රස වෑහෙන බර්ගර්.. කන්න කන්න! කොළඹ පැත්තෙන් සුපිරි කඩ 10ක්.

දෙකට පලපු බනිස් ගෙඩියකින් දාන වැඩ තොගයක්. ලොකු මස් පෙති, චීස් තට්ටු ගණන්, තක්කාලි, ලූණු, සලාද කොළ මැද්දට දාලා හදන මේ බර්ගර් වල රස!, වෙලාවකට හිතා ගන්න බැරි තරම්.

අපි ඔහොම කිව්වට, අපිටත් වඩා හොඳට  බර්ගර් වල රස දන්න යාලුවොත් ඕන තරම් ඉන්නව. කොටින්ම කියනව නම් එ් වගේ කට්ටියට ‘බර්ගර්’ වචනෙ ඇහුණත් ඇති, කෝ.. කොහෙද කොහෙද.. කිය කිය පිස්සුවෙන් වගේ බර්ගර් හොයන්නෙ. ඔය අතරෙ තවත් කට්ටියක් ඉන්නව ලඟ පාතක බර්ගර් එකක් කනව නම් සුවඳට ඇදිලා යන තරමෙ. අන්න ඒකයි අපි කියන්නෙ බර්ගර් වලට අපි තරම් ආස වෙන කවුරුත් නැතුව ඇති කියල.  

කොහොම වුනත් සතියකට සැරයක් හරි බර්ගර් එකක් රස බැලුවෙ නැත්නම් අපේ කට්ටියට මොකක්ද වගේනෙ. එහෙමයි කියල මෙලෝ රහක් නැති බර්ගර් කන්නත් බෑ. අනික යාලුවෙක් එහෙම සෙට් වුනොත් සවුත්තු තැන් වලට එක්කන් යන්නත් බෑ. ඔන්න ඔය නිසයි අපි හිතුවෙ සුපිරි බර්ගර් එකක් රස බලන්න පුලුවන් සුපිරි කඩ ටිකක් ගැන ඔයාලට කියන්න. එහෙනම්  අද හෙටම යන්න ඕන. ගිහින් හොඳ සැපට වාඩි වෙලා බඩ කට පිරෙන්න බර්ගර් කාලා එන ගමන් අපිටත් කමෙන්ට් එකක් දාන්න ඕන, හොඳද.

1. Bavarian German Restaurant

ටිකක් වෙනස් රසකට බර්ගර් එකක් කන්න පුලුවන් ගෝල් ෆේස් කෝට් වල බාවෙරියන් රෙස්ටුරන්ට් එක, කොළඹ පැත්තෙ අපි දන්න සුපිරිම බර්ගර් කඩ අතරින් එකක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි අපි සාමාන්‍යයෙන් කන බර්ගර් වලට වඩා වෙනස් රස වලින් එන බර්ගර් තොගයක් තියන එක. වැඩි හරියක්ම වෙනස් වෙන්නෙ පැටි එක හදන විදියෙන් තමයි. බීෆ්, පෝර්ක්, ලැම්බ්, චිකන් වගේ මස් ජාති අරගෙන බැදල, පුච්චල, පදම් කරල, සෝස් දාලා හදන මේ පැටි වල රස නම් අපිටම හරියන ගාණයි. මොකද තරමක සැර ගතියක් වගේම පොඩි කුලු බඩු රසකුත් එනවනෙ. චීස් එහෙමත් මදි නොකියන්න දාලා හදන බාවෙරියන් එකේ බර්ගර් වල මිල, රු. 700ක් 800ක් වුනාට සැපට ඉඳගෙන නිදහසේ කන්න පුලුවන් නිසා හිතට නම් සතුටුයි.

2.  The Cricket Club Cafe

කොල්ලුපිටිය ෆ්ලවර් පාරෙ තියෙන ක්‍රිකට් ක්ලබ් කැෆේ එකත් බටහිර පන්නයෙ කෑම වලට සෑහෙන්න ප්‍රසිද්ධයි. ඒ අතරිනුත් ගොඩක්ම ප්‍රසිද්ධ මෙයාල ලඟ තියෙන බර්ගර් ජාති ටික. බීෆ්, පෝර්ක්, චිකන් රස වලින් හැදෙන රසම රස පැටි වල රස දෙගුණ තෙගුණ වෙන්නෙ චීස් පෙති ටිකකුත් වැටිල මෙලෙක් වෙලා ආවාම තමයි. ඒ මැද්දට දාන තක්කාලි, සලාද කොළ, ලූණූ වලට ලුණු, ගම්මිරිස් ටිකකුත් එකතු වුනාම බඩ පැලෙන්න කන්න පුලුවන්. ලොකු ගාණක් වෙන්නෙත් නෑ. උපරිම වුනොත් රු. 600ක් වෙයි. විශේෂයෙන්ම කියන්න ඕන ක්‍රිකට් ක්ලබ් කැෆේ එක හොඳ නිදහස් තැනක් නිසා පොඩි කතා බහකුත් දාගෙනම බර්ගර් රස බලන්න පුලුවන්.

3. TGI Friday’s

බේකන් තට්ටු තට්ටු ගොඩ ගහල ඊට උඩින් මෙලෙක් වුනු චීස් දාලා මේසෙට එන රසම රස බර්ගර් එකක්, එහෙම නැත්නම් පදම් කරපු මසුයි චීසුයි දලා හදන ලොකු පැටි එකක් මැදි වුනු බර්ගර් එකක්, මතක් වෙද්දිත් කටට කෙල උනනව. හැබැයි ඉතින් කන්න ඕන නම් කොටුව ලංකා බැංකුව පාරට යන්න වෙනව. රු. 1000ක් විතර වියදම් වේවි. ඒ වුනාට රස නම් කවදාවත් අමතක නොවේවි. මෙයාලගෙ එක බර්ගර් එකකුත් තනියම කාගන්න බැරි තරමට ලොකුයි. හැරත් බර්ගර් එකට වැටෙන චීස් තොගයයි මසුයි නිසා කටට දෙකක් කාපු ගමන් උගුර ලඟට පිරෙනව. ඒ නිසා ජූස් එකකුත් ගත්ත නම් තමයි හොඳ.

4. & Co.

කොටුව ජනාධිපති පාරෙ තියෙන ස්ටුඅර්ට් එකට ගියාම තමයි ඇන්ඩ් කෝ එක හමුවෙන්නෙ. බර්ගර් විතරක් නෙවෙයි මස් ජාති වලින් හදන අනිත් කෑම ජාති කන්නත් කියාපු තැන. මෙයාලගෙ කේජන් චිකන් බර්ගර් එක තමයි නැගලම යන්නෙ. සැර වගේම කුලුබඩු රසත් පදමට තියෙන නිසා තලු මර මර කන්න පුලුවන්. රු. 500කට ඒ වගේ බර්ගර් එකක් නම් හොයා ගන්න බැරි තරම්. අනිත් එක තමයි මෙයාලගෙ මික්ස් බර්ගර් එක. ඒකෙ නම ඩර්ටි ලෝඩඩ් බර්ගර්. හතු, චිකන්, චීස්, තක්කාලි වගේ දේවල් වලින් පිරුණු මේ බර්ගර් එකක් නම් රු. 1000ක් වගේ වෙනව. ඒ වුනාට සයිස් එකයි රසයි එක්ක බැලුවාම නම් කොහෙත්ම පාඩු නෑ. අනික ඇන්ඩ් කෝ එක හොඳ සුව පහසු තැනක් නිසා යාලුවෙක් එක්ක වුනත් යන්න පුලුවන්නෙ.

5. E Cafe

හැව්ලොක් පාරෙ තියෙන ඊ කැෆේ එක වැඩියෙන් ප්‍රසිද්ධ කෝපි බොන්න වුනාට මෙයාල ලඟ තියෙන බර්ගර් එහෙමත් පට්ට රසයි. විශේෂයෙන්ම අපිට හරියන රසවල් වලින් තියෙන නිසා තෝරල බලල ගන්න පුලුවන්. ගාණත් උපරිම වුනොත් රු. 800ක් 900ක් වගේ වෙන්නෙ. මෙයාල ලඟ තියෙන ඉස්සො බර්ගර් එක නම් පංකාදු පහයි. කටට සැරට වගේම හොඳ සී ෆුඩ් රසකුත් තියෙන නිසා ඉස්මුරුත්තාව හැදෙනකම් වුනත් කන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ ග්‍රිල්ඩ් චිකන් බර්ගර් එකත් පට්ට රසයි. මෙලෙක් වුනු චීස් ටිකකුත් වැටුණාම තමයි රස නහර පිනා යන්නෙ. අනික ඊ කැෆේ එක චැට් එකක් දාන්නත් කියාපු තැනක් නිසා යාලුවොත් එක්ක වුනත් යන්න පුලුවන්.

6. Paradise Road Cafe

ලොකුවට තිබුණට ඇත්තම කියන්න එපැයි, රස නම් මදි. පැටි එකේ මස්, පට්ට රසට පදම් වෙලා බැදිලා තිබුණට මෙයාලා බර්ගර් එකට දාන අනිත් ජාති ටික නම් එච්චරටම හරියන්නෙ නෑ. මොකද ගොඩක් ඒවා අමු එළවලු. තක්කාලි, සලාද කොළ, පිපිඤ්ඤා වගේ. චීස් එහෙමත් ටිකක් අඩුවෙන් දාන්නෙ. සමහර විට ඔරිජිනල් ඉංග්‍රීසි බර්ගර් එකක් වෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ අපිට හරියන්නෙ නැත්නම් මොකටද ඉතින් නේ? හැරත් බර්ගර් එකක් රු. 700ක් 800ක් වගේ වෙනවත් එක්කනෙ. ඒත් ඉතින් සැර කන්න ආසම නැති කෙනෙක් ඉන්නව නම් ධර්මපාල මාවතේ තියෙන පැරඩයිස් රෝඩ් කැෆේ එකට ගියාට කමක් නෑ.

7. Palmyrah

කොල්ලුපිටිය ගාලු පාරෙ රේණුකා හෝටලයෙ තමයි පැල්මයිරා එක තියෙන්නෙ. මෙතනත් බර්ගර් වලට ලොකු ප්‍රසිද්ධියක් දරන්න තැනක් නම් නෙවෙයි. ඒත් පට්ට රස චිකන්, චීස් බර්ගර් එහෙම තියෙනව මෙයාල ලඟ. හැබැයි ඉතින් සාමාන්‍ය සයිස් එකේ පැටි එකක් තමයි මැද්දට වැටෙන්නෙ. රස පදම හැදෙන්නෙත් චීස් වලින්. හැරත් පැටි එක එහෙම හොඳට බැදිලා තියෙන නිසා රස කර කර කන්න පුලුවන්. රු. 500ක් 600ක් වියදම් වුනාට මොකෝ නිදහසේ කතා බහක් දාන ගමන් වුනත් කන්න පුලුවන් නිසා පාඩු නම් නෑ.

8. Cafe Beverly

රු. 500කට 600කට පට්ට රස බර්ගර් එකක් කන්න කියාපු තැන. තියෙන්නෙ රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ. මදි නොකියන්න චීස් එහෙම දාලා, රස පදමට හැදුණු ග්‍රිල්ඩ් චිකන් පැටී එකක් මැද්දට තියල, ලුණු ගම්මිරිස් රසත් හොඳ හැටි තියෙන්න හදපු සලාද කොළයක්, තක්කාලි පෙත්තක් එහෙමත් දාලා හදන කැෆේ බෙවර්ලි එකේ බර්ගර් නම් ඇත්තටම පංකාදු පහයි.  හැබැයි ඉතින් කුලු බඩු රසට එන බර්ගර් නම් මෙයාල ලඟත් අඩුයි. ඒ හැරුණාම මෙයාලගෙ ක්‍රිස්පි චිකන් බරගර්, ස්පයිසි චිකන් බර්ගර් එහෙමත් හරිම රසයි. උණු උණු ෆ්‍රෙන්ච් ෆයිස් එක්ක බඩ පැලෙනකම් කන්න පුලුවන්.

9. Arabian Knights

කවුරුත් දන්න කියන කොල්ලුපිටිය ඇරබියන් නයිට්ස් එකේ බර්ගර් එහෙමත් පට්ට රසයි. විශේෂයෙන්ම මෙයාලගෙ පැටි එකේ තියෙන මස් රස තමයි සුපිරි. අපිටම හරියන විදියට පොඩි සැර ගතියක්, කුලු බඩු රසයක් එහෙම එකතු වෙලා හැදුණු මේ පැටි මැදි වුනු බර්ගර් වලට මෙලෙක් වුනු චීස් ටිකකුත් වැටුණාම ගමකට කත හැකි. හැබැයි ඉතින් බර්ගර් එකේ සයිස් එක නම් නෝර්මල්. ඒ වුනාට සෝස්, මයොනිස් ටිකක් ගෑවුණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෑල්ලක් එක්ක කද්දි ඒ අඩු පාඩුව දැනෙන්නෙනෑ. කොහොම වුනත් රු. 500ට 600ට මේසෙට එන ඇරබියන් නයිට්ස් එකේ බර්ගර් කියන්නෙත් අනිවා කලා බලන්න ඕන බර්ගර් සෙට් එකක් තමයි.

10. Leesh

රු. 400ට 500ට රසම බර්ගර් කන්න පුලුවන් තවත් කඩයක් තමයි නුගේගොඩ හයිලෙවල් පාරෙ තියෙන ලීෂ් එක. සයිස් එකෙන් සාමාන්‍ය වුනාට රස නම් මරේ මරු. මෙයාලගෙ ටූනා, චීස් බර්ගර් එක එතකොට ටෙරියාකි චිකන් බර්ගර් එක එහෙම සෑහෙන්න ප්‍රසිද්ධයි. උණු උණු ෆ්‍රෙන්ච් ෆයිස් එහෙමත් පිඟානට එනව. ඒත් ටිකක් මදි වගේ. ඔය හැරුණාම මෙයාලගෙ ක්‍රිස්පි චිකන් බර්ගර් එකයි රෝස්ට් චිකන් බර්ගර් එකයිත් බඩ පැලෙන්න කන්න පුලුවන් තරම් රසට හැදෙන බර්ගර් දෙකක් තමයි.

මේ කඩ 13 හැරුණාම Mitsi’s Cafe, Bliss Lounge, Colombo Fort Cafe, The Gardenia Coffee Shop, Naniyori, Burger King, Cup Cafe, Burger’s King, Burgers Hut, KGN Burgers on Wheels වගේ කඩවල් වලත් රස වෑහෙන බර්ගර් තියෙනව, රු. 300 ඉඳන් රු. 1000 වගේ වෙනකම් ගණන් වලට. ඔයාලට පුලුවන් කාලා බලල රස කොහොමද කියල අපිටත් කියන්න. නැත්නම් ඔය අතරට තව කඩ ටිකක් එකතු කරත් කමක් නෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide