සුන්දර වෙරළ තීරයක පහස විඳින්න! නිවාඩුවක් ගත කරන්න කියාපු ලස්සන බීච් හෝටල් 10ක්.

අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා

මැකී ගියා රැල්ලෙන් විසල රැයේ…

ආදරණීයයන් දෙන්නෙක් අතරෙ ඇති වෙන ප්‍රේමණීය හැඟීම් වලට පණ පොවන්න සුන්දර වෙරළ තීරයකට වඩා ගැලපෙන තැනක් තවත් තියෙනවද? ඉර බැහැගෙන යන හැන්දෑවක අත් වැල් බැඳගෙන වෙරළ දිගේ ඇවිදිද්දි තෙපලෙන ආදර කතා, එයාලගෙ රාත්‍රිය සුන්දර කරන්න මැවෙන හීන වගේ. ඉතින් කවුද ආස නැත්තෙ සිහිල් මුහුදු හුළඟක ආශ්වාදයට තුරුළු වෙලා රැයක් පහන් කරන්න.

ලංකාව වටේට පිහිටල තියෙන ලස්සන වෙරළ තීරය, ඒ ලස්සනත් එකතු වෙලා ගොඩ නැගුනු අපූරු හෝටල් ගණනාවකින් හැඩ වෙලා තියෙන්නෙ. ඒත් අවාසානාවට අපි ගොඩ දෙනෙක් ඒ ගැන හරි හැටි දන්නෙ නෑ. ඔන්න ඔය නිසාමයි සුන්දර බීච් හෝටල් ටිකක් ගැන අපි ඔයාලට කියන්න හිතුවෙ. යුවලකට වගේම පවුලේ උදවියකට වුනත් ගිහින් අපූරු නිවාඩුවක් ගත කරල එන්න කියාපු තැන් ටික. හැරත්, සුන්දර අත්දැකීම් ගොන්නක් ඔයාල ජීවිතේ නොමියෙන මතකයන් අතරට එකතු වෙද්දි දැනෙන සතුට, ආයෙ කවදා ගන්නද? නේ.

1. Chena Huts (Yala)

by chiklocations

යාල කැලේ ඇතුලෙ අලි, කොටි, වලස්සු විමානෙ බිම් පැලක සුවසේ නිවාඩුව ගත කරන්න කියාපු හෝටලය. ඒ විතරක් නෙවෙයි අපිට හමුවුන අමුතුම ලස්සනක් තියෙන බීච් හෝටලය. කෑම බීම අතින් නම් උපරිමයි. ඉස්සරහින් තියෙන්නෙ ගල්පර වලින් අඩුවක් නැති පුළුල් වෙරළ තීරය. නිල් කැටේට වතුර තියෙන මුහුදත් හරිම ලස්සනයි. උදේ පාන්දරටයි හවස් ජාමෙටයි තමයි මේ බිම් පැල් ටිකේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙන්නෙ. ඇත්තටම චෙනා හට් හෝටලයෙ ගෙවෙන රැය නම් කවදාවත් අමතක වෙන එකක් නෑ. සැප්තැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකම්ම කල් තියෙන නිසා හොඳ වෙලාවක් බලල නිවාඩුව දාගන්නකො.

2. Anilana (Pasikuda)

by tripadvisor

සුපිරි බීච් හෝටල් අත් දැකීමක් ගන්න කියාපු තැනක් තමයි පාසිකුඩා වෙරළ තීරයෙ තියෙන අනිලානා හෝටලය. පාසිකුඩා බීච් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඉමක් කොනක් පේන්නෙ නැති නිල් පාට මුහුදුකරේ දවස පුරාම හරිම ලස්සනයි. හැබැයි සැප්තැම්බර්, දෙසැම්බර් අතර කාලයෙ යන්න ඕන. හෝටලේ කෑම බීම ටික වගේම අනිත් පහසුකමුත් පංකාදු පහට තියෙනව. හිතා ගන්න බැරි සුපිරි පන්නයේ හෝටලයක් වෙලත් මෙයාලගෙ ගාණ මෙච්චර අඩු ඇයි කියල තමයි.

3. Whiskey Bay Surf Resort (Arugam Bay)

by

ආරුගම් බොක්ක මුහුදු තීරය ගැනත් ඒ හැටි විස්තරයක් ඕන නෑනෙ. සර්ෆින් නම් ආරුගම් බේ වගේ තමයි. විස්කි බේ රිසෝට් එක තියෙන්නෙ ආරුගම් බේ වෙරළ තීරයෙ නිදහස් පැත්තකට වෙන්න. මේ හෝටලයෙ තියෙන විශේෂත්වය තමයි පොඩි පොඩි ගෙවල් විදියට ලී වලින් හදල පිදුරු හෙවිලි කරල හැඩ වුනු එක. හැන්දෑවට රතු පාට වෙන අහසෙ හෙවණැල්ල විස්කි බේ හෝටලයට වැටුනාම හරිම ලස්සනයි. මාර්තු ඉඳන් ඔක්තෝම්බර් අතර කාලෙට ඒ ලස්සන දෙගුණ තෙගුණ වෙනව. රස කෑම තොගයක් එක්ක විස්කි බේ හෝටලයෙ රැයක් ගත කරන්න… ඒත් ඇඳිරි වැටීගෙන එද්දි වෙරළ කිට්ටුව දැල්වෙන ගිණි මැලයට, කැලිප්සෝ තාලය ගේන අපූර්වත්වය නම් කියල නිම කරන්න බැරි වේවි.

4. Saman Villas (Benthota)

by booking.com

ගල් පරයක් උඩ හදපු සුපිරි හෝටලයක්. කෑම බීම වගේම අනිත් පහසුකම් වලිනුත් කිසිම අඩුවක් නෑ. මේ ඔක්කොටම වඩා අත්විඳින්න දෙයක් සමන් විලාස් එකේ තියෙනව. ඒ තමයි ඉර බැහැගෙන යද්දි ගල් පරය උඩට පේන පුළුල් දර්ශන තලයෙ ආශ්වාදය. අඩි ගාණක් පහතින් පේන මුහුදත් රතු පාටට පෙණ කැටි විසුරුවන්නෙ හෝටලය වටේට පලසක් එලන්න වගේ. දිග වෙරළ තීරයක් නැතිකමේ අඩුපාඩුව වත් නොදැනෙන්න තරම් හවස් ජාමෙට සමන් විලාස් හෝටලය ලස්සනයි.

5. Jungle Beach Resort (Trincomalee)

by ugaescapes

කැළේ ඉඳන් වෙරළෙ සුන්දරත්වය අත් විඳින්න විතරක් නෙවෙයි වෙරළෙ ඉඳන් කැළේ සුන්දරත්වයත් අත් විඳින්නත් කියාපු හෝටලයක් තමයි කුච්චාවෙලි ජන්ගල් බීච් එකේ තියෙන ජන්ගල් බීච් රිසෝට් එක. ලී වලින් හදල පිදුරු හෙවිලි කරපු ලස්සන ගෙවල් ටිකක් තමයි මේ හෝටලයෙත් තියෙන්නෙ. කෑම බීම, සුවපහසු කම් ටිකත් නියමෙටම තියෙනව. සැප්තැම්බර්, නොවැම්බර් කාල වලට කුච්චාවෙලි වෙරළ තීරය කුරුළු හඬින් රැව් දෙද්දි වට පිටාවෙ ඇති වෙන සුන්දරත්වය නම් කියල නිම කරන්න බැරි තරම්. 

6. Shingawa Beach (Balapitiya)

by deltatravel

නවීන පන්නයට ඉදිවුනු බලපිටියෙ ෂින්ගාවා බීච් හෝටලයත් අගෝස්තු, දෙසැම්බර් කාල වලට හරිම ලස්සනයි. නිල් පාට මුහුදු තිරයකින්, ලස්සන, පුළුල් වෙරළ තීරයකින් වගේම මුහුද පැත්තට ඇදුනු අපූරු ගල් පාලමකින් හැඩවුනු ෂින්ගාවා හෝටලය සුව පහසුව අතින් නම් ගොඩක්ම ඉහලයි. ඒ විතරක් නෙවෙයි කෑම බීමත් සුපිරි.

7. Maluu Maluu Resort & Spa (Pasikuda)

by maluumaluu

ගොඩ දෙනෙක් දන්න කියන තැනක්. හරිම නිස්කලංක, පුළුල් වෙරළ තීරයක පිහිටපු හෝටලයක්. සුව පහසුව, කෑම බීම ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ, සුපිරිම තමයි. විශේෂයෙන් කියන්න ඕන මාළු මාළු හෝටලයෙ තියෙන ලස්සන ගැන. ලී වලින් තමයි හදල තියෙන්නෙ. හැබැයි වහලට පිදුරු හෙවිලි කරල නෑ. නිල් කැටේට පේන පාසිකුඩා මුහුදු තීරය සැප්තැම්බර්, දෙසැම්බර් කාල වලට ස්නෝකෙල් කරන්න, ඩයිවින් කරන්න වගේම ස්ර්ෆින් කරන්නත් කියාපු. රතු පාට වුනු ක්ෂිතිජය දිහා බලාගෙන හවස් ජාමෙට ගිණි මැලයක් ගහගෙන පොඩි පාටියක් දාන්න මාළු මාළු හෝටලය නම් නියමයි.

8. Jetwing Blue (Negombo)

by expedia

මීගමුව බීච් එක ගැන කියන්න නම් අදහසක් නෑ. රුවල් බැඳපු ඔරු එක යායට පාවෙන මුහුදු කරේ හවස් ජාමෙට රතු පාට වුනාම තියෙන ලස්සන බලන්න, යන්න ජෙට් වින්ග් බ්ලූ හෝටලය පැත්තට. කෑම බීම, සුව පහසුව අතින් සෑහෙන්න උඩින් තියෙන ජෙට්වින්ග් බ්ලූ හෝටලයෙ දවසක් ගත කරන්න… හැබැයි ඒ වගේ නෙවෙයි සුන්දර අත් දැකීම් ගොන්නක් එක්ක ගත කරන සුවබර නිවාඩුව. ජීවිතේට අමතක නොවේවි.

9. Anilana (Nilaveli)

by tropicalvacations

අනිලානා පාසිකුඩා හොටලයෙම, නිලාවැලි හෝටලය තමයි මේ. කට්ටිය නම් කියන්නෙ නිලාවැලි හෝටලයට වඩා පාසි කුඩා හෝටලය ලස්සනයි, හොඳයි කියල. ඒත් මට නම් නිලාවැලි හෝටලයයි මුහුදු තීරයයි ලස්සනයි කියල තමයි හිතෙන්නෙ. කොහොම වුනත් කෑම බීම, සුව පහසුකම් ටික නම් එකමයි. විශේෂම දේ තමයි සැප්තැම්බර්, දෙසැම්බර් කාල වලදි නිලාවැලි වෙරළ තීරයෙ හවසට තියෙන ලස්සන. ඇත්තටම ඒ ලස්සන දකින්න නම් එහේ යන්නම වෙනව.

10. Bar Reef Resort (Kalpitiya)

by accommodation

ඩොල්ෆින්ල බලන්න කල්පිටියෙ යන්න. ගිහින් ඉන්නෙ කොහෙද? මෙන්න තියෙනව සුපිරිම තැන. කල්පිටිය ආලන්කුඩාවෙ බාර් රීෆ් රිසෝර්ට් එක. උදේට බෝට්ටු සවාරි යන්න, දවල්ට රස කෑම කන්න, හවස් ජාමෙ අල්ලල පොඩි ස්නෝර්කෙල් පාරක් දාන්න කියාපු තැන. එතකොට ඉර බැහැගෙන යන හැන්දෑවෙ ඉමක් කොනෙක් පේන්නෙ නැති මුහුදයි වෙරළයි දිහා බලාගෙන හීනියට පොඩි ෂොට් එකක් දාන්නත් පුළුවන්. මොකද මෙයාල ලඟ තියෙනව රසම රස සී ෆුඩ් බයිට් ජාති. නියමයි නේ.

හා හා, දැන් කට්ටිය නිවාඩුව ප්ලෑන් කලා වගේ නෙවෙයි ඔයාල දන්න මේ වගේ බීච් හෝටලුත් කමෙන්ට් කරන්න. මොකද අපේ තව යාළුවො ඉන්නව ඒව දැන ගන්න ආස.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide