ලන්දේසීන්ගෙ ලම්ප්රයිස් ලංකාවේ! රු. 500ට අඩුවෙන් ලම්ප්රයිස් කන්න නියම කඩ 13ක්.

කටට රහට, හොඳ පදමට, කුළුබඩු රසට බත් එකක් කන්න ආසයිද? එහෙනම් ඉතින් ලම්ප්රයිස් තමයි.

ලම්ප්රයිස් අපිට පුරුදු වෙන්නෙ ලන්දේසීන් ගෙන්. ඒව හදන්නෙත් එයාලගෙම ක්‍රමයකට. බිත්තරයයි, සීනි සම්බෝලයයි නැතුව, මික්ස් මීට් වලින් මේසෙට එන ඔරිජිනල්ම ලම්ප්රයිස් නම් ලංකාවෙ ගන්න නැති තරම්.

චිකන්, පෝර්ක්, බීෆ්, සී ෆුඩ් වගේ එක එක රස වලින් හැදෙන අපේම ලම්ප්රයිස් එකක් තමයි අපේ රටේ තියෙන්නෙ. ඒක අපේ රයිස් ඇන්ඩ් කරි වල රසටත් සෑහෙන්න දුරට සමානයි. හැබැයි අපි කන තරම් ව්‍යංජන නම් ලම්ප්රයිස් වල නෑ. බටු මෝජුවයි, තම්බල බැදපු බිත්තරෙයි, මස් ව්‍යංජනයයි, ලම්ප්රයිස් වලටම ආවේණික කූනිස්සො මැල්ලුමයි හැරුණාම කට්ලට් එකක් තමයි තියෙන්නෙ. හැබැයි ඉතින් හරි ලම්ප්රයිස් එකක් නම් ඒ ටිකත් ඇති කටට දෙකට ගිලල දාන්න. පට්ට රසයිනෙ.

වෙනස් රසක් වගේම ලංකාවෙ අපිට හරියන රසක් තියෙන මේ ලම්ප්රයිස් වල පොඩි අවුලකුත් නැත්තෙම නෑ. මොකක්ද දන්නවද? ඔරිජිනල් ටයිප් එකට හදපු ලම්ප්රයිස් ප්‍රමාණයෙන් ටිකක් කුඩා එක. කාල තියෙන අය දන්නවත් ඇතිනෙ? තොල කට ලෙව කකා දඩි බිඩි ගාලා ගිලගෙන යන්න තරම් රස ලම්ප්රයිස් එකක් ඉක්මනට ඉවර වෙනකොට කාටද ඉතින් දුක නැත්තෙ.

ඉතින් අපි හිතුවා දුක් නොවී, බඩ පිරෙන්න ලම්ප්රයිස් කන්න පුළුවන් කඩ ටිකක් ගැන ඔයාලට කියන්න. හිත හිත ඉන්න එපා. හෙටම යන්න. ගිහින් කන්න. කාලා අපිටත් කියන්නකො. රස කොහොමද කියල.

1. Green Cabin

රු. 350ට 400ට බඩ පිරෙන්න ලම්ප්රයිස් කන්න කොළඹ පැත්තෙ හොඳ තැන් දෙකක් තියෙනව. එකක් තමයි කොල්ලුපිටියෙ ග්‍රීන් කැබින් එක. මෙයාලගෙ ලම්ප්රයිස් එක ඔරිජිනල් ලම්ප්රයිස් එකකට වඩා පොඩ්ඩක් විතර ලොකුයි. රස පදම නියමෙට හිටින්න හීනියට ලියල අරන් හදපු චිකන් එකයි, මදි නොකියන්න කුළුබඩු දාලා හදපු කූනිස්සො මැල්ලුමයි එක්ක ලම්ප්රයිස් එක නැගල යන්නෙ රස නහර පිස්සු වට්ටගෙන. කෙහෙල් කොලේ දිග ඇරියාම එන සුවඳ! දැනුනත් ඇති කටට කෙල උනන්න.

2. Sponge

අපේ රසට හදපු ලම්ප්රයිස් එකක් කටට රහට කන්න කියාපු තවත් තැනක් තමයි කොල්ලුපිටියෙ ස්පොන්ජ් අවන්හල. රු. 350ක් 400ක් වගේ වෙන්නෙ. මෙයාලගෙ ලම්ප්රයිස් එකේ මස් ව්‍යංජනයෙ මදි නොකියන්න කුළුබඩු රස නම් තියෙනව. කූනිස්සො මැල්ලුමත් නියමයි. ඒ වුනාට බත් එකෙන් එන සුවඳ නම් ටිකක් මදියි කියල තමයි මට නම් හිතෙන්නෙ. කටට රහට කද්දි හොඳ සුවඳකුත් ආවොත්නෙ නියම.

3. &Co

කොටුව ජනාධිපති මාවතේ ඇන්ඩ් කෝ අවන්හල ටිකක් හයි ෆයි තැනක්. මේක තියෙන්නෙ ස්ටුඅර්ට් හෝටලයෙ. සෑහෙන්න හයි ෆයි තැනක් වුනාට පට්ට රස පෝර්ක් ලම්ප්රයිස් එකක් රු. 500කට අඩුවෙන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. චිකන් ලම්ප්රයිස් එකක් 400ක් වගේ වෙන්නෙ. හැබැයි ඉතින් රසයෙන් අනූන වුනාට බත් ප්‍රමාණය නම් ටිකක් අඩුයි.

4. Sen Saal

නාවල, තිඹිරිගස්යාය, බත්තරමුල්ල පැතිවල අයට සෙන් සාල් නම ඇහුනත් ඇති. දවල් කෑම වෙලාවක නම් මතක් වෙන්නෙ ලම්ප්රයිස් තමයි. රු. 300, 400 අතර ගණන් වලට ගන්න පුළුවන් මෙයාලගෙ ලම්ප්රයිස් එකට ටිකක් විතර අපේ කෑම ආභාෂයත් මිශ්‍ර වෙලා තියෙන නිසා හිතේ හැටියට කන්න පුළුවන්. මස් ව්‍යංජනයත් ටිකක් සැරට තියෙනව. පොඩි අවුලකට කියල තියෙන්නෙ කූනිස්සො මැල්ලුමේ රස එක එක දවස් වලට වෙනස් වෙන එක තමයි.

5. Ambula

සෙන්සාල් අවන්හල් තැන් දෙක තුනක තිබුනට ඇඹුල එහෙම නෑ. ඇඹුලෙ ලම්ප්රයිස් කන්න ඕන නම් තිඹිරිගස්යායටම යන්න වෙනව. රු. 300කට 350කට චිකන්, පෝර්ක් රස වලින් ගන්න පුළුවන්. ඉස්සර නම් මෙයාලගෙ ලම්ප්රයිස් එක සෙන්සාල් එකේ ලම්ප්රයිස් තරම් රස නැති වුනාට ආරංචි හැටියට දැන් නම් සෙන්සාල් එක පරාදයිලු. ගොඩ දෙනෙක් කැමති මෙයාලගෙ පෝර්ක් ලම්ප්රයිස් එකට එන පෝර්ක් ව්‍යංජනයට තමයි. අපි කියනවට ගිහින් කාලා බලන්නකෝ.

6. The Fab

කොළඹ පැත්තෙ වගේම කොළඹින් පිටත් සුපිරිම ලම්ප්රයිස් එකක් රස බලන්න කියාපු තැනක් තමයි ෆැබ් එක. පංකාදු පහට තියෙන මෙයාලගෙ ලම්ප්රයිස්, ලම්ප්රයිස් ලෝලී ගොඩ දෙනෙක් අතරෙ සෑහෙන්න ප්‍රසිද්ධයි. අපි දන්න විදියට නම් චිකන් රසයෙන් විතරයි ෆැබ් ලම්ප්රයිස් ගන්න තියෙන්නෙ. රු. 400ක් විතර වෙනව. මේ ලම්ප්රයිස් මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි ඔරිජිනල් ටයිප් එකට හැදුවත් අපේ කට්ටිය ආස කරන සැර ගතිය වගේම ප්‍රමාණෙයත් ටිකක් විතර වැඩිපුර දාලා දෙන එක.

7. Cafe Eklektik

කඩේ නම කියවන්න අමාරු වුනාට රස පදමට හැදෙන ලම්ප්රයිස් එක කන්න නම් අමාරු වෙන එකක් නෑ. රු. 200ක් 300ක් වගේ අඩු ගාණකට මෙයාල ලඟ තියෙනව රසම රස චිකන් ලම්ප්රයිස්. ප්‍රමාණය නම් ටිකක් පොඩියි තමයි. ඒ වුනාට රස සෑහෙන්න හොඳ නිසා හිතට දුකක් නෑ. කියන්න බැරි වුනානෙ, කැෆේ එක්ල්ක්ටික් අවන්හල තියෙන්නෙ කොළඹ 07 ආර්. ජී. සේනානායක මාවතේ.

8. Malay Restaurant

වෙනස් රසකින් ලම්ප්රයිස් කන්න ආස හිතුණොත් යන්න දෙහිවල හරි බම්බලපිටියෙ හරි තියෙන මැලේ අවන්හලට. රු. 200ත්, 300ත් අතර ගාණකට සාමාන්‍ය මට්ටමේ ලම්ප්රයිස් එකක් රස බලන්න පුළුවන්. චිකන්, බීෆ් වගේ රස වලින් ගන්න තියෙන මැලේ අවන්හලේ ලම්ප්රයිසුත් සෑහෙන්න දුරට මැලේ ආභාෂය මිශ්‍ර අපේ රසට හැදුන එකක්.

9. Pagoda Tea Rooms

ඔන්න තියෙනව අපේ ටයිප් එකට හදපු, ඔරිජිනල් රසයෙන් මේසෙට එන පට්ට ලම්ප්රයිස් එකක් කන්න තවත් නියම තැනක්. යන්න කොටුවෙ චැතම් පාරෙ පැගෝඩා ටී රූම්ස් එකට. රු. 350යි වියදම් වෙන්නෙ. රස පදමට තුනපහ දාලා හදපු ලොකු චිකන් කෑල්ලක් එක්ක මේසෙට එන පැගෝඩා එකේ ලම්ප්රයිස් ප්‍රමාණයෙනුත් ටිකක් ලොකුයි. ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ කූනිස්සො මැල්ලුමත් හරිම රසයි.

10. VOC Cafe

ඔරිජිනල්ම ලම්ප්රයිස් අඩුයි කිව්වට නෑම කිව්වෙ නෑනෙ. තුම්මුල්ලෙ වී. ඕ. සී. කැෆේ කියන්නෙ ඔරිජිනල්ම ලම්ප්රයිස් එකක් කන්න පුළුවන් තැනක්. හැබැයි ඉතින් සෑහෙන්න ගණන්. චිකන් ලම්ප්රයිස් එකක්ම රු. 500ක්. නියම ගාණට කුළුබඩු දාලා පොඩියට කපල උයපු චිකන් එක නම් පංකාදු පහට තියෙනව. කූනිස්සො මැල්ලුමත් සුපිරි. බැදපු බිත්තරේ නැති වුනාට රස බටු මෝජුවක් තියෙනව. හැබැයි එක දෙයක් කියන්නම්. ආසාවට කාලා බැලුවොත් මිසක් හැමදාම නම් කන එක නම් ටිකක් පාඩුයි වගේ. මගේ යාළුවෙක් කියපු විදියට නම් රු. 550කට ගන්න පුළුවන් මෙයාලගෙ මික්ස් මීට් ලම්ප්රයිස් එක නම් නියමයිලු.

11. Don's Deli

රු. 475යි. කටට කෙල උනන රසකින් එන චිකන් ව්‍යංජනයයි. බැදපු අළු කෙහෙළුයි. තම්බල බැදපු බිත්තරයයි. කට ගැස්මට කූන්ස්සො මැල්ලුමයි, පොඩි කට්ලට් දෙකයි, සීනි සම්බෝලයයි. නැති දෙයක් නෑ. ඒ වගේම තමයි බම්බ හේග් පාරෙ ඩොන්ස් ඩෙලි එකේ ලම්ප්රයිස් එකට ගහන්න ඒ ගාණට ගන්න පුළුවන් වෙන ලම්ප්රයිස් එකකුත් නැති තරම්. වැඩි විස්තර ඕන නෑනෙ. කනව නම් මෙන්න ලම්ප්රයිස්.

ඇති නේ, ලම්ප්රයිස් කන්න කඩවල් කිව්ව. දන්න කියන විදියට මුළු කොළඹම වගේ කවර් වෙන විදියට තමයි කිව්වෙ. ඒ අතරට ඔයාලත් දන්න ලම්ප්රයිස් කඩවල් ටිකකුත් කමෙන්ට් කලානම් තමයි මරු.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide