ඉස්සො දැල්ලො කකුළුවො! රු. 500ට අඩුවෙන් කටට රහට සීෆුඩ් කන්න කියාපු කඩ 8ක්.

සී ෆුඩ් කිව්වාම එක පාරටම ඔළුවට එන්නෙ ඉස්සො, දැල්ලො, මාළු ටිකක් හොඳට බැදල අරන් කටට සැරට මිරිස්, ගම්මිරිස් ටිකකුත් දාලා හදපු ෆ්‍රයිඩ් රයිස් එකක් හරි චොප්සියක් හරිනෙ. ඒ හැරුණාම ගොඩක් වෙලාවට සී ෆුඩ් ගැලපෙන්නෙ පොඩි ෂොට් එකක් දාද්දි ගන්න බයිට් එකට තමයි. ඉස්සො ඩෙවල්, දැල්ලො ඩෙවල්, හොට් බටර් කට්ල් ෆිෂ් කියන්නෙ අන්න ඒ වගේ සුපිරිම බයිට් ජාති ටිකක්.

කිරට, මිරිසට හදපු කකුළු කරියත් අපේ අය අතරෙ නැගල යන සී ෆුඩ් ජාතියක් තමයි. පාන් ගෙඩියකට වුනත් ගේමක් නැතුව වගකියන්න පුළුවන් හොද්දක්නෙ කකුළු හොද්ද කියන්නෙ. කිරි මාළු, මිරිස් මාළු ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

කොහොම වුනත් සී ෆුඩ් කියන්නෙ සෑහෙන්න රස වගේම ගාණත් ටිකක් වැඩි කෑමක්නෙ. ඒ නිසා රසම රස සී ෆුඩ් ටිකක් පොකට් එකටත් වාසි වෙන විදියට රස බලන්න තැනක් හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක්.

ඉතින් YAMU අපි හිතුවා අපිත් ආස, ඔයාලත් ආස සුපිරි සී ෆුඩ් පිඟානක් අඩු ගාණට රස බලන්න පුළුවන් තැන් ටිකක් ගැන ඔයාලට කියන්න.

1. Mayura Hotel

රු. 350ක් 400ක් වගේ ගාණකට පිටකොටුවෙ මයුර හෝටලේ දෙන මිරිසට හදපු කකුළු කරියට ගහන්න නම් කොළඹ පැත්තෙ තවත් කකුළු කරියක් නැති තරම්. රස පදමට හිටින්න මිරිස් තුනපහ ටික දාලා කටට සැරට මේසෙට එන මේ කකුළු කරියෙ හොදි ටිකක් ගෑවුනා නම් ඇති බත් පිඟානකට වග කියන්න පුළුවන්.

2. Yarl Hotel

කකුළුව පොඩ්ඩක් පොඩි වුනේ නැත්නම් මයුර හෝටලේ කකුළු කරියට දෙවනි නොවෙන ගාණට හදන තවත් පට්ට මිරිස් කකුළු කරියක් තමයි වැල්ලවත්තෙ යාර්ල් හෝටලේ තියෙන්නෙ. සැර නම් උපරිමයි. තුන පහත් නියම ගාණට. මෙයාලගෙ රු.400යෙ රයිස් ඇන්ඩ් කරි එකට දෙන කකුළු කරියට තව වැඩිපුර හොදි ටිකකුත් දුන්න නම් බත් කාලා තව පාන් බාගෙට වුනත් වගකියන්න පුළුවන්.

3. New Banana Leaf

ඉස්සො, දැල්ලො, කකුළුවන්ගෙන් දාන වැඩ ගොඩයි. රයිස් ඇන්ඩ් කරිවලට කිරට, මිරිසට හොඳට තුනපහ දාලා හදපු රස වගේම සුවඳත් වෑහෙන කකුළු කරි. එතකොට ඉස්සො බිරියානි. දැල්ලො ෆ්‍රයිඩ් රයිස්. ඒ විතරක් නෙවෙයි අඩුම කුඩම පදමට දාලා කිරට හදපු ඉස්සො කරිය එක්ක පාන් ගෙඩියකට වුනත් වගකියන්න පුළුවන්. වැඩේ කියන්නෙ මේ කිසිම එකක් රු. 500ට වැඩි නෑනෙ. අත පය දිග ඇරල බඩ කට පිරෙන්න සී ෆුඩ් කනව නම් මෙන්න නියම තැන. බම්බ-කොල්ලුපිටි මායිමේ තියෙන බනානා ලීෆ් එක.

4. Government Service Sports Club

දවටල බදින හැඳැල්ලො ගැන වැඩි හරියක්ම දන්නෙ හවස් ජාමෙට පොඩි ෂොට් එකක් දාන්න සෙට් වෙන අපේ යාළුවො තමයි. බයිට් නම් අන්න බයිට්. හොඳ ක්‍රිස්පි ගතියට හැපෙන්න, ඝනකමට පාන් කුඩු දවටල ගැඹුරු තෙලේ බැදල ගන්න හැඳැල්ලො මාළු කූරින්ගෙ රස ඩබල් වෙන්නෙ උඩින් වැටෙන දෙහි ඉස්ම ටිකෙනුයි ලුණු, ගම්මිරිස් ටිකෙනුයි තමයි. අරක්කු රසට කැපෙන්න විතරක් නෙවෙයි රයිස් එකකට වුනත් කියාපු මේ හැඳැල්ලො බැදුම රු. 400යි.

5. China Man

ඔන්න තියෙනව තවත් අමුතු කෑමක්. මේක හරියට 'මික්ස් හැම දෙයක්ම' වගේ. ගාණ රු. 400යි. තියෙන්නෙ මොනවද දන්නවද? ෆ්‍රයිඩ් රයිස්, දැල්ලො චොප්සි, හොට් බටර් මෂ්රූම්, චිලි පේස්ට්. කිරුලපන චයිනා මෑන් එක හදන මේ අපූරු මික්ස් එකේ රස, මතක් වෙද්දි කටට කෙල උනන ගාණයි. චීන කෑම රසයෙන් අනූන මේ මික්ස් එක මේසෙට එන්නෙ ලස්සන කාඩ්බෝඩ් පෙට්ටයක. අමුතුයි නේ?

6. Reef House Cafe

ගල්කිස්ස බීච් එකේ තියෙන රෙස්ටුරන්ට් අතරින් රසත් සෑහෙන්න හොඳ රු. 400ක් වගේ අඩු ගාණකට හොට් බටර් කට්ල් ෆිෂ් එකක් ගන්න පුළුවන් තැනක් තමයි රීෆ් හවුස් එක. නියම පදමට බටර් රස එන මේ හොට් බටර් මෂ්රූම්වලට ගම්මිරිස් වලින් එකතු වුනු පුංචි සැර ගතියයි දෙහි ඇඹුල් රසයි ගේන්නෙ පොඩි ෂොට් එකකට හරියනම බයිට් රසක්.

7. Light House Galley

රීෆ් හවුස් එකේ හොට් බටර් කට්ල් ෆිෂ් එකත් එක්ක කරට කර තරඟ කරන්න පුළුවන් රසක් කොටුවෙ ලයිට් හවුස් ගැලේ එකේ හොට් බටර් කට්ල්ෆිෂ් එකෙත් තියෙනව. හැබැයි ගාණ නම් ටිකක් වැඩියි. රු. 500ක් විතර වෙනව. ඒ වුනාට ප්‍රමාණයත් වැඩි නිසා හිතට අවුලක් නෑ. පුංචි වෙනසකට කියල තියෙන්නෙ මෙයාලගෙ හොට් බටර් කට්ල්ෆිෂ් එකේ සැර පොඩ්ඩක් අඩු එක තමයි.

8. Boat Haus Cafe

රු. 500ට අඩුවෙන් ගන්න පුළුවන් අපි දන්න පට්ටම රස හොට් බටර් කට්ල්ෆිෂ් එක තියෙන්නෙ ගල්කිස්ස බෝට් හඋස් කැෆේ එකේ. ග්‍රෑම් 100ක් රු. 270යි. පට්ට රසයි කියන්නෙ උපරිමෙන්ම තියෙන බටර් රස නිසා විතරක් නෙවෙයි. සැර වගේම, දෙහි ඇඹල් රසත්, බයිට් එකකට කියාපු ගාණට තියෙන ලුණු රසත් දිවට ගේන මාරම ගතිය නිසා. ඒ විතරක් නෙවෙයි නියම ක්‍රිස්පි ගතියකුත් තියෙනවනෙ.

කොහොම වුනත් ලොකු ලොකු ගණන් වලට විකිණෙන සී ෆුඩ්, අඩු ගාණට කන්න තියෙන තැන් අපි හොයා ගත්තෙත් ටිකක් අමාරුවෙන්. ඒ නිසා ඔයාලා දන්න ඒවත් තියෙනව නම් කමෙන්ට් කරන්න. අපේ යාළුවන්ටත් දැනගන්න පුළුවන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide