රස්නෙයි නේ! බොමුද සීතල ජූස් වීදුරුවක්?; රු. 300ට අඩුවෙන් රස වෑහෙන ෆෘට් ජූස් බොන්න කියාපු කඩ 9ක්..

මේ දවස් වල තියෙන ග්‍රීස්මෙ නිසා දවල්ට එළියට බහින්නවත් හිත දෙන්නෙ නැහැ. ඇයි ඉතින් පාර තොටේ පැයක් දෙකක් ඇවිද්දොත් දාඩිය මුගුරු පිටින්නෙ බේරෙන්නෙ. හැබැයි ඉතින් එහෙමෙයි කියල රාජකාරි වැඩ නැත්නම් තමන්ගෙ වැඩ අත් ඇරල දාන්නත් බෑ.

සමහරු නම් ගිණි අව්වෙන් බේරෙන්න කුඩ පාවිච්චි කරනව. සමහරු පොඩි දුර යන්නත් වීල් එකකට නගිනව. ලොකු ලොකු වාහන තියන කට්ටිය නම් ඒ සී දාගෙන ඒවයෙ යනව කියමුකො. ඒත් අසරණ අපි, අව්වෙ පිච්චි පිච්චි කට්ට කාගෙන වැඩ කරන්න එහේ මෙහේ දුවනව.

එහෙම දුවල දුවල මහන්සි වුනාට පස්සෙ දාඩියෙන් තෙත් වුනු ඇඳුම් එක්ක ගහක් යටට හරි පොඩි කඩයක් ඇතුලට හරි යන්නෙ වෙන දෙයකට නෙවෙයිනෙ, වේලිලා ගියපු තොල කට තෙමා ගන්න. දිව ගිලෙන්න යන තරමෙ පිපාසයක් දැනෙද්දි කොහොම වාව ගන්නද?

ඔය වෙලාවට ඉතින් සීතල වතුර වීදුරුවකටත් වඩා වටින්නෙ සීතල ෆෘට් ජූස් වීදුරුවක් තමයි. මොකද ෆෘට් ජූස් වලට තිබහ නිවෙනව විතරක් නෙවෙයිනෙ ඇඟටත් ලොකු ගැම්මක් එනවනෙ. අන්න ඒ නිසයි අපි හිතුවෙ අතේ තියෙන ගාණ බලල ෆෘට් ජූස් බොන්න පුලුවන් කඩවල් ටිකක් ගැන අපේ යාළුවන්ට කියන්න. අඩුම තරමෙ අදින් පස්සෙ වත් හිතට පොඩි සැනසීමක් ලැබෙයිනෙ, අහවල් තැන මරු ෆෘට් ජූස් කඩයක් තියෙනව කියල මතක් වෙද්දි.

1. Juiceez

පැළවත්තෙ ජුසීස් එක ඇවිල්ල ෆෘට් ජූස් වලටම කියාපු තැනක්. අපේ ලිස්ට් එකේ පළවෙනි තැන ජුසීස් එකට දෙන්න හිතුවතේ ඒකමයි. රු. 200ත් 400ත් අතර වගේ ගණන් වලට හැදෙන මෙයාලගෙ ෆෘට් ජූස් වල කොලිටියත් සෑහෙන්න හොඳයි. සීනි අඩු වැඩි කරල වගේම නැතුව වුනත් ගන්න පුලුවන් ජූසීස් එකේ ජූස්, හැදෙන්නෙ සී අයි සී පළතුරු වතු වලින් නෙලා ගන්න අස්වැන්නෙන් නිසා බය වෙන්න දෙයකුත් නෑ. ලොකු වීදුරුවක් පිරෙන්න එන මේ ජූස් එකකින් බඩ වගේම හිතත් හොඳ හැටි පිරෙනව. අනික ස්වභාවික පළතුරු රසයත් එහෙම්මම තියෙනවනෙ.

2. Life Food

කොළඹ රේස් කෝස් කිට්ටුව රීඩ් ඇවිනියු එකේ තියෙන ලයිෆ් ෆුඩ් කඩෙත් ෆෘට් ජූස් බොන්න කියාපු තැනක්. කොටින්ම කියනව නම් මෙයාලගෙ කෑම ලයිෆ් ෆුඩ් කියල තියෙද්දි බීම තියෙන්නෙ ලයිෆ් ජූස් කියල. රු. 200, 300 අතර ගණන් වලට තියෙන මේ ජූස් වල රස නම් පංකාදු පහයි. අයිස් විතරක් දාලා හදන නිසා ඝන කමත් හොඳට තියෙනව. හැරත් ඔයාට ඕන පදමට සීනි දාගන්නත් පුලුවන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන ලයිෆ් ජූස් මෙනුවෙ තියෙන ජූස් අතරෙ ඇඟට පතට හොඳ ගැම්මක් එන බූස්ටර් ජූස් ජාතිත් තියෙන නිසා මහන්සි වුනු වෙලාවට නම් සෑහෙන්න වටිනව.

3. Milk & Honey Cafe

කුරුඳු වත්ත, හෝර්ටන් ප්ලේස් වල තියෙන මිල්ක් ඇන්ඩ් හනි කියන්නෙ හොඳ සුව පහසුවට ඉඳගෙන රස ෆෘට් ජූස් එකක් බොන්න පුලුවන් තැනක්. ගාණ නම් රු. 200ත් 400ත් අතර වෙනව. ඒ වුනාට මෙයාලගෙ ජූස් නැවුම්ම රසයෙන් මේසෙට එන නිසා හිතේ හැටියට බොන්න පුලුවන්. සීතල වගේම සීනිත් ගාණට. එකම අවුල තියෙන්නෙ ජූස් වර්ගීකරණය ටිකක් මදි එක තමයි. මොකද පළතුරු 8ක 10ක රස වලින් විතරයිනෙ මිල්ක් ඇන්ඩ් හනි එකේ ෆෘට් ජූස් ගන්න තියෙන්නෙ.

5. Sub Station

සබ් මැරීන්, බර්ගර් කන්න විතරක් නෙවෙයි රසම රස ෆෘට් ජූස් බොන්නත්, යන්න මොරටුව ගාලු පාරෙ සබ් ස්ටේෂන් එකට. ලොකු ගාණක් වෙන්නෙතත් නැති නිසා පොකට් එකටත් වාසියි(රු. 100-200). හැබැයි මෙයාල ජූස් හදද්දි නම් වතුර හරි අයිස් හරි ටිකක් වැඩි පුර දාන ගතියක් තියෙනව. එහෙම කිව්වෙ දැනෙන නොදැනෙන දියාරු ගතියක් සබ් ස්ටේෂන් එකේ ගොඩක් ජූස් වල දකින්න තියෙන නිසා. ඒ වුනාට මේ ජූස් වල තිබහ නිවෙන බඩ පිරෙන ගතියකුත් නැතුවම නෙවෙයි. හැබැයි පැණි රස නම් තව ටිකක් අඩු වෙන්න ඕන.

6. Fresheta

කිරුලපන, චිත්‍රා මාවතේ තියෙන ෆ්‍රෙෂෙටා එකේ ඇත්තටම තියෙන්නෙ ෆ්‍රෙෂ් පළතුරු. ඒ නිසා එයාල හදන ජූස් වල තියෙන්නෙත් නැවුම් පළතුරු රසය. අයිස් කැට දෙක තුනකින් පදමට ගැලපෙන සීතලක් එකතු කරල හදන ෆ්‍රෙෂෙටා එකේ ෆෘට් ජූස් වල රස දෙගුණ තෙගුණ වෙන්නෙ ඉදිච්ච පළතුරු විතරක් පාවිච්චි කරන නිසා වෙන්න ඕන. එහෙමයි කියල සීනි දාලා රස හදා ගන්න බැරි කමක් නෑ. වැදගත්ම කාරණය තමයි එච්චර නැවුම් පළතුරු ජූස් එකක මිල රු. 250ට අඩු එක.

7. Roots

කවුරුත් දන්න කියන කඩයක්නෙ. කොළඹ පුරාම වගේ දකින්න තියෙනව. ඇත්තටම රු. 200 ඉඳන් 500 වගේ වෙනකම් ගණන් වලට ගන්න තියෙන රූට්ස් එකේ ජූස් වල කියන්න තරම් අඩු පාඩුවක් නම් නෑ. මෙයාලත් පළතුරු බ්ලෙන්ඩ් කරද්දි අයිස් විතරයි දාන්නෙ. ඒ නිසා ජූස් සෑහෙන්න ඝන කමයි. සීනිත් ඔයාලට ඕන ගාණට දා ගන්න පුලුවන් නිසා හිතේ හැටියට රස බලන්නත් පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕන රූට්ස් මෙනුවෙත් ජූස් වර්ග තොගයක් තියෙනව. කැමති කට්ටියට කැමති කැමති රස වලින් කැමති කැමති දවස් වලට රස බලන්න බැරියැ නේ.

8. Sidarang Fresh Fruit Juice

සිදරං එක තියෙන්නෙ කොල්ලුපිටිය මයිකල් පාරෙ. අඩුම ගාණට හොඳටම තිබහ නිවා ගන්න කියාපු ජූස් කඩේ. මොකද මෙයාල ලඟ ඕනම ජූස් එකක් රු. 150ට අඩුයි. හැබැයි ඉතින් කූල් වතුර එහෙම නම් ටිකක් දානව. ඒ නිසා ජූස් වල ඝන කම ටිකක් අඩුයි. සිදරං එකේ ජූස් අතරින් නැගලම යන්නෙ සිදරං ජූස් එක තමයි. ඒ හැරුණාම මෙයාලගෙ අලි පේර, පැෂන් ෆෘට්, දිවුල් ජූස් එහමෙත් සෑහෙන්න හොඳයි. හැබැයි මතක තියා ගන්න, මේක සුව පහසුවට ඉඳගෙන ජූස් බොන්න නම් එච්චරටම ගැලපෙන තැනක් නෙවෙයි.

9. Jungle Juice

පැලවත්ත ඉසුරුපායෙ තියෙන ජන්ගල් ජූස් කියන්නෙ ඒ පැත්තතෙ තියෙන සුපිරිම ජූස් කඩ අතරින් එකක්. මම දැකපු ලොකුම ජූස් එකතුව තියෙන්නෙ මෙයාල ලඟ අනික හැම ජූස් එකක්ම රු. 200-500 අතර ගණන් නිසා පොකට් එකටත් ලොකු අවුලක් නෑ. ජන්ගල් ජූස් එකේ ෆෘට් ජූස් වල තියෙන විශේෂත්වය තමයි වතුර පොඩ්ඩක් වත් නොදා හදන එක. අයිස් කැට එකක් දෙකක් දාලා ෆ්‍රීසර් එකක විනාඩි 2,3ක් තියල තමයි මේසෙට එන්නෙ. අනික මෙයාලා සීනි දාන ප්‍රමාණයත් සුපිරි. හැමෝටම හරියන ගාණකට කොහොම දානවද මන්දා. ඔය කැමති කට්ටිය ඉන්නව නම් තිබහ නිවා ගන්න අතරට කන්න පට්ට රස සැන්ඩ්විච්, හොට් ඩෝග්ස් එහෙමත් ජන්ගල් ජූස් එකේ තියෙනව හොඳද.

අපි මේ කිව්වෙ හිතයි, බඩයි පිරෙන්නයි, තිබහ නිවෙන්නයි ජූස් බොන්න පුලුවන් කඩ ටිකක්නෙ. අනික මේ හැම එකක්ම වගේ කොළඹ කිට්ටුව පාත ඒව. ඒ නිසා ඔයාල නිතර දෙවේලෙ ගොඩ වෙන අනිත් ජූස් කඩ ගැන අපිට කියන එක නම් ඔයාලගෙ යුතුකම ඔන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide