ඇමරිකාවේ දෙවැනි ඉහළ ම පුටුවට පත් පළමු ගැහැනිය.. කවුද මේ කමලා හැරිස්?.

‘කමලා හැරිස්’ කියන නම මේ වෙද්දි එක පාරක්වත් ඕගොල්ලන්ගෙ කන වැකිලා නැති වෙන්න බෑ. මොකද මෑත කාලේ ලෝකයේ වැඩි ම අවධානය දිනාගත් කාන්තාව ඇය කිව්වොත් හරි. ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති තනතුරට පත් කර ගැනුණු පුද්ගලයා තමයි කමලා හැරිස් කියන්නෙ.

අලුතින් පත් වෙන ජනාධිපතිවරයෙකු විසින් උප ජනාධිපති කෙනෙක් පත් කරගැනීම සාමාන්‍ය කාරණයක් වුණත්, කමලා හැරිස් මේ ධුරයට පත් වීම සම්බන්ධ විශේෂත්වයන් කීපයක් ම තියනවා.

අපි මේ කතා කරන්න යන්නෙ ඒ ගැන.

‘කමලා දේවි හැරිස්’. ඇමරිකාවේ 49 වැනි උප ජනාධිපති.

කමලා හැරිස් කුඩා වියේදී

ඇය ඉපදුණේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ්වලදි. 1964 ඔක්තෝබර් 20 වෙනිදා. ඇමරිකාවේ උපන් කෙනෙකුට කමලා දේවි වගේ නමක් එක්ක හැරිස් වගේ වාසගමක් පිහිටන්නෙ කොහොමද?

කමලා හැරිස්ගේ දෙමාපියන්

කමලා හැරිස්ගේ දෙමාපියන් උපතින් ඇමරිකානුවන් නෙමෙයි. ඇගේ පියා ඩොනල්ඩ් ජේ. හැරිස් ජැමෙයිකානුවෙක්. ඔහු ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළා. ඇගේ මව ශ්‍යාමලා ගෝපාලන් ඉන්දියානුවෙක්. තමිල්නාඩුවේ උපන් ඇය ඇය ජීව විද්‍යාඥවරියක් වගේ ම පිළිකා රෝගය පිළිබඳ පර්යේශිකාවක් වුණා. ඇය ඇමරිකාවට පැමිණ තිබෙන්නේ 19 හැවිරිදි වියේදී. කමලා හැරිස්ගේ බාල සොයුරිය මායා ලක්ෂ්මි හැරිස් නීතිඥවරියක් වගේ ම ලේඛිකාවක් ලෙස කටයුතු කරනවා.

දෙමාපියන් මිශ්‍ර ජාතික අනන්‍යතාවලින් යුතු වීම නිසා නිසා කුඩා වියේ පටන්ම වරින් වර ජැමෙයිකාවේත් ඉන්දියාවේත් සංචාරය කරන්නට කමලා හැරිස්ට හැකි වී තිබෙනවා. ඒත් ඇය හත් වැනි වියේ පසු වන විට ඇගේ දෙමාපියන් දික්කසාද වීමට තීරණය කළා. දික්කසාදයෙන් අනතුරුව කමලා සහ ඇගේ සොයුරිය හැදී වැඩී ඇත්තේ සිය මව සමග. ඒ අනුව මව් පාර්ශ්වයේ ඥාතීන් එක්ක වඩාත් සමීප වෙන්න ඔවුන්ට අවකාශය ලැබුණා. ඉන්දීය සිවිල් සේවයේ නිරතව සිටි සිය මවගේ පියා වන පී. වී. ගෝපාලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ අදහස්, තම සිතුම්පැතුම් වෙනස් කරන්නට බෙහෙවින් බලපෑ බව කමලා කියනවා.

කමලා හැරිස් සහ මායා හැරිස් කුඩා වියේදී සිය මව සමග

ලෝකේ කොහේ වුණත්, මිශ්‍ර අනන්‍යතාවකින් යුතු ගැහැනු දරුවන් දෙදෙනෙකු උස්මහත් කිරීමේ දී දික්කසාද වූ තනි මවක් මුහුණ දෙන දුෂ්කරතා සහ බාධක බොහෝ බව අමුතුවෙන් කිව යුතු නෑ. ඒත් තමන්ගේ අනන්‍යතාව නොසඟවා එය අභිමානයක් ලෙස සැලකීමටත්, එළඹෙන සියලු අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දීමටත් තමාටත් සොයුරියටත් හැකි වුණේ, තම මවගේ ප්‍රගතිශීලී අදහස් හේතුවෙන් යැයි කමලා හැරිස් කියනවා.

දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරමින් 1986 දී ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සම්පූර්ණ කළ කමලා හැරිස්, පසුව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ හේස්ටින්ග්ස් කොලේජ් වෙතින් නීති උපාධියක් ලබා ගත්තා. නීතිඥවරියක ලෙස ක්‍රමයෙන් සිය වෘත්තිය ජීවිතයේ හිනිපෙළ නඟින ඇය, 2003 වසරේ දී සැන් ෆ්‍රැන්සිස්කෝහි දිස්ත්‍රික් නීතිපති පදවියට පත් වුණා. පසුව 2011 සිට 2017 දක්වා ඇය කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපතිවරිය ලෙස කටයුතු කළා.

කමලා හැරිස් ජෝ බයිඩන් සමග

එක් පසෙකින් කළු ජාතිකයෙකු සහ ආසියාතිකයෙකු වීමත්, අනෙක් පසින් කාන්තාවක වීමත් යන කාරණා, ඇමරිකාව තුළ ඇගේ වෘත්තිමය ගමනට සේ ම පෞද්ගලික ජීවිතයටත් බාධා එල්ල කළ අවස්ථා බොහෝ වන බව කමලා හැරිස් පවසා තිබෙනවා. එහෙත් සමේ පැහැය, පවුල් පසුබිම හෝ ස්ත්‍රී පුරුෂ භාවය මත කිසිවෙකු වෙනස් කොට සැලකීම නොකටයුතු බවත්, එවැනි බාධක අධිෂ්ඨානයෙන් සහ උත්සාහයෙන් පැරදවිය හැකි බවත් ඇය ඔප්පු කර පෙන්වා අවසන්.

2014 දී යුදෙව් ජාතික ඩග් එම්හොෆ් නම් නීතිඥයා සමග විවාපත් වුණ කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකාවක් විදිහට 2017 සිට 2021 දක්වා ඇමරිකාවේ සෙනෙට් සභාව නියෝජනය කළා. 2020 දී පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළ ඇය පසුව ඉන් ඉවත් වී ජෝ බයිඩන් වෙත සහාය පළ කළා. පසුගිය ජනාධිපතිවරණයෙන් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා ජෝ බයිඩන් ජය ගැනීමත් සමග ඇය සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කිරීමට ජෝ බයිඩන් කටයුතු කළා.

කමලා හැරිස් දිවුරුම් දීමේ උත්සවයේදී

ඒ අනුව 2021 ජනවාරි 20 වැනිදා පැවති ඇමරිකාවේ නව ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයේ දී, ලෝක බලවතාගේ ප්‍රධාන සහායිකාව වන්නට 56 හැවිරිදි කමලා හැරිස්ට හැකි වුණා. ඇමරිකානු ඉතිහාසයේ ඉහළ ම තනතුරකට පත් පළමු කාන්තාව වෙන්නෙ කමලා හැරිස්. ඇමරිකාවේ උප ජනාධිපති තනතුරට පත් පළමු කාන්තාව විදිහට වගේ ම, ඇමරිකාවේ උප ජනාධිපති තනතුරට පත් පළමු අප්‍රිකානු ඇමරිකානුවා විදිහටත්, පළමු ආසියානු ඇමරිකානුවා විදිහටත් කමලා හැරිස්ගේ නම ඉතිහාසයට එක් වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide