ලංකාව මළාට දියුණු වෙන්නෙ නැත්තෙ ඇයි?.

ලංකාව ‘සංවර්ධනය වෙමින් පවතින’ රටක් කියල තමයි අපි දන්න කාලේ ඉඳන් අහලා තියෙන්නේ. මෙහෙම සංවර්ධනය වෙමින් පැවතිලා පැවතිලා මේක දියුණු රටක් වෙන්නෙ කවද්ද කියන ප්‍රශ්නේ අපි ගොඩක් දෙනකුට තියනවා. ඇත්තට ම තාමත් ලංකාවට දියුණු රටක් වෙන්න බැරිවෙලා තියෙන්න ඇයි?

ලෝකයේ තියෙන 196ක් විතර රටවල් අතරින් 25ක් වගේ තමයි ‘සංවර්ධිත’ කියන කාණ්ඩයට අයිතිවෙන්නෙ. මේ රටක ඒකපුද්ගල වාර්ෂික ආදායම ඩොලර් ලක්ෂයට වැඩියි. අනිත් අතින් දුප්පත් ම රටවල් විස්සේ ඒකපුද්ගල වාර්ෂික ආදායම ඩොලර් දාහටත් අඩුයි. ලංකාවේ මේ ඉලක්කම ඩොලර් 11,000ක් විතර වෙනවා. ඒ කියන්නේ අපි දුප්පත් ම රටවල් 20 ට වඩා ටිකක් හොඳ වුණත් සංවර්ධිත රටක් වෙන්න නම් අපට තව ගොඩක් දුර යන්න තියනවා.

මේ විදියට සමහර රටවල් දියුණු වෙන්නත් අනිත් රටවල් දුප්පත් වෙන්නත් හේතුව මොකක්ද කියල ගොඩක් අධ්‍යයනයන් සිද්ධවෙලා තියෙනවා. මේවයින් සමහරක් ගැන වාදවිවාද තිබුණත් සමස්ථයක් හැටියට මේ මුලික අදහස් ටික හැමෝම වගේ පිළිගන්නවා. School of Life සහ තවත් ගොඩක් අය මේ ගැන හොයාගත්ත දේවල් ඇසුරෙන් අපි කල්පනා කළා ලංකාව දියුණු නොවෙන්න මේ දේවල් කොච්චර බලපාල තියනවද කියල පොඩ්ඩක් හොයල බලන්න. බලන්න මේ දේවල් කොච්චර දුරට ලංකාවට අදාළද කියලා.

රට වෙනුවට පවුල

‘පවුල’ කියපු ගමන් ගොඩක් දෙනකුට මතක්වෙන්නෙ හිටපු ජනාධිපතිගෙ පවුල වුණත්, ‘රටට පෙර පවුල’ කියන අදහස අපි වගේ රටවල හැමතැන ම වගේ තියන එකක්. මෙතන දි ‘රට’ කියන එකෙන් අපි අදහස් කළේ රටක තියන ආයතන පද්ධතිය. දියුණු රටවල මේ ආයතන පද්ධතිය ගොඩක් ශක්තිමත්. නමුත් අපේ වගේ රටවල මේ ආයතන පද්ධතිය දුර්වලයි වගේ ම අකාර්යක්ෂමයි. ඒ වගේ ම දූෂිතයි. ලෝකයේ දියුණු ම රටවල් ලැයිස්තුව අරන් බැලුවොත්, ඒ රටවල් අඩුවෙන් ම දූෂිත රටවල් ලැයිස්තුවෙත් උඩින් ම තියන බව පැහැදිළි ව පේනවා. ඒ වගේ ම තමයි දුප්පත් ම රටවල්; මේ රටවල් හැම එකක් ම වගෙ දූෂිත ම රටවල් ලැයිස්තුවෙත් ඉහළින් ම ඉන්නවා. ආයතන පද්ධතිය දූෂිතයි කියන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් කවුරු හරි මාටියාගහනවා කියන එකයි. ඉතිං රට දුප්පත් වෙන එක අහන්න දෙයක් නෙවෙයි.

අනිත් දේ තමයි පවුල; නැත්නම් නෑදෑකම යාළුකමට සලකන්න ඕන කියන අදහස. දියුණු රටක සාමාන්‍යයෙන් කෙනෙක් ව තනතුරකට ගද්ද බලන්නෙ එයාගෙ අධ්‍යාපන සුදුසුකම් සහ දක්ෂතාව වගේ දේවල්. ඒත් අපි දන්නවා ලංකාවේ නම් පාර්ලිමේන්තුවෙ ඉඳන් පොඩි සිල්ලර කඩේකට එනකල් ම කෙනෙක් ව ගද්දි නෑදෑකම, හිතවත්කම කොච්චර වැදගත් ද කියලා. ඉන්ටර්වීව් එකකට විතරක් නෙවෙයි, මොකක් හරි වැඩක් කරගන්න තැනකට යද්දි, නැත්නම් ඉස්පිරිතාලෙකට යද්දි වුණත් එතන දන්න අඳුනන නෑයෙක් යාළුවෙක් ඉන්නවද බලලා ‘පොඩි සප් එකක් දෙන්න’ කියලා කෝල් නොකරපු අය ඉන්නව නම් අත උස්සන්න බලන්න. 😉

ඉතිං මේ හේතුව නිසා හැකියාවන් තියන දක්ෂ අය වෙනුවට කාගෙ හරි නෑදෑයෙක් යාළුවෙක් තමයි තනතුරුවලට පත්වෙන්නෙ.  මෙතන තියන දරුණු ම දේ තමයි ඒ විදියට තමන්ගේ නෑදෑ හිතවතුන්ට සලකන එක යුතුකමක් කියල තමයි අපේ වගේ සමාජවල අය හිතාගෙන ඉන්නෙ. එහෙම නොකර නීතියට වැඩකරන අය ‘ගුණමකුවෝ’ වෙනවා. ඉතින් මේ වගේ රටවල් දියුණු නොවෙන එක අහන්නත් දෙයක්ද?

සංස්කෘතිය කන්නද? (ඇයි බැරිද?)

කලිනුත් කීව වගේ තමන්ගේ ආයතනයේ දේපල/තනතුරුවලින් පවුලේ අයට සලකන එකේ වැදැද්දක් නෑ කියල හිතන රටක් දියුණු වෙන්න විදියක් නෑ. මේ විදියට මිනිස්සු හිතන පතන විදිය, දේවල් දකින විදිය වගේ දේවල් රටක් දියුණුවෙනවද කියන එක තීරණය කරන්න ගොඩක් බලපානවා. මේ දේවල් අතරින් ආගම සහ දියුණුව අතර තියන සම්බන්ධය ගොඩක් සරළ එකක්. මිනිස්සුන්ගේ ආගමික ඇදහිලි සහ විශ්වාස අඩුවෙන්න වෙන්න ඒ රට දියුණු වෙන්න තියන අවස්ථාව වැඩියි. ලෝකයේ දියුණු රටවල් 19කම ජනගහණයෙන් 70%ක් ම කියල තියෙන්නෙ ආගම එයාලගේ ජීවිතේ වැදගත් අංගයක් නෙවෙයි කියලා. ඒ වගේ ම ලෝකයේ දුප්පත් ම රටවල් ටික ගත්තොත්, ඒ රටවල 90%කට වැඩි පිරිසක් දරුණු විදියට ආගමික විශ්වාසත් එක්ක බැඳිලා ඉන්නවා.


Image Credit: South Park

හැබැයි ඇමරිකාව සම්බන්ධ ව නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඇමරිකාව ලෝකයේ දියුණු ම රටවල් අතරින් එකක් වුණත් ආගම ඇදහිල්ලෙ නම් අඩුවක් නෑ. හැබැයි වෙනසක් තියනවා: ඇමරිකාවේ වැඩිදෙනෙක් අදහන්නේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම්. මැක්ස් වේබර් එහෙම මේකට හේතුව විස්තර කරල තියනව; සමාජ විද්‍යාව එහෙම ඉගෙනගත්ත කට්ටිය නම් දන්නවා ඇති. සාමාන්‍යයෙන් අනිත් හැම ආගමක ම වගේ දෙවියන්ගේ කැමැත්ත, කර්මය හෝ අනිත්‍යය වගේ සංකල්පත් එක්ක ‘යන තැනකට වැඩක් කරගන්න’ තමයි වැඩිපුර මිනිස්සුන්ව උනන්දු කරන්නේ. ඒත් 16 වන සියවසේ කාර්මික විප්ලවයත් එක්ක බිහි වුණු ප්‍රොතෙස්තන්ත ආගම්වල වැඩකිරීමේ වැදගත්කම සහ මුදල් ඉපලීම සහ මෙළොව දියුණුව ගැන තමයි වැඩිපුර කතාකරන්නේ. ඇල්කොහොල්වලට ඇබ්බැහි වුණ අයට ඇල්කොහොලික් කියනවා වගේ මේ අයට කිය්න්නේ ‘වර්කහොලික්’ කියලා. ඒ තරමට වැඩකිරීමේ ඇබ්බැහියක් ඒ සංස්කෘතිවල තියනවා.

අමුතු ඇටේ

දැන් කාලෙ සිද්ධවෙන දේවල් නිසා සමහරු ‘ඉන්දියන් සාගරේ අමුතු ඇටේ’ කියල කීවට ඇත්තට ම ලංකාවේ භූගෝලීය වශයෙන් ගොඩක් වාසිදායක තැනක පිහිටලා තියෙන බව තමයි ගොඩදෙනකුගේ අදහස. මේකට ‘ඔව්’ සහ ‘නෑ’ කියන උත්තර දෙක ම දෙන්න පුළුවන්. ප්‍රධාන නාවික මාර්ගයකට කිට්ටුව පිහිටලා තියෙන දූපතක් නිසා අපට ලොකු වාසියක් තියනවා. අප්‍රිකානු මහාද්වීපයේ එහෙම තියෙන ගොඩක් දුප්පත් රටවල් දිහා බැලුවාත් ඒවා කොහෙන්වත් මුහුදට සම්බන්ධ වෙන්නෙ නැති (අඩු ගාණේ ගඟක්වත් නැති) ගොඩබිමෙන් වටවුණු රටවල්. ඒ නිසා ඒවාට ලෝකයත් එක්ක සම්බන්ධවෙන්න, ගනුදෙනු කරන්න අමාරුයි. හැබැයි සමකය ආසන්නයේ ඝර්මකලාපයේ තියෙන එක නම් එච්චර වාසිදායක නෑ. ඝර්මකලාපයේ සැර අව්ව නිසා භෝගවගාවන්ට තියෙන ගැටලු වැඩියි. ඒ වගේ ම වසංගත රෝග පැතිරීමත් වැඩියි. මේකත් ඇත්තට ම ලංකාව වගේ රටවල වඩා අප්‍රිකාවේ තියෙන රටවලට දරුණුවට බලපාන තත්ත්වයක්.

ස්වභාවික සම්පත්

ගොඩදෙනෙක් කියන්නන් වාලේ කීවට අපේ රටේ කාර්මික නිෂ්පාදනයකට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ ස්වභාවික සම්පත් නම් වැඩි නෑ. හැබැයි ඒක නරක දෙයක්මත් නෙවෙයි.

ස්වභාවික සම්පත් කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ආයතන පද්ධතිය හොඳට ශක්තිමත් ව තියෙන රටකට නම් ස්වභාවික සම්පත් කියන්නේ ගොඩයන්න හොඳ මාර්ගයක්. ඒත් ලංකාව වගේ දූෂිත ආයතන පද්ධතියක් තියන රටක වටිනා ස්වභාවික සම්පත් තිබුණොත් ඒකෙන් ගොඩයන්නේ බලය තියෙන කීපදෙනෙක් සහ එයාලගේ පවුල්වල නෑදෑයෝ වගේ අය තමයි. කම්කරුවෝ ටිකක් දාලා මේවා හරලා පිටරටට විකුණලා හොඳ ගාණක් සාක්කුවේ දාගන්න පුළුවන් නිසා රටේ කර්මාන්ත වගේ දේවල් දියුණු කරන්න මහන්සිවෙන්න ඕනත් නෑනේ.

අනිත් එක තමයි දූෂිත ආයතන පද්ධතියක් තියන රටවල් ස්වභාවික සම්පත් බෙදාගන්න බැරුව ඇතිවෙන යුද්ධ, කලකෝහාල නිසා නැත්තට ම නැතිවෙන්නත් පුළුවන්. ලෝකයේ වැඩියෙන් ම ස්වභාවික සම්පත් තියෙන අප්‍රිකා මහද්වීපයේ මේකට ඕනතරම් උදාහරණ තියෙනවා.

සමාජීය විද්‍යාවල එන ඕන ම අදහසක් වගේ මේ අදහස් ගැනත් එකඑක මතවාද තියෙනවා. ඒත් මේ දේවල් අතරින් වැඩි බලපෑමක් තියෙන්නේ ආයතන පද්ධතිය සහ සංස්කෘතිය කියන දෙකෙන් කියල තමයි ගොඩදෙනකුගේ පිළිගැනීම. කොහොමත් භූගෝලීය සාධක කියන්නෙ අපට ලේසියෙන් වෙනස්කරන්න පුළුවන් දෙයක් නොවන නිසා ඒ ගැන වැඩිය හිතන එකේ තේරුමක් නෑ.


ඇත්තට ම බැලුවොත් ලංකාවේ භූගෝලීය පිහිටීමත් නරක ම නෑ. ඒ නිසා අපේ ආයතන පද්ධතිය සහ සංස්කෘතිය වෙනස්කරගත්තොත් ලංකාව කියන්නෙ දියුණුකරන්න බැරි රටක් නෙවෙයි කියලයි අපට නම් හිතෙන්නෙ.

ඔයාලා මේ ගැන මොනවද හිතන්නෙ?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide