තායි කෑම ලංකාවෙන්! රු. 500ට සුපිරි තායි කෑම වේලක් කන්න කියාපු කඩ 8ක්.

චයිනීස් කෑම නම් දැන් අපේම වෙලානෙ. කොටින්ම කියනව නම් ශ්‍රී ලංකන් චයිනීස් කියන ස්ටයිල් එකටත් කෑම හැදෙන්න පටන් අරන් තියෙන්නෙ. ඔය චයිනීස් රසට ආස කරන කට්ටියට නියමෙට ගැලෙපෙන තවත් කෑම ස්ටයිල් එකක් තමයි තායි කියන්නෙ. ව්‍යංජනවල කිරි රස, හොඳ සැර ගතිය, පදමට එන කුළුබඩු රස වගේ පොඩි පොඩි වෙනස්කම් හැරුණාම තායි කෑමත්, චයිනීස් කෑම වගේමයි.

තායි කෑමවල තියෙන එකම අවුල තමයි ගාණ ටිකක් වැඩි එක. මොකද ඔරිජිනල් චයිනීස් කෑම රු. 400ට 500ට ගන්න තිබුණට ඔරිජිනල් තායි කෑම නම් රු. 700න් එහා පැත්තෙ වෙනව. එහෙමයි කියල තායි කෑම නොකා ඉන්න බෑනෙ. අන්න ඒ නිසයි අපි හිතුවෙ පොකට් එකටත් වාසි වෙන විදියට රු. 500, 600 වගේ ගණන්වලට බඩ කට පිරෙන්න තායි කෑම රස බලන්න පුළුවන් තැන් ටිකක් ගැන ඔයාලට කියන්න.

එහෙනම් අද හෙටම තායි කෑම ටිකක් කමු නේ!

1. Barracuda

තායි කෑමවලටම ස්පෙෂල් නොවුනට දෙහිවල බරාකියුඩා රෙස්ටුරන්ට් එකේ හැදෙන තායි කෑමවලත් රස සුපිරි. මෙයාල ලඟ තායි කෑම ජාති ගොඩක් නැති වුනාට රු. 500, 600 අතර ගණන්වලට මේසෙට එන සී ෆුඩ් ටොම් යම් සුප් එක, තායි කකුළු කරිය, නූඩ්ල්ස් එතකොට චිකන් ග්‍රීන් කරි වගේ ඒවයෙ තියෙන්නෙ ඔරිජිනල්ම තායි රස. මේ රෙස්ට් එකේ විස්කි, බ්‍රැන්ඩි එහෙමත් තියෙන නිසා බයිට් එකටත් හරියන්නම තමයි කෑම ටික හැදෙන්නෙ. නියමම කටගැස්ම. හායි හූයි ගෑවෙන තරමට තියෙන සැරයි, රස පදමට එන කිරි රසයි නිසා බට කට පිරෙන්න කන්නත් පුළුවන්.

2. Steam Boat

කවුරුත් හොඳට දන්න කියන තැනක්නෙ ස්ටීම් බෝට් කියන්නෙ. චයිනීස්, ශ්‍රී ලංකන්, මැලේසියන් කෑමවලට මුල් තැන ලැබෙන මෙයාලගෙ මෙනුවෙ, හැංගිලා තියෙන රසම රස තායි කෑම ටිකකුත් තියෙනව, පඩ් තායි ස්පැගටි, තායි නූඩ්ල්ස් වගේ. ලොකු ගාණකුත් නෑ, රු. 500ක් 600ක් වගේ වෙන්නෙ. හැබැයි ඉතින් ඔරිජිනල්ම තායි රසයෙන් පොඩ්ඩක් එළියට ගිහින් ශ්‍රී ලංකන් ගතියකුත් එකතු වුනු රසක් තමයි මෙයාලගෙ තායි කෑමවල තියෙන්නෙ. ඒ නිසාමද කොහෙද කුළු බඩු රසයෙන් නම් අනූනයි. අපිටම ගැලපෙන මේ තායි කෑමත් අනිවා රස බලන්න. ගොඩ දෙනෙක්ට අල්ලල යාවි.

3. Randoli Sports Club

මෙයාලත් තායි කෑමවලට ස්පෙෂලිස්ට්ල නම් නෙවෙයි. හැබැයි හුඟ දෙනෙක් මෙයාලගෙ තායි කෑම ගැන කතා කරනව. රෙස්ටුරන්ට් එක නිසා අරක්කු, බියර් උගුරක් තොල ගාන්න එන අයටත් හරියන්නම කෑම ටික හැදෙන්න එපැයි. ඒ නිසාමද කොහෙද රන්දෝලි එකේ තායි රසට හැදෙන හොට් ගාර්ලික් පොර්ක් එක, පඩ් තායි ස්පැගටි එක, හොඳ කටට සැරට තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි කුළු බඩු රසයි, තායි කෑමවලට ආවේණික සෝස්වලින් එන රසයිත් නියම ගාණට. රු. 500කට 600කට මේසෙට එන මේ තායි බයිට් පිඟානක් දෙන්නෙක්ට ඇති වෙන්න තියෙන නිසා පොකට් එකටත් වාසියි.

4. Lion Pub

කියන්න කණගාටුයි යාළුවනේ අපේ ලිස්ට් එකේ 5වෙනි තැන දිනා ගන්නෙත් තායි කෑම හදන හැබැයි තායි නොවෙන රෙස්ටුරන්ට් එකක්. ඔයාලා දන්නවත් ඇති ගල්කිස්සෙ ලයන් පබ් එක. හැබැයි එක දෙයක් කියන්න ඕන. මෙයාලගෙ තායි කෑමවල රස වගේම සැරත් ටිකක් අඩුයි. බයිට් එකටත් එච්චරටම ගැලපෙන පාටක් නෑ. ඒ වුනාට රු. 550කට මේසෙට එන ලයන් පබ් එකේ තායි මික්ස් නූඩ්ල්ස් එක දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් තරම් ලොකුයි. සමහර විට තුන් දෙනෙක්ට ඇති වෙන්නත් පුළුවන්. මදි නොකියන්න ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, පෝර්ක් දාලා හැදුවට මේ නූඩ්ල්ස් එකෙත් තායි කෑමවලට ආවේණික රස වගේම සැරත් ටිකක් මදි. අපි කියන එක ෂුවර් නැතිම නම් එක පාරක් කලා බලන්නකො.

5. Quick Thai

ඔන්න තියෙනව රියල් තායි රෙස්ටුරන්ට් එකක්. ක්වික් තායි කියන්නෙ රු. 500, 700 අතර ගණන්වලට ඔරිජිනල්ම තායි කෑම වේලක් මේසෙට ගෙනැල්ල දෙන සුපිරි ප්ලේස් එකක්. මෙයාලගෙ තායි කෑම හැදෙන්නෙ තායිලන්ත සූපවේදීන්ගෙ අතින් නිසා අඩු පාඩුවක් නම් කියන්න නැති තරම්. පඩ් තායි ස්පැගටි, ග්ලාස් නූඩ්ල්ස් වගේ ඒව නම් කොහොමටත් පට්ට රසයි. ඒ හැරුණාම සී ෆුඩ්, චිකන්, පෝර්ක්වලින් හදන ග්‍රීන් කරි, රෙඩ් කරිවල රසත් නියමයි. ක්වික් තායි එකේ, දවල් කෑමට කියල වෙනමම ලෑස්ති කරල තියෙන ෆ්‍රයිඩ් රයිස්, බිත්තර කරි වගේ කෑම ජාති 7,8ම රු. 500ට අඩු නිසා දවල් කෑමකට යන්නත් කියාපු තැනක් තමයි මේක.

6. Malay Restaurant

නමේ හැටියටම මෙයාල ලඟ වැඩි හරියක්ම තියෙන්නෙ මැලේ කෑම තමයි. ඒ අතරෙ කටට රසට හැදෙන තායි මික්ස් නූඩ්ල්ස්, මී ගුරාන් වගේ කෑම ජාතිත් තියෙනව. ගාණත් සාමාන්‍යෙයන් ෂේප්. රු. 500ක් වගේ වෙන්නෙ. හැබැයි මැලේ රෙස්ටුරන්ට් එකේ තායි කෑමවලටත් මැලේ කෑමවල රස, සුවඳ ආභාෂය මිශ්‍ර වෙලා තියෙන්නෙ. මසාලා රස, සුවඳ වගේ. ඒ වුනාට රස නම් ලංකාවෙ අපිට හොඳටම ගැලපෙනව. කියන්න බැරි වුනානෙ, මැලේ රෙස්ටුරන්ට් දෙහිවල හිල් ස්ට්‍රීට් එකේ වගේම බම්බලපිටියෙත් තියෙනව.

7. Thai Express (MC. Food Court)

බම්බ එම්. සී එකේ ෆුඩ් කෝට් එකට ඇතුල් වෙද්දිම වම් අත පැත්තෙ තියෙන්නෙ තායි එක්ස්ප්‍රස් එක. මෙයාලගෙ කෑමවලත් ගාණ නම් ටිකක් අඩුයි. පඩ් තායි ස්පැගටි එකක් රු. 400ක් වගේ වෙන්නෙ. එතකොට මී ගුරාන් එකක් රු. 350ක් වගේ. ඒත් ටොම් යම් සුප්, රෙඩ් කරි, ග්‍රීන් කරි වගේ ඒව නම් මෙයාල ලඟ නෑ. ඇරත් එක්ස්ප්‍රස් කිව්වට එක්ස්ප්‍රස්මත් නෑ. කෑම පිඟාන මේසෙට එන්න විනාඩි 5ක් 10ක් යනව. ඒ වගේම මෙයාලගෙ තායි කෑමවලට ගොඩක් දුරට ශ්‍රී ලංකන්, චයිනීස් ආභාශ මිශ්‍ර වෙලා තියෙන්නෙ. පොදුවේ ගත්තාම සුපිරියිම කියන්න නම් බෑ.

8. Loon Tao

නම ඇහෙද්දිම තේරෙනව ඇතිනෙ. ඔරිජිනල්ම තායි කඩයක්. ඒ නිසාම කෑමවල ගාණත් ටිකක් වැඩියි. සාමාන්‍යෙයන් රු. 500, 700 අතරෙ වෙනව. ලූන් ටාඕ එකෙත් තියෙනව සුපිරි ටොම් යම් සුප් එකක්. රු. 600යි. එතකොට තායි ක්‍රමයට හදපු කකුළු කරියක් රු. 400ක් වගේ. මික්ස් තායි නූඩ්ල්ස් එහෙමත් තියෙනව. පොදුවේ ගත්තාම මේ කඩේ තියෙන තායි කෑම සාම්ප්‍රදායිකම තායි කෑම නිසා ලංකාවෙ අපිට සමහර වෙලාවට සෙට් වෙන්නෙ නැති ගතියකුත් තියෙනව. කොහොම වුනත් ඔයාල ගිහින් කාලා බලලම අපිටත් කිව්ව නම් තමයි හොඳ. මොකද සමහර විට ඔයාල ආස වෙන්න පුළුවන්.

කොහොම වුනත් අද හෙටම අපි කියපු තායි රෙස්ට් එකකින් කෑම ටිකක් කන්න යන එක ඔයාලගෙ වැඩක්. කාලා නිකන් ඉන්න එපා රස කොහොමද කියල අපිටත් කියන්න. ඒ අතරට ඔයාලා දන්න තායි කෑම කඩ ටිකකුත් කිව්ව නම් සෑහෙන්න වටිනව.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide