ඉන්දියාව ටික්ටොක් ඇතුළු චීන ඇප්ස් 60ක් තහනම් කළේ ඇයි?.

ටික්ටොක් කියන්නෙ හුඟක් අයට දිරවන්නෙ නැති ඇප් එකක්. හැබැයි ජීවිතේ ම ටික්ටොක් කරගත්ත අයත් නැතුවා නෙමේ. ටික්ටොක් උන්මාදය දරුණුවට ම වැළඳුණු රටක් තමයි ඉන්දියාව. ලෝකයේ ටික්ටොක් පාවිච්චි කරන්නන්ගෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් ම ඉන්නෙ ඉන්දියාවෙ කිව්වොත් විශ්වාස කරනවද?

කොහොම වුණත් මින් එහාට නම් ටික්ටොක් ඇප් එකට ලබන්න යන්නෙ හොඳ කලදසාවක් නෙමෙයි. කොයි තරම් උන්මාදයක් තිබුණත්, අද ඉඳන් ඉන්දියාවෙන් ටික්ටොක් පිටුවහල්!

ඉන්දීය රජය ටික්ටොක් ඇතුළු චීන ඇප්ස් 60ක් තහනම් කරන්න ඊයේ පියවර ගත්තා. ටික්ටොක්වලට අමතරව UC Browser, WeChat, Shareit, Baidu Map, CamScanner කියන ඇප්සුත් මේ අතරට අයත්. ඉතින් ඇයි මේ චීන ඇප්ස් ම තහනම් කළේ?

මේ තියෙන්නේ ඒකට හේතුව.

දේශසීමා ගැටුම්

රූපය: www.onmanorama.com

ඉන්දියාවේ පිහිටීම අනුව එය එක පැත්තකින් මායිම් වෙන්නේ චීනයට. ලෝකයේ රටවල් දෙකක් එකිනෙකට මායිම්ව පිහිටන බොහෝ අවස්ථාවලදී සිදු වෙන ආකාරයට ම, ඉන්දියාව සහ චීනයත් දේශසීමා ප්‍රශ්නයකට ගහමරා ගන්නවා. මේක පටන්ගත්තේ 1960 දශකයේ. තමන්ගේ රටේ දේශසීමා උල්ලංඝනය කරන බවට එකිනෙකාට චෝදනා කර ගනිමිනුයි මේ ගැටුම් නිර්මාණය වුණේ.

මේ දවස්වල දෙපාර්ශ්වය අතරේ උද්ගත වෙලා තියෙන ගැටුම්කාරී වාතාවරණය, දශක ගණනාවකට පස්සේ උද්ගත වුණු නරක ම සහ ප්‍රචණ්ඩකාරී ම තත්ත්වය බවයි ප්‍රවෘත්තිවලින් වාර්තා වෙන්නේ. ඉන්දියානු හින්දු සහ බෞද්ධ වන්දනාකරුවන් හිමාලය දුර්ගය ඔස්සේ ටිබෙට් දේශයේ පිහිටි තම පුදබිම් කරා ගමන් කරන බවටත්, ඒ අනුව ඉන්දියානු දේශසීමා ආරක්ෂක භටයන් ද ටිබෙට් දේශයට අනවසරයෙන් ඇතුළු වෙන බවටත් චීනය චෝදනා කරනවා. ඉන්දීය බලධාරීන්ගේ චෝදනාව වෙන්නේ චීන හමුදා භටයන් දේශසීමා ඔස්සේ සිකීම් ප්‍රාන්තයට ඇතුළු වෙලා තම බංකරවලට හානි පමුණුවලා තියන බවයි.

පහු වුණ සති දෙක ඇතුළත මේ ගැටුම්වලින් මියගිය ඉන්දීය සෙබළු ගණන විස්සක්. මේකට චීනයෙන් පලිගන්න බව ඉන්දියාව ප්‍රකාශ කරලා තියනවා වුණත්, මිලිටරි සහ ආර්ථික බලය අතින් ඉන්දියාව ඉන්නෙ චීනයට වඩා සෑහෙන පිටුපසින්. ඒත් රටවල් දෙක ම න්‍යෂ්ටික අවි සහිත රටවල් බවත් අමතක කරන්න බෑ. ලෝකයේ වැඩි ම ජනගහනය සහිත රටවල් දෙක අතර ඇති වෙලා තියන මේ ගැටුම, උඩින් පේන දේශසීමා ප්‍රශ්නෙන් එහාට ගිය බරපතල දේශපාලන ගැටලුවක් බවට දැන් පත් වෙලා.

සයිබර් ආරක්ෂාව

ඒකට හේතුව ඉන්දියාව කියන අතිවිශාල ඔන්ලයින් මාකට් එක ගැන චීනයේ ටෙලි කමියුනිකේෂන් සහ සෝෂල් නෙට්වර්කිං ආයතන හැම වෙලේ ම ඇහැ ගහගෙන ඉන්න එක. බිලියන 1.3ක් වෙන ඉන්දියානු ජනගහනයෙන් සියයට පනහක් විතර ම අන්තර්ජාලය පාවිච්චි කරනවා. මේ අයව චීන අන්තර්ජාල නිෂ්පාදනවල ඔන්ලයින් පාරිභෝගිකයන් කරගැනීමෙන් චීනය විශාල ලාභයක් උපදවා ගන්නවා.

මීට අමතරව චීනය, ඉන්දීය අන්තර්ජාල පරිශීලකයන්ගේ විද්‍යුත් දත්ත ඉන්දියාවෙන් පිටත පිහිටි සර්වර්ස්වල ගබඩා කරනවා සහ ඒ දත්ත අනවසරයෙන් පාවිච්චි කරනවා කියන චෝදනාව ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය එල්ල කරනවා. මේ ගැන අන්තර්ජාල පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි රැසක් ඔවුන්ට ලැබිලා තියනව ලු.

මෙමඟින් තමන්ගේ රටේ ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අභියෝගයට ලක් වෙන නිසා ඒ වෙනුවෙන් ඉක්මන් පියවරක් ගත යුතුයි කියලයි ඉන්දීය බලධාරීන් කියන්නේ. ඒ වගේ ම මේ චීන ඇප්ස් බ්ලොක් කරන එක අත්‍යවශ්‍යයි කියලා ඉන්දියාවේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයත් නිර්දේශ කරලා තියනව ලු.

ඉතින් මේ හේතු ඔක්කොම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම කියන කාරණය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව චීන ඇප්ස් 60ක් රට තුළ පාවිච්චිය තහනම් කරන්න ඊයේ පියවර ගත්තා. මේ තීරණයත් එක්ක මිලියන ගණනක ඉන්දීය අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ සයිබර් ආරක්ෂාව තහවුරු වෙයි කියල ඔවුන් බලාපොරොත්තු වෙනවා.

චීනය මොකද කියන්නේ?

මේක චීනයේ සාක්කුවට විශාල බලපෑමක් කරන පියවරක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැබැයි තාමත් මේ ගැන චීනය පාර්ශ්වයෙන් පිළිතුරක් ප්‍රකාශ වෙලා නෑ. කොහොම වුණත් දෙරටේ ම මිලිටරි ප්‍රධානීන් අතර දේශසීමා පිළිබඳව පැවැත්වෙන සාකච්ඡාවල තුන්වැනි වටය අද ඇරඹුණා. එතැනදී මේ ගැන උණුසුම් සංවාදයක් උද්ගත වෙන බවට පෙරනිමිති මේ වෙද්දි පේන්න තියනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide