කොවිඩ් – 19 තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, රෙස්ටොරන්ට් එකක් හිමි ඔබට කළ හැකි දේ.

මේ ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 රෝගීන් ප්‍රමාණය නැවතත් ඉහළ ගිහින් තියන වෙලාවක්. මේ සැරේ පළමු රැල්ලට වඩා භයානක තත්ත්වයක් තියන බව තමයි දකින්න ලැබෙන්නෙ. දින කීපයකට කලින් අලුත් රෝගීන් පොකුරක් හඳුනාගැනීමත් එක්ක මේ මොහොත වෙද්දි (2020/10/14, ප.ව. 03.20) ලංකාවේ සක්‍රිය කොරෝනා රෝගීන් ගණන 1668ක්.

කොහොම වුණත් කලින් සැරේ වගේ නෙවෙයි, මේ වතාවේ බොහොමයක් රෙස්ටොරන්ට්, හෝටල්, සුපිරි වෙළෙඳසල් සහ සිල්ලර වෙළෙඳසල් එක පාරට ම වහලා දාන්න පියවර අරගෙන නෑ. ඔවුන් තත්ත්වය හමුවේ තවමත් විවෘතව පවතිනවා. ඒක හොඳ දෙයක්. හැබැයි, ඒවා විවෘතව සහ ක්‍රියාකාරීව පවත්වාගෙන යන්නේ සේවකයන්, පාරිභෝගිකයන් ඇතුළු මුළු ජනතාව ම ආරක්ෂා වෙන ආකාරයකින් ද කියන එක ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.

ඔබත් රෙස්ටොරන්ට් එකක හිමිකරුවෙක් නම්, පසුබහින්නේ නැතිව, කොරෝනා දෙවැනි රැල්ලට නිවැරදිව මුහුණ දෙන්න ගත යුතු පියවර කීපයක් මේ.

මාර්ගෝපදේශ පිළිපදින්න

පළමු රැල්ලෙන් අනතුරුව රට තරමක් යථා තත්ත්වයට පත් වෙන්න පටන්ගත්තට පස්සෙ ‘යමු’ එකේ අපි ආයෙත් රෙස්ටොරන්ට් රිවීව් කරන්න පටන්ගත්තා. මුල් දවස්වල ඒ රෙස්ටොරන්ට්වල හැමෝම වගේ කොරෝනාවලට අදාළ රජයේ නීති උපදෙස් අකුරට ම පිළිපැද්දට මොකද, පහු වෙද්දි හෙමින් හෙමින් ඒවා අමතක වෙලා ගිහින් තියන විදිහ අපිට දකින්න ලැබුණා. රෙස්ටොරන්ට් විතරක් නෙවෙයි, කලින් කියපු හෝටල්, වෙළෙඳසල් වගේ තැන්වලටත් මේ තත්ත්වය පොදුයි.

කොහොම වුණත් ඔබේ රෙස්ටොරන්ට් එක කොවිඩ් – 19 වළක්වාගැනීමට අදාළ නීති රීතිවලට අනුව හැඩගස්වා ගන්න ඔබ තවමත් පරක්කු නෑ. සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද මෙහෙයුම් මාර්ගෝපදේශය කියවලා බලන්න. එහි සඳහන් උපදෙස්වලට අනුකූලව ඔබේ රෙස්ටොරන්ට් එක සහ සේවකයන් නැවත හැඩ ගස්වා ගත යුතුයි. මෙය තරමක් කාලය සහ ශ්‍රමය වැය වන කටයුත්තක් වුණත්, ඔබේ අවන්හල කොරෝනා රෝගයෙන් තොර කලාපයක් කරගැනීමට නම් මෙය අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.

නිතර විෂබීජහරණය කරන්න

රෙස්ටොරන්ට්වල පොදු අවකාශ සහ පොදු උපකරණ බහුලයි. මුළුතැන්ගෙය, වැසිකිළිය, මේස, පුටු, හැඳි ගෑරුප්පු, මේස රෙදි ආදිය මීට උදාහරණ. මේවා නිරන්තරයෙන් සෝදා පවිත්‍ර කර විෂබීජහරණය කළ යුතුයි. සේවකයන් හැම විට ම මුව ආවරණ (මාස්ක්) සහ අත් ආවරණ (ග්ලව්ස්) පැළඳ සිටීම අනිවාර්යයි. එමෙන්ම ඒවා බැහැර කිරීමත් නිවැරදි ක්‍රමවේදයකට සිදු  කළ යුතුයි. රෙස්ටොරන්ට් එකට ඇතුළු වෙන ස්ථානයේ සහ බොහෝ දෙනෙක් නිතර ගැවසෙන ස්ථානවල සැනිටයිසර් සහ අත් සේදීමේ පහසුකම් සලසා දීමෙන් ඔබේ සේවක පිරිසේ වගේ ම පාරිභෝගිකයන්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව නිවැරදිව සැලසෙනු ඇති.

ඩිලිවරි පහසුකම ලබා දෙන්න

බොහොමයක් පාරිභෝගිකයන් වසංගත තත්ත්වය හමුවේ ‘ඩයින් ඉන්’ හෙවත් රෙස්ටොරන්ට් එකට පැමිණ ආහාර ගැනීමේ පිළිවෙතට වැඩි රුචිකත්වයක් දක්වන්නේ නෑ. ඒ නිසා ඔබේ අවන්හලේ තවමත් ඩිලිවරි පහසුකම් නැතිනම්, හැකි ඉක්මනින් ඩිලිවරි ආරම්භ කරන්න. ඒ සඳහා අවශ්‍ය නම් ඩිලිවරි සහකරුවෙක් හා සම්බන්ධ වෙන්නත් ඔබට පුළුවන්. මේ ක්‍රමයෙන් අවශ්‍ය දේ පාරිභෝගිකයා ළඟට ම ගෙනගොස් දිය හැකි නිසා එයින් ඔබට වැඩි පාරිභෝගික පිරිසක් ග්‍රහණය කරගන්නත් පුළුවන්.

සේවකයන්ගේ තොරතුරු සටහන් කරගන්න

කොරෝනා රෝගී පොකුරු හඳුනාගැනීමේ පහසුව සඳහා රෝගීන් ගැවසුණු ස්ථාන පරීක්ෂා කෙරෙනවා. තමන් දිනපතා යන එන තැන් පිළිබඳව සටහනක් තබාගන්නා ලෙස එහිදී බලධාරීන් මහජනතාවට නිතර පවසා සිටිනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ටත් මෙවැනි ලොග්පොතක් පරිහරණය කරන්නැයි පසුගියදා උපදෙස් ලැබී තිබුණා. ඔබේ අවන්හලේ සේවකයන් වෙනුවෙනුත් මෙවැනි සටහනක් තැබීමට ඔබට හැකියි. ඒ වගේ ම දෛනිකව ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කොට සටහන් කිරීම ද අවශ්‍යයි. කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන සේවකයෙකු ඒ අතර සිටින්නේ නම් අදාළ සෞඛ්‍ය පියවර අනුගමනය කරන්න එවිට ඔබට පහසුයි.

පාරිභෝගිකයන්ගේ තොරතුරු සටහන් කරගන්න

පළමු රැල්ල අවසන් වුණු කාලයේ අපි රිවීව් කරපු හැම රෙස්ටොරන්ට් එකක ම වගේ පාරිභෝගිකයන් පිළිගෙන, ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරලා, ඔවුන්ගේ නම, ලිපිනය, දුරකතන අංක වැනි විස්තර සටහන් කරගන්න සේවකයෙක් යොදවලා තිබුණා. හැබැයි අවාසනාවකට පහු කාලේ වෙද්දි මේ පුරුද්ද ඔවුන්ගෙන් ඈත් වෙලා තියන බව තමයි අපි දැක්කේ. කොහොම වුණත් මේ තොරතුරු සටහන් කරගැනීමේ කර්තව්‍යය නැවත ආරම්භ කරන්න දැන් කාලේ හරි.

හැඳි ගෑරුප්පු ගේන්න ඉඩ දෙන්න

BYOC හෙවත් Bring Your Own Cutlery කියන්නේ පාරිභෝගිකයාටත් ඔබටත් දෙපිරිසට ම වාසිදායක ක්‍රමයක්. අවන්හලේ තියන හැමෝම පාවිච්චි කරන හැඳි ගෑරුප්පු වෙනුවට තමන්ගේ ම පිහි, හැඳි, ගෑරුප්පු නිවසින් ම අරන් එන්න මෙයින් පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනවා.

කාඩ්පත් ගෙවීම් දිරි ගන්වන්න

කාසි සහ නෝට්ටු අතපත ගෑමෙන් විෂබීජ පැතිරෙනවා. එය වළක්වාගැනීමට ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්පත්වලින් ගෙවීම් කිරීමට පාරිභෝගිකයන්ව උනන්දු කරන්න.

පුටු මේස දුරස් කරන්න

ඔබේ රෙස්ටොරන්ට් එකේ පුටු මේස ඇරේන්ජ්මන්ට් එක මාර්ගෝපදේශ සංග්‍රහයේ දී ඇති සමාජ දූරස්ථිකරණ උපදෙස්වලට අනුකූල විය යුතුයි. ඒ අනුව හැම කෙනෙකුට ම අනෙක් කෙනාගෙන් අවම වශයෙන් මීටරයක දුරකින් වාඩිවීමට හැකි විය යුතුයි. ඒ වගේ ම ඇණවුම් භාර ගැනීමේදී සහ ආහාරපාන සංග්‍රහ කිරිමේදිත් සේවකයන් සහ පාරිභෝගිකයන් අතර මීටරයක අවම දුරක් පවත්වාගත යුතුයි.

ලොකු කණ්ඩායමක් වශයෙන් අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන් සඳහා, කලින් මේස වෙන් කරවාගැනීමේ රිසර්වේෂන් ක්‍රමයක් හඳුන්වාදීමට ඔබට හැකියි.

ඔබේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන්න

මේ මොහොතේ හැමෝම හොයන්නේ කෑමට යන්න පුළුවන් වඩාත් ම සෞඛ්‍යාරක්ෂිත රෙස්ටොරන්ට් එක මොකද්ද කියලයි. කොරෝනා වළක්වාගැනීමට ඔබ අනුගමනය කරන සෞඛ්‍ය පියවර සමාජ මාධ්‍ය ඔස්සේ නිවැරදිව ජනතාවට ප්‍රකාශ කරන්න ඔබට පුළුවන්. වඩාත් සුරක්ෂිත අවන්හලක් තෝරාගන්න ඔවුන්ට එය උපකාරී වෙයි.

කොවිඩ් – 19 පැතිරීම වළක්වාගන්න පියවර ගත්ත රෙස්ටොරන්ට්වලට විශේෂ අවධානයක් ලබා දීලා ඔවුන්ව ඉස්මතු කරලා පෙන්නන්න, මේ මොහොතේ ‘යමු’ අපි කටයුතු කරමින් ඉන්නවා. මේ වැඩෙන් ඒ අයට ෂෝක් ස්ටිකර් එකක් එහෙමත් ලැබෙනවා! වැඩි විස්තර දැනගන්න 0760106226 අංකයෙන් දිනේෂ්ට කතා කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide