ලංකාවේ ලස්සන ම කවර් සින්දු – II.

මේ දවස්වල සංගීත කණ්ඩායම් බිහිවෙන්නේ හතු පිපෙනවා වගේ. සමහර සිංදු නම් ඒ ලෝකෙටත් නෑ, මේ ලෝකෙටත් නෑ. හරියට නිකන් සද්දබද්දයි, කටට එන වචන ටිකකුයි එකතු කරලා හදන කලවම් අච්චාරුවක් වගේ. හැබැයි කට්ටියක් ඉන්නවා ඇත්තට ම හැකියාව තියෙන, සංගීතය වෙනුවෙන් දෙයක් කරන්න බලාගෙන මේ ක්ෂේත්‍රයට එන අය.

විශේෂයෙන් ම ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ සිංදු, ඒවායේ මුල් ගායනවලට හානි වෙන්නේ නැති විදියට කවර් සිංදු බවට පත්කරන තරුණ පරම්පරාවකුත් අද සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා. අන්න ඒ වගේ  කීපදෙනෙක් ගැන අපි පහුගිය දවසකත් කතා කළා ඔයාලට මතක ඇති. මේ තියෙන්නේ ඒකෙ දෙවැනි කොටස.

1. සරාගයේ

ගිටාර් එකක් වාදනය කරන ගමන් සින්දු කියන ස්ටෙෆනි සන්සෝනිගේ රුව, දවසක් ගානේ මූණු පොතේ සැරිසරන අයට නම් නුහුරු දෙයක් නෙවෙයි. ඇය තමන් උපතින් ගෙනාව ගායන හැකියාව තමන් විසින් ම ඔප්නංවගත්ත කෙනෙක්. අපට දැනගන්න ලැබුණු විදියට ගිටාර් එක වාදනය කරන්නත් එයා පුරුදු වෙලා තියෙන්නේ තනියමමයි. මුලින් ම යූ ටියුබ් එකට දාලා තියෙන්නේ එඩ් ශීරාන්ගේ “Thinking out loud”. ඒ 2014 අවුරුද්දේ. ඒ විදියට පටන්ගත්ත ස්ටෙෆනිගේ යූ ටියුබ් චැනල් එක මේ වෙද්දී 10000කට අධික ප්‍රමාණයක් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා.

ස්ටෙෆනි මෑතකදී කියපු සිංහල සින්දුවක් තමයි මේක. මේක මුල් ගායනය කළේ සනුක වික්‍රමසිංහයි.

2. මට රවනා

ප්‍රතාප් ඊශ් කියන්නේ සිංහල, ඉංග්‍රීසි, හින්දි භාෂා තුනේ ම ගීත කවර් කරන කෙනෙක්. ගිටාරය වාදනය කරන්න වගේ ම, පියානෝවෙන් කරපු සිංදු කවර් කීපයක් එයාගේ දක්ෂතා ගොන්න ඇතුළේ තියෙනවා. ලහිරු පෙරේරා මුල් ගායනා කරපු මේ ගීතයත් එයින් එකක්. ප්‍රතාප් ඒක කොයි තරම් ලස්සනට ගායනා කළාද කිව්වොත්, ලහිරු පෙරේරා තමන්ගේ ෆේස්බුක් පිටුවේ ඒ ගැන සඳහනක් කරලා තිබුණා. ඔයාලත් එහෙනම් අහලා බලන්නකෝ.

3. මතුදාක + හතර කේන්දරේ

දැන් අවුරුද්දකට වගේ උඩදී අහන්න ලැබුණු, “ඉකි ගසනා” සහ “සුන් රහා” ගීත දෙක එක්කාසු කරලා හදපු මේ මෑෂ් අප් එක මතකයිද? මේක ගායනා කරන දිල්ෂාන් උමයංගගේ අලුත් ම කවර් සිංදුවත් හරි ම ලස්සනයි. ශිහාන් මිහිරංගගේ “හතර කේන්දරේ", සහ ජලින්ද කරුණාරත්නගේ “මතුදාක කාසි" කියන ගීත දෙක තමයි මේ මෑෂ් අප් එකේ එකතු වෙලා තියෙන්නේ.

දිල්ෂාන් සිංදු කවර්වල තියෙන වීඩියෝවලත් තියෙන්නේ අමුතු ගතියක්. ඒ විතරක් නෙවෙයි, එයා බටනලා වාදනයට උපන් හපනෙක්.

4. The Noise Project

සංගීතය කියන්නේ සංගීත භාණ්ඩවලින් විතරක් හෝ කටහඬින් විතරක් හැදෙන දෙයක් නොවෙන බව කියා පාන්න, The Noise Project එකේ කට්ටිය හදලා තියෙන කවර් මෑෂ් අප් ටික ම ඇති. මෙයාලා හදලා තියෙන මෑෂ් අප්වලට සංගීතය සැපයෙන්නේ සංගීත භාණ්ඩවලින් විතරක් ම නෙවෙයි. අපි එදිනෙදා පරිසරයේ අහන, ඇහෙන සද්දබද්ද මේවායේදී පාවිච්චි වෙලා තියෙනවා. පොල්කටු දෙකක් එකට වදින සද්දේ, හිස් බීම බෝතලයකට කාසියකින් ගහනකොට එන සද්දේ, බෙලෙක් කෝප්පෙට හැන්දක් වැදෙනකොට එන සද්දේ වගේ දේවල් මෙයාලගේ පසුබිම් සංගීතයෙන් අහන්න ලැබෙනවා.

5. Thinking out loud

අමුතුවෙන් කියන්න දෙයක් නෑ, මේ සිංදුව ඇහුව ගමන් තේරෙනවනේ ගැම්ම! ලංකාවේ කොල්ලෝ ටිකක් එක්කාසු වෙලා කරන තවත් සුපිරි වැඩක් තමයි මේ. Magic Box Mixup කියන්නේ මේ සෙට් එකේ නම. දැනට මේ කාණ්ඩෙ කරලා තියෙන්නේ ඉංග්‍රීසි සිංදුවල කවර් විතරයි. හැබැයි දුර ගමනක් යන්න පුළුවන් වග ඒ කීපයෙන් ම පේන්න තියෙනවා.

6. Pehla Nasha

මේ කවර් සිංදු හදන ගමන්, තමන්ගේ ම කියලා නිර්මාණ කරන තවත් කෙනෙක්. මෙයාගේ නම රිද්ම වීරවර්ධන. හරි අපූරු හින්දි කවර් සිංදු කීපයක් ම මෙයා කරලා තියෙනවා. Pehla Nasha එයින් එකක් විතරයි. පොඩ්ඩක් එයාගේ යූ ටියුබ් චැනල් එකට ගිහින් බලන්නකෝ. තව තියෙනවා නියම සිංදු තොගයක් ම.

7. Samjawan + Love me like you do

ජනප්‍රිය හින්දි සහ ඉංග්‍රීසි සින්දු දෙකක ලස්සන මෑෂ් අප් එකක් මේ විදියට ඉදිරිපත් කළේ ධනිත් ශ්‍රී සමඟ කාවින්ද්‍යා අධිකාරි. මේ හැරුණා ම ධනිත් කරපු හොඳ ඔරිජිනල් සින්දු කීපයකුත් තියෙනවා.

8. අප හමුවීම වෙන්වීමදෝ ආදරේ

නාමල් උඩුගම මහත්මයා දශක ගණනාවකට කලින් ගායනා කරපු මේ ගීතයට අලුත් මතකයක් දෙන්න දුලාජ් ධනුෂ්කගේ කවර් සිංදුවට පුළුවන් වුණා. මේ හැරුණා ම, දුලාජ් තමන්ගේ ම කියලා කරපු නිර්මාණ කීපයකුත් තියෙනවා.

9. රන් මීවිත පුරවා + පෙම් අප්සරාවෝ

නදීමාල් පෙරේරාගේ හඬ අපට හොඳට ම මතක හිටියේ එයා සජිත අනුත්තරත් එක්ක කරපු මෑෂ් අප් එකත් එක්ක කිව්වොත්, මං වඩාත් නිවැරදියි. ප්‍රසිද්ධ ගායකයන් කීපදෙනෙක්ගේ ම සිංදු මේකේ අඩංගු වුණා. දිල්මින් පෙරේරාත් මේ වැඩේට එකතු කරගත්ත ඔහු, මේ මෑෂ් අප් කළේ දැන් මාස හත අටකට කලින්.

10. මලක් වුණේ ඇයි නුඹ මට

අමරසිරි පීරිස් මහත්මයා මුල් ගායනා කරපු මේ ගීතයට කවර් සිංදුවක් හැදුණේ රුශේන් ප්‍රනාන්දු අතින්. මීට කලින් එයා කරපු “ඔබ ගාව මම ඉන්නෙමි” ගීතයේ කවරයත් සෑහෙන්න ජනප්‍රිය වුණා.

අපට මග හැරුණු තවත් ලංකාවේ ලස්සන කවර් සිංදු තියෙනවද? එහෙනම් ඒවා කමෙන්ට් එකක දාන්නකෝ. ආයේ දවසක ඒ අය ගැනත් කතා කරන්න බැරියැ.

***තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් රනුර පෙරේරාට අපේ විශේෂ ස්තූතිය හිමිවෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide