ක්ෂිතිජයට නෙත් යොමා.. හැන්දෑව ගතකරන්න! ලංකාවෙ සුන්දරම වෙරළ තීර 15ක්.

''මේ කලබලකාරී ලෝකයෙන් මිදිලා එක රැයක් හරි හුදකලා ව ඉන්න තියෙනව නම්'' වැඩ වැඩි දවස්වලට ඔෆිස් එකෙන් එළියට බහිද්දි අපි කාට කාටත් අනිවාර්යයෙන්ම හිතෙන දෙයක්. ඒත් අවාසානාවට, ඒ හුදකලා ආශ්වාදයට මුහුවෙන්න අපිට ලොකු වෙලාවක් ඉතිරි වෙලා නෑ. පහුවෙනිදටත් වැඩට යන්න තියෙනවනෙ. අන්න ඒ නිසයි අපේ කට්ටිය හවස් ජාමෙ ගෙවන්න මධු විතට ආරාධනා කරන්නෙ.

ඇත්ත, ක්ෂණික රස වින්දනයක් ලබන්න ඕන තරම් ක්‍රම තියෙනව. ඒත් හිතට නිදහසක් දනවන්න, නැත්නම් ආශ්වාදාත්මක රස වින්දනයකට දැහැන්ගත වෙන්න, මධුවිතෙන් බෑ. ඒකට අනිවාර්යයෙන්ම සොබාදහමට කිට්ටු වෙන්න ඕන. අන්න ඒ නිසයි, සොබාදහමෙ තවත් අපූරු මැවීමක් වෙන සුන්දර වෙරළ තීර ටිකක් ගැන අපි අද ඔයාලට කියන්න හිතුවෙ.

රත් පැහැ ගැන්වුනු මළ හිරු ක්ෂිතිජ ඉමේ හැංගිලා යද්දි සයුරු තෙර සිසාරා එන සිහිල් මුහුදු හුළං ඔයාට ආරාධනා කරාවි, ඒ සුන්දර රාත්‍රිය එයත් එක්ක ගෙවන්න කියල. ඔව් දෙපාරක් හිතන්න එපා, මුහුදු වෙරළෙ අපූරුවත්වයට තුරුළු වෙලා හැන්දෑවක් ගෙවන්න, පුංචි ගිනිමැලයක් වටේට එකතු වෙලා බොංගො, ගිටාර් රිද්මයකට වචන තෙපලන්න, යන්න, මේ අපේම රටේ අපිට ම උරුම සුන්දර වෙරළ තීර 15ක්.

1. උණවටුන

by jthediver

අපේ රටේ අගනගරයට ගොඩක්ම ළඟින් පිහිටල තියෙන සුන්දර ම වෙරළ තීරය තමයි 'උණවටුන', ජන්ගල් බීච් කියන්නෙ. අශ්ව ලාඩමක හැඩය ගත්තු මේ වෙරළ තීරයේ විශේෂත්වය තමයි මීටර 50කට ආසන්න දුරකට විහිදෙන නොගැඹුරු මුහුදු තීරය. ස්නෝර්කෙලින්ග්, ඩයිවින්ග් වගේම සර්ෆින්ග්වලටත් උණ වටුන කියාපු තැනක්. හැබැයි ඩයිවින්ග්වලට නම් උණ වටුනෙ මුහුද හැදෙන්නෙ මාර්තු, අප්‍රේල් කාලෙට. සර්ෆින්ග් කරනව නම් සැප්තැම්බර්වලින් පස්සෙ හොඳයි. දන්නවද? ඔයා වාසනාවන්තයි නම් උණවටුන මුහුදු තීරයෙදි තල්මසෙක්, මෝරෙක් වුනත් දැක ගන්න පුළුවන්. උණවටුනෙ ගිහින් එන ගමන් බලන්න තවත් ලස්සන දර්ශනයක් තියෙනව. නගින්න රූමස්සල කන්ද උඩට, හවස් ජාමෙ අල්ලල. ඔයාට බහින්න හිතෙන එකක් නෑ යාළු, ඉර බැහැල ඉවර වෙනකම්ම.

2. බෙන්තොට

by Amila

දිග වෙරළ තීරයක්. සෙනඟ අඩු නිසා හරිම නිදහස්. නොගැඹුරු මුහුද මීටර 25ක් විතර දුරට විහිදෙන නිසා ජල ක්‍රීඩා කරන්නත් නියමයි. ඒ වුනාට මේ පැත්තෙ වැඩියෙන්ම කෙරෙන්නෙ 'කැනෝ' පදින එක තමයි. බෙන්තොට කලපුව පැත්තත් හරිම ලස්සනයි. ඒ ලස්සනෙ දෙගුණ තෙගුණ වෙන්නෙ හැන්දෑවට එන මළ හිරු, බෙන්තොට වෙරළ තීරය ආක්‍රමණය කරද්දි. මතක තියාගන්න බෙන්තොට පැත්තෙ කැනෝ පදින්න යනව නම් ඒකට හොඳම කාලෙ තමයි අගෝස්තු ඉඳන් නොවැම්බර් වෙනකම් කාලෙ. කැනෝ පදින්න බැරි වුනාට අවුලක් ගන්න එපා යන්න කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට, කැස්බෑවො බලන්න.

3. ඉඳුරුව

by Hafiz

ජනවාරි ඉඳන් අගෝස්තු වෙනකම්ම ලස්සන දේශගුණයකින් හෙබි ඉඳුරුව වෙරළ තීරයට සමහර සුද්දො නම් කියන්නෙ ගෝල්ඩන් සෑන්ඩ් බීච් කියලලු. වෙන දෙයක් නිසා නෙවෙයි හැන්දෑවෙ හිරු එළියෙන් රත්තරන් පාට වෙන වැල්ල නිසා. ඒ හැරුණාම මාදු ගඟේ මෝයකටත් ඒ අවට කලපුවත් මළ හිරු එළියෙන් හැඩවෙන්නෙ හිතා ගන්නවත් බැරි තරම් ලස්සනකින්. විශේෂයෙන්ම කියන්න ඕන, ඉඳුරුව වෙරළ තීරය ජලජ ජීවී අධ්‍යයනයටත් සෑහෙන්න හොඳ තැනක්.

4. ආරුගම් බොක්ක

by Brocken

ඇත්තම කියනව නම් ලිස්ට් එකට නොදා ඉන්න හදල, පස්සෙ දාපු වෙරළ තීරයක්. වෙන දෙයක් නිසා නෙවෙයි, අපේ රටේ අය හැරුණාම අපේ රටට එන සුද්දොත් හොඳටම දන්න නිසා. ආරුගම් බේ හොඳටම ප්‍රසිද්ධ සර්ෆින්ග්වලට වුනාට ඩයිවින්ග් වගේම දිය යට ඡායාරූපකරණයටත් කියාපු තැනක්. හැබැයි ඉතින් මාර්තු ඉඳන් ඔක්තෝම්බර් කාල වකවානුව ඇතුලත යන්න ඕන. එහෙම ගියොත් ජීවිතේට දැකල නැති සංචාර කුරුල්ලො රංචු ගණන් බලන්න පුළුවවන්. ආරුගම් බේ ගිහින් නාලා එන ගමන් පොතුවිල් කලපුවෙ බෝට්ටු සවාරියක් යන්නත් අමතක කරන්න එපා. ආ.. ඒ විතරක් නෙවෙයි එලිෆන්ට් රොක් නගින්නත් ඕන හොඳේ.

5. මිරිස්ස

by T-deo

නැති දෙයක් නැති වෙරළ තීරයක් විදියට හඳුන්වන්න පුළුවන් මිරිස්ස වැඩියෙන්ම ප්‍රසිද්ධ තල්මස්සු, ඩොල්ෆින් බලන්න යන බෝට්ටු සවාරිවලට. ඒ හැරුණාම ජලජ ජීවින් නිරීක්ෂණය කරන්නත් පුළුවන්. මිරිස්ස කියන්නෙ මුහුදට බැහැල පීනන්න වගේම ජල ක්‍රීඩා කරන්නත් නියම තැනක්. දෙසැම්බර් ඉඳන් මාර්තු වෙනකම් කාලෙට කැස්බෑවො රොතු බුරුතු පිටින් එන මේ වෙරළ තීරයෙ සර්ෆින්ග් කරන්න යනව නම් අගෝස්තු, සැප්තැම්බර් කාලෙ තමයි හොඳ. ඒ හැරුණාම මිරිස්සෙ කොරල් පරය පැත්තට ස්නෝර්කෙලින්ග් කලා නම් ලස්සන මාළු ගොඩාක් දැක ගන්නත් පුළුවන්. ඇත්තටම මිරිස්ස නම් නියමයි.

6. උප්පාවෙලි

by Reinecke

දන්නෑනේ? නිලාවෙලි දන්නවනෙ. ඒ කිට්ටුවම තමයි, ත්‍රිකුණාමලය පැත්තෙ. උප්පාවෙලි වෙරළ තීරයේ ලස්සන රැකෙන්නෙ ඒකෙ තියෙන පුළුල් දර්ශන පථය නිසා. නොගැඹුරු මුහුදත් මීටර 25ක් විතර දුරට විහිදෙන නිසා ජල ක්‍රීඩාවලටත් නියමයි. හැබැයි මේ වෙරළ තීරය අවට ජලජ ජීවී නිරීක්ෂණය වගේ දේවල් ගැන නම් හරි හමන් විස්තරයක් නෑ. අගෝස්තු, ඔක්තෝම්බර් කාලවලට සර්ෆින්ග් නම් කරන්න පුළුවන්ලු. සෙනඟ නැති තරම්ම නිසා හරිම නිදහස් වෙරළ තීරයක්. පුර හඳ එළියේ නයිටක් ගහන්න කියාපු තැනක් කියල තමයි ආරංචිය නම්. කොහොම වුනත් මේ කිට්ටුවම තියෙන පරවි දූපත බලන්න යන්න නම් අමතක කරන්න එපා.

7. හික්කඩුව

by Amila

ගිලෙන්නෙ නැතුව ලංකාවෙ ලස්සනම කොරල් පරයෙ හැඩ බලන්න, යන්න හික්කඩුව වෙරළ තීරයට. ඔයාට මාර්තු ඉඳන් සැප්තැම්බර් වෙනකම් කල් තියෙනව. මම දන්න විදියට නම් මහන්සි නොවී ලස්සනම මාළු තොගයක් දැක ගන්න පුළුවන් එකම තැන තමයි හික්කඩුව. ඒ විතරක් නෙවෙයි, ලොකු කැස්බෑවො ලඟටම බලා ගන්න, එතකොට ඩයිවින්ග්, සර්ෆින්ග්වලටත් නියමයි. හැබැයි නයිට් ගහන්න නම් බැරිවෙයි, මොකද මේ වෙරළ තීරය ලංකාවෙ ප්‍රධානතම සමුදුරු උද්‍යානයනෙ.

8. නිලාවෙලි

by AntanO Honeplus

ඔන්න තියෙනව තවත් ප්‍රසිද්ධ නමක්, නිලාවෙලි. ත්‍රිකුණාමලේ ඉඳන් ටික දුරයි ති‍යෙන්නෙ. හැබැයි උප්පාවෙලි වගේ නෙවෙයි, සෑහෙන්න සෙනඟ පිරෙනව. මැයි ඉඳන් සැප්තැම්බර් කාලෙ අතර ගියා නම් ස්නෝර්කෙලින්ග්, ඩයිවින්ග් වගේම සර්ෆින්ග් කරන්නත් පුළුවන්. නිලාවෙලි වෙරළත් ගොඩක් දිග නිසා හවස් ජාමෙට මළ හිරු කිරණින් හැඩ වුනාම හරිම ලස්සනයි. පුංචි ගිනිමැලයකුයි ගිටාර් එකකුයිත් තිබුණ නම් අපූරු රැයක් පහන් කරන්න පුළුවන්. කියන්න බැරි වුනානෙ, නිලාවෙලි ඉඳන් පරවි දූපතට තියෙන්නෙත් පොඩි දුරක්. ඒ පැත්තෙත් රවුමක් දාලා එන්න අමතක කරන්න එපා.

9. පාසිකුඩා සහ කල්කුඩා

by Michale

මුහුද මැද්දට මීටර 200ක් විතර පීනන්න, මාළු, කොරල් පරවල සුන්දරත්වය අත්විඳින්න කියාපුම වෙරළ තීරය තමයි පාසිකුඩා – කල්කුඩා වෙරළ තීරය. ඒ විතරක් නෙවෙයි ඩයිවින්ග් කරන්නත් පුළුවන්. සැප්තැම්බර්, ඔක්තෝම්බර් කාලෙට ගියා නම් සර්ෆින්ග් කරන්නත් පුළුවන්. මඩකලපුවෙ ඉඳන් කිලෝමීටර 35ක විතර දුරකින් පිහිටල තියෙන පාසිකුඩාව සුද්දන්ගෙ වගේම අපේ කට්ටියගෙත් ආකර්ෂණය දිනා ගත්තු දිග වෙරළ තීරයක්. දන්නවද? වෙරළ තීර ඡායාරෑප අතරින් ලංකාවෙ ලස්සනම වෙරළ තීර ඡායාරූප තියෙන්නෙත් පාසිකුඩා – කල්කුඩා වෙලු. ඇත්ත වෙන්න ඕන, හැන්දෑවට වගේම උදේ පාන්දරටත් පාසිකුඩාවල තියෙන ලස්සන! ගියපු අය නම් දන්නව ඇති?

10. දික්වැල්ල

by Sheppard

ගල් පර අතරින් හීන් සැරේ ස්නෝර්කෙලින්ග් කරන්න, ඒ ගමන්ම මුහුදු පතුලෙ හැඩ බලන්න දික් වැල්ල වෙරළ තීරයත් නරකම නෑ. පෙබරවාරි, අප්‍රේල් කාලවලට තමයි ස්නෝර්කෙලින්ග්වලට හොඳම. අගෝස්තු, ඔක්තෝම්බර් කාලවලට රැල්ල සැර වුනාම මේ වෙරළ තීරයත් ඡායාරෑපවලට හරිම ලස්සනයි. ගල්පරවල හැපිලා බිඳෙන රළ, සුදු පෙණ විහිදගෙන මුහුදු හුලඟට විසිරරෙද්දි තියෙන අපූර්වත්වය, වචනයෙන් කියල නිම කරන්න බැරි තරම්.

11. වැලිගම 

by Balou46

මෝරුන්ගෙන් බේරිලා සර්ෆින්ග් කරන්න හොඳම වෙරළ තීරය තමයි වැලිගම බොක්ක ඇතුලෙ පිහිටල තියෙන වෙරළ තීරය. නොගැඹුරු මුහුදෙ ස්නෝර්කෙලින්ග් කරන්නත් කොරල් පර ආශ්‍රිත මාළු බලන්නත් වැලිගම බොක්ක කියාපු තැනක්. පොඩ්ඩක් විතර මුහුද මැද්දට වෙන්න පිහිටල තියෙන දූපත නිසා වැලිගම බොක්ක ඈතටත් හරි ලස්සනට පේනව. ඒ ලස්සන වැඩිවෙන්නෙ හවස් ජාමෙට. ඔක්තෝම්බර් ඉඳන් මාර්තු වෙනකම් වගේ දිග කාල පරාසයක, වැලිගම බොක්කෙ සුන්දරත්වය රැකිල තියෙන එකත් ලොකු විශේෂත්වයක්.

12. කොග්ගල

by Astronomyinertia

ජෛව විවිධත්වයෙන් අනූන කොග්ගල වෙරළ තීරය ගැන ඉස් ඉස්සෙල්ලාම අපි දැන ගන්නෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ අපේ ගම පොතෙන්. කියවල නැත්නම් කියවන්නකො. අවුරුද්දෙ ජුලි ඉඳන් ඔක්තෝම්බර් වගේ කාලය ඇතුලත තමයි කොග්ගල වෙරළ තීරයට වසන්තය උදාවෙන්නෙ. ලංකාව පුරා ව්‍යාප්ත වුනු කැස්බෑවො වර්ග තුනක් ඇතුළු තව ගොඩක් මුහුදු ජීවීන් දැක බලාගන්න වගේම අධ්‍යයනය කරන්නත් කොග්ගල වෙරළ තීරය කදිම තෝතැන්නක්. ඒ වගේම කොග්ගල ගඟේ බෝට්ටු සවාරියක් යන්නත්, හැන්දෑ වරුවට කලපුවෙ සුන්දරත්වය රස විඳින්නත් අමතක කරන්න එපා.

13. මීගමුව

by Ekabhishek

කවුරුත් දන්න කියන වෙරළ තීරයක්. බ්‍රවුන් බීච් කිව්වාම තමයි සෑහෙන්න ප්‍රසිද්ධ. දිග වෙරළ තීරය සුද්දොන්ගෙන් වගේම අපේ අයගෙනුත් පිරිලා තියෙන නිසා හුදෙකලා සුන්දරත්වයක් නම් අත් විඳින්න අමාරුයි. කොහොම වුනත් නාන්න කරන්න වගේම ජල ක්‍රීඩාවල යෙදෙන්නත් මීගමුව වෙරළ තීරය ගැලපෙනව. හැබැයි මම නම් කියන්නෙ මීගමුව බීච් එකට බහිනවට වැඩිට රස වින්දනයක් ලබන්න පුළුවන් කලපුව පැත්තෙ බෝට්ටු සවාරියක් ගියා නම් කියල.

14. පොල්හේන

by Uditha

නිල්වලා ගඟ දෙපැත්තෙ ඉන්න ලස්සන කුරුල්ලො බලල ඇති වුනාම එන්න පොල්හේනෙ වෙරළ තීරයට. ස්නෝර්කෙලින්ග් සෙට් එකක් දාගෙන බහින්න මුහුදට. කිලෝමීටර 4ක විතර දුරක පැතිරිලා තියෙන කොරල් පරයෙ ලස්සන, ඒ ආශ්‍රිත මාළුන්ගෙ, කැස්බෑවන්ගෙ අපූර්වත්වය හිතේ හැටියට අත් විඳින්න. ඒ විතරක් නෙවෙයි ඩයිවින්ග් කරන්නත් පුළුවන්. පීනන්න දන්නෙ නැති අය ඉන්නව නම් ඉණක් වතුරෙ බැහැගෙන සෙල්ලම් කරන්නකො. හැබැයි ඔය මොනදේ කරන්නත් මාර්තු ඉඳන් ඔක්තෝම්බර් කාල පරාසය ඇතුලත පොල්හේන පැත්තට එන්න ඕන කියන එකත් මතක තියා ගන්න.

15. ආලන්කුඩා

by New Carolyn

කල්පිටිය පැත්තෙ තියෙන ලස්සනම වෙරළ තීර අතරින් උඩින්ම තියෙන්නෙ ආලන්කුඩාව. තල්මස්සු, ඩොල්ෆින් බලන්න, කැනෝ පදින්න, ස්නෝර්කෙලින්ග්, ඩයිවින්ග් කරන්න, සර්ෆින්ග් කරන්න වගේම කොරල් පර ආශ්‍රිත මාළු බලන්නත් නියම තැනක්. අවාසනාවට මේ පැත්ත ලස්සනටම තියෙන කාලෙ නම් හොයා ගන්න බැරි වුනා ඒ නිසා. යන්න කලින් කාගෙන් හරි අහල ගියා නම් තමයි හොඳ.

ලංකාවට ඉන්දියන් සාගරයෙ මුතු ඇටය කියන්නෙ නිකන්ද? මෙච්චර ලස්සන මේ පුංචි දූපතේ තවත් හැංගිච්ච ලස්සන වෙරළ තීර ඕන තරම් ඇති. ඒ අතරෙ ඔයාල දන්න තැන් තියෙනව නම් කමෙන්ට් කරන්න. අපිත් ආසයි ඒ පැතිවල රවුම් ගහන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide