සුදු පෙණ කැටි විසිරෙන සැඩ රළෙන් හැඩ වෙන! ලංකාවෙ ලස්සන බලකොටු 7ක්.

වප් පෝය පහුවෙනවත් එක්කම එළඹෙන වාරකන් කාලය ධීවර ජනතාවට වගේම සංචාරකයින්ටත් එච්චර සුභ කල දසාවක් නෙවෙයි. මොකද සැඩ සුලං පාරත් එක්ක රළු වෙන රැල්ල කොයි මොහොතෙ කාව ගිල ගනියිද කියල කවුරුවත් දන්නෙ නෑනෙ.

මේ හේතුව නිසාම රැල්ල සැර කාලෙට වෙරළ පැත්තට එන සංචාරකයො ගාණත් සෑහෙන්න අඩු වෙනව. කොටින්ම කියනව නම් ගව් ගාණක් ඈතට විහිදෙන සමහර වෙරළ තීර පාළුවට යන ගාණයි. ඉඳල හිටල කෑ ගහන කපුටෙක්, මුහුදු ලිහිණියෙක් හැරුනාම වෙරළ තීරයෙ නිහඬ බව බිඳින්න ඉතුරු වෙන්නෙ ගල්පරවල හැපිල බිඳෙන රළ පාර විතරයි.

හැබැයි ඔය වගේ වෙලාවට, සුදු පෙණ කැටි විසුරවගෙන ඇවිල්ල වෙරළ ගිල ගන්න වාරකන් රැල්ලෙත් අමුතු ලස්සනක් තියෙනව කියල ඔයාට හිතෙන්න පුලුවන්. මළ හිරුගෙන් රත් පැහැ ගැන්වුනු ක්ෂිතජය දිහා මේ සැඩ රළ පාරට උඩින් බලන්න තියෙනව නම්, වාරකන් වෙරළක තනිවුනු ඔයාගෙ හිතේ ක්ෂණයකින් පහල වුනු සිතුවිල්ලක් වෙන්නත් පුලුවන්. අාස නැද්ද ඔයාගෙ ඒ සිතුවිල්ලට පණ දෙන්න.

එහෙනම් අහගන්නකො, වාරකන් මුහුදෙ එක පෙළට බිඳෙන රළට මුසු වෙච්ච රත් පැහැ ක්ෂිතිජයේ සුන්දරත්වය හිතේ හැටියට රස විඳින්න කියාපුම තැන් තමයි අපේ රටේ පරණ බලකොටු. ගල් බිත්තියක් උඩට නැගගෙන බලකොටු පාදමේ හැපිල බිඳෙන රළ දිහා බලද්දි හිතේ ඇතිවෙන හැඟීම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ඒ නිසාමයි අපි හිතුවෙ වාරකන් රැල්ලෙන් හැඩ වෙන ලංකාවෙ ලස්සන බලකොටු ටිකක් ගැන ඔයාලට කියන්න.

හැබැයි මතක තියා ගන්න, ගියා වගේ නෙවෙයි පරිස්සමට හොඳද.

1. Fredrick fort, Trincomalle

ඡායාරූපය

ත්‍රිකුණාමල බොක්කෙ එක මුල්ලකට වෙන්න ඉදිකරපු ෆ්‍රෙඩ්‍රික් බලකොටුවෙ නිර්මාණ අයිතිය තියෙන්නෙ පෘතුගීසි කාරයින්ට. ඒ 1623-24 කාලයෙ. එයාලා මේක හදල තියෙන්නෙ ලන්දේසි හමුදාවන්ටයි බ්‍රිතාන්‍ය හමුදාවන්ටයි පහර දෙන්න. ඒත් අවාසනාවට 1639දි ලන්දේසි අද්මිරාල් වරයෙක්ව හිටපු වෙස්ටර් වර්ල්ඩ් මේ බලකොටුව අල්ල ගන්නව.

අද වෙද්දිත් මුලුමනින්ම වගේ ඉතිරි වෙලා තියෙන මේ අපූරු බලකොටුව බලන්න යන්ව නම් හොඳම කාලය තමයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි. හිතේ හැටියට ත්‍රිකුණාමල වෙරළ තීරයෙ සුන්දරත්වය විඳගෙන, ලස්සන සන් සෙට් එකකුත් බලාගෙන එන්න පුලුවන්.

2. Batticaloa fort

ඡායාරූපය

ත්‍රිකුණාමල බල කොටුව බලන්න යන ගමන්ම යන්න කියාපු තවත් ලස්සන බල කොටුවක්. හැබැයි තරමක් දුරට ගරා වැටිල තියෙන්නෙ. 1628දි ලන්දේසීන් අතින් හැදුනට මොකද 1635 වෙද්දි පෘතුගීසීන් මඩකලපුව බලකොටුවත් අල්ල ගන්නව.

මෙතනත් මනස්කාන්ත මළ හිරු සම්ප්‍රාප්ත වීමක් බලා ගන්න නම් කියාපු තැනක්.

3. Arippu fort, Mannar

ඡායාරූපය

මන්නාරම් ටවුමට කිලෝමීටර 16ක් විතර පුත්තලම පැත්තට වෙන්න පිහිටල තියෙන අරිප්පු නගරයෙ වෙරළ තීරයෙ තමයි අරිප්පු බලකොටුව පිහිටල තියෙන්නෙ. කියන්න කණගාටුයි මේකත් නිර්මාණය වෙන්නෙ පෘතුගීසීන් අතින් වුනාට ලන්දේසීන් අත්පත් කර ගත්තට පස්සෙ ඉංග්‍රීසීනුත් අත්පත් කර ගන්නව. කොටින්ම කියනව නම් ඉංග්‍රිසී ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත්ගෙ නිවාඩු නිකේතනය බවට පවා පත් වෙනව. 1679 අවුරුද්දෙ තමයි රොබට් නොක්ස් මෙතනට එන්නෙ.

කොහොම වුනත් දැන් නම් අරිප්පු බලකොටුව ගරා වැටිල තියෙන්නෙ. ඒත් මන්නාරම් මුහුදෙ තියෙන නිසල බව ටික කාලෙකට හරි නැති වෙන මේ වාරකන් සමයෙ අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕන බලකොටුවක් විදියට මේ බලකොටුවත් එකතු කර ගත්ත නම් තමයි හොඳ.

4. Hammenhiel fort, Jaffna

ඡායාරූපය

යාපනය කරෙයි නගර්වල තියෙන හැමන්හිල් බල කොටුවත් පෘතුගීසීන් අතින් නිර්මාණය වුනාට මොකද 1680දි ලන්දේසීන් මේක අත්පත් කර ගන්නව. හැමන්හිල් නම වැටෙන්නෙත් ඊට පස්සෙලු. දැනට ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයක් විදියට පවත්වාගෙන යන මේ බලකොටුවෙ තමයි 1971 කැරුල්ලෙදි අත් අඩංගුවට ගත්තු රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක වගේ ගොඩක් ජ.වි.පෙ සමාජිකයො රඳවල තියල තියෙන්නෙ.

හැමන්හිල් බලකොටුව ඇතුලට යන්න දෙනවද කියල නම් හරියටම හොයා ගන්න බැරි වුනා. ඒ නිසා ඒ ගැන දන්න කවුරු හරි ඉන්නව නම් කමෙන්ට් කරන්න කියල තමයි අපිට කියන්න තියෙන්නෙ.

5. Jaffna fort

ඡායාරූපය

1618 නිර්මාණය වුනු යාපනය ලන්දේසි බලකොටුව පිහිටල තියෙන්නෙ ගුරු නගර්වල. 1658දි පෘතුගීසීන් අතින් ප්‍රතිසංස්කරණය වෙන මේ බලකොටුව 1795දි ඉංග්‍රීසීන් අතට පත්වෙනව. ඒ විතරක් නෙවෙයි 1986 ඉඳන් 1995 වෙනකම් කාලය අතර තුර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පවා මේ බලකොටුව පාවිච්චි කරල තියෙනව. විශේෂයෙන් කියන්න ඕන යාපනය බලකොටුවත් නිර්මාණය කරල තියෙන්නෙ තරුවක හැඩයට හරියට මාතර බලකොටුව වගේ.

යාපනය මුහුද නම් වාරකන් කාලෙට එච්චර සැඩ වුනේ නැති වුනාට උදේට ඉර පායද්දි නම් හරිම ලස්සනයි. ඒ නිසා බලකොටුවට යද්දි පාන්දරින්ම යන්න බලන්න.

6. Mannar fort

ඡායාරූපය

සෑහෙන්න දුරට ගරා වැටුනු ඒත් හිමිදිරි උදයට හරිම ලස්සන තවත් බලකොටුවක් තමයි මන්නාරම් බලකොටුව. ඉමක් කොනක් නොපෙනෙන නිල් වන් මුහුදු තීරයයි, සුදු වැලි ඇතිරුණු සුන්දර වෙරළ තීරයයි, අතරින් පතර ඈතින් පේන වැලි දූපත් ටිකයි එකතු වුනාම හරිම ලස්සනයි. ඒ අතරට කුළුඳුල් හිරු කිරණ පොදකුත් එකතු වුනාම ජීවිතේට අමතක නෙවෙන තරම් මනස්කාන්ත දර්ශන තලයක් තමයි ඇස් ඉදිරිපිට මැවෙන්නෙ.

7. Calpenteyn fort, Kalpitiya

ඡායාරූපයඋපාලිගෙන්

ඔන්න තියෙනව පෘතුගීසීන් හදපු බලකොටුවක්. මේක පිහිටල තියෙන්නෙ කල්පිටිය බොක්කෙ තුඩුව අයිනටම වගේ වෙන්න. 1667 හදපු මේ බලකොටුව 1676න් පස්සෙ කවුරුත් පාවිච්චි කරල නෑ කියල තමයි කියන්නෙ. කොහොම වුනත් කල්පිටිය බත්තලං ගුණ්ඩුවට යන්න කලින් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ බලකොටුව. හැබැයි මතක තියා ගන්න උදෙන්ම ගියොත් තමයි සැබෑ ලස්සන දැක ගන්න පුලුවන් වෙන්නෙ.

ඔය හැරුණාම කොළඹ කොටුව, ගාලු කොටුව, මීගමු කොටුවත් හරිම ලස්සනයි. හැබැයි ඉතින් ඒව ගැන ගොඩ දෙනෙක් දන්න නිසා අමුතුවෙන් කියන්න ගියේ නෑ. ඒ එක්කම කියන්න ඕන වාරකන් කාලෙ ඉවර වෙන්න කලින් තවත් මේ වගේ ලස්සන බලකොටු හත අටක් ගැන විස්තර හොයාගෙන අපි එනව. එතකන් මේ ටිකේ රවුමක් දාන්නකො.‍

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide