පිස්සුම නව අවුරුදු සිරිත් විරිත් 6 ක්.

By Yesha Fernando.

නව වසරක් කියන්නේ හැම වෙලාවේම අලුත් බලාපොරොත්තුවක්. මේ අවුරුද්දේ නට්ටන් වෙලා හිටියත්, ලබන අවුරුද්දේ අපිට හරි යයි කියන අපේක්‍ෂාව නිසා හැම නව වසරක්ම පොඩි මින්ට් ගතියකින් අපේ හදවත් පුරවනවා. මේ නිසාම නව වසරක් කියන්නේ හැම මනුස්සයෙක්ගෙම බාහිර ජිවිතයටත් වඩා මනසට බද්ධ වෙලා තියෙන කාරණාවක්. ලංකාවේ ගම් පළාත් වල උදවිය මධ්‍යම රාත්‍රී 12 ට අලුත් මුට්ටියක් කිරි වලින් පුරවන කොට, නගරබද උදවිය නම් සුමිහිරි පානෙන් බඩ ගෙඩි පුරවගෙනයි නව වසරට Cheers කියන්නේ. ඒ අතරේ ලොව පුරා තවත් රටවල් කිහිපයක්ම හරි අපූරුම විදිහට නව වසර  සමරනවා. 2022 ත් ළඟ ළඟම එන නිසා බලමු මේ විදිහටවත් මේ පාර ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා.
 

1. හොම්බට ඇනගෙන සමරන අවුරුදු – (Peru)

ලංකාවෙත් නම් නව වසරට සාද දාන්න ආපු උදවියට, සාදයේ පදම  වැඩි වෙනකොට හොම්බට අනින සිරිතක් තිබ්බත්, පේරු රාජ්‍යයේ උදවිය නම් "ටකනකුයි" කියන මේ චාරිත්‍රය කරන බව කියන්නේ නව වසරට දින 6 කට කලින් එනම් දෙසැම්බර් 25 වෙනිදා. ඒකත් නව වසරට කලින් පරණ තරහ මරහ ඉවර කරගන්න. පොලිස් අධීක්ෂණයත් යටතේ  පැවැත්වෙන නැටුම්, ගැටුම් දෙකම පිරුණු මේ උත්සවයේදී වේගවත් රිද්මයට සටන් සංගීතය වැයෙද්දි තෝරාගත් පරණ තරහකාරයෙක් එක්ක ගුටි ඇනගැනීම සිදු වෙනවා. සව්දිය පිරීමෙන් ආරම්භ වන සැණකෙළිය අවසන් වන්නේත් සව්දිය පිරීමෙන්. පේරු අන්දිස් ප්‍රදේශයේ තමා ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ. සැපීම, උස්සා පොළොවේ ගැසීම හෝ කොණ්ඩයෙන් ඇදීම තහනම් වන අතර පිරිමින්, ගැහැනුන් මෙන්ම ළමුන්ට ද මෙහිදී ගුටි ඇනගැනීමට ඉඩ සැළසෙනවා. එම චාරිත්‍රයෙන් පසු සියලු තරහ මරහ සහ හිත් වල තිබු අපිරිසිදුකම් දියවී ගොස්  එළඹෙන නව වසරට ඔවුන්ට නව මිතුරන් ලෙසින් පා තැබීමට හැකි වන බවයි ඔවුන් විශ්වාස කරන්නේ. අවුරුදු ගණන් කෝන්තර පිරිමහන්නේ නැතිව තියෙන ගේමක් එහෙම අවුරුද්දකින් ඉවර කරගන්න එකත් මරු නේද? හැබැයි එහෙමයි කියලා දෙසැම්බර් 31 වෙනිදට එහා ගෙදර මිනිස්සුන්ට හොම්බට අනින්න නම් යන්න එපා.

2. යට කලිසමෙන් අවුරුදු පලාඵල – (Latin America)

මෙහේ පලාඵල කියන උදවිය යට කලිසමත් නැතුව යන්න වැඩ සිද්ද වෙලා තියෙද්දි මෙහෙම එළඹෙන නව වසරේ තමන්ගේ පලාඵලය තමන්ගේ යට කලිසමෙන්ම ලියා ගන්නේ ලතින් ඇමරිකානු වැසියනුයි. බොලීවියාව, බ්‍රසීලය හා මෙක්සිකෝව වැනි රටවල ප්‍රචලිත මෙම චාරිත්‍රයේ විශ්වාසය වන්නේ නව වසර උදා වන විට හැඳ සිටින යට ඇඳුමේ පැහැය අනුව එම වසරේ වාසනාව උදා වන බවයි. ඇහුවම හිනා ගියාට මේක සෑහෙන කාලෙක ඉදන් ඒ රටවල් වල පැවත එන චාරිත්‍රයක්. ඉතිං  නව වසරේ ආදරය, අනුරාගය බලාපොරොත්තු වෙන අය රතු පැහැ යට කලිසම් අදින අතරේ වැඩිපුර සල්ලි, දේපළ, යාන වාහන  බලාපොරොත්තු වෙන අය අදින්නේ කහ පාට ලු. වැල්ලෙත් බඹරේ කරකවගන්න කැමති උදවිය කොළ පාට අදිනකොට  crush එක යාලු කරගන්න බලන් ඉන්න අය අඳිනවා කියන්නේ රෝස පාට යට කලිසම්. ඔක්කොම කරන්න ජීවත් වෙලා ඉන්න එපැයි කියල හිතන අය යහපත් සෞක්‍ය බලාපොරොත්තුවෙන් නිල් පැහැය අඳිද්දී සාමය සතුට ප්‍රීතිය බලාපොරොත්තු වෙන අය සුදු පැහැය තෝරාගන්න බවයි කියන්නේ. ඉතිං මේ පාර ඔයා අඳින්නේ මොන පාටද?

3. අල්ලපු ගෙදරට පිඟන් වලින් ගැසීම (Denmark)

මෙහේ නම් ඉතිං එහෙම වුණොත් අලුත් අවුරුද්දට පොලීසියෙන් කෑම කන්න පුළුවන් වුණත්, ඩෙන්මාර්කයෝ නම් නව වසර සමරනවා කියන්නේ ඔන්න ඔහොමයි. හැම අවුරුද්දකම අලුතින් මිලදී ගන්නා නව පිඟන් කට්ටල වලින් කිහිපයක් භාවිතයට නොගෙන තබන ඔවුන් ඊළඟ නව වසර උදා වෙන මධ්‍යම රාත්‍රී 12 ට මෙම අලුත්ම පිඟන් කිහිපය රැගෙන ගොස් සිය අසල්වැසියාගේ හෝ හොඳම හිත මිතුරන්ගේ දොරකඩ බිම ගසා පොඩි කර දමනවා. මෙයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ, සියලු අයහපත් බලවේග දුරු වී ගොස් නව වසර සිය යහපත් අසල්වැසියාට හෝ මිතුරාට වඩාත් සුබ දායක කිරීමයි. ඉතිං තමන්ගේ දොරකඩ වැඩිපුර පිඟන් ප්‍රමාණයක් බිඳිලා තිබුනොත් ඒ නව වසරේදී තමන්ට වැඩිපුර වාසනාව උදා වෙනවා කියලා ඩෙන්මාර්ක් වැසියන් විශ්වාස කරනවා.

4. උඩ ඉදන් බිමට අතාරින පරණ කෑලි (Italy)

පරණ කෑලි කිව්වම මොකක්ද ඔලුවට ආවේ? මේ කියන්නේ ඉතාලියේ නව වසර සමරන අමුතුම චාරිත්‍රයක් වන ගෙදර තියෙන පරණ බඩු ජනේලෙන් එළියට විසි කරන එක ගැනයි. පරණ බ්ලැන්කට්, ඇඳුම්, පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු විතරක් නෙමේ මයික්‍රෝවේව් උඳුන්, ශීතකරණ, රූපවාහිනී, වැකියුම් යන්ත්‍ර වැනි විශාල බඩු භාණ්ඩත් ඔවුන් මෙහෙම විසි කරනවා. වඩා සාමකාමී ප්‍රදේශ වල මිනිස්සු කුඩා දේ පමණක් පරිස්සම් සහිතව විසි කරද්දී නගරබද මහල් නිවාස වල ඉන්න ටිකක් හිතුවක්කාර උදවිය තට්ටු ගණනාවක් උඩ ඉඳන් ශීතකරණ, රූපවාහිනී වගේ දේවල් බිමට අතහැරීම නිසා අනතුරුත් සිදු වෙන බව කියනවා. මෙයින් පරණ කුණුගොඩවල් අස් වෙලා ගෙවල් දොරවල් නව වසරේ සෞභාගයෙන් පුරවගන්න වඩා ඉඩ ලැබෙනවා කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. අපේ එහෙම ඔය චාරිත්‍රය තිබ්බනම් සමහර කට්ටිය ඉතිං මුලින්ම බිමට අතාරින්නෙ එක්කෝ නෝනව නැත්නම් නැන්දම්මව (මහත්තයව වෙන්නත් ඉඩ තියෙනවා).

5. නාලම පටන් ගමු (Siberia)

සයිබීරියාව කියන්නේ කොහොමටත් හිම අඩුවක් නැති රටක් නේ. ඉතින් නව වසර ඔවුන් සමරන්නෙත් අයිස් challenge එකකින්.මේක ඇත්තටම ලේසි පහසු චාරිත්‍රයක් නෙමෙයි. මොවුන් මුලින්ම කරන්නේ අයිස් මිදිලා තියෙන විලක අයිස් අතරේ  යෝල්කා නමින් හඳුන්වන නව අවුරුදු ගස සිටු වීමයි. ඉන් පසු නව වසරේ නව පිබිදීම සංකේතවත් කරමින් අයිස් වලින් පිරුණු විලකට පැන නෑමත් සිදු කරනවා. ඒ විතරක් නෙමේ හිම උඩ සෑහෙන වෙලාවක් වැතිරිලත් ඉන්නවලු. නව වසර සුබ කරගන්න කුඩා දරුවන්ව පවා අයිස් බකට් එකකින් නාවන්න මොවුන් අමතක කරන්නේ නැහැලු. කෝ බලමු අවුරුද්දටවත් රෙදි ටික හෝදලා, නාගනින් කියලා ළඟදිම අහගන්න නියමිත උදවිය.

6. ළුණු ගෙඩි ඔලුවේ ඉලීම (Greece)

මේ අමුතු නව වසර චාරිත්‍රයට උරුමකම් කියන්නේ ග්‍රීසියයි. නව වසර උදා වන රාත්‍රියේදී සිය ඉදිරිපස දොරෙහි මුහුදු ලූනු නමින් හැඳින්වෙන ලූනු ගෙඩි විශේෂයක් එල්ලා තබන මොවුන් එමඟින් අයහපත නිවසින් පිටත රඳවා යහපත් ශක්තිය පමණක් නිවස තුළට කැඳවා ගැනීම අපේක්ෂා කරනවා. එයින් නව වසරට නව පිබිදීමක් ඇති වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ විතරක් නෙවෙයි නව වසර දා උදෑසන නිවසේ කුඩා දරුවන් සියලු දෙනාව වැඩිහිටියන් විසින් අවදි කරනු ලබන්නේ දොරේ එල්ලා තැබූ ලූනු ගෙඩි ඔවුන්ගේ හිස මත අතුල්ලා පොඩි කිරීමෙන් පසුවලු. අපෙත් අම්මලා තාත්තලා එහෙම නව වසරට පහුවදා උදේ සමහර පිරිමි දරුවොන්ගේ ඔලු වල අතුල්ලනවා, දෙහි ගෙඩි!

එහෙනම් කට්ටියම තමන්ගේම ක්‍රමේකට 2022 පිළිගන්න ලේස්ති වෙමු.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide