අහන්න! ගිටාර් බොංගො තාලයට කියල විනෝද වෙන්න.. සුපිරි සිංහල චිත්‍රපට ගීත 11ක්.

ට්‍රිප් එකක් ගියාම විතරක් නෙවෙයි පොඩි අඩියක් ගහන්න සෙට් වුනත් අපි අන්තිමටම කරන්නෙ සිංදු කියන එකනෙ. ඒ අපේ විනෝදය වෙනුවෙන්. ඇත්තටම යාලුවොත් එක්ක එකතු වෙලා සුන්දර මතක ගොන්නක් ආවර්ජනය කරල අන්තිමේදි කරට අත දාගෙන සිංදු කියන තරම් සතුටක් වෙන කොහෙද. ඇඟ නැටවෙන තාලෙට වැයෙන ගිටාර්, බොංගො, ඩොල්කි වල සද්දෙ, ඊටත් උඩින් ඇහෙන අත් පුඩි ගැහිල්ල ඔක්කොමත් හරි කට්ටියගෙ කට හඬවල් ටික.

හැබැයි ඉතින් මෙහෙම දෙයකුත් තියෙනව. කට්ටිය සෙට් වුනාම ඔය සම්භාව්‍ය ගණයේ සිංදු කියවෙනව අඩුයිනෙ. අනික ෂොට් එකක් දාලා හිටියොත් කියවෙන්නෙම නැති ගාණයි. ඔය වෙලාවට ඕන කරන්නෙ හිතට වගේම ඇඟටත් දැනෙන සිංදු ටිකක්. හරියට අපේ එම් එස් මහත්තයලගෙ ජෝතිපාල මහත්තයලගෙ සිංදු වගේ ඒව.

අන්න ඒ නිසයි අපි හිතුවෙ ඔයාලට ඒ වගේ සිංදු ටිකක් මතක් කරල දෙන්න. හැබැයි ඉතින් මේව එසේ මෙසේ සිංදු නම් නෙවෙයි. සිංහල ෆිල්ම් වලට හදපු සිංදු.

වැඩේ කියන්නෙ මේ සිංදු ටික ඇහුවට පස්සෙ මේව ෆිල්ම් වල සිංදු කියල දැන ගන්න අයත් ඉන්න පුලුවන්. ඒ නිසා මේ අතරට තවත් සිංදු එකතු කරන්න. කට්ටියටම දැන ගන්න බැරියැ.

1. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු

2004 අවුරුද්දෙ රිලීස් වෙලා හුඟ දෙනෙක්ගෙ ජනාදරයට පත් වුනු චිත්‍රපටයක්නෙ මිල්ලෙ සොයා කියන්නෙ. මිල්ලෙ සොයා ලිය වෙන්නෙත් අධ්‍යක්ෂණය කෙරෙන්නෙත් කීර්තිසේන මහත්තයගෙ අතින්. රංගන දායකත්වය මහේන්ද්‍ර පෙරේරා, ජැක්සන් ඇන්තනී, සනත් ගුණතිලක, කමල් අද්දර ආරච්චි, සංගීතා වීරරත්න. ඉතාලියට පැන ගන්න ගේමක් දෙන මේ සෙට් එකට අත් විඳින්න වෙන දුක් ගැහැට, කම් කටොලු වගේම පුංචි පුංචි සතුටු හිතෙන දේවලුත් හරි ලස්සනට මිල්ලෙ සොයා කතාවෙ තියෙනව.

ඔය අතරට තමයි ජය ශ්‍රී සංගීත කණ්ඩායම නිර්මාණය කරන සල්ලි පොකුරු සිංදුව එකතු වෙන්නෙ. කපිරිඤ්ඤා තාලයකට සංගීතවත් වුනත් ගිටාර්, බොංගො වාදනයන් නිසා මේ සිංදුවෙ තියෙන්නෙ අමුතුම ගතියක්.

2. උන්මාද සිතුවම්

හර්බට් රංජිත් පීරිස් මහත්තය අතින් අධ්‍යක්ෂණය වුනු එක්ටැම් ගේ චිත්‍රපටයෙ තියෙන්නෙත් ආදරයත්, හැරයාමත්, හුදකලාවත් කැටි වුනු ලස්සන කතාවක්. හැබැයි ඒ කතාවෙ හැඟීම් හදවතට කාවද්දන්නෙ සරත් දසනායක මහත්තයගෙ සංගීතය තමයි. කපුගේ මහත්තයගෙ අඳෝනාත්මක හඬෙන් ගැයෙන උන්මාද සිතුවම් සිංදුවෙ සංගීතය කොයි තරම් හැඟීම් බරද? හැරත් ඒකටම හරියන සුනිල් ආරියරත්න මහත්තය ලියපු පද පේලි ටික…

3. එක යායේ කකා වැටී

ඩොල්කි ගගහ නටන්න එහෙම නැත්නම් අහල රස විඳින්න කියාපු තවත් පරණ සිංදුවක්. මේ සිංදුව තියෙන්නෙ එච් ඩී ප්‍රේමරත්න මහත්තය අධ්‍යක්ෂණය කරපු මංගල තෑග්ග චිත්‍රපටයෙ. සරල සංගීතයෙන් නිර්මාණය වුනත් හරි ලස්සන තාලයකට ගැයෙන නිසා ගොඩ දෙනෙක් මේ සිංදුව අදටත් කියනව. විශේෂයෙන්ම වෙඩින් වල. මොකද, සුනිල් එදිරිසිංහ මහත්තයයි එඩ්වඩ් ජයකොඩි මහත්තයයි කියන මේ සිංදුවෙ තියෙන්නෙ කසාද බැඳල යන යාලුවට අනිත් කට්ටිය දාන විහිලු ටිකනෙ. රවින්ද්‍ර, සනත්, ජයලත්, ශ්‍රියන්ත මහත්තුරු ටික රඟපාන මේ සිංදුවෙ මරු නැටුමකුත් තියෙනව.

4. මල් යහනාවකි ලෝකේ

බයිලා චක්‍රවර්ති, එම් එස් ප්‍රනාන්දු මහත්තයගෙ සිංදුවක්. ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඇහුණත් නැටවෙන තාලයක් තමයි තියෙන්නෙ. ඩොමී ජයවර්ධන මහත්තය අධ්‍යක්ෂණය කරපු සිංගපෝර් චාර්ලි චිත්‍රපටයෙ එන මේ සිංදුව ලියවෙන්නෙ කරුණාරත්න අබේසේකරයන් අතින්. වැඩේ කියන්නෙ එම් එස් මහත්තය මේ සිංදුව කිව්වට සංගීතවත් කරල තියෙන්නෙ ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්තයයි ප්‍රේමලාල් ධනවත්ත මහත්තයයි.

5. හිස් ටින් එකක් වාගෙයි

දැන් මතකද චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කවුද කියල නම් හොයා ගන්න බැරි වුනා. ඒත් මේ සිංදුව සංගීතවත් කරල තියෙන්නෙ එම් කේ රොක්සාමි මහත්තය කියල නම් හොයා ගත්තා. ගායනාව ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් මහත්වරුන්ගෙන්. ආනන්ද ජයරත්න, මාලනී ෆොන්සේකා යුවල රඟපාන මේ චිත්‍රපටයෙත් හරි ලස්සන කතාවක් තියෙනව. හැබැයි ඒ ලස්සන වැඩි වෙන්නෙ මේ සිංදු වලින් තමයි.

6. මාමා කූතුරු

සිලුමිණ පත්තරේ ගියපු චිත්‍ර කතා අතරට අහිකුණ්ඨකයන්ගෙ ජීවිත කතා ගැන ලියන්නෙ හේමසිරි  සෙල්ලප්පෙරුම මහත්තය වුනාට ඒක චිත්‍රපටයකට නගන්නෙ නම් සෝමවීර සේනානායක මහත්තය. එතකොට සංගීතය කේමදාස මාස්ටර්ගෙන්. රවීන්ද්‍ර රන්දෙනිය මහත්තය අහිකුණ්ඨක නායක චරිතයකට පණ පොවන මේ චිත්‍රපටයෙ එන මාමා කූතුරු සිංදුවත් ඩොල්කි තාලෙකට ඇඟ හොල්ලල නටන්න නම් කියාපු.

7. සයිමන් අයියයි මාර්ටින් අයියයි

නන්නාඳුනන ගෑණු ළමයෙක් නිසා හොඳ යාලුවො දෙන්නෙක් කන චාටරයක් ගැන තමයි මේ සිංදුවෙ තියෙන්නෙ. සිංදුව ලියුවෙ නම් කවුද දන්නෙ නෑ. ඒත් ගායනයයි, තනු නිර්මාණයයි නම් එම් එස් මහත්තයගෙ අතින්. ගාමිණී, මාලනී, විජය, ටෝනි රඟපාන ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයෙ ගොඩක් හැඟීම් බර, ලස්සන කතාවක් නොතිබුණාට මොකද මේ සිංදුව තියෙනවනෙ.

8. මැණිකෙ මම ආයෙ ගෙදර එනවා

දැන් මතකද චිත්‍රපටයෙ එන තවත් සුපිරි සිංදුවක්. ඩොල්කියක් ගගහ කියන්න වගේම නටන්නත් මරේ මරු. හැබැයි මේ සිංදුව නම් ලියන්නෙයි ගායනා කරන්නෙයි දෙකම කරන්නෙ එම් එස් මහත්තය. සංගීතය පී එල් ඒ සෝමපාල මහත්තයගෙන්. ආ.. කියන්න බැරි වුනානෙ දැන් මතකද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා අපි හොයා ගත්තනෙ. ඒ ලෙනින් මොරායස් කියල මහත්තයෙක්.

9. තැටිය මැද්දෙ කලු කරාපු

ටයිටස් තොටවත්ත මහත්තයගෙ වැඩ ගැන කවුරුත් දන්නවනෙ. මරුවා සමග වාසේ කියන්නෙත් එතුමාගෙ තවත් සුපිරි නිර්මාණයක්. ඒ චිත්‍රපටයෙ එන ලස්සන වගේම නටන්නත් කියාපු සිංදුවක් තමයි තැටිය මැද්දෙ සිංදුව. මේ සිංදුව කියන්නෙත් එදත් අදත් අපිව හොඳ හැටියට නටවන එම් එස් මහත්තයම තමයි. සහායට ජෝතිපාල මහත්තයත් ඉඳල තියෙනව. පද රචනය ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයගෙ. එතකොට තනුව අර්නස්ට් සොයිසා මහත්තයගෙන්.

10. හ හා හැඩයි රූපේ

එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙ එන හ හා හැඩයි සිංදුව අපි කවුරුත් හොඳට දන්න කියන සිංදුවක්නෙ. චිත්‍ර පටය නම් අධ්‍යක්ෂණය වෙන්නෙ ලෙනින් මොරායස් මහත්තය අතින්. ඒත් සංගීත අධ්‍යක්ෂණය එම් කේ රොක් සාමි මහත්තයගෙන්. කරුණාරත්න අබේසේකර ශූරීන් ලියපු මේ සිංදුව ගායනා කරන්නෙ ජෝතිපාල මහත්තයයි ලතා වල්පොල මහත්මියයි වුනාට අනිත් සිංදු වලට එම් එස් මහත්තයයි ඇන්ජලීන් මහත්මියයිත් දායක වෙලා තියෙනව.

11. පන්දම් අල්ලා ගත් නම්බු නාමේ

කවුද රජා, ගාමිණී ෆොන්සේකා මහත්තයයි මාලනී ෆොන්සේකා මහත්මියයි සුපිරි රංගනයකින් දායක වුනු චිත්‍රපට අතරින් උඩින්ම තියෙන එකක්. අධ්‍යක්ෂණය නම් කාගෙද කියල හොයා ගන්න බැරි වුනා. ඒත් සංගීත අධ්‍යක්ෂණය නම් කරල තියෙන්නෙ එම් කේ රොක්සාමි මහත්තය. පන්දම් අල්ලා සිංදුව ලියල තියෙන්නෙත් කියන්නෙත් ජෝතිපාල මහත්තයම වීමත් මේ චිත්‍ර පටයෙ තියෙන ලොකු විශේෂත්වයක්.

කොහොම වුනත් මේ සිංදු ටික ඇති පදමට අහල පද පේලි ටික මතක තියාගෙන ඉන්න එකෙන් නම් පාඩුවක් වෙන එකක් නෑ. අපි කිව්ව වගේ යාලුවො සෙට් වුනු වෙලාවක දමල අරින්න බැරියැ කට්ටියට පැය ගාණක් තිස්සෙ නටන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide