ඇත්තට ම ඔබ කොවිඩ් එන්නත ලබා ගත යුත්තේ ඇයි?.

මෑත ඉතිහාසයේ මිනිස් සංහතියට වැඩි ම බලපෑමක් කරපු දෙයක් තියනවා නං ඒ කොවිඩ් 19 බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. චීනේ වූහාන්වලින් පටන් ගත්ත මේක ලෝකේ පුරා ම පැතිරෙන්න පටන් අරන් දැන් අවුරුදු එකහමාරක් විතර ගත වෙලා. ඒත් තවමත් මේ වෛරසය මිනිස්සුන්ට කරන බලපෑම නැවතිලා නෑ. මාස්ක් දාගෙන, සැනිටයිසර් බෝතල් අතේ තියාගෙන, අපි තවමත් කල්පනා කරනවා කවදා ආයෙ සාමාන්‍ය ජීවන රටාවට යන්න ලැබෙයි ද කියලා.

හැබැයි වෛද්‍ය විද්‍යාවට ස්තුතිවන්ත වෙන්න, අපිට දැන් ඒ ගැන පුංචි බලාපොරොත්තුවක් තියනවා. ඒ ලොව පුරා සිදු වුණු විවිධ පර්යේෂණ ඔස්සේ කොවිඩ් 19ට එරෙහි එන්නත් හොයාගැනීම නිසා. දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ හැකි තාක් ඉක්මනින් ලෝකයේ හැම මනුස්සයෙකුට ම එන්නත ලබා දෙන්න කටයුතු යෙදීම විතරයි.

‘එන්නත ගහනවා ද නැද්ද, ඕවා නං විශ්වාස නෑ’ වගේ දෙගිඩියාවකින් ඉන්න අය ඔබට හමු වෙලා ඇති. සමහර විට ඔබත් එහෙම තැවි තැවි ඉන්න කෙනෙක් වෙන්නත් ඇති. හැබැයි, ඔබ හිතට ගන්න ඕන දේ තමයි අනාගතය වෙනුවෙන් මේ වෙලාවේ අපිට තියන එක ම විසඳුම මේ එන්නත ලබාගැනීම විතරයි කියන එක. එන්නත නොගන්නවා කියල හිතන් හිටියා නං, මේ තියෙන්නේ ඔබ එන්නත ලබාගන්න ම ඕන සරල හේතු 5ක් .

සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඵලදායී ක්‍රමයක්

මුව ආවරණ පැළඳීම, සැනිටයිසර් පාවිච්චිය, නිතර අත් සේදීම, සමාජ දූරස්ථකරණය කියන සියල්ල ම කොවිඩ් 19න් ආරක්ෂා වෙන්න විශ්වාසදායී ක්‍රම. කොවිඩ් ව්‍යාප්තිය අවම කරගන්න ඒවා උපකාරී වෙනවා.

කොහොම වුණත් ඒ තාවකාලික ක්‍රම කිසිවක් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නෙමෙයි. මොකද මේක මාරාන්තික රෝගයක් නිසා. කොවිඩ් 19 වැළඳීමෙන් කොවිඩ් 19 රෝගයට එරෙහි ස්වාභාවික ප්‍රතිශක්තියක් සිරුරට ලැබෙන බව විවිධ අය කිව්වත්, ඒක කොතරම් කල් පවතිනවද කියල විශේෂඥයන් තහවුරු කරල නෑ. 

ඒ නිසා එන්නත ලබාගැනීම තමයි දැනට තියන සාධනීය ම විසඳුම විදිහට විශේෂඥයන් පිළිගන්නෙ. මොකද සිරුර තුළ ප්‍රතිශක්ති ප්‍රතිචාර වඩවන්න එන්නතට පුළුවන්. ඉහළින් කියපු තාවකාලික ක්‍රම මඟින් වෛරසයට ඔබ නිරාවරණය වීම වළක්වනවා. ඒත් ඔබට කොවිඩ් 19 වැළඳුණත්, එම වෛරසය සමග සටන් කරලා ඔබ එයින් ආරක්ෂා කිරීමට එන්නත කටයුතු කරනවා. 

ව්‍යාප්තිය පාලනය

වයස, සෞඛ්‍යය සහ වෙනත් කරුණු කීපයක් මත පදනම් ව වෛරසය එකිනෙකාට වැළඳෙන ආකාරය වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් ඔබට වෛරසය ආසාදනය වුණොත් ඔබෙන් අනෙක් අයට එය පැතිරෙන්න විශාල ඉඩක් තියනවා. ඔබ ආශ්‍රිත ව රෝගී හෝ මහලු පුද්ගලයන් ඉන්නවා නං, සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට වඩා ඔවුන්ට ඔබෙන් රෝගය බෝ වෙන්න තියන ඉඩ වැඩියි.

මේ වසංගතය පාලනය කරන්න අවශ්‍ය වැදගත් ම මෙවලම එන්නතයි. එයින් ඔබට වගේ ම මුළු මහත් ජනතාවට ම සෞඛ්‍යාරක්ෂාව සැලසෙනවා. සැලකිය යුතු පිරිසකට එන්නත ලබා දීමෙන් පස්සෙ, රෝග ව්‍යාප්තිය ඉබේ ම මන්දගාමී වෙනවා. 

සමාජයක් වශයෙන් සාමූහික ප්‍රතිශක්තිය ළඟා කරගන්න නම්, විශාල පිරිසක් එන්නත ලබාගත යුතුයි. අසාත්මිකතා, දුබල ප්‍රතිශක්ති පද්ධති හෝ අසාධ්‍ය රෝගී තත්ත්වයන් වැනි විවිධ හේතු නිසා එන්නත ලබා ගත නොහැකි පිරිස් අප අතර ඉන්නවා නම්, ඔවුන්වත් මේ රෝගයෙන් ආරක්ෂා කරගත හැක්කේ එවිටයි.

ආර්ථික සහ සමාජීය බලපෑම අඩු කරගැනීම

මේ වසංගතය නිසා අපේ ආර්ථිකය, සමාජය, අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය, සෞඛ්‍යය වැනි විවිධ අංශවලට දැඩි සෘණාත්මක බලපෑමක් එල්ල වුණා. මේ අගාධයෙන් ගොඩ එන්න අපට තව වසර ගණනාවක් ගත වන බවට සැකයක් නෑ. ඒත් සමාජයක් විදිහට අපි හැකි ඉක්මනින් එන්නත ලබාගත්තොත් නැවත අපේ ජීවිත යථා තත්ත්වයට පත් කරගන්න මාවත ටිකක් වැඩිපුර එළිපෙහෙළි වෙනවා.

මොකද එන්නත්කරණය ඉහළ යන විට ව්‍යාප්තිය අඩු වෙනවා. ඒ අනුව ලොක්ඩවුන් , ඇඳිරි නීතිය, ඇතැම් ප්‍රදේශ වසා දැමීම් හෝ සංචරණ සීමා වැනි දෑ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවම කරගත හැකියි.

එන්නත ලැබෙන්නෙ නොමිලේ 

මේ මොහොතේ ලංකාවේ කොවිඩ් 19ට එරෙහි එන්නත හැමෝට ම ලබා දෙන්නේ නොමිලේ. එන්නත ලබාගන්න යද්දි සූදානම් වෙන්න ඕන පියවර ටිකක් සහ එන්නත ලබාගැනීමෙන් පස්සේ අනුගමනය කළ යුතු පියවර කීපයක් තියනවා. ඒ ඇරුණම ඔබේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මේ එන්නත ඔබට දෙන්නේ නොමිලේ නිසා එය ලබාගන්න පැකිළෙන්න එපා.

ආයෙත් සාමාන්‍ය ජීවිතයට

සම්පූර්ණයෙන් ම නොවුණත්, තරමක් හෝ දුරට!

මේ වසංගතයෙන් ගැළවෙන්න පුළුවන් එක ම ක්‍රමය එන්නත්කරණය සහ ව්‍යාප්තිය වළක්වා ගැනීමේ පියවර අනුගමනය කිරීම. සමාජමය වශයෙන් සාමූහික ප්‍රතිශක්තිය ළඟා කරගත්තට පස්සේ අපිට පුළුවන් නැවතත් ඉස්සර වගේ සාමාන්‍ය ජීවන රටාවට අවතීර්ණ වෙන්න. මාස්ක් නැතුව , සමාජයෙන් දුරස් වෙන්නේ නැතුව, බය නැතුව, ඔෆිස් ගිහින් වැඩ කරන්න, සිකුරාදා හවසට කට්ටිය එක්ක සෙට් වෙන්න, පවුලේ අය එක්ක විනෝද වෙන්න, ඉස්කෝලෙ යන්න.. මේ ඔක්කොම පුළුවන් වෙන්නේ එතකොට. කෙටියෙන් කිව්වොත්, එන්නත්කරණයේ දීර්ඝකාලීන ඉලක්කය වෙන්නේ අපිට ආපහු අපේ සුපුරුදු ජීවිතය ලබා දීම.

Cover image source: rand.org
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide