නිදහසේ ආදරය කරන්න! කොළඹ අවටින් ලස්සනම තැන් 9ක්.

වෙලාවක් කලාවක් නැතුව වැටෙන අව්වයි වැස්සයි ඊටත් එහා ගියපු වාහන තදබදයයි, ජනාකීර්ණ බවයි ආදරවන්තයින්ට ගේන්නෙ හරිම කරදරකාරී හැඟීමක්. ඔය මොනවහරි පොඩි දෙයක් හප හපා පුංචි කතා බහක් දාගෙන නිදහසේ ආදරය කරන්න පුළුවන් තැනක් තියෙනවනම් කියල කී දෙනෙක්ට හිතෙනව ඇත්ද?

ඇත්තටම එහෙම තැන් නැතුව නෙවෙයි. ගොඩ දෙනෙක් හරියට දන්නෙ නැති ප්‍රශ්නය තමයි තියෙන්නෙ. ඒ වුනාට අදින් පස්සෙ නම් ඔයාලගෙ ආදරණීයයන් එක්ක පාර තොටේ, කඩවල් ගාණෙ රස්තියාදු වෙන්න ඕන නෑ. රස කෑම බීම ටිකක් වගේම ස්වභාව සෞන්දර්යයත් රස විඳින ගමන් නිදහසේ ආදරය කරන්න කියාපු තැන් ටිකක් අපි ඔයාලට කියන්නම්. හැබැයි මතක තියාගන්න, කොතනක ගියත් ඔයාලගෙ ආදරණීයයන්ගෙ ගරුත්වය රැකෙන විදියට හැසිරෙන්න.

1. Gangarama Park

කොළඹ 02, ගංගාරාමය පන්සල මැදි කරගෙන පිහිටල තියෙන මේ උද්‍යානය හැඩ වෙන්නෙ වැව අයින දිගට ගල් අල්ලල, ලස්සන මල් පෝච්චි ටිකකුත් තියල හදපු ඇවිදින මං තීරු වලින්. ඒ හැරුණාම මේ මං තීරු වලට ටිකක් මෙපිටට වෙන්න හදල තියෙන කොන්ක්‍රීට් බංකු ටිකයි පොඩි පොඩි කඩ ටිකයි එතනට යන අයට ගොඩක් ප්‍රයෝජනවත්. ආදරණීයයන් එක්ක රුපියල් සීයකට දෙසීයකට හංස බෝට්ටු පදින්නත් අවස්ථාවක් තියෙනව. හැබැයි ඉතින් හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. වෙන දෙයක් ගැන නෙවෙයි. ඔයාලට හෙවණ දෙන ගස් ටිකට අරක් ගත්තු කාක්කන්ගෙන්.

2. Gall Face Green

අමුතුවෙන් කියන්න තරම් දෙයකුත් නැති තරම්. ගෝල් ෆේස් එක ආදරවන්තයින්ගෙ සුර පුරයක් වුනේ අද ඊයෙ නෙවෙයිනෙ. ඉමක් කොනක් පේන්නෙ නැති මුහුද දිහා බලාගෙන ආදරවන්තයො කී දාහක් ලස්සන හීන මවනවද? ඇත්තටම ඒ ආදර හීන රස බර කරන්න ලඟටම එන අඹ මල්ලකට, අන්නාසි මල්ලකට ලොකු හැකියාවක් තියෙනවා. ඒත් දවල් කාලයෙ ගෝල් ෆේස් පැත්තට යනව නම් කුඩයක් ගෙනියන්න අමතක කරන්න එපා‍ෙ

3. Viharamahadevi Park

කොළඹ 07, කුරුඳුවත්ත මැදි කරගෙන පිහිටල තියෙන විහාරමහාදේවී පාර්ක් එකත් ආදරවන්තයින්ගෙ අපූරු රජ දහනක්. කපුටන්ගෙන් පොඩි පොඩි කරදර තිබුණත් අව්වෙන් වැස්සෙන් බේරිලා ගහ කොලින් පිරුණු තරමක් නිස්කලංක පරිසරයක රස අච්චාරු මල්ලකින් ඔයාලගෙ ආදර කතා බහ රස කරගන්න, විහාරමහාදේවී පාර්ක් එක කදිමෙට ගැලපේවි

4. Floating Market

පොඩි ෂොපින් පාරක් දාන්න, දාලා ඉවරවෙලා රස කෑම ටිකක් කන්න, එතකොට කාලා ඉවරවෙලා ටික වෙලාවක් නිදහසේ පුංචි ආදර කතාබහක් දාන්න පිටකොටුවෙ ෆ්ලෝටින් මාර්කට් එකත් නියමයි. ඒ විතරක් නෙවෙයි රස අයිස් එකක් දිව ගාන ගමන් රු. 150කට 200කට හංස බෝට්ටුවක් පැද පැද පෙම් සුව විඳින්නත් මෙතනට යන ඔයාලට පුළුවන්.

5. Urban Wetland Park

කට්ටිය නම් මේක දන්නෙ 'නාවල වැලි පාර්ක්' එක කිව්වාම. ලස්සන මල් පඳුරු තොගයකින් හැඩ කරල තියෙන මේ පාර්ක් එක මුළු මනින්ම වගේ හදල තියෙන්නෙ කළු ගලින්. පාර්ක් එක ඇතුලෙ ඇල අයිනෙ සුදු වැලි අතුරල තණ කොල වවල හදල තියෙන ඇවිදින මං තීරුවක අත් වැල් බැඳගෙන පුංචි ආදර කතා බහක් දාගෙන එහා මෙහා ඇවිදින්නත් නැත්නම් කළු ගලින් හදල තියෙන පොඩි බැම්මක් උඩ වාඩි වෙලා ආදර හීන මවන්නත් නිදහස උපරිමයෙන්ම තියෙන තැනක් තමයි මෙතන.

6. Garton's Ark

නාවල වැලි පාර්ක් එකේ ඇවිදින මං තීරුව දිගේ ඉස්සරහට ගියාම මුණ ගැහෙන තවත් ලස්සන තැනක් තියෙනව. මෙතනට එන අයට නම් රසම රස කෑම ටිකක් කන්න පුළුවන් හොඳ අවන් හලක් වගේම බෝට්ටු සවාරියක් යන්නත්, සිහිල් හුලං පාරක දැවටි දැවටි ආදර කතා බහ රස බර කරගන්නත් නියම අවස්ථාවක් උදා කරගන්න පුළුවන්.

7. Diyatha Uyana

කොළඹ අවට තියෙන ලොකුම වගේම ලස්සනම පාර්ක් එක තමයි දියත උයන. ලඟදි හැදුවට ගොඩ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධ වුනු ස්වභාව සෞන්දර්යය උපරිමෙන්ම අත් විඳින්න පුළුවන් පාර්ක් එකක්. මෙතන නම් ඔයාලට ඕන කරන හැම දෙයක්ම අතේ දුරින් තියෙනව. රස කෑම බීම, නිදහසේ වාඩි වෙලා ලස්සන ආදර කතාවකට මුල පුරන්න කියාපු මේස බංකු, අත් වැල් බැඳගෙන හිතේ හැටියට ඇවිදින්න සුදු වැලි අතුරපු මං තීරු. ඒ විතරක්ද ලස්සන මාළුන්ගෙන් පිරුණු මාළු ටැංකි, නිදහසේ දුව පනින මුව රංචු. ඇත්තටම මේ හැම දෙයකම රස වින්දනය මැද්දෙන් නැගෙන ඔයාලගෙ ආදර හැඟුම් උමතු බවින් මත් වෙනව කියන එක ගැන අහන්නත් දෙයක්ද?

8. Nawarohala Wetland Park

දියත උයනෙයි නවරෝහල පාර්ක් එකෙයි තියෙන එකම වෙනස තමයි පුංචි සත්වෝද්‍යානය නැති එක. ඒ වුනාට රස කෑම තියෙන අපූරු අවන්හල් දෙකකුයි සාරවත් කුඹුරු යාය දෙපැත්තෙ සුදු වැලි අතුරල හදපු දිග ඇවිදින මංතීරුයි ටිකයි ඔයාලගෙ ආදර සැමරුම ලස්සන කරන්න ගොඩක් උදව් වේවි. කුරුළු රෑන් රංචු පිටින් ඉගිල්ලිලා යන රත් පැහැ ගැන්වුනු හවස අහස දිහා බලා ගෙන ආදර දෙබස් වලට ඉඩ දෙන්න, නිදහසේ ආදරය විඳින්න මේ තෙත් බිම් උද්‍යානය අපූරු තැනක් වේවි.

9. Weras Ganga Park

කොළඹට පොඩ්ඩක් විතර ඈතින් පිහිටල තිබුණත් බොරලැස්ගමුවෙ වැව වට කරල හදල තියෙන පාර්ක් එකත් ආදරවන්තයින්ට කියාපු තැනක්. වැව් ඉස්මත්තෙන් එන සිහිල් හුලං පොදක ආශ්වාදය විඳගෙන ගල් අල්ලල හැඩ කරපු ඇවිදින මං තීරුවක අත් වැල් බැඳගෙන ඇවිද යන්න වගේම රස කෑම ජාති ගොඩකින් කැමති දෙයක් තෝරගෙන රස බලන්නත් ඔයාලට මේක හොඳ අවස්ථාවක් වේවි. ඒ විතරක් නෙවෙයි බොරලැස්ගමුව කිට්ටුව පාත ඉන්න ආදරවන්තයින්ට නම් වෙනස්ම අත්දැකීමකටත් එක්ක බයිසිකල් පදින්නත් පුළුවන්. වැව් ඉවුරෙන් අහසට පියඹන කුරුළු රෑන් මවන රටා වලින් ආදර හීන ලස්සන කරගත්තු පෙම්වතුන්ට නම් වේරැස් ගඟ පාර්ක් එක අමතක නොවෙන තැනක් වේවි.

කවුරු කොහොම කිව්වත් ඕනම ආදරවන්තයින් යුවලකට එයාලගෙම හීන ලෝක තියෙනව. ඒ හීන ලෝක ලස්සන කරගන්න, නිදහසේ ආදරය රස විඳින්න අපි කියපු මේ ලස්සන තැන් ටික ලොකු උදව්වක් වේවි කියල අපිටත් ලොකු විශ්වාසයක් තියෙනව. ඒ වගේම තමයි ඔයාලට හුරු පුරුදු නැත්නම් ඔයාල දන්න මේ වගේ තව ලස්සන පාර්ක් තියෙනව නම් අපේ යාළුවන්ටත් දැනගන්න කමෙන්ට් කරන්න නම් අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide