ලෝකයට නොපෙනී වීදි පුරා චිත්‍ර අඳින රහසිගත සිත්තරා.. කවුද මේ බෑන්ක්සි?.

ඔබ බෑන්ක්සි කියන නම අහල තිබුණත් නැතත්, කවදා කොහේදි හරි මේ චිත්‍රය නම් දැකලා තියන බවට සැකයක් නෑ. මේ මුල් චිත්‍රය ඇඳලා තියෙන්නේ ලන්ඩනයේ වෝටර්ලූ පාලමේ වුණත්, මුළු ලෝකයේ ම මේක ප්‍රසිද්ධයි. Girl With Balloon නමින් නම් කරලා තියන මේ චිත්‍රය 2017 දී පැවැත්වූ එක්තරා මත විමසුමකදී එංගලන්තයේ ජනප්‍රිය ම කලාකෘතිය වශයෙන් තේරී පත් වුණා. මේක ඇන්ද චිත්‍ර ශිල්පියා තමයි බ්‍රිතාන්‍ය ජාතික බෑන්ක්සි. නමක් ගමක් තිබුණට, අවුරුදු 20ක් තිස්සේ චිත්‍ර ඇන්දට, චිත්‍රවලින් ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණාට, කිසි ම කෙනෙක් තව ම බෑන්ක්සිව ඇහැට දැකල නෑ කිව්වොත් පිළිගන්නවද?

බෑන්ක්සි ග්‍රැෆිටි ආටිස්ට් කෙනෙක්. ඒ කියන්නේ ඔහු චිත්‍ර අඳින්නේ වීදි තාප්පවල. හැබැයි රහසිගතව. කිසිම හාහෝවකින් තොරව රැයක් එළි වෙනකොට ඔහුගේ චිත්‍රයක් ලෝකේ කොහේ හෝ වීදි තාප්පයකින් මතු වෙන්න පුළුවන්. විශේෂත්වය වෙන්නේ ඔහු අඳින චිත්‍ර ඉතා ම ආන්දෝලනාත්මක ඒවා වීම. ඒ නිසා ම ඔහුගේ චිත්‍රයක් කොහේ හරි වීදියකින් මතු වුණාම, අන්තර්ජාලය හරහා ඒ ආරංචිය ලෝකේ පුරා ම පැතිරෙන්නේ විදුලි වේගයෙන්. බෑන්ක්සිට ඔහුගේ ම අනන්‍යතාවක් සහ ශෛලියක් තියන නිසා, මේ චිත්‍ර ලෝකේ කොහෙන් මතු වුණත් බෑන්ක්සිගේ වගට නිශ්චිතව හඳුනගන්න පුළුවන්.

අනූව දශකයේ ඉඳන් චිත්‍ර කලාවේ නියැළෙන බෑන්ක්සි තමන්ගේ වීදි චිත්‍ර ඔස්සේ කලාව, දර්ශනය සහ විවිධ සමාජීය කරුණු මතු කරනවා. විශේෂයෙන් පවතින දේශපාලනය ප්‍රශ්න කිරීම ඔහුගේ චිත්‍රවලින් දකින්න පුළුවන්. මේ වීදි සිත්තරාගේ චිත්‍රවලින් ලෝකයට ඇති වන බලපෑම ‘බෑන්ක්සි ඉෆෙක්ට්’ නමින් හඳුන්වනවා. අවුරුදු 14 දි චිත්‍ර කලාවට යොමු වුණ බව කියවෙන ඔහු පාසලෙන් එළියට දාපු ශිෂ්‍යයෙක්. ඉන්පස්සේ කිසියම් වරදකට හසු වෙලා සිරගත වෙලා ඉඳලත් තියනව කියලයි කියවෙන්නේ.

කටකතාවල හැටියට නම් බෑන්ක්සිගේ හැබෑ නම රොබින් ගුනින්හැම්. ඉපදිලා තියෙන්නේ 1973 ජූලි 28. මේ බව තහවුරු කරන්නේ ඔහු එක්ක බ්‍රිස්ටල් කැතිඩ්රල් පාසලට ගිය ඔහුගේ පාසල් සගයන්. ඒ වගේ ම බෑන්ක්සි ගැන බොහොම උනන්දු අය හොයාගෙන තියන විදිහට රොබින් ගුනින්හැම්ගේ සහ බෑන්ක්සිගේ නිර්මාණවල සමානකම් තියනවා ලු.

කොහොම වුණත් වීදි චිත්‍ර කලාව කියන්නෙ නීතිවිරෝධී දෙයක් නිසා තමන්ගේ අනන්‍යතාව හෙළි නොකර ඉඳීම අත්‍යවශ්‍යයි කියල බෑන්ක්සි හිතනවා. ඉතින් ඔහු කොහෙවත් ප්‍රසිද්ධියේ පෙනී හිටින්නේවත්, මාධ්‍ය ඉදිරියට එන්නේවත් නෑ. කොටින් ම බෑන්ක්සිගේ චිත්‍ර අධික මිල ගණන්වලට අලෙවි වුණත්, කිසිම බැංකුවකින්වත් ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගන්න පුළුවන් හෝඩුවාවක් හම්බ වෙලා නෑ. ඒ නිසා ම කටකතා කොහොම වුණත් බෑන්ක්සි කියන්නෙ රොබින් ගුනින්හැම් ද වෙනත් කෙනෙක් ද, ඒ කෙනා ගැහැනු ද පිරිමි ද, තරුණ ද මහලු ද, මේ කිසි දෙයක් නිශ්චිතව කියන්න කාටවත් බෑ.

චිත්‍ර ශිල්පයට අමතරව බෑන්ක්සි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විදිහටත් කටයුතු කරලා තියනවා. 2010 වසරේ ඔහු නිර්මාණය කරපු ‘Exit Through The Gift Shop’ නම් වාර්තා චිත්‍රපටය 2011 වසරේදී විශිෂ්ටතම වාර්තා චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානයට නිර්දේශ වුණා. බෑන්ක්සිගේ කලාත්මක ඇස ලෝක ප්‍රකට වුණු එක් අවස්ථාවක් ඒ. 2014 පැවැත්වුණු වෙබී සම්මාන උළෙලේ ‘වසරේ පුද්ගලයා’ විදිහටත් ඔහු තෝරා ගැනුණා.

බෑන්ක්සිගේ නවතම චිත්‍රය මතු වුණේ කොරෝනා ලොක්ඩවුන් කාලේ. ඒ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් රෝහලේ බිත්තියකින්. කුඩා දරුවෙක් හෙදියකගේ රුවක් එක්ක සෙල්ලම් කරන ආකාරය මෙයින් දැක්වෙනවා. බැට් මෑනුයි ස්පයිඩර් මෑනුයි පැත්තක තියන කුණු බක්කියක් ඇතුළේ ඉන්නවා. ලෝකේ අලුත් ම සුපර් හීරෝවරුන් වෙන්නේ සෞඛ්‍ය සේවක සේවිකාවන් බව මේ ඔස්සේ ලෝකයට කියන බෑන්ක්සි, ඔවුන්ට ස්තුති කරමින් කුඩා සටහනකුත් මේ එක්ක රඳවා ගිහින් තියනවා. “ඔබ කරන හැම දේට ම ස්තුතියි. මේ චිත්‍රය කළු සුදු එකක් වුණත්, ඉන් මේ ස්ථානයට තරමක හෝ දීප්තියක් එක් වෙනු ඇතැයි මං හිතනවා.” මේ තමයි ඒ සටහනේ තිබුණු වචන. 

2018 අවුරුද්දේ සොතබීස් චිත්‍ර වෙන්දේසියකදී අපූරු සිදුවීමක් සිදු වුණා. බෑන්ක්සිගේ Girl With Balloon චිත්‍රය අලෙවි වී, ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියද්දී ම චිත්‍රය කීතු කීතු වෙලා ඉරී යන්න පටන්ගත්තේ එතැන හිටපු හැමෝම මවිත කරමින්. මේ වැඩෙන් මේ චිත්‍රයේ මුල් වටිනාකම දෙතුන් ගුණයකින් ඉහළ ගියා විතරක් නෙවෙයි, චිත්‍රය අලුත් කලා කෘතියක් බවට පරිවර්තනය වුණා. ඒ අනුව වෙන්දේසියකදී ම නිර්මාණය කෙරුණු ලොව මුල් ම කලා කෘතිය බවට Girl With Balloon පත් වුණා.

මේ සිද්ධිය පිටිපස්සෙ ඉන්නේ, හැම විට ම පවතින ක්‍රමයට විරුද්ධව රහසිගතව ක්‍රියාත්මක වෙන බෑන්ක්සි ම බව තහවුරු කරමින්, වෙන්දේසිය අවස්ථාවේ මිටියේ දෙදරීම සිදු වන විට චිත්‍රය ස්වයංක්‍රීයව ඉරී යන පරිදි එහි රාමුව පසුපස තමන් යන්ත්‍රයක් සවි කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මුදා හැරියා. ඒ විතරක් නෙවෙයි, ඉරී ගිය සිතුවම ඔහු විසින් Love In The Bin නමින් නැවත නාමකරණය කෙරුණා.

ඉතින් ඒ තමයි බෑන්ක්සි. නාමිකව පෙනී ඉන්න චිත්‍ර ශිල්පියෙකුට ඔහු තරම් නිදහසේ තමන්ගේ කලා ප්‍රකාශනය සිදු කරන්න පුළුවන් වාතාවරණයක් මේ සමාජය තුළ නැති නිසා, බෑන්ක්සි දිගට ම අනන්‍යතාව හෙළි නොකර ඉඳියි කියල හිතන්න පුළුවන්. කොහොම වුණත් නිකම්ම කලාකරුවෙක් නොවී ‘බෑඩෑස්’ චරිතයක් බවට පත් වුණු කෙනෙක් විදිහට ඔහු දැනටමත් ඉතිහාසගත වෙලා ඉවරයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide