මදුරුවන්ව ලෙඩ්ඩුන්ගෙන් පරෙස්සම් කරගමු; ඩෙංගු නැතිකරන අලුත් ම ක්‍රමය ගැන ඔයා දන්නවද?.

ඩෙංගු මේ වෙනකොට වසංගත තත්ත්වයකට ඇවිත්. දැනට තියෙන සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 දී මේ වෙනකොට 80,000කට වැඩි පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වෙලා; 250කට කිට්ටු ගාණක් මියගිහින්. බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කීපයක් මේ වෙනකොට ලංකාවට එන සංචාරකයන්ට අනතුරු ඇඟවීම් නිකුත්කරනවා.

මදුරුවන් බෝවන තැන් වැටලීම සහ දඩගහන එක දිගටම කරගෙන ගියත් අවුරුද්දෙන් අවුරුද්ද ඩෙංගු රෝගීන් ගණන වැඩිවිමක් මිසක් අඩුවීමක් දකින්න නෑ.

එකක් අඩුයි?

එක්සත් රාජධානියේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු බෝවන රෝග පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලාල් ජයසිංහ මේ ගැන පහුගිය දවස්වල අලුතින් වාර්තාවක් ඉදිරිපත්කරලා තිබුණා.

එයාට අනුව මදුරුවන් බෝවීම අඩුකරන්න සහ ඩෙංගු හැදුණු අයට ප්‍රතිකාර කරන්න කටයුතු කළත් ඩෙංගු මර්දනයේ වැදගත් ම පියවරවලින් එකක් ලංකාවේ අපට සම්පූර්ණයෙන් ම වගේ මඟඇරිලා. ඒ තමයි ඩෙංගු හැදුණු මිනිස්සුන්ගෙන් ඩෙංගු මදුරුවන්ව පරිස්සම් කරගන්න එක!

මිනිස්සුන්ගෙන් මදුරුවන්ව පරිස්සම් කරමු

ඩෙංගු මර්දනයේ දි අපිට මෙච්චර කල් මගහැරුණු මේ කොටස ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න සෑහෙන වෙහෙසක් ගන්න, නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය හසින්ද උදලාගම කියන විදියට මේක තේරුම්ගන්න නම් ඩෙංගු රෝගය සහ ඒක පැතිරෙන විදිය ගැන පොඩ්ඩක් බලන්න ඕන.

ඇත්තටම බැලුවොත් ඩෙංගු හැදෙන්නෙ මදුරුවෙක්ගෙන් නෙවෙයි; වෛරස් එකකින්. ඩෙංගු වෛරස් එකට ප්‍රධාන වශයෙන් ජීවත් වෙන්නෙ අපේ ශරීරය ඇතුළෙ. අපි ඩෙංගු මදුරුවා කියල හඳුන්වන ඊඩිස් ඊජිප්ටයි මදුරුවා කරන්නෙ එක්කනෙක්ගෙන් තවත් කෙනකුට වෛරස් එක අරන් යන එකයි. ඒ කියන්නෙ ඩෙංගු මදුරුවෝ කෑව කියල ම ඩෙංගු හැදෙන්නෙ නෑ; ඒ මදුරුවා ඊට කලින් ඩෙංගු හැදුණු කෙනෙකුට දෂ්ට කරලා නැත්නම්.

මේකෙ ම අනිත් පැත්ත තමයි අපි ඩෙංගු මදුරුවෝ ප්‍රමාණය සෑහෙන දුරකට අඩු කළත් ඉතිරිවෙලා ඉන්න මදුරුවෝ එකෙක් හරි ඩෙංගු හැදුණු කෙනෙකුට දෂ්ට කරලා ඊට පස්සෙ ඔයාට දෂ්ට කළොත් ඔයාට ඩෙංගු හැදෙන්න පුළුවන්. ඉතිං වෛද්‍ය ජයසිංහ කියන විදියට මදුරුවන් බෝ වෙන එක පාලනය කරන තරමට ම (හෝ ඊටත් වඩා) වැදගත් දේ තමයි ඩෙංගු මදුරුවන්ට ඩෙංගු බෝවෙන එක පාලනය කරන එක. ඒ කියන්නෙ දැනට ඩෙංගු ආසාදිත අයව මදුරුවො කන්න නොදී බලාගන්න එක.

තනි නොකර තනිකරමු

සාමාන්‍යයෙන් ඕන ම බෝ වන රෝගී තත්ත්වයක් ආව ම ඒක පැතිරෙන එක පාලනය කරන්න කරන දෙයක් තමයි ආසාදිත අයගෙන් අනිත් අයට ලෙඩේ බෝ නොවෙන විදියට එයාලව වෙන්කරලා තියෙන එක. ඉස්සර කාලේ මිනිස්සු ‘දෙයියන්ගේ ලෙඩ’ කියල කියපු පැපොල, කම්මුල්ගාය වගේ ලෙඩ හැදුණු අය ව කාමරේක තනිකරලා තිබ්බෙත් මේ හේතුව නිසයි. හැබැයි ඉතිං උණ හැදිලා ඉන්න පවුලේ කෙනෙක් ව එහෙම තනියෙන් කාමරේක දාලා ඈත්කරලා තියන්න කීවම ගොඩක් දෙනෙක් කැමති වෙන එකක් නෑ.

හැබැයි ඩෙංගු හැදුණු අය ව එහෙම මිනිස්සුන්ගෙන් වෙන්කරලා තනිකරන්න ඕන නෑ. මොකද වාතයෙන් හෝ ස්පර්ශයෙන් ඩෙංගු බෝ වෙන්නෙ නෑනේ. ඉතින් මෙතන දි එයාව තනිකරන්න ඕන මදුරුවන්ගෙන් විතරයි. ඒ කියන්නෙ ඩෙංගු හැදුණු කෙනාව පුළුවන් හැම තිස්සෙ ම මදුරු දැලක් යට තියලා හෝ මදුරු විකර්ෂක ආලේපයක් ගාන්න ඕන; මදුරුවන්ට එයාට ළං වෙන්න බැරිවෙන්න.

ආණ්ඩුව නිදිද?

දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් ඉස්පිරිතාලවල ඉන්න ඩෙංගු රෝගීන්ගෙනුත් මේ විදියට අනිත් රෝගින්ට, රෝහලේ වැඩකරන අයට ඩෙංගු බෝ වෙන්නෙ නැද්ද කියලා. ඇත්තට ම එහෙම තමයි වෙන්නෙ. වෛද්‍ය උදලාගම කියන විදියට නම් මේ විදියට මදුරුවන්ට අනාවරණය වෙන විදියට රෝගීන් තියාගෙන ඉන්න ඉස්පිරිතාල කියන්න ඩෙංගු ෆාම්!

හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ ඔයාගේ ටිකිරි මොළේට ආපු මේ ප්‍රශ්නේ තාම ආණ්ඩුවේ නිසි බලධාරියෝ කාගෙවත් ඔළුවට ඇවිත් නැති එකයි. ජපානය, සිංගප්පුරුව වගේ ඩෙංගු උවදුරට ලක්වෙච්ච ගොඩක් රටවල් මේ ගැන විශේෂ අවධානයක් යොමුකළත් ලංකාවෙ ආණ්ඩුව මෙච්චර කාලකෙට මේ ගැන උනන්දු වෙන බවක් පේන්න නෑ.  

ඇමරිකන් රජය, ඉන්දියාවේ විශේෂඥයින් වගේ ම ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව වෙනුවෙන් නිකුත් කරපු ඩෙංගු මර්දන උපදෙස්වලත් ඩෙංගු ආසාදිත අය ව මදුරුවො කන්න නොදී බේරාගන්න එකේ වැදගත්කම පෙන්නල දුන්නත්, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම කියන්නේ ඒක ඒ තරම්ම වැදගත් නෑ කියලා.

වෛද්‍ය විජේවික්‍රම කියන විදියට ඩෙංගු වෛරස් එක ශරීරගත වුණු මදුරුවකුගේ බිත්තරවලින් හැදෙන මදුරුවන්ගේ ශරීරයේ උපතින් ම ඩෙංගු වෛරසය තියෙනවා.ඒ නිසා ඩෙංගු ආසාදියෙක්ට දෂ්ට කරන්න ම ඕන නෑ මදුරුවට ඩෙංගු බෝ වෙන්න. අනිත් එක තමයි ඩෙංගු වෛරස් එක ශරීරගත වුණු සමහරු රෝග ලක්ෂණ මුකුත් පෙන්වන්නෙ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේ කෙනෙකුගෙන් වුණත් මදුරුවකුට ඩෙංගු බෝවෙන්න පුළුවන්.

ඩෙංගු ආසාදනය වුණු කෙනෙක් මදුරු දැලක් ඇතුළේ තියන එක වරදක් නැති වුණත් මේ කියපු හේතු නිසා ඒකෙන් ඒ තරම් වැඩක් වෙන්නෙ නෑ කියල තමයි වෛද්‍ය විජේවික්‍රම කියන්නෙ. ඒ වගේ ම මේකට අවධානය යොමුකරන එකෙන් මදුරු මර්දනය ගැන තියෙන අවධානය අඩුවෙන්න පුළුවන් කියලත් එයා හිතනවා.  

හැබැයි ඝර්ම කලාපීය වෛද්‍ය ප්‍රතිකර්ම පිළිබඳ ඇමරිකන් ජර්නල් එකේ වාර්තාවක් උපුටා දක්වන වෛද්‍ය හසින්ද උදලාගම කියන්නෙ මේ විදියට ආසාදිත මදුරුවකුගේ බිත්තරවලින් ඊළග පරම්පරාවට ඩෙංගු බෝ වෙන එක ඔය කියන තරම් සුලභ නෑ කියලා. ඒ වගේ ම මදුරුවකුට ඩෙංගු බෝ කරන්න තරමට ඇඟේ වෛරස් එක වර්ධනය වුණු කෙනෙක්ට පොඩි උණක්වත් නොගැනී තියෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයිලු. හවායි රජය නිකුත් කරපු වාර්තාවකට අනුවත් මේ විදියට මදුරුවන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ඩෙංගු පැතිරෙන්න පුළුවන් බවට සාධක පරීක්ෂණ මට්ටමේ දි හොයාගෙන තිබුණට, ඇත්ත ලෝකෙ දි තාමත් ඩෙංගු මදුරුවන්ට ප්‍රධාන වශයෙන් ඩෙංගු බෝවෙන්නෙ මිනිස්සුන්ගෙන් ම තමයි.

ආණ්ඩුව සාර්ථක ලෙස අසාර්ථකයි

කොහොම වුණත් අයි ඩී එච් එකේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියපු විදියට ඩෙංගු රෝගින් ව මදුරුවන්ගෙන් කන්න නොදී බේරගන්න එක ගැන රජය ලොකු උනන්දුවක් ගන්නෙ නෑ. මේ නිසා තාමත් ආණ්ඩුවේ ප්‍රධාන ඩෙංගු මර්දන උපායමාර්ගය වෙන්නෙ මදුරුවන් බෝ වෙන එක පාලනය කරන එක.

 මේකෙදි කරන්නෙ ඩෙංගු මදුරුවන් බෝ වෙන විදියේ පරිසර පවත්වාගෙන යන අයට දඩ ගහන, නඩු දාන එකයි. මේකේ වැරැද්දක් කියන්නත් බැහැ; මොකද ලංකාවෙ මිනිස්සුන්ට කක්කුස්සි පාවිචිකරන්න පුරුදු කළෙත් මේ විදියට ම නඩු දාලා, බය කරලා තමයි.

ඇත්තට ම මේ වැඩසටහන එක පැත්තකින් බලද්දි සාර්ථක වෙලත් තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ඩෙංගු බෝ වෙන තැන් අඩු වෙලා. ඒත් ප්‍රශ්නේ තියෙන්නෙ මදුරුවෝ බෝ වෙන තැන් අඩුවුණාට ඒකෙන් ඩෙංගු අඩු වෙලා නෑ. ඩෙංගු රෝගීන් ගණන අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙලා!

දැන් මොකද කරන්නෙ?

කලිනුත් කීව වගේ රජයේ නිල ඩෙංගු මර්දන අංශ තාමත් මේ ගැන ලොකු අවධානයක් යොමුකරලා නෑ. කොහොමත් රජයේ නිල අංශවල ‘කාර්යක්ෂමතාව’ ගැන පහුගිය ගංවතුරෙ දි වගේ ම එදිනෙදා වැඩක් කරගන්න රජයේ කන්තෝරුවකට ගිය ඕන කෙනෙකුට අත්දැකීම් තියෙන නිසා එයාලා නින්දෙන් ඇහැරෙනකල් අපට ම තමයි එකතුවෙලා මේ දේවල් කරන්න වෙන්නෙ. මේ විදියට අපට තනි තනියෙනුත්, කට්ටිය එකතුවෙලාත් කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා.

එකක් තමයි ඔයාට හෝ ඔයාගෙ පවුලෙ කෙනකුට උණක් හැදුණොත් ඒ හැදුණු කෙනා මදුරුවො නොකා බේරගන්න එක. ඒ කියන්නෙ රුධිර පරික්ෂාවකින් ඩෙංගු නෙවෙයි කියල තහවුරු කරගන්නකල් එයාව පුළුවන් තරම් නෙට් එකක් යට ම තියන එක. රුධිර පරික්ෂාවෙන් ඩෙංගු හැදිලා කියලා තහවුරු වුණොත් දවස් 5-6ක් යනකල් මේ විදියට පුළුවන් තරම් නෙට් එකක් යටට වෙලා ඉන්න ඕන. මොකද මේ කාලය ඇතුළත තමයි එයාගෙන් මදුරුවෙකුට ඩෙංගු බෝ වෙන්න වැඩි ඉඩක් තියෙන්නෙ. නෙට් එකෙන් එළියට එනව නම් සොෆෙල්, ටයිගර් වගේ මදුරු විකර්ෂකයක් පාවිච්චි කරන්න ඕන (මේ මදුරු විකර්ෂක සමහර වෙලාවට කියන තරම් ම හොඳට වැඩකරන්නෙ නැති නිසා පුළුවන් තරම් නෙට් එකක් යට ඉන්න එක තමයි හොඳ ම දේ. කොහොමත් ඩෙංගු හැදිලා නම් පුළුවත් තරම් ඇඳට වෙලා විවේක ගන්න කියලනෙ කියන්නෙ).

අහලපහල කට්ටිය එකතු වෙලා ගමේ අනිත් අයටත් මේ දේ ම කරන්න කියල දැනුවත් කරන්න පුළුවන් නම් අඩු තරමින් ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ ඩෙංගු පැතිරෙන එක සෑහෙන දුරට අඩුකරගන්න පුළුවන්. ගමේ දැනටත් තියෙන සුභසාධක සමිතියක් හෝ සිවිල් ආරක්ෂක කමිටුවක් හරහා මේ දේ කරන්න පුළුවන්.

ඒ කියන්නෙ කෙනෙක්ට ඩෙංගු කියල දැනගත්ත ගමන් ඉක්මනට ගෙවල් අවට අයට ඒක දැනුම්දෙන්න ඕන. සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවෙක් ගමන් කරන්නෙ මීටර් 200ක් විතර දුරක් නිසා ඒ අවට ඉන්න අයට වෙනදාට වඩා පරිස්සම් වෙන්න වගේ ම මීටර් 200ක් ඇතුළත මදුරුවෝ බෝ වෙන පොඩි තැන් පවා හොයල විනාශකරන්නත් පුළුවන්.

ඒ වගේ ම කට්ටිය පොඩ්ඩක් සංවිධානය වුණොත් ළග තියෙන හොස්පිට්ල් එකත් එක්ක එකතු වෙලා තනි තනි ඇඳන් හෝ ඩෙංගු රෝගීන් ඉන්න සම්පූර්ණ වාට්ටු පිටින් ම ආවරණය වෙන විදියට මදුරු දැල් හදාගන්න එයාලාට උදව් කරන්නත් පුළුවන්. පහුගිය ගංවතුරෙ දි වගේ මේ වැඩේටත් අමුද්‍රව්‍ය සහ මුදල්වලින් උදව්කරන්න කට්ටිය හොගායන්න එච්චර අමාරු වෙන එකක් නෑ.

කොහොම හරි දැනට මේ යන හැටියට මේ අපි මේ තත්ත්වය වෙනස් නොකළොත් ලබන අවුරුද්ද වෙද්දි මේක දැනටත් වඩා සෑහෙන ලොකු වසංගතයක් බවට පත්වෙන එක නම් වළක්වන්න අමාරුයි. එහෙම වුණොත් ජීවිත දහස් ගාණක් නැතිවෙන එක වගේ ම සංචාරක කර්මාන්තය වගේ දේවල් සම්පූර්ණයෙන් ම කඩාවැටෙන එකත් නවත්වන්න බෑ.

හැබැයි වෛද්‍ය ලාල් ජයසිංහ කියන විදියට අපි රටක් හැටියට එකතු වෙලා මේක කරනව නම් මාස 4ක් වගේ කාලයක් ඇතුළත ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කරන්නත් බැරිකමක් නෑ. ඉතිං, ට්‍රයි එකක් දීල බලමුද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide