කෑම ගේන්න යන්න කම්මැලියිද?: මෙන්න අත ලඟටම කෑම ගෙනල්ල දෙන නියම ඩිලිවරි සේවා 9ක්..

අපි හිතමුකො ඔයා ඉන්නෙ ඔෆිස් එකේ කියල. සමහර විට හොඳටෝම වැඩ ඇති. සමහර විට ඇති වැඩකුත් නැතුව කම්මැලිකමට ඉන්නව ඇති. කොහොම වුනත් මේ අවස්ථා දෙකේදිම අපි එක තැනකට වෙලානෙ ඉන්නෙ.

අන්න එහෙම ඉන්නකොට ඔයාගෙ අනිත් වැඩ ටිකට නම් යාළුවන්ගෙන් හරි පොඩි සපෝට් එකක් ගන්න පුළුවන්. ඒත් කවුද කෑම එකක් මේසෙ ලඟට ගෙනල්ල දෙන්නෙ. හිතන්න එපා, කෑම එක මේසෙ ලඟට ගෙනල්ල දෙන යාළුවොත් ඉන්නව. කරන්න තියෙන්නෙ එක දෙයයි. ඕන කෑම ජාතියයි ඒ කෑම ජාතිය තියෙන කඩෙයි කියල මෙයාලගෙන් එක්කෙනෙක්ට කෝල් කරන්න. වැඩි වෙලාවක් නොගිහින්ම කෑම එක මේසෙ ලඟට ඒවි.

1. Delivery Malli (077 4327777)

YAMU අපි දන්න හොඳම ඩිලිවරි සේවාව තියෙන්නෙ මෙයාල ලඟ. කෑම බීම නම් කොළඹ ඇතුලෙ හැරුණාම ලඟ පාත තැන්වලට විතරයි ඩිලිවර් කරන්නෙ. ඒ වගේම තමයි කෑම ඇණවුම් කරද්දිත් මතක තියාගන්න කොළඹ ඇතුලෙ කඩ වලින් ඇණවුම් කරන්න. එතකොට ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්. ඒත් ඩිලිවරි ගාස්තුව නම් රු. 200ක් 300ක් වගේ වෙනව.

2. Speedee.lk (0112 794794)

මෙයාලගෙ සේවාවත් හරිම වේගවත්. ගාණත් සෑහෙන්න අඩුයි. රු. 100ක් 150ක් වගේ. ස්පීඩි, කොළඹ ඇතුලෙ වගේම වටපිටාවෙ ටිකක් දුරට යනකම්ම; කඩුවෙල, මහරගම, රත්මලාන වගේ පැති වලටත් කෑම ඩිලිවරි කරනව. හැබැයි එතකොට නම් රුපියල් තුන්හාරසීයක් විතර වියදම යනව. කොළඹ ඇතුලෙ කෑම බීම ටික පැයකින් වගේ එන නිසා පාඩු නෑ.

3. Quickee.lk (0117 324325)

ඇත්තටම හරිම ක්වික්. පැය භාගෙ, විනාඩි හතලිස්පහ තමයි මෙයාලගෙ ඩිලිවරි වෙලාව. දුර ටිකක් වැඩි වුනොත් තමයි පැයකට කිට්ටු වෙන්නෙ. කොළඹ ඇතුලෙ මෙයාලගෙ ගාස්තුව රු. 100යි. ඒ හැරුණාම අනිත් බෙදාහැරීම් කටයුතු සිද්ධ වෙන්නෙත් කොළඹට කිට්ටුව පාත පැති ටිකට විතරයි. ඒවයෙ ගාස්තුවත් රුපියල් දෙතුන්සීයකට වැඩි වෙන්නෙ නෑ. අනික කෑම කඩ දෙක තුනකින් ඕඩරේ දැම්ම කියල ගාණ වැඩි වෙන්නෙත් නැති නිසා සෑහෙන්න ලාභයි.

4. Foodie.lk

මෙයාලනම් කෑම විතරමයි ඩිලිවරි කරන්නෙ. ගාස්තුවත් ටිකක් වැඩියි. ගන්න වෙලාවත් ටිකක් වැඩියි. කොළඹ ඇතුලෙයි ලඟපාතම තැන් ටිකෙයි, ඒ කියන්නෙ රාජගිරිය, නුගේගොඩ, දෙහිවල වගේ ඇතුලෙ කෙරෙන මෙයාලගෙ ඩිලිවරි වලට සාමාන්‍යෙයන් රු. 150ක් 200ක් වගේ අය කරනව.

5. Yamu Delivery

YAMU අපිත් ඔයාලට කෑම ගෙනල්ල දෙනව. ඔයාලට කරන්න තියෙන්නෙ Yamu Delivery පේජ් එකට ගිහින් ඔයාට කෑම ගන්න ඕන කඩේ තෝරගෙන ඒ කඩේ මෙනුව බලල කෑම ඇණවුම් කරන්න විතරයි. ලඟදි පටන් ගත්තු නිසා කොළඹ ඇතුලෙ කෑම බෙදන්න නම් අපිට පැයක් විතර යනව. ඩිලිවරි ගාස්තුව Foodie.lk එකේ වගේමයි. රු. 150ක් 200ක් විතර.

6. Nic Nac (077 2366874)

ලඟදි පටන් ගත්තු හොඳ සේවාවක්. කොළඹ ඇතුලෙ නම් වැඩේ ටිකක් ඉක්මන්. කොළඹින් පිට, ටිකක් ලඟ පාත පැති වලටත් ඩිලිවරි කරනව. රු. 100 ඉඳන් තමයි මෙයාලගෙ ගණන් තියෙන්නෙ. පැයක් ඇතුලත කෑම පාර්සලේ අතට ලැබෙනව කියල නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්.

7. OrderFood.lk (0114 444111)

හරි ලස්සනට වගේම පිළිවෙලට තියෙන වෙබ් සයිට් එකක්. දැක්කාම කෑම ඕඩර් කරන්න හිතෙන ගාණයි. මුළු ලංකාවම කවර් වෙන විදියට තමයි මෙයාලගෙ ඩිලිවරි සේවාව තියෙන්නෙ. ප්‍රධාන නගර ගොඩක කෑම කඩවල්, ඔර්ඩර් ෆුඩ් සයිට් එකේ තියෙනව. ඉස්සෙල්ලම, ඔයාට කෑම ගෙන්න ගන්න ඕන කඩේ නම උඩ කඩේ ක්ලික් කරන්න. එතකොට කෑම මෙනුව ඕපන් වෙයි. එතනින් ඔයා ආස කරන කෑම ටික ඕඩර් කරන්න. කොළඹ ඇතුලෙ නම් උපරිම පැයයි යන්නෙ කෑම ටික ලඟට එන්න. ගාස්තුව රු. 100ක් 200ක් වගේ නිසා පොකට් එකටත් ලොකු අවුලක් නෑ.

8. LetsEat.lk (0112 547076)

පට්ට සයිට් එක. කොළඹ කිට්ටුව පාත තැන් වලට විතරයි කෑම ඩිලිවරි කරන්නෙ. ඒ වුනාට බලන්න එපැයි මෙයාලගෙ සයිට් එකේ තියෙන වැඩ කෑලි ටික. ස්මා්ර්ට් ෆෝන් වලට වෙනමම අැප්ලිෙක්ෂන් එකකුත් තියෙනව. කෑම ඕඩර් කරන්නත් හරිම ලේසියි. සර්ච් බාර් එකේ ඔයාල ඉන්න තැන ටයිප් කලාම කඩ ටික එනව. ඒ කඩ වල මෙනු බලල අාස කෑම ජාතියක් ඕඩර් කරන්න පුළුවන්. විශේෂත්වය තියෙන්නෙ මෙයාලට කෑෂ් වලින් වගේම කාර්ඩ් වලිනුත් ගෙවන්න පුළුවන්. අනික ඩිලිවරි ගාස්තුවත් උපරිම වුනොත් රු. 100ක් 200ක් වෙයි.

9. Menu.lk (0114 386678)

ඕඩර් ෆුඩ් එක, ලෙට්ස් ඊට් එක තරම් නැති වුනත් මේකත් කෑම ඕඩර් කරන්න මරු වෙබ් සයිට් එකක් තමයි. එකම අවුල, මෙයාලගෙ සයිට් එකේ තියෙන්නෙ කොළඹ පැත්තෙ කඩවල් විතරයි. ඒ වුනාට කෑම ඕඩර් කරන්න නම් හරිම ලේසියි. සයිට් එකට ගිහින් සර්ච් බාර් එකේ ටයිප් කරල ඔයාට ඕන කෑම කඩේ හොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙනු බලල කෑම ඕඩර් කරන්නත් පුළුවන්. කොහොම කෑම ඕඩර් කලත් ඩිලිවරි ගාස්තුව රු. 100ත් 200ත් අතර නිසා කිසි අවුලක් නෑ.‍

අපි දන්න කියන විදියට තියෙන්නෙ ඔය ඩිලිවරි සේවා ටික විතරක් වුනාට අළුතෙන් පටන් ගත්තු ඒවත් ඇති. ඔයාල දන්න ඒව තියෙනව නම් අපිටත් කියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide