ගෙදරට බව්වෙක්? ලංකාවෙ ඇති කරන්න කියාපු සුපිරිම බලු වර්ග 10ක්.

ඇත්තටම ඔය පූසො වගේ නෙවෙයිනෙ බල්ලො. පොඩි කාලෙ හුරතලේට ඉඳල ලොකු වුණාට පස්සෙ ගණන් උස්සන්නෙ නෑ. තිරිසනා වුණාට මනුස්සයින්ට වඩා කෙළෙහිගුණ දන්නව. අනික එක වේලක් කන්න දුන්නත් මැරෙන තාක් කල් උන්ට ඒක මතකයි. ඒ වගේම තමයි මොන දීපංකරේ ගිහිල්ල ආවත් හීන් කෙඳිරියක් දාලා, හරි ලස්සනට ගෙදරට පිළිගන්නව. වැඩිය ඕන නෑ, දුක් ගැනවිල්ලක් කිව්වත් තේරෙනව වගේ අහන් ඉන්න එකම සතාද කොහෙද.

අන්න ඒ නිසාමයි එදා ඉඳන් අද වෙනකම් ‘මිනිහගෙ හොඳම යාළුවා’ සම්මානය දිනා ගන්න බව්වන්ට පුළුවන් වෙලා තියෙන්නෙ.

ඉතින් අපි කල්පනා කළා, එදා මෙදා තුර නොබිඳෙන ළබැඳියාවක් පවත්වගෙන ආපු අපේ මේ ‘බලු’ සමාජය ගැන ටිකක් කතා කරන්න. මොකද මනුස්සයගෙ ආරක්ෂාවයි හුරතලයයි දෙකම සම්පාදනයක කරන එකම සතානෙ. වැඩේ කියන්නෙ වර්තමානය වෙද්දි නම් බව්වන්ගෙන් ලැබෙන ආදරය, කරුණාව, ආරක්ෂාවටත් වඩා උන්ගෙ ලස්සනට, කුලයට තමයි ලොකු වටිනා කමක් ලැබිලා තියෙන්නෙ. කොටින්ම කියනව නම් රුපියල් ලක්ෂ ගණන්වලට පවා බව්වො පැටව් විකිණෙනව. ඒ විතරක් නෙවෙයි සමහර බව්වොන්ගෙ දවසක වියදම රු. 500ටත් එහා පැත්තෙලු.

අවාසනාව කියන්නෙ ගොඩ දෙනෙක් මේ බලු සබ්ජෙක්ට් එකට ආස කළාට අපේ රටට හරියන, තමන්ට ගැලපෙන බව්වෙක් හොයා ගන්න ඒ හැටි දන්නෙ නෑ. අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අපේ රටට වගේම ගෙදර දොරටත් හරියනම බව්වො ටිකක් ඔයාලට කියන්න. ඔය අළුතෙන් බව්වෙක් ගේන්න ඉන්න අයටත් අදහසක් ගන්න පුළුවන්නෙ.

1. German Shepherd

අනිත් එක එක ගැජමැටික්ස් වගේම තමයි ජර්මනියෙ බල්ලොත් පට්ට කොලිටි. ජර්මන් ෂෙපර්ඩ්ලා ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඕනත් නෑ. ඒත් දැන ගැනීම පිණිස කියන්නම් මෙයාලගෙ ආයු කාලය අවුරුදු 9ත් 13ත් අතර වෙනව. හොඳට කන්න බොන්න දීලා හැදුවොත් බර කිලෝග්‍රෑම් 32, 40 වගේ වෙයි. ඒ වගේම තමයි වැඩුණු බල්ලෙක්ගෙ උසත් සෙන්ටිමීටර 60, 65කට කිට්ටු වෙනව. ජර්මන් ෂෙපර්ඩ්ලගෙ තියෙන විශේෂත්වය තමයි ස්වාමියා හැරුනාම, ස්වාමියාට අවශ්‍ය තවත් ඕන තරම් පිරිසකට කීකරුව හදන්න පුළුවන් එක. වෙන දෙයක් නිසා නෙවෙයි එයාලගෙ බුද්ධිමත් කම නිසා. ඒ හැරුනාම අනිත් බල්ලන්ට වඩා, ක්‍රියාකාරකම් ගොඩක් පුරුදු කරන්න පුළුවන් ගතියෙන්ද ජර්මන් ෂෙපර්ඩ්ල ඉන්නෙ ටිකක් උඩින්. ඔයාලා දැකලත් ඇතිනෙ පොලීසියෙ එහෙම ඉන්න වැඩකාර හැඩකාර ෂෙපර්ඩ්ල ටික. වැඩේ කියන්නෙ වංසක්කාර ජර්මන් ෂෙපර්ඩ් බව්ව පැට්ටෙක්ගෙ මිල සාමාන්‍යයෙන් රු. 20,000ක් විතර වෙනව.

ඔය අතරට කියන්න ඕන, බෙල්ජියම් ෂෙපර්ඩ්ලත් නියම බල්ලො ජාතිය. හැබැයි ගාණ වැඩියි. දන්න විදියට රු. 25,000ට කිට්ටුයි.

2. Bullmastiff

ඉංග්ලන්ඩ් භාණ්ඩෙ. ආරක්ෂාවට හදනව නම් කියාපු බල්ල. හැබැයි ෂෙපර්ඩ්ල වගේ ගොඩ දෙනෙක්ට කීකරුව හදන්න අමාරුයි. ඒ වුණාට බලන්න එපැයි ස්වාමියට තියෙන ආදරේ. අත තිබ්බොත් ඇඟම කෑලි කරාවි. හොඳ බුල්මැස්ටිෆ් පැටියෙක් අඩුම රු. 45,000ක් වත් වෙනව.

හොඳට හැදුණු බල්ලෙක්ගෙ උස සෙන්ටිමීටර 66ත් 69ත් අතර වගේම බරත් කිලෝග්‍රෑම් 54-59 වගේ වෙනව. ඔන්න ෆොටෝ එක උඩින් තියෙනව, ගන්න හිතනව නම් දැකල බලල, හොයල කරලම ගන්නකො. මොකද හුරතලේට හදන්න නම් එච්චරටම හරියන බල්ලෙක් නෙවෙයිනෙ.

3. Golden Retriever

“ආදරේ හිතෙනව දැක්කම හරිම ලස්සනයි මේ බව්වෝ…”

ආයෙ බොරු මොකටද හුරතලේට නම් කියාපු. වැඩි හරියක්ම පොඩ්ඩන්ට එහෙම සෙල්ලම් කරන්න හරියනම බල්ලො ජාතියක්. එංගලන්තෙන් තමයි මෙයාලගෙ සම්භවය පැවතෙන්නෙ. ෂෙපර්ඩ්ල වගේම මෙයාලටත් හොඳට මොලේ තියෙනව. ඒ නිසාම ස්වාමියටයි, ගෙදර දොරේ අනිත් උදවියටයි එහෙමත් හොඳ කීකරුවට හදන්න පුළුවන්. හැබැයි ඉතින් ෂෙපර්ඩ්ල තරම් ක්‍රියා කාරකම්වලට හුරු කරන්න නම් තරමක් අමාරුයි.

මේ ජාතියෙ වැඩුනු බව්වෙක්ගෙ උස සෙන්ටිමීටර 56, 61ක් වගේ වුණාට බර කිලෝ ග්‍රෑම් 29-34 අතරෙ යනව. ඔට්ටුයි, ඔයාලා හිතන්නෙවත් නෑ මෙයින් බව්ව පැටියෙක් රු. 35,000ක් විතර වෙනව කියල.

4. Rottweiler

ෂහ්, හදනව නම් අන්න බල්ලො ඈ… පට්ට ඩිමාන්ඩ්. වෙන දෙයක් නිසා නෙවෙයි ආරක්ෂාවයි, ස්වාමියට තියෙන ආදරයයි නිසා. මෙයාලවත් ඔය එක එක්කෙනාට හුරු කරන්න අමාරුයි. හැදුවොත් ස්වාමියටයි, තව ලඟම එක්කෙනෙක් දෙන්නෙක්ටයි තමයි කීකරු. අනික හරි දරුණු පෙනුමක්නෙ තියෙන්නෙ. දැක්කත් බය වෙන සයිස්. රොට්වයලර්ගෙත් සම්භවය ජර්මන්.

වැඩුනු රොට්වයලර් කෙනෙක්ගෙ උස සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 63-69 වගේ වෙනව. බරත් කිලෝග්‍රෑම් 48ත් 60ත් අතරෙ. හොඳ රොට් පැටියෙක් අඩුම රු. 25,000ක් වගේ වුණාට වර්ධන වියදම ටිකක් වැඩි නිසා කල්පනා කරල බලල ගන්න හොඳද.

5. Doberman Pinscher

ඔන්න තවත් ජර්මන් බල්ලෙක්. හුරතලේට කෙසේ වෙතත් ආරක්ෂාවට නම් කියාපු. දැකල එහෙම ඇතිනෙ ඔය කළු පාටට, උසට උසේ ඉන්න ඩොබර්මන්ලා. කොහොමද බිරිල්ල එහෙම. ඇහුනාම, දුවනව නෙවෙයි දිවවෙනව. හැබැයි ඉතින් සතා මෝඩයි. ෂෙපර්ඩ්ල වගේ නම් නෙවෙයි.

හොඳට හැදුණු ඩොබර්මන් කෙනෙක්ගෙ උස සෙන්ටිමීටර 68ක් 72ක් විතර වෙනව. හැබැයි බර නම් කිලෝග්‍රෑම් 35යි 45යි අතරෙ. ලංකාවන් ගන්නව නම් පැටියෙක් රු. 10,000කට වුණත් ගන්න බැරි කමක් නෑ.

6. Labrador

නිව් ෆවුන්ඩ්ලන්ඩ් සම්භවයක් තියෙන ලැබ්‍රඩෝර්ස්ලා ආරක්ෂාවටයි හුරතලේටයි දෙකටම කියාපු සුපිරි බල්ලො ජාතියක්. හැරත් හරිම ලස්සනයිත් එක්කනෙ. හැබැයි ගොඩ දෙනෙක්ට කීකරු වෙන්න හදන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් ක්‍රියාකාරකම්වලට හුරු කරන්නත් පුළුවන්. පොලිසියෙ වැඩ කටයුතුවලට පවා ගන්න බල්ලෙක් තමයි.

හොඳ ලැබ්‍රඩෝ පැටියෙක් රු. 30,000ක් වගේ වෙනව. හැබැයි ඉතින් ඒ ගාණට පාඩුත් නෑ. මොකද හැදුණට පස්සෙ බර කිලෝග්‍රෑම් 32ක් 36ක් වගේ වෙනව. උසත් සෙන්ටිමීටර 40, 50 වගේ අතරනෙ.

7. Pitbull

ලෝකෙ ඉන්න සැරම බල්ලො ජාති අතරිනුත් උඩින්ම ඉන්න ජාතියක් තමයි. ඒ නිසාම හැදුවොත් එකයි, කීකරුත් එක්කෙනෙක්ට විතරයි. හුරතලේට හදන්න නම් හරියන්නෙම නැති තරම්. හැබැයි ආරක්ෂාවට නම් මූ තරම් එකෙකුත් නැතුව ඇති. ඇමරිකානු වගේම යුරෝපීය සම්භවයක් තියෙන මේ පිටුබුල් බල්ලො සයිස් එකෙන් ඒ හැටි ලොකු නොවුණට එක එක ක්‍රියාකාරකම්වලට පුරුදු වෙන්න නම් හරි දක්ෂයි. කොටින්ම කියනව නම් සමහර රටවල්වල පොලිස් කටයුතුවලට පවා යොදා ගන්නව.

මෑත ඉතිහාසයෙ තියා වර්තමානය වෙද්දි වත් ලංකාවෙ පිට්බුල් බල්ලො ඇති නොකරන්න හේතුව තමයි හොඳ වංසක්කාර පැටියෙක්ම රු. 40,000ත් 70,000ත් අතරෙ වෙන නිසයි, තනිකරම මිනීමරු බල්ලො ජාතියක් වෙන නිසයි. ඒ නිසා ගෙන්න කලින් දෙපාරක් හිතන්න හොඳද.

8. Great Dane

ස්කුබි ඩූ කෙනෙක් ගෙදරම හදා ගන්න. කරන්න තියෙන්නෙ රු. 20,000ක් වගේ දිලා ග්‍රේට් ඩේන් බල්ලෙක් ගේන එක විතරයි. ඇත්තටම ග්‍රේඩ් ඩ්න් බල්ලො ස්කුබී වගේම ටිකක් මැටි වැඩ කරන ජාතියක් තමයි. මෙයාලගෙ සම්භවයත් ජර්මන්. ග්‍රේඩ් ඩේන්ලගෙ විශේෂත්වය, හැදුණට පස්සෙ සද්දන්ත වෙන එක. සාමාන්‍යයෙන් හැදුණු ග්‍රේට් ඩේන් කෙනෙක්ගෙ උස සෙන්ටිමීටර 76ක් 79ක් වගේ වෙනව. බරත් කිලෝග්‍රෑම් 70ක් 80ක් වගේ.

ආරක්ෂාවට කොහොමත් හොඳ මේ බලු වර්ගය ගෙදර දොරේ හුරතලේටත් නරකම නෑ. හැබැයි ඉතින් මෙයාලගෙ වර්ධන වියදම එහෙම නම් ටිකක් වැඩියි.

9. Boxer

බොක්සර්ලත් හොඳ ආරක්ෂාවට තමයි. හැබැයි පොඩි හුරතල් ගතියකුත් නැත්තෙම නෑ. කොහොම වුණත් බොක්සර් පැටියෙකුත් රු. 20,000කට කිට්ටුයි. අනිත් බල්ලන්ට වඩා හදන්න ටිකක් ලේසියි වගේම බොක්සර්ලා හැදුණට පස්සෙ සෙන්ටිමීටර 61ක් 64ක් වගේ උස යන නිසා ලොකු අවුලක් නම් නෑ. බරත් කිලෝග්‍රෑම් 32ක් වගේ වෙනව. වැඩේ තියෙන්නෙ මුන්ට එක එක වැඩ පුරුදු කරන්න ටිකක් අමාරු එක තමයි. හැබැයි ඉතින් ජර්මන් භාණ්ඩෙ නිසා ඩිමාන්ඩ් එක නම් සෑහෙන්න වැඩියි.

10. Ridgeback

දකුණු අප්‍රිකානු සම්භවයක් තියෙන රිජ්බැක් බල්ලොත් සෑහෙන්න ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ආරක්ෂාවටම කියාපු බල්ලො ජාතියක්. හුරතලේ කෙසේ වෙතත් මෙයාලා හුරු වෙන්නෙ නම් ස්වාමියාටයි පවුලේ අයටයි වගේ විතරයි. එක එක ක්‍රියාකාරකම් පුරුදු කරන්නත් එච්චරටම හරියන්නෙ නැති වුණාට රිජ්බැක්ලා දඩයම් වැඩට නම් සුපිරි.

හැදුණු රිජ්බැක් කෙනෙක්ගෙ උස සෙන්ටිමීටර 66ක් 69ක් වගේ වෙනව. බර කිලෝග්‍රෑම් 32ත් 36ත් අතරෙ තමයි. හොඳ පැටියෙක් රු. 20,000ක් වගේ වුණාට හදන්න ලොකු වියදමක් යන්නෙ නැති නිසා දෙපාරක් නොහිතා වුණත් ගේන්න පුළුවන්.

හැබැයි එකක් මතක තියාගන්න. අපි ඔය කියපු ‘බලු’ ලැයිස්තුවෙ ලෝකෙ දරුණුම බල්ලො 10දෙනා අතරෙ ඉන්න බල්ලොත් ඉන්නව, ඔය පිට්බුල් වගේ. ඒ නිසා පරිස්සමට හදන්න ඕන හොඳද. මොකද ගෙදර බල්ල කෑවට කවුරුත් වග කියන්නෙ නෑනේ. අනිත් කාරණය තමයි අපි මේ කියපු විස්තර වල වැරදි තියෙනව නම් නිවැරදි කරන්න ඔයාලගෙ සපෝට් එකත් ඕන.

ඉතින් අවසාන වශයෙන් එක දෙයක් කියන්න ඕන, ඔය ආසාවට, පොෂ් එකට දාස් ගණන් දීලා බල්ලො හැදුව වගේ නෙවෙයි පුලුවන් නම් පාර තොටේ ඉන්න අසරණ බව්වෙක් අරන් හදා ගන්න. එහෙම අවුල් නම් ඔය එම්බාර්ක් වගේ තැනකින් අරන් හදා ගත්තත් කමක් නෑ. මොකද යනකොට ගෙනියන්න තියෙන්නෙ පොෂ් එකයි, ඩිමාන්ඩ් එකයි නෙවෙයිනෙ. කරපු පින් ටිකනෙ නේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide