ෂා.. ෂවර්මා! රු. 500ට අඩුවෙන් කටට රසට ෂවර්මා කන්න කියාපු කඩ 5ක්.

කටට රහට මැදපෙරදිග ක්‍රමයට හදපු මස් කෑලි තොගයක් දාපු සලාදයක් තුනී රොටියක් මැද්දට තියල ඔතල අරගත්තාම! යම්ම්.. කටට කෙල උනනව නේ. කොහොමද ඒ අතරට චීස් ටිකකුත් ආවනම්.

කොල්ලො අතරෙ ෂවර්මාවලට තියෙන ඉල්ලුම: ඉහටත් උඩින්. ඇයි ඉතින් අතේ පයේ ගාගන්නෙ නැතුව වෙන වැඩක් කරන ගමන් වුනත් කන්න පුළුවන් රස කෑමක්නෙ. එකඑක රසට හදපු එකඑක මස් ජාති පොඩිපොඩි කෑලි වලට කපල කැරට්, ගෝවා, තක්කාලි වගේ එළවළු ටිකකුයි රස පදමට එන්න ලුණු, ගම්මිරිස් ටිකකුයි එතකොට චීස් — ඔව් සමහරු නම් රස වැඩි කරන්න චීසුත් දානව. එහෙම හැදන සලාදෙ තුනී රොටියක ඔතල තමයි මේසෙට එන්නෙ.

මේ විදියට මේසෙට එන ෂවර්මා කන්න ඔයාලා විතරක් නෙවෙයි අපිත් මාර ම ආසයි. ඒ නිසා පට්ට රස ෂවර්මා එකක් කන්න පුළුවන් කඩවල් ටිකක් ඔයාලටත් කියන්නම්. කාලා බලල රස කොහොමද කියල අපිටත් කියන්නකො.

1. Arabian Knights

මැදපෙරදිග පැත්තෙන් ආපු රස කෑම ජාති ගන්න කොළඹ පැත්තෙ තියෙන නියම තැනක් කොල්ලුපිටියෙ ඇරබියන් නයිට්ස් එක. මෙයාලගෙ ෂවර්මා එකට තමයි YAMU අපි නම් පළමු තැන දෙන්නෙ. ප්‍රමාණයෙනුත් එක්කෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් ඇරබියන් නයිට්ස් එකේ ෂවර්මා එකට චීස් එකතු නොවුනට සලාදෙට එකතු වෙන මස් ටිකේ රසම ඇති ඇඟිලි ලෙව කකා රස බලන්න. ගාණ නම් පොඩ්ඩක් විතර වැඩියිද මන්දා. රු. 500ක් වගේ.

2. Sultan Palace

ෂවර්මා හොයාගෙන ටවුන්හෝල් පැත්තෙ යනවනම්, සුල්තාන් පැලස් එකට යන්න. සුල්තාන් කෙනෙක් වගේ ඉඳගෙන මස් තොගයක් පුරවල එන ෂවර්මා එකක් රුපියල් තුන් හාරසීයකට රස බලන්න ඔයාට පුළුවන්.

3. Burger's Hut

හවස් ජාමෙට පොඩි රවුමක් දාන අතරෙ දෙහිවල පැත්තට කිට්ටු කලොත් ඇලන් ඇවිනියු එකේ බර්ගර්ස් හට් එක පැත්තට යන්න. මොකද හවස 5න් පස්සෙ මෙයාලත් ෂවර්මා හදන්න පටන් ගන්නව. කියල වැඩක් නෑ; මස් රස වෑහෙන මේ ෂවර්මා වලට ඔයාලට ඕන නම් චීසුත් දාලා ඉල්ල ගන්න පුළුවන්. කොහොම වුනත් සලාදෙට එකතුවෙන පොඩි පොඩි මස් කෑලි තොගයෙ නම් අඩුවක් නෑ. උණු උණුවෙ මේසෙට එන බර්ගර්ස් හට් එකේ ෂවර්මා එකක් උපරිම වුනොත් රු. 300ක් වෙයි. කාපු කෙනෙක්ට නම් බර්ගර්ස් හට් එකේ ෂවර්මාවල රස අමතක වෙනව බොරු.

4. Burger's King

කොම්පඤ්ඤවීදිය පැත්තෙ කරක් ගහන අයගෙන් ඇහුවොත් නම් රස බර්ගර් එකක්, ෂවර්මා එකක් කන්න පුළුවන් තැනක්, අනිවාර්යයෙන්ම කියන්නෙ බර්ගර්ස් කිංග් තමයි. පොකට් එකටත් වාසි බඩ කටටත් ලේසි පට්ට ෂවර්මා එකක් කන්න තවත් කියාපු තැනක් තමයි බර්ගර්ස් කිංග් කියන්නෙ. හැබැයි ඉතින් මෙයාලත් ෂවර්මා හදන්න පටන් ගන්නෙ නම් හවස් ජාමෙට තමයි. ඒ වෙලාවට බලන්න එපැයි කඩේට පිරෙන සෙනඟ. එළවළු ජාති ටිකක් අඩු වුනාට ඒකට හරියන්න මස් කෑලි දාලා උණු උණු රොටියෙ එතෙන බර්ගර්ස් කිංග්ලගෙ ෂවර්මා එකක් රු. 300ක් වගේ ගාණක් තමයි වෙන්නෙ.

5. Dinemore

හුරු පුරුදු තැනක තියෙන නුපුරුදු ෂවර්මා එකක් තමයි ඩයින්මෝර් එකේ ෂවර්මා එක. රුපියල් තුන්හාර සීයට ගන්න පුළුවන් මෙයාලගෙ ෂවර්මා එකත් රසයෙන් නම් අනූනයි. මදි නොකියන්න මස් එකතු කරපු සලාදෙට අපිට කැමති නම් චීස් එකතු කර ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් සැර ගතියෙන් නම් ටිකක් අඩුයි. වැදගත්ම දේ තමයි කොල්ලුපිටිය, කොහුවල, වැල්ලවත්ත, තර්ස්ටන් වගේ තැන් ගොඩක ඩයින්මෝර් තියෙන නිසා යන එන ගමන් වුනත් මේ ෂවර්මා එකක් අරන් රස බලන්න පුළුවන්.

කොහොම වුනත් මේ කඩවල් සෙට් එකෙන් ෂවර්මා කාලා යන ඔයාලට මගදි තව ෂවර්මා තියෙන කඩ මුණ ගැහෙන්න පුළුවන්. ඒවැයිනුත් කාලා බලන්න. ඒත් ඉතින් කාලා නිකන්ම යන්න එපා. අලුත් ෂවර්මා කඩ ටිකක් ගැන අපිටත් කමෙන්ට් කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide