ගෑනු පිරිමි හැමෝම අහු වෙන ඔන්ලයින් ඇම. මොකද්ද මේ ක්ලික්බේට්?.

එක්තරා ප්‍රසිද්ධ යූටියුබ් චැනල් එකකින් දාපු වීඩියෝ එකක තියන ක්ලික්බේට් තම්බ්නේල් එකක් නිසා මේ දවස්වල ෆේස්බුක් එකේ ලොකු ගෑනු පිරිමි වලියක් ලැව්ගින්නක් වගේ පැතිරෙනව ඕගොල්ලො හැමෝම දකින්න ඇති. සුපුරුදු පරිදි මුලින් ම තම්බ්නේල් එකේ තියන හෙඩ්ලයින් එකට විරුද්ධ අදහස් තමයි ලියවුණේ. ‘කවුරුත් ‘නතිං’ නෑ, ගෑනු තරමට ම පිරිමිත් වැදගත්, ස්ත්‍රීවාදේ කියන්නෙ මේකට නෙමේ!’ වගේ කතා. ඊට පස්සෙ ඔන්න අදාළ කාන්තාවට පක්ෂ ව හෑලි ලියවෙන්න ගත්තා. ‘ඇයි එයාට එහෙම කියන්න බැරි ද? එයා රටට මෙච්චර සේවයක් කරපු කෙනෙක්, ගෑනු කට ඇරියම පිරිමින්ගෙ ඊගො එක ඩැමේජ් වෙනව ද?’ වගේ කතා. 

ඊටත් පස්සෙ තම්බ්නේල් එකෙන් එහාට ගිහින් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලපු ඈයො කියන්න පටන්ගත්තා, ‘ෆුල් වීඩියෝ එක නොබලා කමෙන්ට් කරන්න එපා, ඒක ඒ කාන්තාවට කරන අපහාසයක්’ කියලා. ඒකත් හරි කියමුකෝ. මේ ඔක්කොම වීව්පොයින්ට්ස් එළියට ආවටත් පස්සෙ, අන්තිමට තමයි හැමෝට ම මීටර් වෙන්න පටන්ගත්තෙ අපි ඔක්කොම ඒ යූටියුබ් චැනල් එකේ අයිතිකාරයගෙ ඉත්තො විදිහට පාවිච්චි වෙලා කියලා. කට්ටියත් එක්ක ම එක එක අතට හෑලි ලියලා ඒ වීඩියො එකේ වීව්ස් හිටු කියල වැඩි කරල දීල ට්‍රෙන්ඩිං අරං ඇවිත් කියලා. මේ සිද්ධියට කලිනුත් ඕන තරං අවස්ථාවල මේක මේ විදිහට ම වුණා. ඉස්සරහටත් වෙනවා.

සමස්තයක් විදිහට ෆේස්බුක් හැසිරීම් හැම වෙලේ ම වගේ මේ විදිහයි. ඕන දේක පොලිටිකල් කරෙක්ට්නස් ගැන නැහි නැහි වද වෙන්න ගිහින් ඇත්ත පොයින්ට් එක මිස් කරගන්නවා. අන්තිමට අර කට්ටිය පෙරළි පෙරළි ලියපු ‘මේ ෆෙමිනිසම් ද නැත්තං සූඩෝ ෆෙමිනිසම් ද?’ වගේ බරපතල දෘෂ්ටිවාදී කියවීම් එකකින්වත් කාටවත් වැඩක් වෙලා නෑ චැනල් අයිතිකාරයට ඇරෙන්න. ඌරො ටික කැකුණ තලලා දුන්නම හබන් කුකුළට තමයි වීව්ස්. වීව්ස් කියන්නෙ සල්ලි.

ක්ලික්බේට් කියන්නෙ ඇමක්. මේක සාමාන්‍යයෙන් ඔය පත්තරවල දාන අතිශයෝක්ති හෙඩ්ලයින්වල ම ඩිජිටල් වර්ෂන් එකක්. හැබැයි පත්තරවල අවම වශයෙන් මොකක් ම හරි එතික් එකක් තියනව නෙ. අඩු ගාණේ ඒගොල්ලො තමන් පළ කරන දේවල්වල වගකීම ගන්නවා. ඕක සයිබර් අවකාශෙට ආවම ඒ වගකීම් සහගත බවට තවදුරටත් වලංගු භාවයක් නෑ. මොකද ‘ඉන්ටනෙට් එකේ තියන දේවල්වලින් බාගයක් බොරු’ වගේ අදහසක් අපි හැමෝම ළඟ තියනවා. ඕන දෙයක් ගැන සර්ච් කළොත් උඩින් ම සජෙස්ට් වෙන විකිපීඩියා වුණත් ශාස්ත්‍රීය හෝ වගකීම් සහගත කටයුත්තක දි, පිළිගත හැකි මූලාශ්‍රයක් විදිහට සලකන්නෙ නෑ. මොකද ඒක ඕන කෙනෙකුට එඩිට් කරන්න පුළුවන්.

මෙන්න මේ කිසි දේකට අයිතිකාරයෙක් නැති ස්වභාවය නිසා ඉන්ටනෙට් එකේ තියන දේවල් සම්පූර්ණ ඇත්ත කියල කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. බොරු පළ වෙන එක ඉන්ටනෙට් එකේ හැටියක්. ඕන ම කෙනෙකුට වාරණයකින් තොර ව ඕන ම වෙබ්සයිට් එකක්, බ්ලොග් එකක්, යූටියුබ් චැනල් එකක් හරහා මතයක්, ප්‍රවෘත්තියක් පළ කරන්න පුළුවන්. ‘ෆේක් නිව්ස්’ කියන්නෙ ලෝකෙ දැනට සෝෂල් මීඩියා නිසා උද්ගත වෙලා තියන බරපතල ම ගැටලුවක් කියල ‘සෝෂල් ඩිලෙම්මා’ ඩොකියුමන්ට්‍රි එක බැලුව නං දන්නව ඇති. ස්ටඩීස්වලට අනුව අන්තර්ජාලය නිසා ලෝකෙ ඇත්ත නිව්ස්වලට වඩා හය ගුණයක් වේගයෙන් ෆේක් නිව්ස් පැතිරෙනවා.

ඉතින් ඉන්ටනෙට් එකේ තියන තොරතුරුවල නිර්දෝෂී භාවය ගැන කවුරුත් ඒ තරං සැලකිල්ලක් නැති නිසා ‘ක්ලික්බේට්’ වල පැවැත්මට කවුරුත් දැඩි විරෝධයක් පාන්නෙ නෑ. මොන තරං බොරු ද කියල පෙනි පෙනි ම වුණත් අපි හැමෝම දැක්ක ගමන් ඒව ක්ලික් කරනවා. අපේ මනස ක්‍රියාත්මක වෙන විදිහ මැනිපියුලේට් කරලා අපේ ජීවිත පැවැත්ම සහ චර්යාවන් වෙනස් කරන්න සයිබරයට පුළුවන්. මිනිස් මනස මැනිපියුලේට් කරලා ඉන්ටනෙට් එක සල්ලි හොයන විදිහ සරල ව පහසුවෙන් ම තේරුම් ගන්න පුළුවන් ‘සෝෂල් ඩිලෙම්මා’ බැලුවොත්. කොටින් ම ට්‍රැඩිෂනල් ඇඩ්වටයිසිංවලින් අපේ ජීවිත වෙනස් කරනව නං, ඊට සිය ගුණයක් විතර වැඩියෙන් ඉන්ටනෙට් එකෙන්/ ඩිජිටල් ඇඩ්වටයිසිංවලින් ඒක කරනවා. ට්‍රැඩිෂනල් ඇඩ්වටයිසිංවලදි ඒගොල්ලො අපිට චොයිස් එකක් දෙනවා මිසක් බෙල්ලෙන් අල්ලන්නෙ නෑ. ඒත් ඩිජිටල් ඇඩ්වටයිසිං කියන්නෙ හරියට බෙල්ල මුලට ම හිර කරන බලහත්කාරයක් වගේ.

වීඩියෝ එකකට වීව්ස් වැඩි කරගන්න ආන්දෝලනාත්මක වාක්‍ය දෙකක් එක්ක තම්බ්නේල් එකක් හදපු පමණින් ඇති වෙන ප්‍රශ්නයක් නෑ වගේ මතුපිටින් පේන්න පුළුවන්. ඒත් ප්‍රශ්නෙ තමයි, මේ වැඩෙන් වෙන්න පුළුවන් සියලු හානි සිද්ධ වෙන්නෙ වීඩියෝ එකට සම්බන්ධ වෙන අනෙක් පාර්ශ්වයේ අයට මිසක් ඒක හදපු කෙනාට නෙමෙයි. හදපු කෙනා, නැත්තං චැනල් එකේ අයිතිකාරයා බැනුම් අහගෙන හරි කරන්නේ සල්ලි හොයන එක. එයාට තමන්ගෙ ගුඩ් විල් එක ගැන ප්‍රශ්නයක් නෑ. නැත්තං එයාට මීට වැඩිය වැදගත් ඔන්ලයින් කන්ටෙන්ට් ප්‍රඩියුස් කරන්න පුළුවන්. එහෙම නොකරන්නෙ මේ වගේ කුණු ඇවිස්සීමෙන් ලැබෙන වීව්ස් ඒවයින් හම්බ වෙන්නෙ නැති නිසා.

මේ අපි කතා කරන චැනල් එකේ වීඩියෝවලට සහභාගි වෙන අනෙක් මිනිස්සු මොකක් ම හෝ ක්ෂේත්‍රයක නියැළිලා සාර්ථකත්වයට පත් වුණ, එහෙම නැත්තං අඩු ම ගාණේ සමාජය අඳුනන චරිත. ඕන ම කෙනෙක් ප්‍රකාශ කරන ඕන ම දෙයක් ඔවුන් කියන්නේ කිසියම් සන්දර්භයක් ඇතුළත. ඔවුන් ඒක කියන කොන්ටෙක්ස්ට් එකෙන් පිට වෙන කොන්ටෙක්ස්ට් එකක තියලා ඒ දේ කියෙව්වම අර්ථය විකෘති වෙනවා. ඉන්ටවිව් එකට එන කෙනා කියන දෙයක් තම්බ්නේල් එකට දාන්න ෂේප් එකේ දැනෙන නොදැනෙන ගාණට වෙනස් වෙන විදිහට වචන ටික අසෙම්බල් කළාම කියවෙන්නෙ සාකච්ඡාව ඇතුළෙදි ඒ මනුස්සයා කියන අදහස නෙමෙයි.

සාමාන්‍යයෙන් චරිතයකට ප්‍රසිද්ධිය දෙද්දි ඒ චරිතේ සුප්‍රකට කරනවද කුප්‍රකට කරනවද කියල තීරණේ කරන්නෙ මීඩියා. මීඩියා විසින් අදාළ චරිතේ එළියට ප්‍රසන්ට් කරන විදිහ අනුව තමයි දැනුවත් ව හෝ නොදැනුවත් ව ඒක තීරණේ වෙන්නෙ. ‘නෙගටිව් මාකටිං’ කියන වචනෙ කියවෙන්නෙ එතනදි. මේක මේන්ස්ට්‍රීම් මීඩියා කරන්නෙ ඇවිද ඇවිද නං, ඩිජිටල් මීඩියා මේක කරන්නෙ දුව දුව උඩ පැන පැන. තමන්ගෙ බ්‍රෑන්ඩ් එක, නැත්තං නම එස්ටැබ්ලිෂ් කරගන්න ඕන වුණාම හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධ වෙන්න සමහරුන්ට ඕන වෙනවා. එයාලට තමන්ගෙ රෙපියුටේෂන් එකට, ඉමේජ් එකට හානි වුණාට ප්‍රශ්නයක් නෑ ප්‍රසිද්ධිය ලැබෙනව නං. ‘බෑඩ් පබ්ලිසිටි කියල දෙයක් නෑ, පබ්ලිසිටි කියන්නෙ පබ්ලිසිටි’ කියල කතාවක් තියෙන්නෙ ඒකයි. ඩිජිටල් මීඩියා කියන්නෙ ඒකට ම තකට තක හදාපු ප්ලැට්ෆෝම් එකක්.

ඉතින් මේ ජාතියෙ යූටියුබ් චැනල්වල ඉන්ටවිව්වලට මිනිස්සු එන්නෙ මේ චැනල්වල චර්යාව සහ පැවැත්ම මෙයාකාරයි කියල නොදැන ද? විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක තමන් කියපු දෙයක් මිස්ලීඩිං විදිහට පළ වුණොත් ඒකට විරුද්ධ ව රුපියල් කෝටි ගණන් වන්දි ඉල්ලලා මිනිස්සු නඩු දානවා. ඒ තමන්ගෙ ගුඩ් විල් එකට හානි වුණා කියලා. එතකොට අන්තර්ජාලයෙ සාකච්ඡාවලට ඇවිත් තමන් කියපු දෙයක් වැරදි අදහසක් එන විදිහට පළ කළාම සිද්ධ වෙන හානිය පූරණය කරන්න ක්‍රමයක් නෑ කියල දැන දැන ම මිනිස්සු මේවට සහභාගි වෙන්නෙ ඇයි?

අවංක ව ම යකාගෙ හැටි නොදැන විමානෙට ගොඩ වුණා නං ඇත්තට ම කරන්න දෙයක් නෑ. ඒත් හැමෝම මේවට සහභාගි වෙන්නෙ නොදැනුවත් ව නෙමෙයි කියන සරල ඇත්ත අපිට පිළිගන්න වෙනවා. මොකද ප්‍රසිද්ධ යූටියුබ් චැනල් එකක් නොදැන ඉන්න, මේ මිනිස්සු ඉන්ටනෙට් යූසර්ස්ලා නොවෙන්න විදිහක් නෑනේ. මේවට ආවට පස්සෙ ඒ ඒ චරිත ප්‍රසිද්ධියට පත් වෙනව තමයි. හැබැයි මේ චැනල් විසින් සෘජුව හෝ වක්‍රව ඔවුන්ගෙ කුණු අවුස්සන නිසා ඒ ප්‍රසිද්ධියට වැඩිය ලොකු ඩැමේජ් එකක් ඔවුන්ගෙ ප්‍රතිරූපවලට සිද්ධ වෙනවා. මොකද මේ චැනල් තමන්ටවත්, ප්‍රෝග්‍රෑම් එකට එන ගෙස්ට්ටවත්, තමන්ගෙ ප්‍රේක්ෂකයන්ටවත් වග කියන්නෙ නෑ. තමන්ගෙ ගෞරවයට හානි කරමින් තමන්ව විකුණගෙන කනවා කියල දැන දැනත්, ජනප්‍රිය වෙන්න හරි මොකකට හරි මේවට ‘හා කමක් නෑ’ කියල සහභාගි වෙන්න ඒ ඒ ඈයො තීරණය කරනව නං, ප්‍රේක්ෂකයෝ විදිහට අපිට කරන්න තියෙන්නෙ මේ කරන විදිහට ම, ඒ දෙගොල්ලො අපිට පෙන්නන කොකාව ‘මේ විදිහයි, නෑ නෑ මේ විදිහයි’ කිය කිය ඇනලයිස් කර කර ඉන්න එක තමයි. මොකද කොහොමත් ඒගොල්ලන්ට ප්‍රේක්ෂකයො නතිං!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide