උපන්ගෙයි ශ්‍රී ලාංකිකද? අනිවාර්යයෙන්ම කරල තියෙන්න ඕන ගමේ ගොඩේ ආතල් වැඩ 10ක්.

හ්ම්ම්… පොලු ගහන්න ගස්, බල්ටි ගහන්න බන්ට්, පාරු පදින්න වෙල් තියා අඩුම තරමෙ සීතල වතුර ටිකක් නාගන්න ලිඳක් වත් තියේද අද ගෙවල්වල? මොනව කරන්නද ඉතින්, නාගරීකරණය හරිම සුවපහසුයිලුනෙ. ඒකනෙ කට්ටිය ඔය පරණ දේවල් අයින් කරල දාලා හයිෆයි වෙන්න හදන්නෙ.

හැබැයි ඉතින් දැන් දැන් ඔය සුවපහසුව ඉන්න හැදුවට අද කාලෙ වැඩිහිටියො නම් අතිශය සුන්දර ළමා කාලයක් අත් විඳල, මතකයන් ගොන්නක් එකතු කරගෙන අහවරයි. අවාසනාව කියන්නෙ පොඩ්ඩන්ට ඒ දේවල් හිමි කරන්න එයාලට උවමනාවක් නැති එකනෙ. සමහර විට උවමනාවක් තිබුණත් වෙලාවක් නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගම් පළාත්වල කාත් කවුරුත් නැති වෙන්නත් පුළුවන්. කොහොම වුනත් ඉඳල හිටල හරි ලස්සන මිටියාවතක් පැත්තෙ එක්ක ගෙන ගිහින් ඒ රසබර අත් දැකීම් පොඩ්ඩන්ට විඳින්න ඉඩ සලස්වන එක වැඩිහිටියන්ගෙ යුතුකම.

පොඩ්ඩො කෑගගහ වෙල් ඉවුරු දිගේ දුව දුව මඩ නා ගෙන සෙල්ලම් කරනව දකිද්දි, ගස් උඩ නැගගෙන අඹ, පේර කනව දකිද්දි, බන්ට් එකේ පිනුම් ගහනව දකිද්දි හිතනවද ඔයාලට බැරි වෙයි කියල ඔයාලගෙ ඒ සුන්දර මතක ගොන්න අතරෙ තනි වෙන්න. බාග වෙලාවට අම්මල තාත්තල, යාළු මිතුරො ආදිය මතක් වෙලා ඇස් අගට පුංචි කඳුළු බිංදුවක් උනන්නත් බැරි කමක් නෑ.

එහෙනම් ලෑස්ති වෙන්නකො ඒ සොඳුරු අතීතය අවදි කරන්න. හැබැයි එක පොරොන්දුවක් වෙන්න ඕන. මතක ගඟ දිගේ ජීවිත නැව ආපස්සට පදිද්දි අපිට මග හැරුණු තැන් කමෙන්ට් කරන්න, හොඳද.

1. වතු පාළුව

ඡායාරූපය

“අජියා, මම ඉස්කෝලෙ ඇරිලා එද්දිනෙ දැක්කෙ, ආතර් මාමගෙ වත්තෙ අඹයි කජුයි පිරිල බන්”

ආයෙ මොනවද ඉතින්, ආරංචිය කොල්ලො සෙට් එකට යන්න එක පැය බාගයක් ඇති. ගස් නගින සෙට් එක වෙනම, ගෙඩි අහුලන සෙට් එක වෙනම එතකොට මුරට ඉන්න සෙට් එක වෙනම. හෙන ප්ලෑනක් ගහල තමයි වැඩේට බහින්නෙ. ඇඳිරි වැටීගෙන එද්දි වත්තට රිංගුවට මොකද රිළව් වගේ, විනාඩි 5ට 10ට ගස් ටික සුද්ද කරල ඉවරයි. කල්තියා සාක්කුවෙ දාගනෙ යන ලුණු, මිරිස්, ගම්මිරිස් ටිකත් එක්ක පළතුරු ගෝනි ගණන් බඩේ.

ඕවයෙ රසබර සිද්ධි තමයි ගහට සුද්දෙ දෙන අතරෙ අයිතිකාරයට මාට්ටු වෙන එක, නැත්නම් හැත්ත බුරුත්තටම දෙස් තිය තිය ඇවිදින අයිතිකාරයව පස්සෙ දවසෙ මුණ ගැහෙන එක, එතකොට නගින්න බැරි ගස්වලට පොලු ගහන්න ගිහින් අහල පහළ ගෙවල්වල ජනෙල් දොරවල් කුඩු කරපු සිද්ධි.

මෙතනදි පන්සල් වත්තෙ පොල්, තැඹිලි ගස් ටිකට වැඩේ දුන්නු ඒව ගැන කතා නොකර ඉන්නම්.

2. පාර මැද්දෙ ක්‍රිකට්

ඡායාරූපය

“ගස් කැච් ඔට්ටුයි බන්, කියලනෙ පටන් ගත්තෙ” හෙන ගෝරිය.

ඔහොම තමයි ඉතින් පොඩි ඉඩේ සෙල්ලම් කරන්න ගියාම. වාහනයක් එද්දි විකට් එකට තියල තියෙන ලොකු ලෑල්ලයි මුක්කුවයි අයින් කරන්න ඕන. එතකොට බෝලෙ එහා වත්තට ගියාම ගහපු එකා ගිහින් ඇන්ටිට වැඳල හරි බෝලෙ අරන් එන්න ඕන. තනි විකට් එකට චාන්ස් දෙන්න ඕන. හයේ ඒව හතරෙ ඒව ගහන්න පුළුවන් කෙලින් විතරයි. පිටිපස්සට ලකුණු නෑ. හැබැයි ඔය කොහොම වුනත් ග්‍රවුන්ඩ් එකක ක්‍රිකට් ගහනවට වඩා නම් ආතල්.

3. බට තුවක්කුද? කැටපෝලද?

කැටපෝලෙ නම් ඇත්තටම සෙල්ලම් බඩුවක් නෙවෙයි. වගා පාළු කරන්න එන කුරුල්ලො, රිළව් වගේ සත්තු එළවන්න පාවිච්චි කරන එකක්. හොඳ හයිය, ලොකු මහතකුත් නැති පේර වගේ ගහක කරුවක යටින් කපල ‘Y’ හැඩේට හදා ගෙන උඩ කෙලවරවල් දෙක අල්ලල දිග තියෙන්න ටයර් ටියුබ් පටියක් ගැට ගහ ගත්ත නම් වැඩ් හරි. ආයෙ ඒම් එකටම තියන්න පුළුවන්. හැබැයි සත්තුන්ට තියල අහුවුනොත් ගුටි කන්න වෙන්නෙත් පේර කෝටුවකින්ම තමයි.

බට තුවක්කුවට කිරල ගෙඩියක් දාලා තිබ්බට නම් කාටවත් රිදෙන්නෙ නෑ. ඕන නම් පොඩ්ඩක් කිස් කාවි. ලේසියට කටින් පිඹින බට තුවක්කු හැදුවට හරි බට තුවක්කුව හදන්නෙ කොළ පාට උණ බට කෑලි දෙකක් අරගෙන. එක කෑල්ලක පුරුකක් අයින් කරල සුද්ද කරනව. ඊට පස්සෙ ඒකෙ මැද හිලට බහින තරම් මහත පේර කෝටුවක් අරගෙන සුද්ද කරල දිග තියෙන්න කපනව. කෝටුවෙ අග කෙලවර අනිත් උණ බට කෑල්ලට ගහල ගත්තාම නියම බට තුවක්කුව. ගස් අස්සෙ හැංගි හැංගි වෙඩි තියා ගන්න පුලුවන්.  

4. තුන්දෙනාම ඩබල් දාලා

ගිහින් තියද? දැන් තියෙන පුටාර්වල පිටිපස්සෙ රෝදෙ ඇණය දිගට එන්නෙ නැනේ. ඉතින් කොහොමද තුන්දෙනාම ඩබල් දාලා යන්නෙ. හැබැයි ඉස්සර ආපු ලුමාලා බයිසිකල්වලයි බී එම් එක්ස් බයිසිකල්වලයි පිටිපස්සෙ රෝදෙට ආපු ඇණේ දිගයි. ඔය ඇණේට පොඩි බට කෑලි දෙකක් ගහ ගත්තාම පදින එක්කෙනයි ඉස්සරහ බාර් එකේ යන එක්කෙනයි එක්ක තව එක්කෙනෙක් පිටිපස්සෙ දාගන්නත් පුළුවන්.

හැමෝටම බයිසිකල් නැති කාලෙ අපි ගම වටේ රවුම් ගැහුවෙ ඔන්න ඔහොමයි පුතේ.

5. සරුංගලේ අපේ අතේ

තමන්ගෙ සරුංගලේ අරින එක නෙවෙයිනෙ හිතේ තියෙන්නෙ. ඒක උඩ ගිහින් ඔක්කොම නූල් ටිකත් දුන්නට පස්සෙ කොහේ හරි ගහක ගැට ගහල අහස දිහා බලන් ඉන්නෙ තව කාගෙ හරි සරුංගලයක් කඩන් යනවද කියල. හදිස්සියෙවත් එහෙම එකක් දැක්කොත්, ලඟ පාතට පහත් වෙයි කියල හිතුණොත් දුවන දිවිල්ල? චීටෙක්, අස්සයෙක් පරාදයි. සමහර වෙලාවට පුටාර් එකේ වුනත් පාගන්න බැරි කමක් නෑ. වැඩේ කියන්නෙ ඔය සරුංගල් පස්සෙ යන වෙලාවට වටේ පිටේ තියෙන දේවල් අදාලම වෙන්නෙ නෑනෙ. වැටිල ලෙලි ඇරගෙන තියෙන වාර අනන්තයි.

6. පඩි පෙළේ හෙයාර් ඩ්‍රසින්ග්

ඡායාරූපය

අම්මයි දුවයි, සමහර විට ආච්චි අම්ම වෙන්නත් පුළුවන් නැත්නම් නංගි ඉන්නත් ඉඩ තියෙනව. ගෙදර ඉස්තෝ්ප්පුවට ගොඩ වෙන පඩි පෙළේ කට්ටිය පේළියට වාඩි වෙන්නෙ කොණ්ඩෙ පීරන්න. ඔය අතරට උකුණො අරන් දාන ඒව කොණ්ඩෙ ගොතන ඒවත් සිද්ධ වෙනව. හැබැයි වැඩියෙන්ම සිද්ධ වෙන්නෙ ඕප දූප කතා කරන එක තමයි.

7. බන්ට් එකේ බල්ටි

ඡායාරූපය

වැවේ බන්ට් එකේ පිනුම් ගගහ නාපු කට්ටියත් එක්ක හැප්පෙන්න ඔය ස්විමින්ග් පූල්වල ප්‍රැක්ටිස් කරපු කට්ටියට නම් ටිකක් අමාරු වෙයි. මොකද එයාලගෙ බය කියන එක උපතින්ම නැති වෙලානෙ තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි වැවේ එහා මෙහා පීනන්න, ඩයිව් කරල ගිහින් නෙළුම් අල ගලවන් එන්නත් පුදුම හැකියාවක් තියෙන්නෙ. වැවේ වතුර වැඩි කාලෙට ගෙවල්වලින් බොරේ දාද්දි කට්ටිය යන්නෙ වෙලේ බන්ට් එකට. බන්ට් එක උඩ පෝලිමට හිටගෙන පිනුම් ගහනකොට කාර්, වෑන්වලින් යන කට්ටිය බලන් ඉන්නෙ ඇස් අයාගෙන. සමහරු නම් හිතනවත් ඇති “දොඩං ගෙඩි දෙකක් උස නෑ. මුන් කරන වැඩ” කියල. කොහොම වුනත් බන්ට් එකේ බල්ටි ගහල ගත්තු ආතල් එක ස්විමින්ග් පූල්වල ඩයිවින්ග් බෝඩ්වලින් පැනල නම් ගන්න බෑ, ඔට්ටුයි.

8. කෙහෙල් කොට පාරුව

ඡායාරූපය

මුළු ගමක් වතුරනේ යට වෙලා, වෙල කිට්ටුව ඉඳපු යාළුවො පවුල් පිටින් පන්සලේ, ඒත් අපේ උන්ට නෑනෙ ගාණක්. ගං වතුරෙ පාරු පදින්න යන්න කෙහෙල් කොටන් හොයනව. ගෙදර කට්ටිය අවතැන් වෙච්ච අයට උදව් කරන්න යන අතරෙ පොල් බිඳින මන්නෙ අරන් එළියට පනින්නෙ වැස්සට පෙරළුණු කෙසෙල් ගස් ටිකේ කඳන් ටික වෙන් කර ගන්න. හය හත් දෙනෙක් එකතු වුනාම පැයට පැය බාගෙට ගේම ඉවරයි. මන්න පිහි ටික තිබ්බ තැන්වලින් තිබ්බ විදියටම තියන්නෙ ගෙවල්වලට මාට්ටු වෙයි කියන බයට. ඊට පස්සෙ වටේ දුවන්නෙ කොහු ලණු, වයර් කෑලි එකතු කර ගන්න. පාරුව හදල ඉවර වුනත් හරි කෙලින්ම ගිහින් හංගන්නෙ වෙල කිට්ටුව අකුලක.

දවල් දවසෙ මහන්සි වුනාට මොකද හවස් ජාමෙට ගෙදර තියෙන බිස්කට් ටින් එකකුත් දාගෙන පාරුවට නැග්ගාම ඒ මහන්සිය කොහෙන් ගියාද නෑ. දිග උණ බටයකුයි, ලෑලිවලින් කපා ගත්තු හබල් දෙකෙනුයි මාරුවෙන් මාරුවට හබල් ගහද්දි ඇඟ පත වෙලා ගන්න හීතල හුලඟ, වට පිටාවෙ නිස්කලංක බව බිඳින ගෙම්බන්ගෙ සද්දෙ, ඈතින් ඇහෙන පන්සලේ බෝධි පූජාව…!

9. මැටි ඇතිලියෙ කොත්තු

හවසට සෙල්ලම් කරල ගෙදර දුවගෙන ආවට පස්සෙ දැනෙන බඩ ගින්න ඉවසන්න බැරි තරම්. අම්මගෙ වදෙන් පොරෙන් බේරෙන්න බැරි නිසයි ඇඟ පත හෝද ගන්නෙ. රෑ කෑම ලෑස්ති වෙලා නොතිබුණාට මොකද දවල් කරවල තෙල් දාපු හට්ටිය තියෙන්නෙ. ෂහ්, පානුත් තියෙනව. අම්ම පොඩියට කපන පාන් කෑලි ටික කෙලින්ම වැටෙන්නෙ කරවල හට්ටියට. අත බදල හිතේ හැටියට අනා ගත්තාම හැදෙන පාන් කොත්තුව තරම් රස කෑමක් වෙන කොහෙන්ද. පාන් නැති වෙලාවට හීල් බතුත් නරකම නෑ.

10. ගල් ලිඳේ වතුර ටික

 

ඡායාරූපය

 

ගමේ ගොඩේ නෙවෙයි නගරෙ හැදුණත් උපන්නෙ ලංකාවෙ නම් ගල් ලිඳකින්, පීල්ලකින් නාලා තියෙන්නම ඕන. ගිනි කාස්ටකේ පොළොව ඉරිතැලිල වේලිලා ගිහින් තිබුනත් ගල් ලිඳකින් නාගත්තොත් ඔය ඔක්කොම හරි. සකල සර්වාංග රෝග සියල්ල නිවාරණය කලා වගේ තියෙයි. ආ නැද්ද…

මේ ඒක නෙවෙයි අපි ළඟදි දවසක ඔයාලව ආයෙත් ළමා කාලයට ගෙනියන්න හිතන් ඉන්නෙ, අම්මලට හොරෙන් කරපු වැඩ ටිකක් මතක් කරල දීලා. ඒ නිසා ලෑස්ති පිට ඉන්න හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide