චොක්ලට් බිස්කට් පුඩිංවලට නම ගිය තැන්!.

චොක්ලට් පෙරේතයො, බිස්කට් පෙරේතයො, පුඩිං පෙරේතයො අපි අතරෙ හිටියට මොකද, ඒ ඔක්කොට ම වඩා විශේෂයි චොක්ලට් බිස්කට් පුඩිං පෙරේතයො. චොක්ලට් බිස්කට් පුඩිං එකක් අහළ පහළක තියනකොට තැන, වෙලාව, දවස අනංමනං අදාළ ම නෑ ඉතිං.

සමහරු තමන්ගෙ රෙසිපි එකට චොක්ලට් බිස්කට් පුඩිං ගෙදරදි ම හදාගෙන කෑවට මොකද තවත් සමහරු එච්චර කරදර වෙන්න කැමති නෑ. ඒගොල්ලන්ටයි මේ ඔත්තුව. රහට චොක්ලට් බිස්කට් පුඩිං හදන කඩවල්වල ලිස්ට් එකක් තමයි මේ තියෙන්නෙ.

Coco Fuzz

මේගොල්ලො ළඟ තියනවා චොක්ලට් බිස්කට් පුඩිංවල අමුතු ම වේරියේෂන් එකක් වෙන වයිට් චොක්ලට් බිස්කට් පුඩිං! හුඟක් අය කරන්නෙ එක එක රස එන විදිහට සාමාන්‍ය චොක්ලට් බිස්කට් පුඩිං එකට පොඩි පොඩි වෙනස්කම් එකතු කරන එක නෙ. හැබැයි මේගොල්ලො ඉන් එහාට ගිහින් සාමාන්‍ය චොක්ලට් බිස්කට් පුඩිම කනපිට පෙරළනවා. මේගොල්ලන්ගෙ පුඩිං එක ඝනයි වගේ ම උකුයි. දිව පිනා යන සොෆ්ට් ගතියෙන් පිරිලා. චොක්ලට් එක්ක යන්තමින් එන කිරි රසයි, කටට හුරුපුරුදු මාරි බිස්කට් රසයි මැද්දෙන්, පුඩිම උඩින් දාල තියන කජු කෑලි හැපෙනකොට හිතාගන්න පුළුවන් නේ! මෙතන වයිට් චොක්ලට් බිස්කට් පුඩිං එක රු. 950යි. ඔරිජිනල් චොක්ලට් බිස්කට් පුඩිං එක රු. 750යි.

Bellissima

මෙතෙන්ට ම ආවේණික රස වර්ග දහයකින් සාමාන්‍ය චොක්ලට් බිස්කට් පුඩිමට අලුත් යමක් එකතු කරන තැනක් මේ. ඇරැක් ඇන්ඩ් චොක්ලට්, ඇරැක් ඇන්ඩ් ඔරේන්ජ්, වයිට් චොක්ලට් රාස්ප්බෙරි, සෝල්ටඩ් කැරමල්, බේලීස්, මින්ට් චොක්ලට්, මචා, වර්ජින් පිනා කොලාඩා සහ ශ්‍රී ලංකන් මිල්ක් කොෆී තමයි ඒ රස දහය. ඒ ඒ අයට ඒ ඒ රසට කැමති චොක්ලට් බිස්කට් පුඩිමක් තෝරගන්න පුළුවන්. නමෙන් කියවෙන නියම ෆ්ලේවර් එකෙන් අනූන මේ අයගේ පුඩිං එන්නෙ වීදුරු බෝතලේක. බ්ලැක් කැට් කැෆේ, ලයිෆ් ෆුඩ්, රොකොස්, රාමෙන් මිසෝයා කලම්බු, බ්රූ 1867 බයි ඩිල්මා, ඩි වෝස් කැෆේ, කෝපි කඩේ වගේ තැන්වලින් මේ පුඩිං ගන්න පුළුවන්. ඊට අමතරව වෙඩින් වගේ අවස්ථාවලට හරියන්න කස්ටමයිස් කරපු පුංචි බෝතල්වල මෙයාලගෙ පුඩිං ගෙන්නගන්නත් හැකියාව තියනවා. වැඩි විස්තර දැනගන්න ඉන්ස්ටග්‍රෑම් මඟින් හරි, 0766267777ට වට්සැප් මැසේජ් එකක් දාල හරි එයාලව අමතන්න.

The Cake Factory (5th Lane)

අපි පවත්වපු මහා චොක්ලට් බිස්කට් පුඩිං තරගෙ හෙවත් ටේස්ට් ඕෆ් එකේ ජයග්‍රාහකයා වුණේ කේක් ෆැක්ටරි එකේ චොක්ලට් බිස්කට් පුඩිං! මූස් ගතියයි චොක්ලට් ගතියයි පිරිල ඉතිරෙන මෙයාලගෙ රස ම රස චොක්ලට් බිස්කට් පුඩිං එක අපෙන් වැඩි ම ලකුණු ගත්තා. ඉතිං තව මොන කතා ද!

Biscuit Pudding Company

රු. 350 – රු. 450 අතරෙ වෙන පුංචි පුංචි බෝතල්වල පුඩිං දාල දෙන බිස්කට් පුඩිං කම්පනි කියන්නෙ හෝම් බේස්ඩ් තැනක්. පුඩිංවලට එක ම චොක්ලට් බේස් එක පාවිච්චි කරත්, ටොපින්ග් එකට කිට්කැට්, ස්නිකර්ස් වගේ විවිධ රස පාවිච්චි කරන නිසා මේගොල්ලන්ගේ එක එක ජාතියෙ චොක්ලට් බිස්කට් පුඩිං දිව්‍යලෝක රහයි!

Sen Saal

පුඩිං වගේ දේවල් ගන්න වැඩිපුර ම හොඳ ඒව හදන්න ම වෙන් වුණ පුංචි පුංචි තැන්. ලොකු බේකරි වගේ තැන් ඒ වගේ දේවල්වලට ප්‍රමුඛතාව දෙන්නෙ නෑනෙ. හැබැයි ඉතිං ඔයාල හොයන්නෙ උඩින් පාට පාට අයිසිං එහෙම දාල ලංකාවෙ බේකරි ස්ටයිල් එකට හදපු චොක්ලට් බිස්කට් පුඩිමක් නං, සෙන්සාල් එක තමයි තැන!

Choco in a Jar

නමේ හැටියට ම මෙයාලගෙ පුඩිං එන්නෙ වීදුරු බෝතල්වල. මෙතන ජාති තුනක  චොක්ලට් බිස්කට් පුඩිං තියනවා. ඒ තමයි හුරුපුරුදු රසට හදපු ඔරිජිනල් චොක්ලට් බිස්කට් පුඩිං (රු. 400), බේලීස් චොක්ලට් බිස්කට් පුඩිං (රු. 450) සහ පීනට් බටර් චොක්ලට් බිස්කට් පුඩිං (රු. 450).

Oh My Cake

ඕ මයි කේක් කියන්නෙ ස්ට්‍රැට්ෆර්ඩ් ඇවනිව් එකේ තියන පුංචි ඩෙසට් බාර් එකක්. මේගොල්ලො කේක්, චොක්ලට් බිස්කට් පුඩිං වගේ විවිධ අතුරුපස වර්ග හදනවා. රු. 300 වෙන මෙතන චොක්ලට් බිස්කට් පුඩිම ටිකක් වෙනස්. ඒකෙ උතුරන තරම් චොක්ලට් තැවරුණු ඝන මාරි බිස්කට් තට්ටු දෙකක් තියනවා. විශේෂත්වය වෙන්නෙ මේක හුඟක් පැණි රස නැති එක. මේක පැණි රස වෙලා තියෙන්නෙ මාරි බිස්කට්වලින් විතරයි.

Mitsi's Delicacies

අපි ටික කාලෙකින් මෙතෙන්ට ගිහිල්ල නම් නෑ. හැබැයි අපේ ගිය පාර චොක්ලට් බිස්කට් පුඩිං ටේස්ට් ඕෆ් එකේ සෑහෙන හොඳ තැනක් මෙයාලට ලැබුණා. සොෆ්ට් වුණ බිස්කට් අතරෙ හැංගුණු චොක්ලට් තට්ටුවලින් අපේ රස නහර අවදි වුණා. 

The Pudding Stop

රු. 450 – රු. 600 අතරෙ වෙන මෙයාලගෙ චොක්ලට් බිස්කට් පුඩිමක් 4 දෙනෙකුට සෑහෙනවා. ක්ලැසික්, කිට්කැට්, රූබි රෙඩ්, නටෙලා ක්‍රන්ච් වගේ එක එක රසින් ලබාගන්නත් පුළුවන්. ඒ විතරක් ද! ඕන නම් 20 දෙනෙකුට සෑහෙන්න වුණත් චොක්ලට් බිස්කට් පුඩිං එයාලට කියල හදාගන්න පුළුවන්.

CuppaCrème

මේකත් හෝම් බේකරි එකක්. 6 දෙනෙකුට විතර ඇති වෙන්න හදපු ස්මෝල් සයිස් චොක්ලට් බිස්කට් පුඩිං එක රු. 1800යි. අපි අන්තිමට මෙයාලගේ පුඩිං කෑවේ ටික කාලෙකට කලින් වුණත් රහ නං තාම මතකයි. අවුරුදු ගාණක් තිස්සෙ එයාලගෙ පුඩිංවලට තියන තැන වෙනස් වෙලා නැත්තෙත් ඒ රහ හින්දමයි.

Bunnavo Bakes

තාමත් මෙතනින් චොක්ලට් බිස්කට් පුඩිං ට්‍රයි කරන්න අපිට බැරි වුණ එක නං කනගාටුවට කරුණක් තමයි. හැබැයි අපි ට්‍රයි කරපු මෙයාලගෙ සිනමන් රෝල්ස් නං උපරිමයි. ඉතිං මෙතන චොක්ලට් බිස්කට් පුඩිමත් ඒ වගේ ම ඇති කියලයි අපි හිතන්නෙ! මිල ගණන් කිව්වොත් චොක්ලට් බිස්කට් පුඩිං රු. 590. චොක්ලට් බිස්කට් පුඩිං විත් වෝල්නට්ස් රු. 690.

Sponge

ස්පොන්ජ් එක ගැන ඉතිං ඕන කෙනෙක් දන්නව නෙ. අපි කීප සැරයක් ස්පොන්ජ් එකේ චොක්ලට් බිස්කට් පුඩිං එකේ රහ බලල තියනවා. වැඩේ කියන්නෙ මෙයාලගෙ මෙනු එකේ අනික් ජාති වගේ නෙමෙයි, චොක්ලට් බිස්කට් පුඩිං එකේ ටිකක් පැණි රස ගතිය වැඩියි කියලයි අපිට හිතුණෙ. හැබැයි ඕගොල්ලො කාල ම බලන්නකො.

Klassy Pastry Shop

මෙතන තියන චොක්ලට් බිස්කට් පුඩිං එක ටිකක් චොක්ලට් බිස්කට් පුඩිංවල පරණ තාලෙ වර්ෂන් එකක් වගේ. බිස්කට් තට්ටු අතින් එහෙම වරදක් නැතත්, චොක්ලට් ගතිය මදි කියන එකයි අපේ අදහස.

ඔන්න ඉතිං ඊළඟ පාර චොක්ලට් බිස්කට් පුඩිං කන්න හිතුණම ට්‍රයි කරල බලන්න තැන් ලිස්ට් එකක් ම දැන් ඕගොල්ලො ළඟ තියනව. කාල බලල අපිටත් කියන්නකො!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide