයි.

Image Source : hirufm.lk

අලුත් අවුරුද්ද කියන්නේ බොහොම විනෝදජනක කාලයක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නෑදෑ හිත මිතුරන් එකතු වෙලා විහිලුතහළුවෙන් ගෙවන මේ කාලයේ, අවුරුදු උත්සවවලටත් ලැබෙන්නේ බොහොම වැදගත් ස්ථානයක්. කොහොම වුණත්, දැන්දැන් මේ අවුරුදු උත්සව බොහොමයක් වාණිජකරණය වෙලා තියෙන වග පේන්න තියෙනවා. මොකද මහා පරිමාණ විදියට සංවිධානය කරන ගොඩක් අවුරුදු උත්සවවලට අනුග්‍රාහකයන්ගේ උදව් නැතිව බැහැ. ඒ නිසා අනුග්‍රාහකයන්ගේ නිෂ්පාදන, අපේ අවුරුදු උත්සවවලට ගැළපෙන විදියට තරඟ නිර්මාණය කරන්න, බොහොමයක් සංවිධායකයෝ පුරුදු වෙලා ඉන්නවා. ඒත් කාලෙත් එක්ක, තාක්ෂණයත් කැටිකරගෙන අලුත් වෙන මේ සමාජයේ, ඒ වගේ දෙයකින් හරි අපේ පරණ සිරිත් තව පරම්පරාවකට දැකගන්න පුළුවන් වෙන එක අගය කරන්න ඕනේ.

වාණිජකරණය වුණු අවුරුදු තරග ගැන කතා කරද්දී, අපේ ඔලුවට අනිවාර්යෙන් ම එන ඉසව්වක් තමයි මේ අවුරුදු කුමරිය හා කුමාරයා තේරීම. මේ තරග ඉසව්ව කොච්චර ජනප්‍රියයිද කිව්වොත්, මේකේ සංවිධානය පටන් ගැනෙන්නේ පෙබරවාරි, මාර්තු මාසවල ඉඳලයි. රූපවාහිනී, රේඩියෝ චැනල් එකක් එකක් ගාණේ තෝරන අවුරුදු කුමරියන් සහ කුමරුවන් විතරක් නෙවෙයි, දැන් ෆේස්බුක් අවුරුදු කුමරියන් සහ කුමරුවනුත් වැහි වැහැලා.

හැබැයි ඇත්තට ම මේ අවුරුදු කුමාරියගේ සහ කුමාරයාගේ උපත සිද්ධ වුණේ කොහොමද? මේ ඒක ගැන පුංචි සටහනක්.

අවුරුදු කුමාරයා පිලිබඳ මත

Image Source : food.ndtv.com

සූර්යයා සහ ලෝකයේ ජීවය අතර තියෙන සම්බන්ධය මිනිස්සු වටහා ගත්තේ වසර දහස් ගණනකටත් කලිනුයි. ලොව සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ හිරුගේ කිරණින් සහ මවගේ කිරෙන් බව මැක්සිම් ගෝර්කි ප්‍රකාශ කරන්නට ඇත්තෙත් ඒ නිසයි.

වේගයෙන් දියුණු වන ලෝකයේ, අදටත් සූර්ය නමස්කාරය පුරුදු පුහුණු කරන්නට මිනිසුන් පුරුදු වෙලා ඉන්නේ සූර්යයාගෙන් මිහිපිටට ලැබෙන ජීවය අගය කිරීමක් හැටියට. ඒ විතරක් නෙවෙයි, අස්වනු කපා ගෙට ගන්නා කාලයේ දකින්න ලැබෙන සශ්‍රීක බව නිසා ම, බක් මාසයේ සමරන අලුත් අවුරුද්ද “සූර්ය මංගල්‍යය” හඳුන්වන්නේත්, හිරු අපට ලබා දෙන සේවයට තුති පුද කිරීමක් විදියට. ඒ නිසා ම ඈත අතීතයේ අවුරුදු කුමාරයා ලෙස, සූර්යයා පිළිගන්නට ලාංකිකයෝ පුරුදු වෙලා ඉඳලා තියෙනවා.

සූර්යයාට අවුරුදු කුමාරයාගේ පිළිගැනීම ලබා දෙන්න තවත් හේතුවක් වෙන්නේ, අලුත් අවුරුද්දේදී සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරමින් අලුත් අවුරුදු උදාව සිදු කරන නිසායි. අලුත් අවුරුද්ද උදා කරවන සූර්යයා, අලුත් අවුරුද්දේ සෞභාග්‍යවත් බව ගෙන එන අවුරුදු කුමාරයා බවට සැලකෙනවා.

Image Source : lankadeepa.lk

ඒ වගේ ම, මීට අවුරුදු 6000කට වගේ කලින් ලියවුණු සෘග්වේදයේත්, අවුරුදු කුමාරයාගේ උපත සම්බන්ධ කතන්දරයක් අපට දැකගන්න ඇහැකි. මේ කතාවට අනූව, අවුරුදු කුමාරගේ මව විදියට සැලකෙන්නේ “අදිති” නම් දෙව් දුවයි. අවුරුදු කුමාරයාගේ මුල් නම “ආදිත්‍ය” බවත්, සහෝදරයන් 12 දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා ඔහු බවත් එහි සඳහන් වෙනවා.

මොවුන් දොළොස් දෙනා ජෝතිෂ්‍යයේ කියවෙන රාශීන් දොළහ බවට සැලකෙනවා. ඔවුන්ගෙන් හැම අයෙක් ම අවුරුද්දේ ඇති මාස 12න් එකක් බැගින් නියෝජනය කරන අතර, අප්‍රේල් නොහොත් බක් මාසය භාර වී ඇත්තේ ආදිත්‍ය කුමාරයාටයි. ආදිත්‍ය වෙනුවට “බග” යන නමින්ද ඔහු හඳුන්වන නිසා, අප්‍රේල් මාසයට බක් මාසය යන නම ලැබී ඇති බවත් මේ පොතේ සඳහන්. ඒ වගේ ම, බග යන්නෙහි තේරුම භාග්‍යවන්ත යන්නයි. බක් මාසය භාග්‍යවන්ත මාසයක් බවට පත් වන්නේ ඒ නිසා බවත්, මෙහි වැඩි දුරටත් කියැවෙනවා.

Image Source : serendib.btoptions.lk

අවුරුදු කුමාරයා ගැන තියෙන තවත් මතයක් තමයි “මිනිඟු” යන බෙරයේ කතාන්දරය. සංස්කෘත භාෂාවේ “මෘදංග” කියන පදයෙන් බිඳී ආ මිනිඟු කියන වචනය අවුරුදු කුමාරයා හඳුන්වන තවත් නමක් බවට සඳහන් වෙනවා. මිනිඟු යන්න බෙරයක් බවත්, ඒ බෙරයේ අයිතිකරු වන්නේ අවුරුදු කුමාරයා නිසා, ඔහුවත් මිනිඟු නමින් හැඳින්වෙන බව මේ මතයේ විස්තර කෙරෙනවා.

අවුරුදු කුමාරයාගේ පෙනුම ගැන කතා කළොත්, පැරණි පොත පතට අනූව ඔහුට තිබී ඇත්තේ බොහොම ආකර්ෂණීය මිනිස් රුවක්. කඩවසම් රන්වන් පැහැති සිරුරක් ඇති ඔහු, කුමාරයෙකුට ඔබින ආකාරයේ ඇඳුම්, ආභරණවලින් සැරසී සිටිනවා. ඒ වගේ ම, ඔහු ඇඳ සිටින ඇඳුමේ පැහැය, ඒ ඒ වසරේ ජෝතිෂ්‍යයේ නැකත්වල දැක්වෙන සුභ වර්ණවලින් යුතු බවත් මේවායේ සටහන්. ඔහුගේ බෙල්ලේ පළඳින නිල මැණිකක් ගැනත් මේ විස්තරවල සඳහන් වෙනවා.

අවුරුදු කුමාරිය ආවේ කොහෙන්ද?

Image Credits : Studio Butterfly Wings

අවුරුදු කුමාරයාගේ කතාව ඔය විදියට ජනගත වුණත්, අවුරුදු කුමරිය ගැන ඉපැරණි මත කිසිවක් අදටත් හොයාගන්න නැහැ. අවුරුදු කුමරියක් ගැන මුලට ම අහන්න ලැබෙන්නේ 20වැනි සියවසේ මැද භාගයේදී දවස පුවත්පත් සමාගමේ ඩී. බී. ධනපාල මහත්මයා විසින් පටන්ගත්ත 'දවස අවුරුදු සුන්දරී' වැඩසටහනෙන්. අවුරුදු කුමාරයාගේ උරුමය අවුරුදු උත්සවවලට එකතු වෙද්දී, ඊට ම ගැළපෙන විදියට අවුරුදු කුමාරියකුත් තෝරන්න අපේ තරග සංවිධායකයන් පුරුදු වුණා.

නොනගතේ ලබන්න කලින් ගෙදර ඉස්සරහ පැත්තේ නැගෙනහිර දිසාවට වෙන්න ගොක්කොළ මල් පැලක් සිටුවලා, අවුරුදු කුමාරයා පිළිගත්ත අතීතයක් අපේ ගම් දනව්වල තිබුණා. මේ මල් පැල හදන පුද්ගලයා හිස්සෝදා පවිත‍්‍ර වී කිළිවලින් වැළකුණු කෙනෙක් විය යුතු අතරේ, පයට නොපෑගුණු ගොක්කොළ පාවිච්චි කරන්නත් ඔවුන් වග බලාගත්තා. ඒ අපිරිසිදුවට හැදුවොත් අවුරුදු කුමාරයාගේ නිසි බැල්ම ලැබෙන්නේ නැති බවට මතයක් ගැමියන් අතරේ තිබුණු නිසයි.

Image Credits : Yasiru Kassapa

වර්තමානයේ මේ සිරිත් බොහොමයක් ජනමාධ්‍යවල කරළියට විතරක් සීමා වීම කණගාටුවට කාරණයක්. දෑහින් දැකගන්න නැතත්, අලුත් පරම්පරාවට මේවායේ ඉතිහාසය ගැන අවබෝධයක් ලබාදීම අපි හැමගේ ම යුතුකමක් සහ වගකීමක් වෙනවා.

කවරයේ පින්තූරය : Studio Butterfly Wings
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide