මස් පුරවපු දිග බනිස්.. සබ්මැරීන්ස්! කටට රහට සබ්මැරීන් කන්න හොඳම කඩ 9.

ඉස්සර සබ්මැරීන් කියද්දි මතක් වෙන්නෙ යුද්ධය වුනාට දැන් නම් අපේ කට්ටියට මතක් වෙන්නෙ රස වෑහෙන කෑම වේලක්. එක එක රසට හදපු මස් සලාද, තට්ටු ගණනින් ඇතිරුණු දිග බනිස් ගෙඩිය, ඔව් ඒ සබ්මැරීන්.

ඇත්තටම සබ්මැරීන් කියන්නෙ අපූරු කෑමක්. බඩ වගේම හිත පුරවන්නත් සබ්මැරීන්වලට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්. අනික චිකන්, බීෆ්, පෝර්ක්, ටූනා, වෙජි රසවල් තොගයකින් එන නිසා ඕන කෙනෙක්ට, තමන් ආස විදියට තෝර ගෙන කන්න පුලුවන්. කොටින්ම කියනව නම් සබ්මැරීන් ඇවිල්ල ලොකු බඩ ගින්නට සුපර් කියන්න පුලුවන් කෑමක්.

සබ්වල රස වැඩි වෙන්නෙ මස් සලාද තට්ටුවට උඩින් චීස් පෙති අතුරල පොඩ්ඩක් රත් වෙන්න තියල ගත්තාම තමයි. මොකද චීස් ටික බාගෙට මෙලෙක් වුනාම පට්ට රසක්නෙ එන්නෙ. ඔය අතරට සෝස් ටිකක් ගෑවුනු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෑල්ලකුත් හැපුණාම! පංකාදු පහයි.

ඔන්න ඔය නිසයි අපි හිතුවෙ කටට රහට සබ්මැරීන් එකක් රස බලන්න පුලුවන් කඩ ටිකක් ගැන ඔයාලට කියන්න. මොකද අපි දන්නව ඔයාලත් ආසයි කියල, හිතේ හැටියට බඩ කට පිරෙන්න සබ් රස බලන්න.

1. Sugar Bistro & Wine Bar

කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තියෙන ක්‍රෙස්කැට් ෆුඩ් කෝර්ට් එක ගැන ඔයාලා දන්නව ඇතිනෙ. අන්න එතන තියෙනව රසම රස මීට් බෝල් සබ්මැරීන් එකක්. ගාණ නම් රු. 750ක් විතර වෙනව. ඒත් හෝම් මේඩ් කොලිටියට හදන නිසා තලු මර මර කන්න පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ සබ් එකට දාන මරියානා සෝස් නිසා රස දෙගුණ තෙගුණ වෙනව. ඒ විතරක් නෙවෙයි හොඳ සුවඳකුත් එනව. මෙලෙක් වුනු චීස් බේරි බේරි මේසෙට එන ක්‍රෙස්කැට් ෆුඩ් කෝර්ට් එකේ සබ් දැක්කාම කාටද නොකා ඉන්න පුලුවන්. දුම් දදා එන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වල සුවඳට බඩ ගින්න තවත් වැඩි වෙන එක තමයි ඉවසන්නම බැරි.

2. Dinemore

කවුරුත් හොඳට දන්න කියන, සබ්මැරීන්වලට නම් දරාපු තැනක්නෙ ඩයින්මෝර් එක. ඔන්න අපේ ලැයිස්තුවෙත් දෙවනියට ඉන්නව. වෙන දෙයක් නිසා නෙවෙයි මෙයාලා ලඟ රස ජාති ගොඩකින් එන සබ් තියෙන නිසා. අනිත් කාරණය තමයි ඔරිජිනල්ම රසට එන සබ් තියෙන්නෙත් මෙයාල ලඟ විතරයි. කොහොම වුනත් ඩයින්මෝර් එකේ ස්පයිසි චිකන් සබ් එක තමයි නැගලම යන්නෙ. රතු පාට චිකන් තට්ටුවට උඩින් වැටුණු මෙලෙක් චීස් තට්ටුව දැක්කත් කටට කෙල උනන ගාණයි. ඒ හැරුණාම මෙයාලගෙ බීෆ් සබ් එකත් සෑහෙන්න රසයි. ගම්මිරිස්වලින් සැර පදම හදපු බීෆ් සබ් එකෙත් රස ඩබල් වෙන්නෙ නම් චීස්වලින්. ඇත්තටම රු. 300ත් 400ත් අතර ගණන්වලට මේසෙට එන ඩයින්මෝර් සබ්වලට ගහන්න නම් තවමත් සබ් එකක් ඇවිත් නැති පාටක් තමයි තියෙන්නෙ.

3. Paan Paan

මුලු මනින්ම ලංකාවෙ අපිට හරියන රසක් තිබුණෙ නැති වුනාට පාන් පාන් එකේ සබ්මැරීනුත් කට්ටිය අතරෙ සෑහෙන්න ප්‍රසිද්ධයි. අවුල තියෙන්නෙ මෙයාලගෙ සබ්වල සැර ගතියක් නම් ඇත්තෙම නැති එක තමයි. මොකද කියන්න නම් දන්නෙ නෑ. සමහර විට මෙයාලා පාවිච්චි කරන්නෙ අමු මිරිසුයි ගම් මිරිසුයි විතරක් නිසා වෙන්න ඇති. හැබැයි චීස්වලින් නම් අඩුවක් නෑ. අනික පිපිඤ්ඤා, සලාද කොළ, තක්කාලි වගේ එළවලුත් මදි නොකියන්න එකතු කරනවනෙ. කොහොම වුනත් පාන් පාන් සැන්ඩ්විචුත් රු. 400, 500 අතරෙ ගණන්වලට තමයි යන්නෙ. සැරට අකමැති කිරට කැමති අයට සබ් කනව නම් ඔන්න තැන.  

4. Leesh

නුගේගොඩ හයිලෙවල් එකේ ලීෂ් අවන්හල ඇවිල්ල ගොඩ දෙනෙක් දන්න කියන බර්ගර් කඩයක්. හැබැයි මෙයාල ලඟ පට්ට රස සබ්මැරීනුත් තියෙනව. ලීෂ් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට ඕන විදියට සැර අඩු වැඩි කරල චීස් රස වෙනස් කරල අපේ කෑම එක හදා ගන්න පුලුවන් එක. පොඩි අවුලකට තියෙන්නෙ මෙයාලගෙ සබ්වලත් සැර ගතිය පොඩ්ඩක් අඩු එක තමයි. ඒත් උණු උණුවෙ මේසෙට එන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෑල්ලක් චිලී සෝස් එක්ක කටට දාගත්තම ඒ අවුලත් හරි. මෙයාලගෙ ටෙරියාකි චිකන් සබ් එක තමයි අපිට හරියනම රහට තියෙන්නෙ. ටූනා සබ් එකත් නරකම නෑ. කොහොම වුනත් රු. 400ට 500ට පාඩු නම් නෑ.

5. Sub Station

රස වෑහෙන චිකන් බේකන් සබ් එකක් කනව නම් මෙන්න තැන, මොරටුව ගාලු පාරෙ සබ් ස්ටේෂන් එක. මෙයල ලඟ බර්ගර් එහෙමත් තියෙනව. ඒත් පංකාදු පහට හැදෙන්නෙ සබ්මැරීන් තමයි. ස්පයිසි චිකන්, රෝස්ට් චිකන්, ක්‍රිස්පි චිකන් වගේ රසවලින් මේසෙට එන සබ් ස්ටේෂන් එකේ සබ් මැරීන්වල මැද්ද පිරෙන්නෙ බේකන් පෙති 5,6කිනුයි නිසයි සලාද කොළ, තක්කාලි පෙති, පිපිඤ්ඤා පෙති ටිකකිනුයි තමයි. ඊට උඩින් චීස් පෙති 3,4කුත් වැටිලා ආවාම බඩ පැලනේන කත හැකි. හැබැයි ඉතින් මෙයාලගෙ සබ්වලත් සැර ගතිය නම් අඩුයි. ඒත් හොඳ ලොකුවට තියෙන නිසා රු. 300ට 400ට පාඩු නෑ.

6. Burger King

කට්ටිය හොඳට දන්න කියන තැනක්. හැබැයි මට නම් මෙයාලගෙ සබ්වල රස එච්චරටම හරියන්නෙ නෑ. මොකද චීස් රස විතරයිනෙ. මිරිස් රසක් බෙහෙතකට හොයා ගන්න නෑ. අනික ගාණෙ හැටියට ගොඩක්ම වාසියි කියන්නත් බෑ. මොකද රු. 400ක් 500ක් වෙනවනෙ. මෙයාලගෙ ස්පයිසි චිකන්, ක්‍රිස්පි චිකන් සබ් හැරුණාම අනිත් සබ් නම් සුද්දන්ට තමයි හරියන්නෙ. පොඩි ළමයින්ටත් නරකම නෑ. හැබැයි මම එහෙම කිව්වට අසාමාන්‍ය විදියට චීස් රසට ආස කරන අයට නම් බර්ගර් කිංග් එකේ සබ් රන් මසුරන් වගේ.

7. Burgers Hut

දෙහිවල ඇලන් ඇවිනියු එකේ තියෙන බර්ගර්ස් හට් එකත් සබ්මැරීන් රස බලන්න කියාපු තැන. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ සබ් මේසෙට එන්නෙම උණු උණුවෙන් නිසා ලොකු බඩ ගින්නක ගියොත් නම් සබ් එක හමාරකට වුනත් වග කියන්න බැරි කමක් නෑ. අනික අපිට ඕන විදියට සැර, චීස් රස අඩු වැඩි කරල හදා ගන්නත් පුලුවන් නිසා පවුලේ කට්ටියක් වුනත් එක්කන් යන්න පුලුවන්. මෙයාලගෙ ක්‍රිස්පි චිකන් සබ් එකයි, ස්පයිසි චිකන් සබ් එකයි තමයි රසයෙන් අනූන. ස්පියිස් චිකන් එකේ ඇත්තටම හොඳ සැර ගතියකුත් තියෙනව. ක්‍රිස්පි චිකන් එකත් උණු උණුවෙ කරස් ගාලා හැපෙද්දි, කටට කෙල උනන සුවඳක් එන්නෙ. ලොකු ගාණක් වෙන්නෙත් නෑ, උපරිම වුනොත් රු. 400ක් වෙයි.

8. Burger’s King

මෙන්න කඩේ, තඩි මස් පෙති තොගයක් එක්ක ඇති පදමට චීස් දාගෙන හිත පිරෙන්න සබ්මැරීන් කන්න. බර්ගර්ස් කිංග් එක තියෙන්නෙ කොම්පඤ්ඤ වීදිය පැත්තෙ. කොටින්ම කියනව නම් මෙයාලගෙ සබ්මැරීන් ලංකාවෙ අපිටම හරියන විදියට තමයි හැදෙන්නෙ. සැර ගතියත් ඇති පදමට තියෙනව. චීසුත් දෙපැත්තෙන් බේරෙන ගාණයි. එතකොට මස්වල රසත් නියමෙට තියෙනව. ගැඹුරු තෙලේ හොඳ පදමට බැදුණු මස් පෙතිවලින් එන්නෙ පට්ට සුවඳක්. ඔය අතරට සෝස් ගෑවුණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෑල්ලකුත් හැපුණාම තමයි ගතිය තියෙන්නෙ. චිකන්, බීෆ් රසවලින් මේසෙට එන බර්ගර්ස් කිංග් එකේ සබ්වල ගාණත් රු. 300ක් 400ක් වගේ වෙන නිසා පොකට් එකටත් ලොකු ගාණක් නෑ.

9. Subway

කට්ටියකට ඉතා හොඳ තවත් කට්ටියකට සෙට් වෙන්නෙම නැති කඩයක් තමයි සබ් වේ කියන්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි මෙයාලගෙ සබ්වල රස ලංකාවෙ අපිට එච්චරටම හරියන්නෙ නැති නිසා. මොකද සබ් වේ එකේ හැදෙන සබ්මැරීන්වල වැඩි හරියක්ම තියෙන්නෙ චීසුයි එළවලුයි විතරයිනෙ. ඒවත් ඔලිව්, ග්‍රීන් පෙපර්, පිපිඤ්ඤා, ලූණු, සලාද කොළ වගේ එළවලු. පදමට ලුණු ඇඹුල්, ගම්මිරිස් දාන්නෙත් නැති නිසා රසත් එච්චරටම හරි නෑ. චීස් නම් ඇති වෙන්න දානව. ඒත් මස්වලයි බේකන්වලයි රසත් මදියි. සමහර විට ඒව පදම් වෙලා මදි ඇති. කොහොම වුනත් රු. 400ට 500ට මේසෙට එන සබ් වේ එකේ සබ්මැරීන්වල නම් ලොකු වාසියක් නෑ.

ඔය හැරුණාම ලංකාවෙ අපිට හරියන විදියට කටට සැරට හැදෙන සුපිරි සබ් එකක් කන්න ඕන නම් පිටකෝට්ටෙ මිස්ටර් බර්ගර් එකට යන්න. රු. 300කින් 400කින් බඩ වගේම හිතත් පුරව ගන්න පුලුවන්. කොහොම වුනත් අපි නොදන්න ඔයාලා දන්න සුපිරිම සබ්මැරීන් කඩ තියෙනව නම් ඒවත් කමෙන්ට් කරන්න. මොකද අපිත් ආසයි කටට රහට සබ් එකක් රස බලන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide