රෝස පාටට ආස කට්ටියට ‘ෆලූඩා’! රු. 200ට අඩුවෙන් බොන්න කියාපු කඩ 8ක්.

ඔරිජිනල් කිරි රසට වෙනසක්. බඩ විතරක් නෙවෙයි හිතත් පිරෙන්න බොන්න පුළුවන් බීමක්. පාට, රසය හරි හරියට ගැලපිලා හැදෙන 'ෆලූඩා'. ලොකු අයිස් ක්‍රීම් බෝලයක් උඩින් දාලා, රස පදම නියමෙට ගැලපෙන්න ෆලූඩා සිරප් දාලා, එතකොට කස කසා, ඔව් මදි නොකියන්න කස කසාත් දාලා මේසෙට එන මේ ෆලූඩා පට්ට රසයි.

ආස හිතුණනේ. අන්න ඒකනෙ කියන්නෙ. එහෙනම් බල බල ඉන්නෙ නැතුව දැන්ම යන්න හොඳ ෆලූඩා එකක් රස බලන්න. තැන් ටික අපි කියන්නම්. හැබැයි ඒ අතරට තවත් තැන් ටිකක් එකතු කරන එක ඔයාලගෙ යුතුකම.

1. Faluda House

වැල්ලවත්තෙ පාළම ලඟ තියෙන්නෙ එසේ මෙසේ ෆලූඩා කඩයක් නෙවෙයි. ෆලූඩා ගෙදරක්. රු. 140ක් වගේ ගාණකට කොළඹ පැත්තෙ ගන්න තියෙන සුපිරිම ෆලූඩා එක කිව්වත් වැරුද්දක් නෑ. මොකද මෙයාලගෙ ෆලූඩා වලට අඩුත් නැති වැඩිත් නැති ගාණට තමයි සිරප් එකතු වෙන්නෙ. හැබැයි අයිස් ක්‍රීම් නම් මදි නොකියන්න ලැබෙනව. ෆලූඩා උගුරක් රස බලද්දි අතරින් පතර හැපෙන කසා කසා ඇට වලිනුත් එන්නෙ අමුතුම හැඟීමක්. කොටින්ම කියනව නම් බීගෙන බීගෙන යන්න හිතෙන ගාණයි. ඒත් හෙමිහිට බිව්වොත් තමයි හොඳ. එතකොටනෙ රස.

2. Panaash

හැව්ලොක් සිටි ඉස්සරහ තියෙන පනාෂ් එකේ ෆලූඩා එකත් නියමයි. හැබැයි රු. 200ක් විතර වෙනව. විශේෂයෙන් කියන්න ඕන ෆලූඩා හවුස් එකේ ෆලූඩා එකට වැඩිය මෙයාලගෙ ෆලූඩා එකේ සිරප් රස ටිකක් වැඩියි. පොඩි ළමයින්ට නම් නියම ගාණ. අයිස් ක්‍රීම්, කස කසා වලින් එන රස, හොඳ පදමට තිබුණට කිරි රසත් පොඩ්ඩක් වැඩි ගතියක් තිබුණා. කොහොම වුනත් පනාෂ් එකේ ෆලූඩා එකත් තොල කට ලෙව කකා රස බලන්න පුළුවන් සුපිරි ෆලූඩා එකක් කියන එකේ නම් සැකයක් නෑ.

3. Rich Bombay Sweets

ටිකක් වෙනස්. හැබැයි රසයි. වෙනස තමයි අයිස් ක්‍රීම් අඩු එක. දෙහිවල රිච් බොම්බෙ ස්වීට් එකේ ෆලූඩා වලට අයිස් ක්‍රීම් දාන්නෙ සෑහෙන්න අඩුවෙන්. හැබැයි රසම රස ජෙලි කෑලි ටිකක් නම් දානව. අයිස් ක්‍රීම් අඩුව දැනෙන්නෙ නැති ගාණට කිරි රස තියෙන නිසා ලොකු අවුලක් නෑ. අනික සිරප් රසත්, කස කසාත් පදමට තියෙනවනෙ. රු. 140ක් වගේ අඩු ගාණකට මෙච්චර රස ෆලූඩා එකක් නම් රස බලන්න ලැබෙයි කියල හිතන්න බෑ.

4. Bombay Sweet Mart

රිච් කට්ටියගෙ එහෙම වුනාට වැල්ලවත්ත ගාලු පාරෙ බොම්බෙ ස්වීට් මාර්ට් එකේ එහෙම නෑ. ෆලූඩා එකට අයිස් ක්‍රීමුත් දාලා තව ජෙලි කෑලිත් මදි නොකියන්න දානව. සිරප් රසත් මරු ගාණට. වැඩේ කියන්නෙ මෙයාලගෙ ෆලූඩා එකකුත් රු. 130යිනෙ වෙන්නෙ.

5. Hamra Bombay Sweet

ස්වීට් මාර්ට් එකට දෙවනි නැති තවත් කඩයක් තියෙනව දෙහිවල, හම්රා බොම්බෙ ස්වීට් කියල. මෙයාල ලඟත් තියෙන්නෙ ලොකු අයිස් ක්‍රීම් බෝලයකුයි පාට පාට ජෙලි කෑලි තොගයකුයි දාපු සුපිරි ෆලූඩා එකක්. සිරප් රස වගේම කිරි රසත් මදි නොකියන්න තියෙනව. යටටම දාන සිරප් තට්ටුවත් ෆලූඩා එකේ අන්තිම හරියට ගේන්නෙ මාරම ගතියක්. ගාණත් රු. 120ක් වගේ නිසා හිතේ සතුටින් බොන්න පුළුවන්.

6. Hotel Bankshall

ටිකක් හොඳයි. ඒත් මොකක්දෝ අඩුවක් තියෙනව. රු. 150කටත් අඩු ගාණකට මේසෙට එන පිටකොටුව බැන්ක්ෂෙල් හෝටලයෙ ෆලූඩා වල කිරි රස මදියි කියල තමයි මට නම් හිතෙන්නෙ. හැබැයි සිරප් රස නම් නියම ගාණට. කස කසා, අයිස් ක්‍රීමුත් අඩු නැතිව තියෙනව.

7. Wonder Land

කොළඹින් පොඩ්ඩක් එළියට ඇවිත් එන්නකො මාලඹේ පැත්තට. රාහුල ඉස්කෝලෙ ඉස්සරහට වෙන්න තියෙනව සුපිරි ස්වීට් කඩයක්, වොන්ඩර්ලෑන්ඩ් කියල. අයිස් ක්‍රීම් වලට තමයි ප්‍රසිද්ධ. ඒ වුනාට මෙයාලගෙ ෆලූඩත් හරිම රසයි. හැම දේම නියම ගාණට. රු. 200ක් වගේ වුනාට ලොකු වීදුරුවක් පුරවල එන නිසා පොඩ්ඩො එහෙම හරි ආසාවෙන් ‍තමයි බොන්නෙ. ලොකු අයිස් ක්‍රීම් බෝලයකුත් උඩින්ම තියෙනවනෙ. සිරප් රස පොඩ්ඩක් විතර වැඩි කරල තියෙන්නෙ පොඩ්ඩන්ට හරියන්න වෙන්න ඕන. එහෙමයි කියල අපිට නොබී ඉන්න බෑනෙ. ඒ නිසා අදම ගියත් කමක් නෑ.

8. Sri Vihar

අපේ අම්මල තාත්තල නම් දන්නෙ ශාන්ති විහාර් කිව්වාම. ඒත් මේකෙ නම මෑතකදි වෙනස් කලා ශ්‍රී විහාර් කියල. අවුරුදු 30,40ක ඉතිහාසයක් තියෙන පට්ට තෝසෙ කඩයක්. තියෙන්නෙ තුම්මුල්ලෙ. මෙයාලගෙ ෆලූඩා වල, රස විතරක් නෙවෙයි ලස්සනත් හොඳ හැටි තියෙනව. ලොකු අයිස් ක්‍රීම් බෝලෙ උඩට වැටුනු පාට පාට ජෙලි කෑලි වලින් එන්නෙ මාරම ගතියක්. සිරප් රසත් නියම ගාණට. ඊටත් එහා ගියපු කිරි රස නිසා තමයි ෆලූඩා එක නැගලම යන්නෙ. හැබැයි ඉතින් ගාණ නම් රු. 190ක් විතර වෙනව.

කොහොම වුනත් ෆලූඩා කියන්නෙ සුපිරි බීමක්. තිබහට නම් කියාපු බෙහෙත. ඇයි අයිස් ක්‍රීම් තලියකුත් තියෙනවනෙ. ඒ වුනාට හරි හමන් කඩයකින් ෆලූඩා නොබිව්වොත් නම් ආයෙ ජීවිතේට ෆලූඩා බොන එකක් නෑ. අන්න ඒ නිසා අපි කියපු කඩවල් වල වැරදි අඩු පාඩු තියෙනව නම් කියන්න ඕන හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide