අප්‍රමාණ රංගවේදියෙකුගේ සයවන ගුණ සමරුව; ජෝ අබේවික්‍රම මතක ආවර්ජනය.

ශ්‍රී ලංකාව වගේ පුංචි රටක උප්පතිය ලබලා, තමන්ගේ හැකියාවෙන් කලා ලෝකය හැඩ කරලා, තමන් ඉපදුණු රටේ නම ලෝකයට ම ගෙනියන්න සමත් වුණු යුග පුරුෂයෝ රාශියක් ඉන්නවා. ඒත් එයින් සමහරක් ගැන අපට දැන් තියෙන්නේ මතක ගොන්නක් විතරයි. හැබැයි ඔවුන් තිළිණ කරපු කලා නිර්මාණ එදා අද විතරක් නෙවෙයි, හෙටටත් අගය කරන්න පුළුවන්.

දශක පහකටත් වැඩි කාලයක් ලාංකේය රිදී තිරය තමන් සතු විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් වර්ණවත් කරපු ජෝ අබේවික්‍රමයන් එවන් කෙනෙක්. මීට අවුරුදු 6කට කලින්, සැප්තැම්බරයේ අද වගේ දවසක අපෙන් සමුගත්ත ඔහු, ලංකාවේ සිනමාව වෙනුවෙන් කරපු මෙහෙය අනන්තයි, අප්‍රමාණයි. රංගධරයෙක් විදියට ඔහු කළ ඒ මෙහෙවර ගැන මේ වගේ සටහනක් තියන්න අපි හිතුවේ ඒකයි.  

ලෙල්ලොපිටිය ගම්මානයේ උපන් ජෝන්

ගම්මාන පටබැඳිගේ දොන් ජෝන්; මේ 1927 ජුනි 13 වැනිදා රත්නපුර ලෙල්ලොපිටිය නම් ගමේ ඉපදුණු ඔහුට උපතේදී ලැබුණු නම. ඔහු රංගනයෙන් දායක වුණු සීයකට අධික චිත්‍රපට ගොන්නේ හැම චරිතයකින් ම පිටිසර ගැමියෙකුගේ තියෙන ගැමිකම, අව්‍යාජ බව හොඳින් ම පෙන්නුම් වුණෙත් ඔහුගේ උපන් ගම සහ ඒ සබැඳි මතක නිසයි.

රංගනයට එන්න ඔහු පාරවල් හෙවීම පටන්ගත්තේ යන්තම් ගැටවර වියට එද්දීමයි. ඔහු එතකොට දිප්පිටිගල මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබමින් හිටියා. ගමේ මිතුරන් එක්ක නාඩගම් නටන්න, කවි ගී ගයන්නත් ඔහු ඉදිරිපත් වුණා. පසුකාලීන ව රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වෙද්දීත්, නළුවෙකු වීමේ හීනය ඔහුගෙන් ඈත් වෙලා තිබුණේ නැහැ. තරුණ ජෝ රස්සාවක් හොයාගෙන කොළඹට පය තබන්නේ ඒ නිසයි.

කොළඹ ගමන

ඒ දවස්වල  කිරිබත්ගොඩ තිබුණා නව ජීවන චිත්‍රාගාරය කියලා එකක්. මේක සිරිසේන විමලවීර මාස්‌ටර්ට අයිති චිත්‍රාගාරයක්. කොළඹට ආව ජෝ ට, මෙතැන සහායකයෙක් විදියට රැකියාවක් හොයාගන්න පුළුවන් වුණා. රංගනයට දක්වපු ආසාව තවතවත් වැඩි වෙන්න විතරක් නෙවෙයි, කොහොමින් කොහොමහරි ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නත් ඔහුගේ මේ කොළඹ ගමන හේතු වුණා.

සිනමා ජීවිතය

ඒ කාලේ ඉඳපු ටවර් හෝල් නළුවකු වුණු එඩී ජූනියර්, දවසක් මේ තරුණ ජෝ ව එක්කරගෙන මූනාස්‌ නම් ව්‍යාපාරිකයකු මුණගැහෙන්න ගියා. මූනාස් ඒ වෙද්දී මදුරාසියේ තිරගත වෙන්න නියමිත “දේවසුන්දරී” චිත්‍රපටයට නළු නිළියන් හොයමින් තමයි හිටියේ.  

ජෝ ගේ කතාබහ, හැසිරීම ඇතුළේ හැංගිලා තිබුණු රංගන දක්ෂතාවය හඳුනාගන්න පුළුවන් වුණේ ඔහුටයි. දේවසුන්දරී චිත්‍රපටය ජෝ ගේ පළමුවෙනි සිනමා රංගනය බවට පත්වුණේ ඒ විදියට. ඔහුට එහිදී ෆ්ලෝරීඩා ජයලත් නම් රංගන ශිල්පිනියවත් හඳුනාගන්න ලැබුණා. ඒ හඳුනාගැනීම නිසා ඔහුට “සරදම” නම් සිනමාපටයේත් විකට චරිතයකට පණ පොවන්න පුළුවන් වුණා. මේ චරිත දෙක ම සාර්ථක වුණේ ජෝගේ නම තුඩ තුඩ රන්ඳවමින්. ජෝන් අබේවික්‍රම, ජෝ අබේවික්‍රම බවට හැරවුණෙත් මේ කාලෙදීමයි.

දිගින් දිගට ම ලැබුණු චිත්‍රපට ආරාධනා අතරින්, ඔහු රඟපෑව “අල්ලපු ගෙදර” සිනමාපටයට විශේෂ තැනක්  ලැබෙනවා. මොකද මේ වෙද්දී ජෝ අබේවික්‍රම මහත්මයා නිරූපණය කරපු හැම චරිතයක් ම විකට රංගනයන් ඇතුළත් වුණු ඒවා. ඒත් සාම්ප්‍රදායික විකට නළුවෙකුගේ තත්ත්වයට නොයා, උසස් මට්ටමෙන් ඒ හාස්‍යජනක චරිතවලට පණ දෙන්න ඔහුට තියෙන හැකියාව හොඳින් ම පෙනුණේ මේ අල්ලපු ගෙදර චිත්‍රපටයෙන්. මේක “අඩීතු වීටු පෙන්” කියන දකුණු ඉන්දියානු සිනමාපටයේ කොපියක් වුණත්, අපට ආවේණික ගතියක් පෙන්වන්න ඔහුට පුළුවන් වුණා. 60 දශකයේ ආව චිත්‍රපට අතරින් සෑහෙන්න ජනප්‍රියත්වයක් ලබන්න මේ සිනමාපටයට පුළුවන් වුණේ ඒ නිසයි.

කොළඹ සන්නිය, දීපශිකා, අටවැනි පුදුමය වගේ චිත්‍රපට බොහොමයකින් ඔහුගේ විකට චරිත රංගනයන් අපට දැකගන්න ලැබුණා. හැබැයි පරිපූර්ණ නළුවෙක් විදියට ඔහුගේ හැකියාව රසිකයන්ට දකින්න ලැබුණේ “වැලිකතර” චිත්‍රපටයෙන්. හාරලක්ෂය, තුංමංහංදිය, දෑස නිසා, කළු දිය දහර, සිරිබෝ අයියා, සුද්දිලාගේ කතාව, බඹරු ඇවිත්, විරාගය, සිරිපාල හා රන්මැණිකා, පුරහඳ කළුවර, අස්‌වැසුම වගේ සිනමාපටවලින් පවා ඊට නොදෙවෙනි රංගනයක් අපට දැකගන්න ලැබුණා. එදිනෙදා ජීවිතයේදී ඔහුට මුණගැහුණු විශේෂ පුද්ගලයන්, තමන්ගේ චරිතවලට ගළපන්න ඔහුට තිබූ දක්ෂතාවය මේ හැම චිත්‍රපටයක ම ජනප්‍රියත්වයට හේතු වුණා.

අප්‍රමාණ රංගවේදියෙකුගේ නික්ම යෑම

Image Credits : Dayan Witharana 
හොලිවුඩ්, බොලිවුඩ් බැරි නම්, ලංකාවේ පරණ රංගන ශිල්පියෙක් ව හෝ කොපි කරන්න දඟලන අපේ කාලයේ ඇතැම් නළු නිළියන්ට ජෝ අබේවික්‍රම කියන්නේ හීනයක් ම විතරයි. මොකද ඔහු එහෙම කොපි කරන්නට පුළුවන් චරිතයක් නොවන නිසා. අප අතරින් වියෝ වෙලා හය අවුරුද්දකට පස්සෙත් ඔහු රඟපෑ චරිත, චිත්‍රපට අපේ මතකයේ තියෙන්නේ ඒ නිසයි.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide