83 ජූලිය කළු වුණේ කොහොමද?; කළු ජූලියේ මුල, මැද සහ අග.

“83 කළු ජූලිය”

මේක ලංකාවේ අයට බොහොම හුරුපුරුදු වචන පෙළක්. හැම අවුරුද්දක ම ජූලි මාසය වෙද්දී මේ ගැන තියෙන කතාබහ වැඩිවෙනවා. සමහරවිට අපි මේක අහලා තියෙන්නේ අපේ දෙමාපියන්ගෙන්. අවුරුදු 30කට වඩා වයස කෙනෙක් නම්, මේක ඇසින් දැකලත් ඇති. හැබෑට ම කළු ජූලිය කියන්නේ මොකක්ද? මේක පටන්ගත්තේ කොහොමද? අපි අද කතා කරන්නේ ඒ ගැන.

මුල; ජූලිය කළු වෙන්න පටන්ගත්තේ කොහොමද?

Image Source : en.wikipedia.org (චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන්)

කළු ජූලියේ කතාව පටන්ගන්නේ 1983 අවුරුද්දේ ජූලි 15වෙනිදායින්. චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙක් වුණු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ කිට්ටු මිත්‍රයෙක්. ඒ විතරක් නෙවෙයි, ඒ සංවිධානයේ ලොක්කෙක්. මෙන්න මේ කියන දවසේ ශ්‍රී ලංකා හමුදාව චාවකච්චේරි මීසාලේදී ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් සීලාන් ඇතුළු ව  එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිසක් මිය ගිය එක ගැන ප්‍රභාකරන්  පසු වුණේ කේන්තියෙන්. යුද හමුදා භට කණ්‌ඩායමකට ප්‍රහාරයක් එල්ල කරන්න ඔහු තීරණය කළේ ඒ නිසයි.

ඊළඟ සිද්ධිය වුණේ ඊට දවස් අටකට පස්සේ. ඒ කියන්නේ ජූලි 23වෙනිදා රාත්‍රියේ. ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක්‌ හා ට්‍රක්‌රථයක්‌ පලාලි ගමන් මාර්ගය දිගේ ගමන් ගනිමින් තිබුණා. දෙවැනි ලුතිනන් ඇතුළු සෙබළුන් තුන්දෙනෙක් මේවයේ ගමන් කළේ මාර්ග පරීක්ෂාවක යෙදෙන්නයි. තිරුනෙල්වේලි ගොවිපළ පහු කරගෙන ගියාට පස්සේ, විශ්ව විද්‍යාලය අසල හරියේ පාර පැවතුණේ හරි ම අබලන් තත්ත්වයක. ඒ නිසා වේගය අඩු කරමින් ගමන් කරන්න ඔවුන්ට සිද්ධ වුණා. මහා සද්දෙන් ආව පිපිරුමක් එක්ක, ඉස්සරහෙන් ගමන් ගත්ත ජීප් රථය උඩ විසිවුණේ ඒත් එක්කමයි. ඒ විතරක් නෙවෙයි, ජීප් එකයි, ට්‍රක් එකයි පැත්තට එක දිගට වෙඩි ප්‍රහාර හා පෙට්‌රල් බෝම්බ එල්ල වෙන්න පටන්ගත්තා. වාහනයෙන් බැහැපු සෙබළුන් ප්‍රතිප්‍රහාර එල්ල කරත්, ඔවුන්ගෙන් 11දෙනෙක් ම එතැන ම මිය ගියා. ඉතිරි වෙලා හිටියේ කෝප්‍රල් උපාලි පෙරේරා සහ ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාල විතරයි. කෝප්‍රල් උපාලි පෙරේරාගේත් කකුලට වෙඩි වැදී තිබුණු අතර, පපුවට වෙඩි වැදිලා උන්නු ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාල හිටියෙත් අසාධ්‍ය තත්ත්වයක.

තවදුරටත් කොටි ප්‍රහාරවලට තනිව මුහුණ දෙන එක අපහසු බව තේරුම් ගත්ත කෝප්‍රල් උපාලි පෙරේරා තුවාලවලින් අසාධ්‍ය වෙලා ඉඳපු ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාල ව ඔසවාගෙන ඇවිදින් ඒ කිට්ටුව තිබුණු තාප්පයක් පිටුපස්සේ සැඟවුණා. මිය ගිහින් ඉඳපු හමුදා සෙබළුන්ගේ සිරුරුවලට තවත් සැරයක් වෙඩි තියපු කොටි ත්‍රස්‌තයන්, වාහනවල තිබුණු අවි ආයුධ,  පණිවුඩ හුවමාරු යන්ත්‍ර සේරම අරගෙන එතැනින් පලා ගියේ සීලාන් වෙනුවෙන් තමන්ගේ පලිය ගත් බව සිතමින්. මේ සටනේදී ප්‍රභාකරන්ගේ තවත් සමීප මිතුරෙක් වුණු සෙල්ලක්‌කිලි නමැති කොටි නායකයාත් මිය ගිහින් තිබුණා.

Image Source : jdslanka.org

සැතපුම් දෙකක් වගේ දුරක් අමාරුවෙන් ඇවිදගෙන ආව කෝප්‍රල් උපාලි කොණ්‌ඩාවිල් ලංගම බස්‌ ඩිපෝවට ළඟා වුණා. වෙච්ච සිදුවීම ඔහු යාපන පොලිසියට දැනුම් දුන්නේ ඩිපෝවේ දුරකතනයෙන්. මියගිය සෙබළුන් 13දෙනාගේ ම මල සිරුරු ගුවන් මඟින් පහුවෙනිදා ම කොළඹට එවනු ලැබුවා. මේ සිරුරු ඔවුන්ගේ පවුල්වලට භාරදීමක් කළේ නැහැ. රජයේ වියදමින් බොරැල්ල කනත්තේදී හමුදා ගෞරවාචාර පිරිනමා මිහිදන් කරන්න තීරණය වෙලා තිබුණා. ඒ පවුල්වල උදවිය 25වෙනිදා හවස් වරුවේ බොරැල්ල කනත්තට රැස් වුණේ ඒ නිසයි. මිනී වළවල් 13ක් හදලා තිබුණත්, රාත්‍රී 7 වෙද්දීත් මේ සිරුරු කනත්තට ගෙනැවිත් තිබුණේ නැහැ. අවමංගල්‍ය ශාලාවේ ඉඳන් සිරුරු සේරම යුධ හමුදා මූලස්ථානයට යවපු බව දැනගත් ජනතාව නොසන්සුන් වුණා.

මැද; කොළඹ ඇවිලුණු ජාතිවාදී ගින්න

Image Source : thuppahi.wordpress.com

මේ අතරේ තවත් පිරිසක් බොරැල්ලේ දෙමළ කඩවල්වලට පහරදෙන්නත්, ගිනි තියන්නත් පටන්ගත්ත බව දැනගන්න ලැබුණා. සමහරු ඡන්ද නාමලේඛනය අරගෙන ගිහින් ඒකෙ තියෙන ද්‍රවිඩ ජාතිකයන්ගේ ගෙවල් හොයහොයා ගිහින් ඔවුන්ට පහරදෙන්න පටන්ගත්තා. මේකෙන් පටන්ගත්ත ජාතිවාදී ගින්න කොළඹ හරියට විතරක් සීමා වුණේ නැහැ. පහුවෙනිදා උදේ වෙද්දී, නාරාහේන්පිට, නුගේගොඩ, කෝට්ටේ, වැල්ලවත්ත, ගල්කිස්ස, මොරටුව, ජා ඇළ, වත්තල වගේ ප්‍රදේශවල දමිළ ව්‍යාපාරිකයන් වාසය කරපු පැතිවල පවා කොල්ලකෑම්, මිනී මැරීම් සිද්ධ වුණා. දැවෙමින් තිබුණු දෙමළ මිනිස්සුන්ගේ මල සිරුරු කොළඹ පාරක් පාරක් ගානේ දැකගන්න ලැබුණා.

Image Source : jdslanka.org

25වෙනිදා උදේ වෙද්දී කොටුවේ හෙට්ටි වීදියේ කඩවල්, අම්බාල් කැෆේ ඇතුළු බ්‍රිස්ටල් ගොඩනැඟිල්ල, වික්ටෝරියා ගොඩනැඟිල්ල, රන්ජනාස් වෙළඳ සල, ඉන්දියානු කොමර්ෂල් බැංකුව, කෙළින් වීදියේ දෙමළ කඩ සාප්පු බොහොමයක් මේ ප්‍රහාරවලින් විනාශ වෙලා තිබුණා. මුළු කොළඹ නගරය ම කළු දුමාරයකින් වැහිලා ගියේ බස් ධාවනයත් අඩපණ කරමින්. මුළු ප්‍රදේශය ම පිරිලා තිබුණේ කඩවල් කොල්ලකමින්, ද්‍රවිඩ මිනිසුන්ට පහරදෙමින් ගිය මැරවරුන්ගෙන්. “සිංහල ජාතිය ආරක්ෂා කරමු”, “රජයට බැරිනම් අපිවත් මේ ප්‍රශ්න විසඳමු”; මේ වගේ වචන හැමතැනින් ම අහන්න ලැබුණා. මල්වත්ත පාරට හැරෙද්දී ම වගේ තියෙන කන්දයියාගේ ගිනිකෙළි වෙළඳ සැලේ දොරටු කඩා ඇතුළු වුණු ඔවුන්, ඔවුන්ගේ ඒ වීර ක්‍රියාව සමරුවේ කඩයෙන් කොල්ලකෑ රතිඤ්ඤා මහ පාරේ දල්වමින්. වාහනවල ගමන් ගත්ත දමිළ පුද්ගලයෙක් දුටු සැණින්, ඔවුන්ට පහර දුන්නා විතරක් නෙවෙයි, කණකරවල ඉඳන් සේරම සන්තකය කොල්ලකෑවා.

Image Source : jdslanka.org

මේ අතරේදී වැලිකඩ බන්ධනාගාරයේ වෙච්ච අවාසනාවන්ත සිද්ධියක් ගැනත් මතක් කරන්න ඕනේ. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගත්ත දෙමළ රැඳවියන් පිරිසක් මේ වෙද්දී වැලිකඩ බන්ධනාගාරයේ හිටියා. ජූලි 25වෙනිදා හවස් වරුවේ ඔවුන් ඉඳපු ශාලාවට කඩාගෙන වැදුණු සිංහල සිරකරුවන් පිරිසක් ඔවුන්ට පහර දුන්නේ පිහි, පොලු මුගුරුවලින්. මේකෙන් මේ දමිළ රැඳවියන් 51දෙනෙක් මියගියා. කොටි නායකයෙකු වුණු සෙල්වරාජා සෝමචන්ද්‍රන්, මේ අතරින් එක්කෙනෙක්.

Image Source : bbc.com

මේ වගේ සිදුවීම් කොළඹට විතරක් සීමා වුණේ නැහැ. ජූලි 27,28 වගේ දින වෙද්දී නුවරඑළිය, බදුල්ල, තලවකැලේ. නාවලපිටිය, ගම්පොළ, දඹුල්ල, පොළොන්නරුව, අනුරාධපුර වගේ පැතිවලත් ද්‍රවිඩ ජනතාව විවිධ ප්‍රහාරවලට ලක්වුණා.පසුකාලීන ව ඇස්තමේන්තු කරපු විදියට, නිරායුධ දමිළ වැසියන් 3000කට ආසන්න ගණනක් කළු ජූලියෙන් මිය ගිහින්. ඇතැම් පිරිස් ලංකාව අත ඇරලත් ගියා.

අග; බලධරයින් කළේ මොකක්ද?

Image Source : en.wikipedia.org

“එතකොට දහසක් මිනිස්සුන් අමුඅමුවේ පුළුස්සලා දාද්දී, උන්හිටි තැන් නැතිවෙද්දී, දේපළ අහිමිවෙද්දී රජය අනුගමනය කරපු ප්‍රතිපත්තිය මොකක්ද?”

මේක සෑහෙන්න කතාවට බඳුන් වෙච්ච කාරණයක්. මේ දවස්වල කොළඹ ඇතුළු ප්‍රදේශවල ආරක්ෂාවට ඉඳපු හමුදා සහ පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරිහැටි ඉෂ්ට කරන වගක් පේන්න තිබුණේ නැහැ. දෙමළ මිනිස්සුන්ට පහරදෙද්දී, කඩවල් ගිනි තියද්දී විතරක් නෙවෙයි, ගෙවල් කොල්ලකද්දීත් ඒවා දැක්කේ නෑ වගේ ඉන්න මේ අය ක්‍රියා කළා. සමහරු කිව්වේ ඒකට හේතුව මේ දේවල් කළ අය සේරම ආණ්ඩුවෙන් අනුග්‍රහය ලබපු මැරයන් නිසා බවත්, ඒ නිසා පොලිසියට මේ උදවිය ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නොතිබුණු බවයි. ඇඳිරි නීතිය කඩකරලා කොල්ලකෑව පුද්ගලයන් ගැනවත් ඔවුන්ගේ සැලකිල්ලක් තිබුණේ නැහැ.

Image Source : tyouk.org

වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධියට සම්බන්ධයෙන් වුණෙත් මීට සමාන දෙයක්. සැකකරු සිරකරුවන් දාසයදෙනෙක්ගේ නම් බන්ධනාගාර නිලධාරින් එකතු කරගෙන, ඒවා ආණ්ඩුවේ අදාළ තැන්වලට භාර දුන්නත්, ඒ වෙනුවෙන් වැඩිදුර පරීක්ෂණයක්වත් මෙහෙයවුණේ නැහැ.   

කට්ටියක් කියන විදියට, මේ කාලය ඇතුළත ලංකාවේ ආණ්ඩුවක් තිබුණද කියලවත් පෙනුනේ නැහැ කියලයි. ජූලි 28වෙනිදා රූපවාහිනියෙන් ජනතාව අමතපු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා මේ අවාසනාවන්ත සිදුවීම් ගැන කණගාටුව ප්‍රකාශ කළත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනෙන බවක් දකින්න ලැබුණේ නැහැ. හැබැයි ඊට දවස් දෙකකට පස්සේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වුණා. ඒකෙන් කියැවුණේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ නව සමසමාජ පක්‍ෂය තහනම් කෙරෙන බවයි. මොකද මේක සාමාන්‍ය ජාතිවාදී අරගලයකටත් වඩා ගැඹුරු කුමන්ත්‍රණයක් බව රජයේ ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කර සිටියා. කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සහ ජනතා විමුක්‌ති පෙරමුණේ ක්‍රියාකාරීන් 30කට වඩා පිරිසක් අත්අඩංගුවට පත්වුණේ මේකේ ප්‍රතිඵලයක් විදියට. නව සමසමාජ පක්‍ෂයේ වික්‍රමබාහු කරුණාරත්න, වාසුදේව නානායක්‌කාර හා ලිනස්‌ ජයතිලක වගේ නායකයන් මෙයින් ගැලවීමේ බලාපොරොත්තුවෙන් පලා ගිහින් සැඟවුණා. සිරබාරයට පත්වෙච්ච කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ක්‍රියාකාරීන්ට නිදහස ලැබුණේ ඊට දවස් 56කට පස්සේ.

Image Source : tyouk.org

ලංකාවේ වුණු මේ සිදුවීම් පෙළ හමුවේ ඉන්දියාව දක්වපු ප්‍රතිචාරය ගැනත් මෙතැනදී කිව යුතුමයි. දෙමළ ජනතාවට ජාතිවාදී කැරලිවලින් හානි වුණු පළමුවෙනි අවස්ථාව වෙන්නේ 1983 කළු ජූලිය නෙවෙයි. ඊට කලින් 1956, 1958 සහ 1977 අවුරුදුවලත් මේ වගේ ගැටළු ඇතිවුණා. හැබැයි, ඒ එක අවස්ථාවකදීවත් ඉන්දියාවෙන් විරෝධයක් පැන නැඟුණේ නැහැ. සුළුවට හරි ප්‍රශ්නයක් නැඟුවේ තමිල්නාඩුව පමණයි. ඒත් කළු ජූලියේ වෙද්දී නවදිල්ලියේ, කල්කටාවේ, බරණැස, බොම්බාය හා නාග්පූර් වගේ නගරවලත් පෙළපාලි පැවැත්වුණා. ඒ වෙද්දී ඉන්දියාවේ උන්නු ප්‍රවීණ මාධ්‍යවේදී ඇස්‌. පියසේන මහත්මයා දුන් තොරතුරුවලට අනූව, මේවයේ දෙමළ ජනතාවටත් වඩා ඉඳලා තියෙන්නේ වෙනත් ජන කොටස්. ඒ වගේ ම, පාලක කොන්ග්‍රස්‌ පක්‌ෂයටත් වඩා මේවා මෙහෙයවලා තියෙන්නේ බී.ඡේ.පී. කොමියුනිස්‌ට්‌ හා සමාජවාදී පක්ෂවල ක්‍රියාකාරීන්.

ඒ විතරක් නෙවෙයි, රෝ ඔත්තු සංවිධානය මූලිකත්වය අරගත් සටන් පුහුණුවක්‌ තමිල්නාඩුවේදී ආරම්භ වුණා. මේකේ අරමුණ වුණේ ලංකාවේ දෙමළ සටන්කාමී සංවිධානවල සාමාජිකයින්ට පුහුණුව ලබා දීමයි. මේ වගේ පුහුණු කඳවුරු 110ක් ඉන්දියාව සතු වුණු බවයි ආරංචිය.

Image Source : tamilnation.co

මේකෙන් හොඳින් ම පැහැදිලි වෙන කාරණය තමයි, ලංකාවේ කාරණාවලට ඉන්දියාවේ මැදිහත් වීම තදින් ම ඇරඹුණේ කළු ජූලියෙන් පස්සෙයි කියන එක. එල්.ටී.ටී.ඊ සංවිධානයට තිබුණු අවධානය වැඩිවෙන්නත් මේක හේතුවක් වුණා. එයින් ශක්තිය ලබාගත්ත එල්.ටී.ටී.ඊ සංවිධානය කලින් තිබුණාටත් වඩා තමන්ගේ ව්‍යාප්තිය වැඩි කරගත්තා. ලංකාවේ සිවිල් යුද්ධය අවුරුදු 30ක් තිස්සේ ඇදෙන්නත්, මේකෙන් යම් බලපෑමක් වුණු බවට බොහෝදෙනා විශ්වාස කරනවා.  

කවරයේ පින්තූරය : 30yearsago.asia
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide